කරූට පෙරට එන්නයි සිවිල් සංවි­ධාන ඉල්ලයි | Page 2 | සිළුමිණ

කරූට පෙරට එන්නයි සිවිල් සංවි­ධාන ඉල්ලයි

රට තුළ සදා­චා­රය පිරි­හීම, මත්ද්‍රව්‍ය හා අප­රාධ ව්‍යාප්තිය, උගත් තරුණ-තරු­ණි­යන් රට හැර-යෑම වැනි ප්‍රශ්න රැසක් මුහු­කුරා ගොස් ඇති නිසාත්; ඒ සිය­ල්ලට වඩා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, නිද­හස යළි අහිමි වනු ඇතැයි යන බිය වර්ත­මා­නයේ මතුව ඇති නිසාත් රටේ අනා­ග­තය බාර­ගැ­නී­මට පිය­වර ගන්නා ලෙස මෙරට ප්‍රධාන පෙළේ සිවිල් සංවි­ධාන ක්‍රියා­කා­රීන් රැසක් කථා­නා­ය­ක­ව­රයා හමු වී පෙන්වා දී ඇත. රට තුළ දේශ­පා­ලන, ආර්ථික හා සමා­ජීය ස්ථාවර බවක් ඇති කිරීම සඳහා දේශ­පා­ල­නි­කව කිසිදු අන්ත­ය­කට නොගොස් මධ්‍යස්ථ හා පරි­ණත භාව­යෙන් යුතුව කට­යුතු කළ හැකි නාය­ක­ත්ව­යක් අව­ශ්‍යව ඇති බව පෙන්වා දී ඇති ඔවුන් පවසා ඇත්තේ සුළු ජන කොට­ස්ව­ලද සහාය දිනා­ගත හැකි, පළ­පු­රුද්ද හා රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳ­ක­ම්ව­ලින් සපිරි නාය­ක­යකු ලෙස කරු ජය­සූ­රිය මහතා කෙරෙහි තමන් තුළ දැඩි විශ්වා­ස­යක් පව­තින බවයි.

 

Comments