ශ්‍රී ලංකාවේ 23 වැනි හමුදාපති | සිළුමිණ

ශ්‍රී ලංකාවේ 23 වැනි හමුදාපති

ශ්‍රී ලංකා යුද හමු­දාවේ 23 වැනි හමු­දා­ප­ති­ව­රයා ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා සිය ධුරයේ රාජ­කාරි ආරම්භ කළේය.

නව තන­තු­රට පත් වීමට පෙර යුද හමුදා මාණ්ඩ­ලික ප්‍රධානි තන­තුර හෙබවූ ශවේන්ද්‍ර සිල්වා මහතා 1984 මාර්තු 05 වැනි දා බඳ­වා­ගැ­නීම් 19 පාඨ­මා­ලාව යටතේ කැඩෙට් නිල­ධා­රි­යෙකු ලෙස යුද හමුදා සේව­යට එක් විය.

මානූ­ෂීය මෙහෙ­යු­මේදී විශිෂ්ට සේව­යක් ඉටු කළ රණ­වි­රු­වන් අතර ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමු­ඛ­ස්ථා­නය ගන්නා අතර, ඔහු එව­කට බ්‍රිගේ­ඩි­යර් තන­තුර හොබ­ව­මින් 58 වැනි සේනාං­කයේ සේනාං­කා­ධි­ප­ති­ව­රයා වශ­යෙන් ජය­ග්‍ර­හණ රැසක් අත්පත් කර­ගැ­නී­මට සමත් වූයේය.

මන්නා­රම යෝධ වැව ප්‍රදේ­ශ­යෙන් ආරම්භ කළ එම මෙහෙ­යු­මෙන් සහ­ල්නැ­ළිය මුදා­ගත් එම සේනාං­කය වෙල්ල­මුල්ලි වයි­ක්කාල් ප්‍රදේ­ශය දක්වාම පැමි­ණි­යේය. වෙඩි­ත­ල­තිව්, මොලං­ගා­විල්, පුන­රින්, කිලි­නොච්චි, පර­න්තන්, පුදු­මා­ත­ලන් ඇතුළු තවත් ප්‍රදේශ රැසක් කොටි ත්‍රස්ත­වා­දීන්ගේ ග්‍රහ­ණ­යෙන් මුදා­ගැ­නීම සඳහා ශවේන්ද්‍ර සිල්වා මහතා නාය­ක­ත්වය දුන්නේය.

2010 වස­රේදී එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝ­ජි­තයා වශ­යෙන් පත් වූ ඔහු එහිදී ද රට වෙනු­වෙන් පිය­වර රැසක් ගත්තේය.

වසර 34ක හමුදා සේවා කාලය අත­ර­තුර දැක්වූ දක්ෂතා හේතු­වෙන් ඔහු වීර­වි­ක්‍රම, වීර­වි­භූ­ෂණ රණ­වි­ක්‍රම, රණ­ශුර, උත්තම සේවා ඇතුළු පද­ක්කම් රැසක්ම හිමි කර­ගෙන සිටී.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යා­ලයේ දීප්ති­මත් ආදි ශිෂ­යකු වන ශවේන්ද්‍ර සිල්වා මහතා එහි ප්‍රධාන ශිෂ්‍ය නාය­කයා මෙන්ම ක්‍රිකට් කණ්ඩා­යමේ නාය­කයා ලෙසද ඔහු සිය ජීවි­තයේ නාය­ක­ත්වය දැරීම ආරම්භ කර ඇත.

ගජබා රෙජි­මේ­න්තුව යටතේ යුද හමු­දා­වට ඇතු­ළත් වූ ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ රෙජි­මේ­න්තුව බිහි කළ ප්‍රථම යුද හමු­දා­ප­ති­ව­රයා ද වෙයි.

යුද හමුදා මූල­ස්ථා­නයේ සැල­සුම් අධ්‍ය­ක්ෂක මණ්ඩ­ලයේ ප්‍රධා­නියා, පුහුණු අධ්‍යක්ෂ මාණ්ඩ­ලික ප්‍රධානී, යුද්ධ හමුදා මූල­ස්ථා­නයේ හමුදා ලේකම් කාර්යා­ලයේ මාණ්ඩ­ලික නිල­ධාරී ඇතුළු මාණ්ඩ­ලික නිල­ධාරී තන­තුරු රැසක්ම ශවේන්ද්‍ර සිල්වා මහතා දරා තිබේ.

ගුවන් සංක්‍ර­මික බළ­සේ­නාවේ බළ­සේ­නා­ධි­පති වශ­යෙන්ද සිය දාය­ක­ත්වය ලබා දී ඇති ඔහු ‘රිවි­රැස’ ඇතුළු යුද මෙහෙ­යුම් රැස­කට දාය­ක­ත්වය දැක්වීය.

Comments