නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් | Page 2 | සිළුමිණ

නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්

ශරීරයේ ශක්තිය ගබඩා වී ඇත්තේ අක්මාවේය. ශරීරයට ආහාර මාර්ගයෙන් විසක් ඇතුළු වුවහොත් අනෙක් අවයව කරා යා නොදී ශරීරය ආරක්ෂා කරන්නේ අක්මාව නමැති ඉන්ද්‍රියයි. එම නිසා අක්මාව ශරීරයට අත්‍යවශ්‍යම ඉන්ද්‍රියක් වෙයි. එය රැක ගැනීම ඉතාම වැදගත් වෙයි.

අද ජීවත් වන තරුණ පරපුර (ස්ත්‍රී / පුරුෂ) දෙපක්ෂයම පුදුමාකාර ගිජුකමක් දක්වන්නේ රයිස් වර්ග, කොත්තු වර්ග, නොයෙකුත් රස කාරක වර්ග යෙදූ ආහාර වර්ග ආහාරයට ගැනීමටයි. හවස් කාලය වන විට සිය පවුල පිටින්ම චයිනිස් ආහාර ඇති හෝටල් කරා ඇදෙන අයුරු අපට දැක ගැනීමට ලැබීම සුලබ දසුනක් වෙයි. අද ජීවත්වන සමහර අය ආහාරවල ඇති ගුණාත්මක බව, ශරීරයට හිතකරද, අහිතකරද යන වග නොසිතයි. ආහාරවල ඇති රසයට මුල්තැන දෙයි; දිව පිනවීමට හැම විටම උත්සාහ කරයි. මෙය ඉතාම භයානක තත්වයක් හැටියට අපට සැලකීමට පුළුවන. මුළු තරුණ පරපුරම ලෙඩ වීමට මෙම ආහාර වර්ග බලපායි.

අප තරුණ පරපුර හැමවිටම උත්සාහ කළ යුත්තේ ශරීරයට හිතකර වසවිසෙන් තොර ආහාර වේලක් ගැනීමටයි. ආහාර ගැනීම ඉතාම බුද්ධිමත්ව හා කල්පනාවෙන් කළ යුතු වෙයි. මෙම වස විස ආහාර වර්ග ආහාරයට ගැනීම මගින් ශරීර අභ්‍යන්තරයේ ඇති ඉන්ද්‍රියයන්ට හානි පැමිණිය හැකිය. මෙය ඉතාම භයානක තත්ත්වයකි. අධික තෙල් හා ප්‍රෝටීන් සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන් අක්මාව ඉතා ඉක්මනින් ලෙඩවීමට පුළුවන. මෙම රෝග අවස්ථාවට වයස් බේදයක් නැ. ‍මෙය ෆැටි ලිවර් යන නමින් හඳුන්වයි.

අක්මාවේ තෙල් තට්ටු තැන්්පත් වීම එම අවස්ථාවයි. එයට ප්‍රධාන හේතුව ශරීරයට ව්‍යායාම නොමැති කමයි. දවසකට විනාඩි 45වත් ඇවිදීම කළ යුතුම වෙයි. මෙයින් අක්මාවේ ඇති‍මේදය දහනය වීම සිදුවෙයි. ඇවිදීම තරම් හොඳ ව්‍යායාමයක් ලොව තවත් නැත. නිතිපතා ව්‍යායාම කිරීම, ඇවිදීම මඟින් ශරීරය ඉතාමත් නිරෝගීව පවත්වා ගත හැකියි.

ෆැටි ලිවර් රෝග තත්ත්වයට හොඳම ප්‍රතිකාරය වන්නේ දවසකට විනාඩි 45 වත් ක්‍රමානුකූලව ඇවිදීමයි. එමඟින් රෝග තත්ත්වය බොහෝදුරට සුව කර ගැනීමට පුළුවන. ඇවිදින විට හොඳින් දහඩිය පිටවිය යුතුය.

මෙම රෝග තත්ත්වය මුල් අවස්ථාවේ හඳුනාගත හැක්කේ රුධිර පරීක්ෂණයකින් හෝ ස්කෑන් පරීක්ෂණයකිනි. පරීක්ෂණයක් කර බැලුවහොත් මෙම රෝග තත්ත්වය හඳුනා ගත හැකිය. ෆැටි ලිවර් රෝගියෙකුගේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලුවහොත් අක්මාවේ තෙල් තට්ටු තැන්පත් වී ඇති අයුරු දැක බලාගැනීමට පුළුවන.

ශරීරයේ ශක්තිය ගබඩා වී ඇත්තේ අක්මාවේය. ශරීරයට ආහාර මාර්ගයෙන් විසක් ඇතුළු වුවහොත් අනෙක් අවයව කරා යා නොදී ශරීරය ආරක්ෂා කරන්නේ අක්මාව නමැති ඉන්ද්‍රියයි. එම නිසා අක්මාව ශරීරයට අත්‍යවශ්‍යම ඉන්ද්‍රියක් වෙයි. එය රැක ගැනීම ඉතාම වැදගත් වෙයි. කුඩා දරුවෙකුට වුවද මෙම රෝග තත්ත්වය හටගත හැකිය.‍

මෙම රෝග තත්ත්වය ඇති වීමට බලපාන හේතු බොහොමයක් ඇත.

I ශරීරයට අවශ්‍යය කරන ව්‍යායාම නිසි

ලෙස නොලැබීම.

II ශරීරය අධිකව මහත් වීම.

III අධික ලෙස ප්‍රෝටීන් සහිත ආහාර

ගැනීම.

IV අධික ලෙස තෙල් සහිත ආහාර ගැනීම.

V අධිකව සීනි සහිත ආහාර ගැනීම.

මෙම ෆැටි ලිවර් තත්ත්වය මුල් අවස්ථාවේදීම හඳුනාගනිමින් සිංහල ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම මඟින් නිට්ටාවට ම සුව කරගත හැකිය.

සතියකට දෙතුන් වතාවක්වත්, එල පිටවක්කා, හීන් බෝවිටියා කැඳ බීම අක්මාවට ඉතාමත්ම හිතකර වේ. එමඟින් අක්මාවේ දෝෂ නිවාරණය කර ගත හැකිවේ.

 

ආයුර්වේද වෛද්‍ය

බුද්ධික එස්. ගු ණසේකර

 

Comments