ගෝඨා කසාය බිව් ගොළු­වෙක් ද? | සිළුමිණ

ගෝඨා කසාය බිව් ගොළු­වෙක් ද?

 

 

යුද හමු­දා­පති ධූර­යට ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරී­මත් සමඟ මුළු බට­හි­රම ගිනි ගත්තේ ය. ඇමෙ­රි­කන් එක්සත් ජන­ප­දය ප්‍රමුඛ යුරෝපා සංග­මය ඒ පත් කිරී­මට එරෙ­හිව දැඩි විරෝ­ධය පළ කළහ. මූලි­කම විරෝ­ධය පළ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොම­සා­රිස් මෙචෙල් බැචලේ ය. ලුති­නන් ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමු­දා­පති ධූර­යට උසස් කිරීම මඟින් සාධා­ර­ණ­ත්වය සහ වග­වීම තහ­වුරු කිරීම සඳහා 2019 මාර්තු මාස­යේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ල­යට දැක්වූ සහ­යෝ­ගය පිළි­බඳ ව ගැටලු මතු­වන බවද එහි සඳ­හන් වේ.

මේ තත්ත්වය සම්බ­න්ධ­යෙන් නිවේ­ද­න­යක් කර­මින් අගෝස්තු 19 වන දා සඳුදා ඇමෙ­රිකා එක්සත් ජන­ප­දය පැව­සුවේ සිය "දැඩි අව­ධා­නය" යොමු වී ඇති බවකි. "එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය සහ වෙනත් සංවි­ධාන විසින් ලේඛ­න­ගත කර ඇති ඔහුට එරෙ­හිව මානව හිමි­කම් උල්ලං­ඝ­නය කිරීම් පිළි­බඳ චෝදනා බර­ප­තළ සහ විශ්ව­ස­නීය වේ," යනු­වෙන් කොළඹ පිහිටි එක්සත් ජන­පද තානා­පති කාර්යා­ලය නිකුත් කළ ඒ නිවේ­ද­නයේ සඳ­හන් විය.

එල්ටී­ටීඊ සංවි­ධා­න­යට එරෙ­හිව පැවති අව­සන් සට­නේදී යුද හමු­දාවේ 58වැනි සේනාං­ක­යට ශවේන්ද්‍ර සිල්වා අණ­දුන් අතර ඔහු හමු­දා­පති වශ­යෙන් පත්කි­රීම සම්බ­න්ධ­යෙන් කොළඹ පිහිටි කැනඩා මහ කොම­සා­රිස් කාර්යා­ලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොම­සා­රිස් කාර්යා­ලය ද ඔවුන්ගේ විරෝ­ධය පළ කර තිබේ. ට්විටර් පණි­වු­ඩ­යක් නිකුත් කර­මින් කොළඹ පිහිටි කැනඩා මහ කොම­සා­රිස් කාර්යා­ලය පව­සන්නේ ලුති­නන් ජෙන­රාල් සිල්වාට එරෙ­හිව "යුද සම­යේදී මානව හිමි­කම් උල්ලං­ඝ­ණය කළේ යැයි පිළි­ගත හැකි චෝදනා" ඇති බැවින් ඔහු යුද හමු­දා­පති වශ­යෙන් පත්කි­රීම ගැන තමන් "දැඩි ලෙස සැල­කි­ලි­මත්" වන බව ය. ඔහුගේ පත්කි­රීම නිසා "සංහි­දි­යාව සහ වග­වීම" සම්බ­න්ධ­යන් කෙරෙ­මින් පව­තින කට­යුතු යට­පත් වන බව ද කැනඩා මහ කොම­සා­රිස් කාර්යා­ලය පැව­සීය.

ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමු­දා­පති ධූර­යට පත්කි­රීම සම්බ­න්ධ­යෙන් මතු­වන අන්ත­ර්ජා­තික අව­ධා­න­යට එක්වූ යුරෝපා සංග­මය ද, මේ පිය­වර නිසා "සාධා­ර­ණ­ත්වය සහ වග­වීම තහ­වුරු කිරීම සඳහා 2019 මාර්තු මාස­යේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ල­යට දැක්වූ සහ­යෝ­ගය පිළි­බ­ඳව ගැටලු මතු­වන බව" පැව­සීය. යුරෝපා සංග­මය පසු­ගිය 20 වෙනිදා එම ඒකා­බද්ධ නිවේ­ද­නය නිකුත් කළේ රට­වල් හයක දූත මණ්ඩ­ල­වල එක­ඟ­තාව ඇති­වය.

මේ අතර මතු­වෙ­මින් පව­තින අන්ත­ර්ජා­තික ප්‍රති­චා­ර­ව­ලට පිළි­තු­රක් දෙමින් නිවේ­ද­න­යක් නිකුත් කළ ශ්‍රී ලංකාවේ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය කියා සිටියේ, යුද හමු­දා­ප­ති­ව­රයා පත්කි­රීම "රාජ්‍ය නාය­ක­යාගේ ස්වෛරී තීර­ණ­යක්" බවකි.

එහි තව­දු­ර­ටත් දැක්වෙන්නේ "විදේ­ශීය පාර්ශ්ව­යන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උස­ස්කි­රීම් පිළි­බඳ තීරණ හා අභ්‍ය­න්ත­රික පරි­පා­ල­න­මය ක්‍රියා­ව­ලීන්ට බල­පෑම් කිරී­ම­ට­උ­ත්සාහ දැරීම යුක්ති සහ­ගත නොවන අතර, එය පිළි­ගත නොහැකි ක්‍රියා­වක්" බව ය.

"චෝදනා මත පද­නම් ව, ඇතැම් ද්විපා­ර්ශ්වික හවු­ල්ක­රු­වන් සහ අන්ත­ර්ජා­තික සංවි­ධාන විසින් මේ පත්කි­රීම සැල­කි­ලි­මත් විය යුතු තත්ත්ව­යක් ලෙස පෙන්වා දෙනු ලැබීම කන­ගා­ටු­වට කරු­ණක් වන අතර, එය අන්ත­ර්ජා­තික ප්‍රජාවේ සියලු ම වග­කි­ව­යුතු සාමා­ජි­ක­යින් විසින් අනු­ග­ම­නය කරනු ලබන ස්වාභා­වික යුක්තියේ මූල­ධ­ර්ම­ව­ලට පට­හැනි වේ" යනු­වෙන් ද විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය නිකුත් කළ නිවේ­ද­නයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ අභ්‍ය­න්තර කට­යු­ත්තක් සම්බ­න්ධ­යෙන් මුළු බට­හිර ප්‍රජා­වම මේ තරම් සැල­කි­ල්ලක් දක්ව­මින් ඊට විරුද්ධ වෙද්දී වෙනදා එක්සත් ජන­ප­දය ප්‍රමුඛ බට­හිර ප්‍රජා­වට එරෙ­හිව අවි අතට ගන්නා බොහෝ පාර්ශ්ව­යන් අනු­ග­ම­නය කළේ නිහඩ පිළි­වෙ­තකි. ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ 'විය­ත්මඟ' ඇතැම් ක්‍රියා­කා­රීන් ශවේන්ද්‍ර සිල්වා හමු­දා­පති කිරීම සම්බ­න්ධ­යෙන් ඇම­රි­කානු ප්‍රති­චා­රය දැඩිව හෙළා දැක ඇතත් ගෝඨා­භය රාජ­පක්ෂ මෙතෙක් ඒ සම්බ­න්ධ­යෙන් කිසිඳු ප්‍රකා­ශ­යක් කර නැත.

පොහොට්ටු පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ නිහඬ පිළි­වෙ­තක් අනු­ග­ම­නය කිරීම ඔහුට සහය පළ කරන විමල් වීර­වංශ හා උදය ගම්ම­න්පිල වැනි පක්ෂ නාය­ක­යන්ගේ ද සැක­යට බඳුන් ව ඇතැයි ඒකා­බද්ධ විප­ක්ෂයේ අභ්‍ය­න්තර ආරං­චි­මාර්ග පව­සයි. කෙසේ වෙතත් මේ නිසා බට­හි­රට එරෙ­හිව දැඩි ව ක්‍රියා­ශීලී ව කට­යුතු කරන විමල් වීර­වංශ හා උදය ගම්ම­න්පිල වැනි දේශ­පා­ල­ක­යන් ද නිහඩ කර ඇත. මේ සම්බ­න්ධ­යෙන් ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ නිහ­ඬ­තාව රාජ­පක්ෂ දේශ­පා­ල­නයේ සැබෑ තත්ත්වය හෙළි­ද­රව් කර­න්නක් බව නොකිය යුතු කරු­ණකි.

ජාතික රාජ්‍ය සංක­ල්පය තුළ ඒ ඒ රටේ අභ්‍ය­න්තර කට­යුතු සම්බ­න්ධ­යෙන් වෙනත් රට­වල් උනන්දු වීම ජාතික රාජ්‍යයේ සෛව­රි­ත්ව­යට බල­පාන කරු­ණකි. එහෙත් දේශ­පා­ලන අව­කා­ශය ගෝලීය මට්ට­මට වර්ධ­නය වූ පසුව සෛව­රී­ත්වය වැනි සංකල්ප පවා අභි­යෝ­ග­යට ලක්ව තිබේ.

එක් අත­කින් මුළු ලෝකය ම ආර්ථික බැඳිම් වලින් එකට එක­තුවී තිබේ. අනෙක් අතින් සාමූ­හික ආචාර ධර්ම වලින් බොහෝ රට­වල් බැදී තිබේ. මේ නිසා එක් එක් ජාතික රාජ්‍ය­ය­කට තනි තනි තීන්දු තීරණ රැගෙන සෛව­රී­ත්වය භුක්ති විදීම සමාජ සංව­ර්ධ­න­යට බාධා­වක් වෙමින් පවතී. ඊට හොඳ ම උදා­හ­ර­ණය අයි එස් අයි එස් සංවි­ධාන වැනි ගෝලීය ත්‍රස්ත­වා­දයේ ක්‍රියා­කා­රී­ත්ව­යයි.

එක්සත් ජන­ප­දය ප්‍රමුඛ බල­වත් රට­වල් ජාතික රාජ්‍ය­යන්ගේ අභ්‍ය­න්තර කට­යුතු වලට මැදි­හ­ත්වීම සම්බ­න්ධ­යෙන් එරෙහි වීම යනු ඒ ඒ ජාතික රාජ්‍ය­යන්ගේ වාසි සහ­ගත දේට ඉඩ දීමත් අවාසි සහ­ගත දේට විරුද්ධ වීමත් නොවේ. උදා­හ­ර­ණ­ය­කට ඇමෙ­රි­කන් එක්සත් ජන­ප­දය විසින් ගෝලීය ත්‍රස්ත­වා­දය මුළු­නු­පුටා දැමීමේ තම වැඩ­ස­ට­හන යටතේ 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකාව සමඟ යුද ගිවි­සු­මක් අත්සන් කළේ ය.

ඒ ගිවි­සු­මෙන් ශ්‍රී ලංකා­වට ලබා­දුන් යුද­මය සහාය එල්ටී­ටීඊ සංවි­ධා­නය සමූල ඝාත­නය කිරීමේ ලා ශ්‍රී ලංකා රජ­යට අති­ශය වැද­ගත් විය. එසේම යුරෝපා සංග­මය ප්‍රමුඛ මුළු බට­හි­රත් මහ­ජන චීනය, ඉන්දි­යාව හා පාකි­ස්ථා­න­යත් එල්ටී­ටීඊ සංවි­ධා­න­යට එරෙහි යුද්ධයේ දී ශ්‍රී ලංකාව හා එක පෙළට සිට ගත්තෝ ය. එදා එවැනි මැදි­හ­ත්වී­මක් කළ රාජ්‍ය අද ද යම් යම් කාරණා සම්බ­න්ධ­යෙන් මැදි­හත් වීම කෙසේ­වත් ප්‍රති­ක්ශේප කළ නොහැ­ක්කකි.

අනෙක් අතින් ලෝක සාමය හා සංහි­දි­යාව උදෙසා ජාත්‍ය­න්තර සම්මු­තීන් හා එක­ඟතා රැසක් මඟින් ලෝකයේ රාජ්‍ය එකි­නෙක බැඳී පවතී. එවැනි තත්ත්ව­යක දී එක් රාජ්‍ය­යක අභ්‍ය­න්තර කට­යුතු පවා තවත් රටක පැවැත්ම සඳහා බර­ප­තල බල­පෑ­මක් කළ හැකිය. එවැනි තත්ත්ව­යක දී එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය කරන මැදි­හ­ත්වීම කිසි­සේත්ම ප්‍රති­ක්ශේප කළ නොහැ­කිය. එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය ගොඩ­නැඟී ඇත්තේ ම එවැනි අර­මු­ණ­කිනි. එනිසා ශ්‍රී ලංකාවේ යුද හමු­දා­ප­ති­ව­රයා පත් කිරීම සම්බ­න්ධ­යෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොම­සා­රිස්ගේ මැදි­හ­ත්වීම රජය විසින් රාජ­තා­න්ත්‍රි­කව කළ­ම­නා­ක­ර­ණය කර­ගත යුතුය.

වරක් ඉන්දි­යාව හා පකි­ස්ථා­නය න්‍යෂ්ටික තාක්ෂ­ණය යොදා අවි නිප­ද­වී­මත් සමඟ මුළු බට­හිර ම ඊට එරෙ­හිව නැඟී සිටි­යහ. ඒ සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාවේ විදේශ ඇම­ති­ව­ර­යා­ගෙන් ජන­මාධ්‍ය විම­සුවේ ය. එව­කට විදේශ අමාත්‍ය ධූරය දැරූ ලක්ෂ­මන් කදි­ර­ගා­මර් ඊට අපූරු පිළි­තු­රක් සැප­යුවේ ය. ඔහු ප්‍රකාශ කළේ ලෝක න්‍යෂ්ටික බල­ව­තුන් සංඛ්‍යාව දෙක­කින් වැඩි­වීම බර­ප­තල ප්‍රශ්න­යක් නොවන බවයි. ඒ තුළ බට­හිර රට­ව­ලට සියුම් පහ­රක් එල්ල කිරී­මට කදි­ර­ගා­මර් සමත් විය. එහෙත් එවැනි රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යන් ශ්‍රී ලංකා­වට දැන් නැති නිසා එක්සත් ජන­ප­දය හා යුරෝපා සංග­ම­යට පිළි­තුරු දී තත්ත්වය කළ­ම­නා­ක­ර­ණය කර ගැනීම අප­හසු වී තිබේ.

එක්සත් ජන­ප­දය ප්‍රමුඛ බට­හිර ඈලිය මැද පෙර­දිග රට­වල දී අනු­ග­ම­නය කරන යුද­මය ස්ථාව­රය විවේ­ච­නය කිරීම මේ ප්‍රශ්න­යට පිළි­තුර නොවේ. ලෝක දේශ­පා­ල­නයේ දී එකි­නෙ­කට පර­ස්පර ප්‍රති­පත්ති අනු­ග­ම­නය කිරීම විදේශ ප්‍රති­පත්ති වල ස්වභා­ව­යයි.

බොහෝ රට­වල විදේශ ප්‍රති­ප­ත්තිය පද­නම් වී ඇත්තේ පර­මා­ද­ර්ශය මත නොව උප­යෝ­ගී­තාව අනුව ය. විශේ­ෂ­යෙන් ප්‍රබල රාජ්‍ය­යන්ගේ විදේශ ප්‍රති­ප­ත්තිය පද­නම් වන්නේම උප­යෝ­ගි­තාව මත ය. එවිට ඒ රට­ව­ලට ඇගිල්ල දිගු කර පර­ස්තාව විම­ස­මින් තමන් කරන වැරදි සාධා­ර­ණී­ක­ර­ණය කර ගැනී­මට උත්සාහ කිරීම බොළඳ ක්‍රියා­වකි.

Comments