දැන් මහින්ද දේශ­ප්‍රිය ගෙදර යන්නේ ද? | සිළුමිණ

දැන් මහින්ද දේශ­ප්‍රිය ගෙදර යන්නේ ද?

 

 

වත්නා නීති රීති තුළ මේ මොහොතේ පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්විය නොහැකි බවට වූ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීර­ණය පසු­ගිය සතියේ දී ප්‍රකා­ශ­යට පත්විය. ඒ තීර­ණය අනුව ශ්‍රී ලංකා මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය ඉල්ලා අස්විය යුතු වුවද මේ මොහොත වන තුරු ඔහු ඉල්ලා අස්වී නැත.

පළාත් සභා මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට නීති­මය වට­පි­ටා­වක් නැති බවට ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­වක් දුන්විට මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­ප­ති­ව­රයා ඉල්ලා අස්විය යුතු යැයි නීති­යක් නැත. එහෙත් මේ මොහොතේ පළාත් සභා මැති­ව­ර­ණය නොප­ව­ත්වන්නේ නම් තමා ඉල්ලා අස්වන බව මුලින් ම වහසි බස් කීවේ මැති­ව­රණ කොමි­සන් සභාවේ සභා­පති මහින්ද දේශ­ප්‍රි­යයි. එහෙත් දැන් ඒ සදහා ඔහුට නීති­මය වශ­යෙන් ම පිළි­තු­රක් ලැබී ඇතත් සභා­ප­ති­ව­රයා නිහඩ ය. එසේම සිදුවූ කිසි දෙයක් ඔහු නොදන්නා සේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සූදා­නම් වන බවක් ද දක්නට ලැබේ.

මැති­ව­රණ දෙපා­ර්ත­මේ­න්තුවේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යකු වන මහින්ද දේශ­ප්‍රිය මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ධූර­යට පත්වූයේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­න­යෙන් පසුව ශ්‍රී ලංකා මැති­ව­රණ කොමි­ෂන් සභාව පිහි­ටු­වී­මෙන් අන­තු­රුව ය. එතෙක් ඔහු මැති­ව­රණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන තන­තුර වන මැති­ව­රණ කොම­සා­රිස් ධූරය දැරුවේ ය. ඒ අතින් ඔහු එම විෂය සම්බ­න්ධ­යෙන් ප්‍රවීණ අත්දැ­කීම් ඇත්තෙකි.

මහින්ද දේශ­ප්‍රිය අති­ශ­යෙන් ම ජනතා ආක­ර්ෂ­ණ­යට පත්වූයේ 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී "කකු­ළට නොව හිසට වෙඩි තබ­න්නැයි" ඔහු කළ ප්‍රකා­ශ­යෙනි. ඇත්ත වශ­යෙන් ම ඒ ප්‍රකා­ශය නිසා 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණය නීත්‍යා­නු­කූ­ලව පව­ත්ව­න්නට විශාල පිටි­ව­හ­ලක් ලැබුණි. ඒ ප්‍රකා­ශය නීති­යට අන­නු­කූල වුවද ඒ කාලයේ පැවැති වාතා­ව­ර­ණය නිසා එය ඉම­හත් ජන­ප්‍ර­සා­ද­යට පත්වූ ප්‍රකා­ශ­යක් විය.

ඒ සමඟ ම මහින්ද දේශ­ප්‍රිය ජන­තා­වගේ නිල­ධා­රි­යකු විය. රාජ්‍ය නිල­ධා­රි­ය­කුගේ භූමි­කා­වෙන් වෙනස්ව වෙනස් ඇදු­මක් පවා අදි­මින් නිත­රම ඔහු මහ­ජ­න­තාව සමග ඇලෙ­මින් ගැටෙ­මින් රාජ­කාරී කළේ ය. ඔහු කොළඹ අග­නා­ග­රි­කයේ කොල්ලන් හා කෙල්ලන් සමග පවා ලෙන්ගතු ආශ්‍ර­ය­කට යොමු වූයේ ෆේස්බුක් සමාජ ජාලයේ ආක­ර්ෂ­ණීය සාමා­ජි­ක­යකු වූ නිසා ය. ඒ සමඟ ම පොත් ප්‍රද­ර්ශන, පොත් එළි­දැ­ක්වීම්, නාට්‍ය, චිත්‍ර­පට ආදී මිනි­සුන් ගැටෙන තැන් වල ද ඔහු නිතර දක්නට ලැබුණි.

මේ ආක­ර්ෂ­ණීය ප්‍රති­රූ­ප­යට ඔහු බල­වත් හානි­යක් කර ගත්තේ 2018 ඔක්තෝ­බර් 26 වැනිදා ආණු­ක්‍රම ව්‍යව­ස්ථා­වට පට­හැ­නිව ජනා­ධි­ප­ති­ව­රයා ක්‍රියා කර­න්නට පටන් ගැනී­මත් සමඟ ය.

නොවැ­ම්බර් 09 වැනි දින ජනා­ධි­ප­ති­ව­රයා විසින් පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරී­ම­ටත් අලුත් මහ මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට දින කැද­වී­මත් පසු පස මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය ද වූ බව සම­හර මාධ්‍ය වාර්තා කර තිබුණි. එහිදී ජනා­ධි­ප­ති­ව­රයා විසින් මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­ප­ති­ගෙන් කරුණු පැහැ­දිලි කිරී­මක් කර­ගෙන තිබුණ බව ද ප්‍රසි­ද්ධි­යට පත් විය.

මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­ප­ති­ව­ර­යා­ගෙන් ජනා­ධි­ප­ති­ව­රයා කරුණු පැහැ­දිලි කර ගැනීම නුසු­දුසු හෝ නොවිය යුතු හෝ ක්‍රියා­වක් නොවු­වද මහින්ද දේශ­ප්‍රි­යගේ මල්ලෙන් බළලා එළි­යට පැන්නේ පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැර මහ මැති­ව­ර­ණ­යක් කැද­වී­මත් සමඟ ය. ඔහු තවත් කොමි­ෂන් සභා සමා­ජි­ක­යකු හා එක්වී තීර­ණ­යක් ගෙන තිබුණේ මැති­ව­ර­ණය පැවැ­ත්වීම සඳහා අවශ්‍ය බල­තල මැති­ව­රණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල්ට පැවැ­රී­මට ය.

එහෙත් එවැනි තීර­ණ­යක් ගන්නට පෙර වග­කී­මක් ඇති කොමි­ෂ­න්වරු ලෙස ඔවුන්ට දෙතුන් වතා­වක් සිතා බල­න්නට වග­කී­මක් තිබුණි. ඊට හේතුව ජනා­ධි­ප­ති­ව­රයා විසින් පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට රටේ මහත් ආලෝ­ල­න­යක් ඇතිවී තිබූ බැවිනි. එහෙත් ඒ විරෝ­ධය තුට්ටු­ව­කට මායිම් නොකළ සභා­ප­ති­ව­රයා පොතේ හැටි­යට තීන්දුව ගනි­මින් මහා මැති­ව­ර­ණ­ය­කට සූදා­නම් විය.

මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය බල­වත් අප­හ­සු­තා­ව­කට පත්වූයේ ඒ කොමි­ෂන් සභා­වේම සාමා­ජික මහා­චාර්ය රත්න­ජී­වන් හූල් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ක්‍රියා­වට එරෙ­හිව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට පෙත්ස­මක් ඉදි­රි­පත් කිරී­මත් සමඟ ය. මහා­චාර්ය හූල් රටේ සෙසු පුර­වැ­සි­යන් කිහි­ප­දෙ­නෙකු හා එක්වෙ­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ප්‍රකාශ කළේ පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීම නිසා ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථාව උල්ලං­ඝ­නය වන බවයි.

බුද්ධි­ම­තකු හා සමාජ ක්‍රියා­කා­රි­ක­යකු වන මහා­චාර්ය රත්න­ජී­වන් හූල් කළේ අති­ශය ඇග­යී­ම­කට ලක් කළ යුතු ක්‍රියා­වකි. එහෙත් ඊට සම්මා­දම් වන්නට මැති­ව­රණ පැවැ­ත්වීම සම්බ­න්ධ­යෙන් අති­ම­හත් අත්දැ­කී­මක් සහිත රාජ්‍ය නිල­ධා­රි­යකු වන මහින්ද දේශ­ප්‍රි­යට නොහැකි විය. ඔබ එසේ හැසු­රුණේ මන්දැයි මේ ලියු­ම්කරු විසින් ෆේස්බුක් මාධ්‍ය මගින් විම­සීමේ දී සභා­පති දේශ­ප්‍රිය විසින් පිළි­තුරු දුන්නේ "සට­හන් කර ගතිමි" යන අද­හස දෙන (Noted) යන වච­න­යෙනි. ඉන් එහා කිසි­වක් ප්‍රකාශ නොකි­රී­මට ඔහු පරි­ස්සම් විය.

රාජ්‍ය බලය සම්බ­න්ධ­යෙන් අපැ­හැ­දිලි නොවන අව­ස්ථා­වක දී ඝෘජු තීරණ ගත්ත ද රාජ්‍ය බලය සම්බ­න්ධ­යෙන් ව්‍යාකූල අව­ස්ථා­වන්දි දී මහින්ද දේශ­ප්‍රිය නම් රාජ්‍ය නිල­ධා­රියා, කොමි­සම් සභා­ප­ති­ව­රයා සට­ක­පට බවට තැන තැන කසු­කුසු ඇති­විය.

2015 දී මෙන්ම 2018 දීත් රාජ්‍ය බලය හුව­මා­රු­වන බව අත්දැ­කී­මෙන් දත් ඔහු සමාන අන්ද­මින් හැසුණේ ය. ඒ අන්ද­මින් 2015 දී ඔහු වීර­යකු වුවත් 2018 දී මහ­ජන අප්‍ර­සා­ද­යට ලක්විය. ඊට හේතුව ඔහුගේ අනු­මා­න­යන් අනුව 2015 දී රාජ්‍ය බලය මාරු වුවද 2018 දී එලෙස සිදු නොවී­මයි. 2018 දී ඔහුගේ අනු­මා­න­යන් වර­දි­න්නට පද­නම වූයේ ජනා­ධි­ප­ති­ව­රයා විසින් පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී යැයි ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු කිරීම නිසා ය.

ඔහු මැති­ව­රණ කොම­සා­රිස් ධූර­යට පත්වූ අලුත රාජ­පක්ෂ පාලන කාලයේ දී මැති­ව­ර­ණ­යක් පව­ත්ව­න්නට නිය­මි­තව තිබුණි. ඒ අතර ඔහු පිළි­ගැ­නීම සඳහා තම පාසැල වූ අම්බ­ල­න්ගොඩ ධර්මා­ශෝක විද්‍යා­ලයේ පැවැති උත්ස­ව­යක දී මහත් වගා­ඩ­ම්බ­ර­යෙන් පැව­සුවේ තමා පත් කර­න්නට ජනා­ධි­ප­ති­ව­ර­යාට හැකි වුවත් ඉවත් කර­න්නට නම් ජනා­ධි­ප­ති­ව­ර­යාට හෝ නොහැකි බව ය. එම­ඟින් ඔහු වක්‍රව කීවේ කාට­වත් බය නැතිව රාජ­කාරී කරන බව ය.

එහෙත් එ් මැති­ව­ර­ණයේ දී ඇල්පි­ටිය කලාප අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­රයා විසින් නීතිය කඩ කරන බව මාධ්‍ය මඟින් චෝද­නා­වක් එල්ල විය. මෙත­රම් බය නැති මහින්ද දේශ­ප්‍රි­යට එදා කර­න්නට හැකි­වූයේ මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය නොක­රන බවට අව­වා­දා­ත්මක ලිපි­යක් යව­න්නට පමණි. කලාප අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­රයා රිසි සේ තම ස්වාමි­යාට පක්ෂ­පා­තව නීතිය අතට ගත්තේ ය. මැති­ව­රණ කොම­සා­රිස් මහින්ද දේශ­ප්‍රිය නිහඬ විය.

මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති මහින්ද දේශ­ප්‍රි­යගේ රාජ­කාරී හැසි­රීම පර­මා­දර්ශී නොවේ. ඔහු හැසි­රෙන්නේ උප­යෝ­ගී­තාව අනුව බව සක්සු­දක් සේ පැහැ­දිලි ය.

2018 නොවැ­ම්බර් මාසයේ දී ජනා­ධි­ප­ති­ව­රයා විසින් පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැර මහ මැති­ව­ර­ණ­යක් කැදවූ විට ඊට එරෙ­හිව මූලික අයි­තිය තහ­වුරු කර­න්නැයි ඉල්ල­මින් මැති­ව­රණ කොමි­ෂමේ සාමා­ජික මහා­චාර්ය රත්න­ජී­වන් හූල් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට යන අතර කොමි­ෂමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහා මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට කට­යුතු සූදා­නම් කළේ එබැ­විනි. සභා­පති මහින්ද දේශ­ප්‍රි­යට තරු පෙනුනේ පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීම ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථාව උල්ලං­ඝ­නය කිරී­මක් බව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු කිරී­මත් සමඟ ය.

පළාත් සභා මැති­ව­ර­ණය නොප­ව­ත්වන්නේ නම් ඉල්ලා අස්වෙ­මියි කී මහින්ද දේශ­ප්‍රි­යට ද තම වච­න­යට ගරු කළ නොහැ­කිය. දැන් ඔහු­ගේම පොරොන්දු ඔහුට අම­තක වී ඇත.

ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­වත් සමඟ මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­ප­ති­ව­රයා ඉල්ලා අස්විය යුතුය. එහෙත් ඒ සඳහා ඔහුට සමාජ වග­කි­මක් ද පවතී. වයස අවු­රුදු හැට ඉක්ම­වීම කොමි­ෂ­මක තන­තුරු දැරී­මට බාධා­වක් නොවූ­වත් වයෝ­වෘද්ධ පුද්­ග­ල­යන් තන­තුරු වලින් ඉල්ලා අස්වීම තරුණ පර­ම්ප­රා­වට කරන සේව­යකි. එනිසා ඒ සම්බ­න්ධ­යෙන් සිහි කැද­ව­මින් ෆේස්බුක් පණි­වු­ඩ­යක් පළ කළ විට ශ්‍රී ලංකා මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය පව­සන්නේ මෙවැ­න්නකි.

"මා දරණ තන­තු­රට එනම් මැති­ව­රණ පරි­පා­ල­ක­යන් සඳහා කොමි­සමේ වෙන් කරන ලද අය­ගෙන් පත්කළ හැක්කේ විශ්‍රා­මික නියෝජ්‍ය මැති­ව­රණ කොම­සා­රිස් තන­තු­රක් දැරූ අයකු පමණි.

එවැනි තරු­ණම තැනැත්තා මට වඩා වය­සින් බාල වන්නේ අවු­රුදු තුනක් හා මාස නම­යක් පමණි . එනම් ඔහුට ද දැන් වයස අවු­රුදු හැටයි මාස හයකි. මගේ පත්වීමේ වලංගු කාලය අවු­රුදු පහකි . ඒ කාලය නිම­වී­මට තව මාස 14ක් තිබේ."

මැති­ව­රණ දෙපා­ර්ත­මේ­න්තුවේ රාජ­කාරී අත්දැ­කීම් ඇති නිල­ධා­රී­න්ගෙන් කොමි­ෂන් සභා­වට පත් කළ හැකි නිල­ධා­රීන් සම්බ­න්ධ­යෙන් වූ මහින්ද දේශ­ප්‍රි­යගේ සඳ­හන නිවැ­රැදි ය.

එහෙත් ඒ නිල­ධා­රියා කොමි­ෂන් සභාවේ සභා­ප­ති­ව­රයා වන්නේ යැයි සද­හ­නක් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­නයේ නැත.

සභා­ප­ති­ව­රයා විය යුත්තේ කොමි­ෂන් සභාවේ කොම­සා­රි­ස්ස්ව­රුන් තිදෙ­නා­ගෙන් අයෙකි. ඒ අනුව වත්මන් සභා­ප­ති­ව­රයා ඉල්ලා අස්වන්නේ නම් ශ්‍රී ලංකා මැති­ව­රණ කොමි­ෂන් සභා­වට වෙනත් තරුණ සභා­ප­ති­ව­ර­යකු පත් කර ගන්නට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභා­වට හා ජනා­ධි­ප­ති­ව­ර­යාට හැකිය.

Comments