සිළුමිණ ලග්න පලාපල‍ (අගෝස්තු: 25 සිට අගෝස්තු: 31තෙක්) | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ (අගෝස්තු: 25 සිට අගෝස්තු: 31තෙක්)

මේෂ

 දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලග්නා­ධි­පති කුජ පස්වැන්නේ එහි අධි­පති රවි සහ සිකුරු සම­ඟයි. බුධ 4 ද, ගුරු අටේ ද, ශනි, කේතු නවයේ ද සිටී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ ආර්ථික වශ­යෙන් සුළු බාධා ඇතත් සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර­ගත හැකිය. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් ඉව­සී­මෙන් ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් උදා කරනු ඇත. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ගණිත මිණිත ආශ්‍රිත විෂ­ය­යන් මෙන්ම ක්‍රීඩා සම්බන්ධ කට­යු­තු­ව­ලට යහ­පත්ය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා

 

වෘෂභ

විය­දම අධි­කයි ලග්නා­දි­පති සිකුරු හතරේ රවි, කුජ සම­ගයි. සඳු ලග්නයේ උච්චයි. රාහු 2 ද, ශනි, කේතු 8 ද ගෝච­රය වේ. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා අංශ­වල දී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය උප­කා­රය ලැබුණ ද විටින් විට බාධා සහ අව­හි­රතා ඉස්මතු වනු ඇත. ආර්ථික වශ­යෙන් යහ­පත්ය. එහෙත් විය­දම් පක්ෂය අධික වේ.

කෙසේ වුවත් අනු­මා­න­යට කරන වැඩ­ව­ලින් සාර්ථක ප්‍රති­ඵල ලබයි. ගෙද­ර­දොර කට­යු­තු­වල දී ද යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ද යම් යම් බාධා අව­හි­රතා මතු කළ හැකි බැවින් ප්‍රවේ­සම් විය යුතුයි. දරු­වන්ගේ කට­යුතු ය හපත්ය. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය සහ කැප වීමෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. නහර, ස්නායු දුර්ව­ලතා, මුත්‍රා දෝෂ ආදි­යෙන් පරිස්­සම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

මිථුන

ලාබ ප්‍රයෝ­ජන ලග්නා­ධි­පති බුධ දෙවැන්නේ ද රාහු ලග්නයේ කේතු, ශනි 7 ද ගුරු 6 ද රවි, කුජ, සිකුරු 3 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී යම් බාධා අව­හි­රතා මධ්‍යයේ වුව ද ලාභ ප්‍රයෝ­ජන ලබයි. සමා­ජ­යෙහි කිසි­යම් ස්ථාන­ය­කට ද පත් වේ. වෘත්තීය සහ රැකියා අංශයේ දී ද කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. ආර්ථික වශ­යෙන් ශුභයි. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු සාර්ථක වේ. සම­ඟිය සාම­යට එත­රම් බාධා අව­හි­රතා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල දී තර­මක් අව­ධා­නය යොමු කළ යුතුයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට තාක්ෂ­ණික, ඉංජි­නේරු වැනි අංශ­වල ක්‍රියා කරන අයට යහ­පත්ය. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලින් පරිස්­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

කටක

රැකි­යාවේ දියු­ණු­වක් ලග්නා­ධි­පති සඳු අය­ස්ථා­නයේ උච්චයි. බුධ ලග්නයේ ද, රවි, කුජ, සිකුරු ධන­ස්ථා­නයේ ද, ශනි, කේතු 6 ද සිටී. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කීමේ දී යම් බාධා අව­හි­රතා ඉස්මතු කළත් සිය උත්සා­හය තුළ වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍ර­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබනු ඇත. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කළත් විය­දම් පක්ෂය ඉහළ යෑම නිසා මුදල් ඉතිරි කර ගැනීම අප­හසු වේ. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කරන්න. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට යහ­පත්ය. බඩ­වැල් ආශ්‍රිත රෝග, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

 

සිංහ

අනුන්ගේ සහාය ලැබෙයි ලග්නා­ධි­පති රවි ස්වක්ෂේ­ත්‍රව කුජ, සිකුරු ලග්න­යේය. ශනි,කේතු 5 වැන්නේය. රාහු අය­ස්ථා­නයේ ද බුධ 12 ද සිටී. එම කරුණු සියල්ල සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා කට­යු­තු­වල දී උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර­ගනී. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ලැබේ. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුදා­ය­කයි. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් සාර්ථක වාසි ලබයි. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යුතු සාර්ථක වේ.

ගෙද­ර­දොර කට­යුතු සාමාන්‍ය අන්ද­මට සිදු වේ. සම­ඟිය සාම­යට තද ලෙස බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුයි. ඉගෙ­නීමේ කට­යුතු යහ­පත්ය. සාර්ථක ප්‍රති­ඵල ලබයි. පර්යේ­ෂණ කට­යුතු සාර්ථක වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්ප­නා­කාරී වන්න.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

 

කන්‍යා

මුදල් ලැබීම අතින් යහ­පත් ලග්නා­ධි­පති බුධ අය­ස්ථා­න­යේය. රවි, කුජ, සිකුරු 12 ද, ශනි, කේතු 4 ද, රාහු 10 ද ගමන් කරයි. ගුරු තුන්වැ­න්නේය. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී අන්‍ය­යන්ගේ සහ­යෝගය ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල උදා නොක­රයි. වෘත්තීය සහ රැකියා අංශ­වල දී විටෙක සාර්ථක ප්‍රති­ඵල එත­රම්ම ශුභ­දා­යක නොවේ.

කෙසේ වුවත් මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. සම­ගිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ශුභ­දා­ය­කයි. සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි.

තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්­සම් වන්න. රුධිර පීඩ­නය, උෂ්ණා­ධික රෝග බල­පායි.

ජය වර්ණය- කොළ, අංකය-- 05, දිනය- බදාදා

 

 

තුලා

පරිස්ස­සම් වන්න ලග්නා­ධි­පති සිකුරු, රවි, කුජ අය­ස්ථා­න­යේය. ගුරු දෙවැ­න්නේය. ශනි, කේතු 3, රාහු 9 සිටි. එම ග්‍රහ පිහි­ටීම් තුළ වෘත්තීය සහ රැකියා කට­යු­තු­වල දී දියු­ණූ­වක් ලැබුව ද බාධා සහි­තයි. ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. විදේ­ශීය සබ­ඳතා මත කරන කට­යුතු යහ­පත් වේ. සතුරු කර­දර බාධා ඉස්මතු වේ. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් යහ­පත්ය. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබා­ගනී. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් පෙන්වයි. අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබා ගත හැකිය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැල­කි­ලි­මත් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 

 

වෘශ්චික

ඉව­සී­මෙන් වැඩ කරන්න ලග්නා­ධි­පති කුජ, රවි, සිකුර 10 ද, ගුරු ලග්නයේ ද, ශනි, කේතු 2 ද, රාහු 8 ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී බාධා අව­හි­රතා මධ්‍යයේ තමාගේ කට­යුතු සාර්ථක කර­ගනී. විටෙක අන්‍ය­යන්ගේ විරෝ­ධතා ඉස්මතු වේ. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. ආර්ථික සහ මූල්‍ය­මය අංශ­වල අයට යහ­පත්ය. වාසි ලැබේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් විය යුතුයි. විටෙක සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. ඉව­සී­මෙන් බුද්ධි­මත්ව ක්‍රියා කරන්න. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබා­ගත හැකිය. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ, උද­ර­ගත පීඩා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න. ආග­මික අංශ­යට නැඹුරු වීමෙන් සහ­නය සැන­සීම ලැබිය හැකිය.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

ධනු

දරු­වන් ගැන ප්‍රවේ­ස­මෙන් ලග්නා­ධි­පති ගුරු 12 සිටි. ශනි, කේතු ලග්නයේ ද, රාහු 7 ද, රවි, කුජ, සිකුරු පුණ්‍ය­ස්ථා­නයේ ද සිටී. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී උත්සා­හ­යන්ගේ ප්‍රති­ඵ­ල­යක් ලබයි. කෘෂි­කා­ර්මික කට­යු­තු­වල යෙදී සිටින අයට ශුභයි. මිල මුදල් ලැබීම අතින් ශුභ­දා­යක වුව ද විය­දම් පක්ෂය අධි­කයි. ආග­මික අංශ­යන්ට අදාළ විය­දම් ඉහළ යයි.

ගෙද­ර­දොර කට­යුතු ද යුග­දි­විය සම්බන්ධ කට­යුතු ද සාමාන්‍ය වේ. සම­ගිය සාම­යට එත­රම් බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි තර­මක් අව­ධා­න­යෙන් සිටිය යුතුයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ. උෂ්ණා­ධික රෝග, වෛරස් රෝග, මල­බ­ද්ධය වැනි රෝග­ව­ලින් පරිස්­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

මකර

වාසි ලැබේ ලග්නා­ධි­පති ශනි, කේතු 12 ද, රාහු 6 ද, ගුරු 11 ද ගමන් ගනී. රවි, කුජ අටේ වේ. මෙම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී ඔබේ උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් වෘත්තීය සහ රැකියා කට­යුතු සම්බ­න්ධ­යෙන් ලබයි. අන්‍ය­යන්ගේ ආධාර උප­කාර ලබයි. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විය­දම් අංශ­යන්ට යොමු වී ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු සාමාන්‍ය වේ. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් අන්ද­මක දියු­ණු­වක් ලබනු ඇත. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට යහ­පත්ය. උෂ්ණා­ධික රෝග, රුධිර පීඩ­නය, මල­බ­ද්ධය යනා­දි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

 

 

කුම්භ

මිශ්‍ර­ඵල ලග්නා­ධි­පති ශනි, කේතු අය­ස්ථා­නයේ ද, ගුරු 10 ද, රවි, සිකුරු, කුජ 7 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය උප­කා­රය ලැබීම එත­රම්ම ශුභ­දා­යක නොවේ. එම නිසා උත්සා­හය සහ කැප­වීම අව­ශ්‍යයි. ඒ තුළ කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා වේ. මිල මුදල් ලැබීම අතින් මධ්‍යස්ථ ප්‍රති­ඵල වේ. ආදා­යම් ලැබුණ ද විය­දම් අධික වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී තද ලෙස වෙහෙස මහන්සි වී ක්‍රියා කිරී­මට සිදු වේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටීම අව­ශ්‍යයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ, බෝවන රෝගා­දි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

 

මීන

රැකි­යා­වෙන් වාසි ලග්නා­ධි­පති ගුරු පුණ්‍ය­ස්ථා­න­යේය. ශනි, කේතු 10 ද රාහු 4 ද රවි, කුජ, සිකුරු 6 ද ගම­න්ගනී. එම ග්‍රහ චලිත ගැන සැල­කීමේ දී මෙම කාල සීමාව තුළ බාධා අව­හි­රතා මධ්‍යයේ වුවද වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර­ගනී. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට යහ­පත් ප්‍රති­ඵල ලැබිය හැකිය. ගෙද­ර­දොර කට­යු­තු­ව­ලදී ද යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ද තර­මක් ශුභයි. ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැක. උෂ්ණා­ධික රෝග, බඩ­වැල් ආශ්‍රිත පීඩා, රුධිර පීඩ­නය ආදි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය-- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

 

 

 

 

 

Comments