ශ්‍රී ලංකාවේ ප්‍රති­රූ­පය ඔප්නැං­වී­මට “එක්ස්පෝ 2020” | සිළුමිණ

ශ්‍රී ලංකාවේ ප්‍රති­රූ­පය ඔප්නැං­වී­මට “එක්ස්පෝ 2020”

Expo 2020 Dubai ප්‍රද­ර්ශ­නය 2020 ඔක්තෝ­ම්බර් 20 සිට 2021 අප්‍රේල් 10 දක්වා ඩුබායි හි පැවැ­ත්වී­මට නිය­මි­තයි. මෙම ප්‍රද­ර්ශ­නය ශ්‍රී ලංකාවේ වෙළෙද, සංචා­රක සහ ආයෝ­ජන යන ක්ෂේත්‍ර ප්‍රව­ර්ධ­න­යට මුලික වශ­යෙන් අපේ­ක්ෂි­තයි.

මේ සඳහා කැබි­නට් අනු­මැ­තිය දැන­ට­මත් ලැබී ඇති අතර පසු­ගිය ජුලි මාසයේ 08 වන දින ඩුබායි එක්ස්පෝ කාර්යාං­ශය සමඟ ශ්‍රී ලංකාව නිළ සහ­භා­ගීත්ව ගිවි­සු­ම­ටද අත්සන් තැබිය. එහිදී ප්‍රද­ර්ශ­නය පව­ත්වන භූමිය නිරී­ක්ෂ­ණය කිරී­මට ශ්‍රී ලංකා දූත පිරි­සට අව­ස්ථාව හිමි විය. එය හෙක්ට­යාර 438 ක භූමි ප්‍රදේ­ශ­යකි.

මේ නිල චාරි­කා­වට සම­ගා­මිව එරට වාණිජ මණ්ඩල සමඟ ඵල­දායි සාකච්ඡා පැවැ­ත්වී­ම­ටද අව­ස්ථාව හිමි­විය.එහි තේමා­ත්මක දිස්ත්‍රික්ක (Thematic Districts), අන්තර් කන්ඩා­යම් ක්‍රියා­කා­ර­කම් සඳහා වෙන්වූ ස්ථාන (Group Interactions), උද්‍යාන, විනෝද ක්‍රීඩාං­ගණ, ව්‍යාපා­රික හමු­වීම් සඳහා වෙන්වූ ස්ථාන ආදී නොයෙ­කුත් අංග ඉදි­කෙ­රෙ­මින් පව­තියි. ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය විසින් 2020 දී “එක්ස්පෝ 2020” පිළි­බ­ඳව දැනු­වත් කිරීම සඳහා පැවැති හමු­වේදී නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මෙම අද­හස් ප්‍රකාශ කළේය.

මේ සඳහා දැන­ට­මත් රට­වල් 192ට අධික ප්‍රමා­ණ­යක් ඔවුන්ගේ සහ­භා­ගී­ත්වය තහ­වුරු කර තිබේ. එමෙන්ම මිලි­යන 25කට අධික පිරි­සක් මෙය නැර­බීම සඳහා පැමි­ණෙ­තැයි ඩුබායි රජය අපේක්ෂා කරන බවද ඇම­ති­ව­රයා කීය. ඉදි­වෙ­මින් පව­තින ශ්‍රී ලංකාවේ ප්‍රද­ර්ශන කුටිය වර්ග කිලෝ­මී­ටර 212, විශාල ප්‍රද­ර්ශන භූමි­යකි. ශ්‍රී ලංකා ප්‍රද­ර්ශන භූමිය ‘ජලය’ යන තේමාව කැටි­කො­ට­ගෙන නිර්මා­ණය කොට ඇත. එය නිර්මා­ණය කරනු ලැබුවේ මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ල­යීය ශිෂ්‍යන් විසිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පද­නම් කර­ගත් ශ්‍රී ලාංකික වෘත්ති­ක­යන් විශාල සංඛ්‍යා­වක් නියෝ­ජ­නය කර­මින්, ඩුබා­යිහි ශ්‍රී ලංකා ව්‍යාපාර කවු­න්සි­ලය සහ උතුරු එමි­රේට්ස් හි වර­ලත් ගණ­කා­ධි­ක­රණ නිල­ධා­රීන්,එක්ස්පෝ 2020 ඩුබායි හි සාර්ථ­ක­ත්වය සඳහා පූර්ණ සහ­යෝ­ගය ලබා දෙන බවට පොරොන්දු වූ අතර ශ්‍රී ලංකා වෘත්ති­ක­යින්ගේ සංග­මය ද මෙම අව­ස්ථා­වට සහ­භාගී විය. විදේශ කට­යුතු අමා­ත්‍යං­ශය සහ ශ්‍රී ලංකා ගුවන් සේවය හරහා Expo 2020 Dubai ප්‍රද­ර්ශ­න­යහි ප්‍රචා­රක සහ ප්‍රව­ර්ධන කට­යුතු කිරී­මට සැල­සුම් සැක­සෙ­මින් පව­තියි.

Comments