‘පෝට් සිටි’ නිසා දැවැන්ත ප්‍රති­ලාභ | සිළුමිණ

‘පෝට් සිටි’ නිසා දැවැන්ත ප්‍රති­ලාභ

කොළඹ අහස් ගැබ සිසාරා ‘වරාය නගර’ (Port City) ව්‍යාපෘ­තිය ඉදි­වෙ­මින් පව­තින මෙම වක­වා­නුවේ කොළඹ 1 ප්‍රදේ­ශයේ දේපළ හිමි­යන් සහ ආයෝ­ජ­ක­යන් තුළ සේම කොළඹ 2 සහ 3 ප්‍රදේ­ශ­වල සුඛෝ­ප­භෝගී දේපළ හිමි­යන් සහ ආයෝ­ජ­ක­යන් තුළද නව බලා­පො­රො­ත්තු­වක් හට­ගෙන තිබේ. ඒ ඉදි­රි­යේදී පෝට් සිටි සංකී­ර්ණය වෙත සේවා­වන් ලබා ගැනීම හා රැකි­යා­වන් සඳහා පැමි­ණෙන අමු­ත්තන් වෙතින් නවා­තැන් සඳහා පැන නඟින ඉල්ලුම හේතු­වෙන් තම ආයෝ­ජ­න­යන් සඳහා විශාල ලෙස ප්‍රති­ලාභ අත්වනු ඇති බවට ඉඟි පළ වීමත් සම­ගිනි.

චයිනා හාබර් ඉංජි­නි­ය­රින් කම්පැනි (CHEC) හරහා, ක්‍රියා­ත්මක වන චයිනා හාබර් ඉංජි­නි­ය­රින් කම්පැනි පෝට් සිටි කලම්බු (ප්‍රයි­වෙට්) ලිමි­ටඩ් ව්‍යාපෘ­තිය, 1998 සිට ශ්‍රී ලංකාවේ සංව­ර්ධ­නය සඳහා සක්‍රීය දාය­ක­ත්ව­යක් ලබා දෙමින් දකුණු අධි­වේගී මාර්ගය, පිටත වට­ර­වුම් මාර්ගය, හම්බ­න්තොට වරාය, මත්තල ජාත්‍ය­න්තර ගුවන් තොටු­පළ, කොළඹ දකුණ බහා­ලුම් පර්ය­න්තය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ යටි­තල පහ­සු­කම් ව්‍යාපෘති රැසක් නිමා­වට පත් කළ චයිනා කමි­යු­නි­කේ­ෂන්ස් කන්ස්ට්‍ර­ක්ෂන් කම්පැනි ලිමි­ටඩ් (CCCC) හි තවත් එක් ව්‍යාපෘ­ති­යකි. නව සේද මාවත ලෙස සැල­කෙන චීනයේ Belt & Road (BRI) නවෝ­ත්පා­ද­නයේ එක් පිය­ව­රක් ලෙස ඉදි කෙරෙන ඇම­රි­කානු ඩොලර් බිලි­යන 15ක වටි­නා­ක­ම­කින් යුත් පෝට් සිටි ව්‍යාපෘ­තිය නිම වීමෙන් අන­තු­රුව විශේ­ෂ­යෙන් ඒ අවට කොළඹ 1, 2, සහ 3 වැනි තදා­සන්න ප්‍රදේ­ශ­වල දේපළ අගය සහ බදු අග­යන් දැවැන්ත ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Comments