කොළඹ පස්වලට පාතා­ලයෙන් තරගයක් | Page 2 | සිළුමිණ

කොළඹ පස්වලට පාතා­ලයෙන් තරගයක්

 

කොළඹ සහ ඒ අවට සිදු වන පස් සහ වැලි ව්‍යාපා­ර­යෙන් 80%ක්ම පාතා­ලය විසින් අත්පත් කර­ගෙන ඇතැයි බුද්ධි අංශ හෙළි කර­ගෙන තිබේ.

කොළඹ නග­රය තුළ සිදු කෙරෙන සංව­ර්ධන කට­යු­තු­ව­ලට පස් සහ වැලි සැප­යී­මේදී පාතා­ල­යට  කප්පම් නොදී සිටී­මට ව්‍යාපා­රි­ක­යන්ට ඉඩක් නැති බවද බුද්ධි අංශ සඳ­හන් කරයි. කොළඹ සහ ඒ අවට නගර ආශ්‍රි­තව පාතා­ලය විසින් අත්පත් කර­ගෙන සිටින පස් සහ වැලි ව්‍යාපා­ර­යෙන්ද 70%ක පමණ බලය අත්පත් කර­ගෙන ඇතැයි පැව­සෙන්නේ අංගොඩ ලොක්කාය. මෑත­කදී හංවැල්ල පහ­ත්ග­මදී පස් ව්‍යාපා­රි­ක­යකු සහ ඔහුගේ රියැ­දුරා ඝාත­නය පිටු­ප­සද සිටින්නේ ඔහු වන අතර, අධි­වේගී මාර්ග ඉදි­කි­රී­මක් සඳහා පස් කොන්ත්‍රා­ත්තුව අංගොඩ ලොක්කාට පිටින් යමින් ලබා­ගැ­නීම මේ ඝාත­න­යට මුල් වී ඇතැයි පොලිස් විම­ර්ශ­න­ව­ලදී හෙළිව තිබේ.

Comments