සියැට් අලෙවි නියෝ­ජි­ත­යන්ට සම්මාන | සිළුමිණ

සියැට් අලෙවි නියෝ­ජි­ත­යන්ට සම්මාන

ආර්ථික සහ දේශ­පා­ලන වාතා­ව­ර­ණය යහ­පත් නොවන අව­ස්ථා­ව­ලදී එක්ව ශක්ති­මත්ව කට­යුතු කිරීමේ අගය තේමා කර­ග­නි­මින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමා­ගම විශිෂ්ට අලෙවි නියෝ­ජි­ත­යන් සමා­ග­මට දැක්වූ දාය­ක­ත්වය අග­ය­මින් පසු­ගි­යදා සම්මාන ප්‍රදා­නය කළේය. සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය ‘Together Towards Tomorrow’ යන තේමාව යටතේ පැවැ­ත්විණි. සමා­ගමේ ප්‍රමු­ඛ­තම ටයර් අලෙවි නියෝ­ජි­තයෝ 70 දෙනෙක් සම්මාන ලැබූහ. මෙහිදී, ඉන්දු-ශ්‍රී ලංකා ඒකා­බද්ධ ව්‍යාපා­රය විසින් නව නිෂ්පා­දන, ධාරි­තා­වය වර්ධ­නය කිරීම සහ නිෂ්පා­දන වැඩි දියුණු කිරීම සඳහා අති විශාල ආයෝ­ජ­න­යක් සිදු කළ 2018-19 මූල්‍ය වස­රේදී සමා­ගමේ ආදා­යම වෙනු­වෙන් කැපී පෙනෙන දාය­ක­ත්ව­යක් දැක්වූ අලෙවි නියෝ­ජි­ත­යන් ඇග­යීම සිදු­ක­රන ලදී.

Comments