මැතිවරණ පෝලිමෙන් ඉදිරියට ආ ඇල්පි­ටියේ පුංචි ඡන්දය | සිළුමිණ

මැතිවරණ පෝලිමෙන් ඉදිරියට ආ ඇල්පි­ටියේ පුංචි ඡන්දය

2019 මැති­ව­රණ වස­රක් ලෙස ප්‍රචා­ර­යක් ගියත් එය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පම­ණක් සීමා වනු දක්නට ලැබිණි. එහෙත් මේ වන විට ඊට පෙර තවත් මැති­ව­ර­ණ­යක් පව­ත්ව­න්නට මැති­ව­රණ කොමි­ස­මට සිදුව ඇත. ඒ ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­යයි. එන­යින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ අතුරු-තහ­නම් නියෝ­ග­යක් හේතු­වෙන් අත්හි­ටුවා තිබූ ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණය ලබන ඔක්තෝ­බර් 11 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තය. ඒ සඳහා වන අති­වි­ශේෂ ගැසට් නිවේ­ද­න­යද පසු­ගි­යදා නිකුත් කරන ලදි. ගාල්ල තේරීම් භාර නිල­ධාරී සෝම­රත්න විදා­න­ප­ති­රණ මහතා විසින් අදාළ ගැසට් නිවේ­ද­නය නිකුත් කරනු ලැබීය.

 

දිව­යින පුරා පළාත් පාලන මැති­ව­ර­ණය 2018 වසරේ පෙබ­ර­වාරි මස 10 වැනිදා පැවැ­ත්වු­ණද ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාවේ මැති­ව­ර­ණය පැවැ­ත්වූයේ නැත. එයට හේතු වූයේ ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණයේ නාම­යෝ­ජනා පත්‍ර බාර ගැනී­මේදී ප්‍රජා­ත­න්ත්‍ර­වාදී එක්සත් ජාතික පෙර­මුණ ඉදි­රි­පත් කළ නාම­යෝ­ජනා පත්‍රය ප්‍රති­ක්ෂේප කිරී­මට එරෙ­හිව ඒ පක්ෂයේ මහ ලේක­ම්ව­රයා විසින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් අතුරු තහ­නම් නියෝ­ග­යක් ඉල්ලා සිටී­මය.

එය පිළි­ගත් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාවේ මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට එරෙ­හිව අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කරන ලදි. ඒ අදාළ වින්දි­ත­යන් වෙනු­වෙන් පක්ෂයේ මහ ලේකම් ආරි­ය­වංශ දිසා­නා­යක මහතා විසින් ගොනු කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම විභාග කර අව­සන් වන තුරුය. මේ නඩුව විභාග කර අව­සන් කළ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය එහි තීන්දුව පසු­ගිය අගෝස්තු 30 වැනිදා ප්‍රකා­ශ­යට පත් කළේය. ඒ තීන්දු­වට අනුව ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා­වට 2018 ජන­වා­රියේ නාම­යෝ­ජනා භාරදී තිබූ සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩා­යම් ඡන්ද විම­සීම සඳහා සුදු­සු­කම් ලබනු ඇත.

පෙත්ස­ම්ක­රු­වන් ගොනු කළ පෙත්ස­මට අදාළ නඩුව විභාග කළ ප්‍රසන්න ජය­ව­ර්ධන, විජිත් මල­ල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬුල්ල ප්‍රකාශ කර සිටියේ පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී එක්සත් ජාතික පෙර­මුණ විසින් ඉදි­රි­පත් කළ නාම­යෝ­ජනා පත්‍රය බාර ගෙන මැති­ව­ර­ණය හැකි ඉක්ම­නින් පව­ත්වන ලෙසයි. ඒ අනුව මැති­ව­ර­ණය ඔක්තෝ­බර් 11 වැනිදා පැවැ­ත්වෙන අතර, එහිදී අලු­තින් නාම­යෝ­ජනා කැඳ­වී­මක් සිදු නොවනු ඇත. මෙහිදී ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාව සඳහා එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ, ජනතා විමුක්ති පෙර­මුණ සහ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී එක්සත් ජාතික පෙර­මුණ යන දේශ­පා­ලන පක්ෂ 05 ඉදි­රි­පත් කළ නාම­යෝ­ජනා පිළි­ගත් නාම­යෝ­ජනා ලෙස සැල­කෙනු ඇති.

මැති­ව­ර­ණයේ තැපැල් ඡන්ද සඳහා අය­දුම් කිරීම මේ මස 13 වන­දාට පෙර සිදු කර­න්නැයි මැති­ව­රණ කොමි­ෂන් සභාව දැනුම් දී ඇත. කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රාල් සමන් ශ්‍රී රත්නා­යක මහතා පව­සන්නේ මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට අදාළ මූලික කට­යුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

ඇල්පි­ටිය පළා­ත්පා­ලන බල ප්‍රදේ­ශ­ය­යට අයත් මැති­ව­රණ කොට්ඨාස 17හි ලියා­ප­දිංචි ඡන්ද සංඛ්‍යාව 53,384කි. ඒ අනුව ඡන්දය භාවිත කිරී­මට සුදු­සු­කම් ලැබූ ඡන්ද­දා­ය­ක­යන් ඡන්ද මධ්‍ය­ස්ථාන 47කදී සිය ඡන්දය භාවිත කිරී­මට නිය­මි­තය.

ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාව සඳහා සභි­ක­යන් 28 දෙනක තෝරා-පත් කර­ගැ­නීම සඳහා ඡන්ද විම­සීම පැවැ­ත්වෙන අතර කොට්ඨාස මට්ට­මින් 17 දෙනකු සහ දෙවන ලැයි­ස්තු­වෙන් 11 දෙනකු වශ­යෙන් අදාළ සභි­ක­යන් 28 දෙනා තෝරා­පත් කර­ගැ­නී­මට නිය­මි­තය.

ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා­වට ප්‍රජා­ත­න්ත්‍ර­වාදී එක්සත් ජාතික පෙර­මුණ විසින් ඉදිරි පත් කළ නාම යෝජ­නාව ප්‍රති­ක්ෂේප වූයේ ඇයි?

අපි මේ සම්බ­න්ධව මැති­වණ කොමි­ස­මෙන් විම­සු­වෙමු. එහි ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යකු පැව­සුවේ නාම­යෝ­ජනා පත්‍ර­යක් ප්‍රති­ක්ෂේප වීමට ඒ ඒ මැති­ව­ර­ණ­යට අදා­ළව බල­ප­වත්නා හේතු තිබිය හැකි වුවත්, මෙහිදී සිදුව ඇත්තේ නාම­යෝ­ජනා පත්‍රය බාර දිය යුතු තැනැත්තා විසින් එය බාර නොදීම නිසා ප්‍රති­ක්ෂේප කර ඇති බවකි. මේ පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී නාම­යෝ­ජනා පත්‍රය බාර දිය යුතු වන්නේ අදාළ පක්ෂයේ ලේක­ම්ව­රයා විසින් හෝ බල­ය­ලත් නියෝ­ජි­ත­යකු විසිනි. එහිදී අදාළ බල­ය­ලත් නියෝ­ජි­තයා වන්නේ නාම යෝජනා පත්‍රයේ ඉහ­ළින්ම නම සඳ­හන්ව ඇති තැනැ­ත්තාය. ඔහු කණ්ඩා­යම් නාය­ක­යාය. එහෙත් පක්ෂයේ ලේක­ම්ව­රයා හෝ බලය ලත් නියෝ­ජි­ත­යකු විසින් එය බර නොදුන් නිසා එය ප්‍රති­ක්ෂේප වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

‘නාම යෝජනා පත්‍රය බාර දෙන අව­ස්ථාවේ ඒ බව දැනුම් නොදෙන්නේ ඇයි?’ යන පැන­යට පිළි­තුරු දුන් ඔහු පැව­සුවේ බාර ගැනීම් නිල­ධා­රියා තීර­ක­යකු නොවන බවත් නාම යෝජ­නා­වක් බාර­ගැ­නීම එක් කාර්ය­යක් බවත්, එය ප්‍රති­ක්ෂේප කිරීම තවත් කාර්ය­යක් බවත්ය. නාම යෝජනා පත්‍රය බාර ගැනී­මෙන් පසු එය සලකා බැලී­මේදී එය බාර නොගැ­නී­මට අදා­ළව අඩු­පාඩු තිබුණ හොත් එය ප්‍රති­ක්ෂේප වන බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ පක්ෂයේ ලේක­ම්ව­රයා හෝ බලය ලත් නියෝ­ජි­තයා විසින් හෝ මේ අය­දු­ම්පත බාර නොදීම නිසා එය ප්‍රති­ක්ෂේප වූ ආකා­රය මැති­ව­රණ කොමි­සම පෙන්වා දෙයි. අපි මේ සම්බ­න්ධව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී එක්සත් ජාතික පෙර­මුණේ මහ ලේකම් ආරි­ය­වංශ දිසා­නා­යක මහ­තා­ගෙන් විම­සු­වෙමු.

ඔහු පැව­සුවේ අදාළ නාම­යෝ­ජනා පත්‍රය බාර දීම සඳහා කණ්ඩා­යම් නාය­කයා වන බලය ලත් නියෝ­ජි­තයා එදින නාම­යෝ­ජනා පත්‍ර රැගෙන ගොස් ඇති බවයි. ඔහු සමඟ තවත් අයකු එම ස්ථාන­යට ගොස් ඇති බවත්, එහිදී නාම යෝජනා බාර­ගැ­නී­මේදී බාර­ගැ­නීම් නිල­ධා­රියා විසින් වෙනත් ලේඛ­න­යක් ඉල්ලූ අව­ස්ථාවේ බල­ය­ලත් නියෝ­ජි­තයා (කණ්ඩා­යම් නාය­කයා) මේ නාම­යෝ­ජනා පත්‍රය තමන් සමඟ සිටි තැනැ­ත්තාට සුළු වේලා­ව­කට තබා­ගන්නා ලෙස දන්වා අදාළ වෙනත් ලේඛ­න­යක් සෙවීම පිණිස ලිපි ගොනු­වක් ගෙන පරීක්ෂා කළ විට බාර ගැනීම් නිල­ධා­රියා බල­ය­ලත් නියෝ­ජි­තයා සමඟ සිටි තැනැ­ත්තා­ගෙන් නාම­යෝ­ජනා පත්‍රය ගෙන, ඒ සහා­ය­ක­යාගේ නම - විස්තර ගෙන ඇති බවයි. විනා­ඩි­ය­ක­ටත් වඩා අඩු කාල­යක් නාම යෝජ­නාව අත තබා ගෙන සිටි සහා­ය­ක­යා­ගෙන් එම නාම යෝජනා පත්‍රය ගෙන එය කඩි­න­මින් ලේඛ­න­ගත කිරී­මට ඒ නිල­ධා­රි­යට තිබූ අව­ශ්‍ය­තාව කුම­ක්දැයි තමා නොදන්නා බව පැවසූ ආරි­ය­වංශ මහතා ඒ මඟින් තම පක්ෂයේ නාම යෝජ­නාව ප්‍රති­ක්ෂේප කර­මින් නිකුත් කළ නිවේ­ද­නය අභි­යෝ­ග­යට ලක් කළේ එයින් තම පක්ෂ­ය­ටත් අදාළ අපේ­ක්ෂ­ක­ය­න්ටත් බර­ප­තළ අසා­ධා­ර­ණ­යක් සිදු වූ නිසා බව කීවේය. මේ නිසා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ නඩු­වක් ගොනු කර­මින් ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාවේ මැති­ව­ර­ණ­යට පැවැ­ත්වී­ටම අතුරු තහ­නම් නියෝ­ග­යක් ඉල්ලා සිටි බව ඔහු පෙන්වා දුන්නේය.

දීර්ඝ නඩු විභා­ග­ය­කින් පසු ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තම පක්ෂයේ අපේ­ක්ෂ­ක­යන්ගේ මූලික අයි­ති­වා­සි­කම් කඩව ඇති බව තීන්දු කළ බවත්, ඒ අනුව නාම­යෝ­ජනා පත්‍රය බාර­ගෙන මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට කට­යුතු කරන ලෙස මැති­ව­රණ කොමි­ස­මට නියෝග කළ බවත් ඒ මහතා කීවේය.

එසේම මෙහිදී ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට සෑහී­ම­කට පත් විය හැකි ලෙස කරුණු සාක්ෂි සහි­තව ගෙන හැර දක්ව­න්නට ප්‍රජා­ත­න්ත්‍ර­වාදී එක්සත් ජාතික පෙර­මු­ණට හැකි වූ අතර, කණ්ඩා­යම් නාය­කයා වන බලය ලත් නියෝ­ජි­තයා එදින නාම යෝජනා බාර දීම පිණිස ගිය බව ඔවුන් විසින් තහ­වුරු කරන ලදි.

අධි­ක­රණ කට­යුතු සඳහා ඒ පක්ෂ­යට විශාල විය­ද­මක් දර­න්නට සිදු වූ බවත් එහෙත් ඒ නිල­ධා­රි­යාට විරු­ද්ධව හෝ වෙනත් අයට විරු­ද්ධව ඉදිරි ක්‍රියා­මා­ර්ග­යක් ගන්නේද යන්න ගැන තව­මත් කිසිදු බලා­පො­රො­ත්තු­වක් නැති බව­දත් ආරි­ය­වංශ මහතා කීය. තමන්ට වූ අසා­ධා­ර­ණය සම්බ­න්ධ­යෙන් සාධා­ර­ණය ඉටු කර­ගැ­නීම පිණිස අධි­ක­ර­ණයේ පිහිට පැතූ බවත්, එය නිසි ලෙසින්ම ඉටු වූ බවත් හෙතෙම කීවේය.

මැති­ව­රණ කොමි­ස­මද මේ සම්බ­න්ධව පවසා සිටියේ පෙත්ස­ම්කාර පාර්ශ්වය විසින් ගෙන­හැ­රපෑ කරුණු අනුව අධි­ක­ර­ණය මේ තීන්දුව දුන් බවයි. ඒ අනුව ඉදි­රි­යේදී කඩි­න­මින් මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇති බවත්, මෙවර මැති­ව­ර­ණය සිකු­රා­දා­වක පැවැ­ත්වී­මට සිදුව ඇති බවත් ඔහු කීවේය. එයට හේතු වී ඇත්තේ 13 වැනිදා ඉරිදා පෝය නිවාඩු දින­යක් බැවින් ඊට පෙර දින එනම් 12 සෙන­සු­රාදා මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට නොහැකි වීමයි.

මේ නඩු තීන්දුව දෙස බලන විට අපට පෙනී-යන එක් කරු­ණක් ඇත. එනම්: අප රටේ ඇතැම් රාජ්‍ය ආය­තන ව්‍යූහ සැකසී ඇත්තේ රටේත් ජන­තා­ව­ගේත් අයි­තීන් රැක දීමට නොව, ගැටලු ඇති කිරී­මට බවයි. බලය ලත් නිල­ධා­රියා සිටි බවට හා එහිදී වූ ක්‍රියා­දා­මය සම්බ­න්ධව අධි­ක­ර­ණය සෑහී­මට පත් වූයේ නම් එය අධි­ක­ර­ණය දක්වා යා යුත්තක් නොවේ. සීසී­ටීවී දර්ශන පවා ඇති මේ කාලයේ නවීන තාක්ෂ­ණ­යද යොදා­ගෙන මේ ගැට­ලුව විස­ඳා­ගැ­නී­මට තිබිණි. එසේ වූයේ නම් වස­ර­කට අධික කාල­යක් අධි­ක­ර­ණයේ කාලය අපතේ යන්නේ නැත. පළාත් පාලන ආය­ත­න­යද වස­ර­කට අධික කාල­යක් බල ශූන්‍ය ආය­ත­න­යක් වන්නේද නැත.

අධි­ක­ර­ණ­යට පම­ණක් නොව, මේ මැති­ව­ර­ණය පැවැ­ත්වීම සඳ­හාද අධික විය­ද­මක් වෙනම දැරී­මට සිදු වේ. මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහ­තාගේ වච­න­ව­ලින්ම කිය­නවා නම් ‘සර්පයා ලොකු පොඩි කියා වෙන­සක් නැත. විෂ එක හා සමා­නය.’ ඒ අනුව වෙනම පව­ත්වන මේ මැති­ව­ර­ණ­යට වැය කිරී­මට සිදු වන්නේ රටේ සංව­ර්ධ­න­යට වෙන් කර ඇති මුදල්ය. අප කට­යුතු කළ යුතු වන්නේ රටේ අනා­ග­තය උදෙසා විනා, න්‍යායම පම­ණක් කර තබා­ගැ­නී­මට නොවේ.

 

(සේයා­රුව අන්ත­ර්ජා­ල­යෙනි)

Comments