ඇම­සන් වනයේ තව­මත් මහ ගිනි | සිළුමිණ

ඇම­සන් වනයේ තව­මත් මහ ගිනි

අැම­සන් දැවෙන අයුරු
අැම­සන් දැවෙන අයුරු

ක්ෂණි­කව ලැබුණු මහා අව­ධා­නය ක්‍රම­යෙන් අඩුවී ගියද ඇම­සන් තව­මත් ගිනි ගනි­මින් තිබේ. ගිනි නිවා­දැ­මී­මට ගන්නා උත්සා­හ­යන් පර­ද­ව­මින් තවත් අලු­තෙන් හට­ගත් ගිනි­ගැ­නීම් 4000කට ආසන්න සංඛ්‍යා­වක් හඳුනා ගැනී­මට බ්‍රසීල ජාතික අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­න­යට හැකිවී තිබේ. මේ වන විට වාර්තා වන අන්ද­මට ඇම­සන් කලා­පයේ සෙල්සි­යස් අංශය 28ක දෛනික උෂ්ණ­ත්ව­යක් පව­තින අතර තව­මත් වර්ෂාව ගැන ඉඟි ලැබී නැන. ඇම­සන් කලා­ප­යට සැප්තැ­ම්බර් මස අග වන විට වර්ෂා සමය උදා­වන බැවින් තවත් දින 15ක් ඇතු­ළත වැසි ඇද­වැ­ටිය යුතු බව බ්‍රසීල කාල­ගුණ විද්‍යා­ඥ­යන්ගේ මතය වී තිබේ.

මේ අතර බ්‍රසීල රජය ලොව හත­ර­ව­ටින් එල්ල­වන චෝද­නා­ව­ලට මුහුණ දෙමින් සිටී. මේ මහා ගිනි ගැනීම් ස්වාභා­වික බව පෙන්වා දීමට කෙත­රම් උත්සාහ ගත්තද එය නව බ්‍රසීල රජයේ ආර්ථික ප්‍රති­පත්ති හේතු­වෙන් ඇතිවී අතුරු ප්‍රථි­ප­ල­යක් බව තහ­වුරු වී අව­සන්ය.

මහා ගිනි­ගැ­නීම් හේතු­වෙන් උන්හි­ටි­තැන් අහිමි වූ ඇම­සන් කලා­පීය ගෝත්‍රික ජන­තාව එක්ව පසු­ගි­යදා සමු­ළු­වක් කැඳ­වී­මට කට­යුතු කර තිබේ. ඇම­සන් මහ වනයේ වෙසෙන විවිධ ගෝත්‍ර අත­රින් වැඩිම ජන­තා­වක් වෙසෙන ගෝත්‍රය වන්නේ කයා­පෝස් ගෝත්‍ර­යයි. එහි ගෝත්‍රික නාය­කයා මේ සමු­ළු­වේදී පවසා සිටියේ තමන්ට මුහුණ දීමට සිටින ප්‍රබ­ල­තම සතුරා බ්‍රසීල රජය බවයි. ඇම­සන් මහ වනයේ වෙසෙන සිය ගණ­නක් ගෝත්‍ර­වල ජන­තා­වට උන්හි­ටි­තැන් නැති­වී­මට ප්‍රධාන හේතුව බ්‍රසීල රජය බවද ඔහු ප්‍රකාශ කර තිබේ. මේ සමු­ළු­වට ගෝත්‍ර රාශි­යක සාමා­ජි­ක­යන් සහ­භාගී වී සිටි අතර ඇම­සන් ව්‍යස­නය හේතු­වෙන් දීර්ඝ කාලී­නව සතුරු වී සිටි ගෝත්‍ර සාමා­ජි­ක­යන් මිතු­රන් බවට පත්ව ඇති බවද වාර්තා වේ.

වගා බිම් සඳහා කැලෑ ගිනි තබා ඇති අන්දම

මේ අතර සියලු වනා­න්තර හෙළි කිරීම් නවත්වා දමන ලෙසට බ්‍රසීල රජ­යෙන් නියෝ­ග­යක් සාමාන්‍ය ජන­තාව වෙත ලැබී තිබේ. එහෙත් වාර්තා වන අන්ද­මට අලු­තෙන් සොයා ගත් ගිනි­ගැ­නීම් 4000 වාර්තා වී ඇත්තේ මේ නියෝ­ගය පනවා පැය 48ක් ඉක්ම යෑමෙන් පසුව බවයි. ගිනි­තැ­බීම් නවතා දමන ලෙසට රජය නිකුත් කළ නියෝ­ග­ව­ලට පසුව වාර්තා වූ ගිනි ගැනීම් 3859යෙන් 2000කට අධික සංඛ්‍යා­වක් ඍජු­වම වාර්තා වී ඇත්තේ ඇම­සන් මහ වන­යෙනි.

මේ අතර ඉති­හා­සයේ නොවූ විරූ ලෙස ඇම­සන් මහ වනය දැවී යෑම හේතු­වෙන් විවිධ ප්‍රථි­පල අත්වි­ඳී­මට මේ වන විටම බ්‍රසී­ලය සහ ආශ්‍රිත රට­වල ජන­තා­වට සිදුව තිබේ.

රට­වල් වසා ගනි­මින් ඉහළ නැගි දුම සහ තව­මත් නොනිවී දැල්වෙන ගිනි­දළු හේතු­වෙන් අවට රට­වල කුඩා දරු­වන්ට මේ වන විටත් ශ්වසන ආබාධ හට­ගෙන ඇතැයි වාර්තා වේ.

ඇම­සන් වනය පුරා පැතිරී ගිය ගිනි ජාලා පසු­ගිය අගෝස්තු 24 -26 දක්වා ප්‍රංස­යේදී පැවති ජී7 සමු­ළුව ලතින් ඇම­රිකා කලා­ප­ය­ටත් වඩා උණු­සුම් කිරී­මට සමත් විය. සාක­ච්ඡා­වට බඳුන් වීමට නිය­මි­තව තිබූ කරු­ණු­ව­ලට අම­ත­රව ගෝලීය උණු­සුම ඉහළ යෑම සම්බ­න්ධව බර­ප­තල ලෙස සාකච්ඡා කිරී­මට රාජ්‍ය නාය­ක­යන්ට සිදුව තිබේ. මේ අතර ග්‍රීන්ල­න්ත­යද දිය­වෙ­මින් යන බව වාර්තා වීමෙන් පසු පෘථි­විය ආරක්ෂා කිරී­මට ක්ෂණි­කව ක්‍රියා­ත්මක වීමේ අව­ශ්‍ය­තාව අව­ධා­න­යට ලක්ව තිබේ.

ඇම­සන් මහා ගිනි­ගැ­නීමේ තවත් අතුරු ප්‍රති­ඵ­ල­යක් ලෙස නොබෝ දින­කින්ම ලෝකයේ, විශේ­ෂ­යෙන්ම ලතින් ඇම­රිකා කලා­පයේ ආහාර මිල ඉහළ යනු ඇතැයි පරි­ස­ර­වේ­දීන් පෙන්වා දී තිබේ. මේ ඇතිවූ මහා ගිනි­ගැ­නීම් අත­රින් අති බහු­ත­ර­ය­කට හේතුව වී ඇත්තේ වගා­වන්ය. ගිනි­ගැ­නීම් හේතු­වෙන් වගා­වන් විනාශ වීම මෙන්ම, ඉදි­රි­යේදී වගා­ක­ට­යුතු තහ­නම් වීම හේතු­වෙන් ආහාර හිඟ­යක් ඇති­වී­මට විශාල ඉඩක් පව­තින බව පෙනී ගොස් තිබේ. මෙය කලා­පීය ප්‍රශ්න­යක් පම­ණක් නොව ඉදි­රි­යේදී ගෝලීය ප්‍රශ්න­යක් බවට පත් වනු ඇති බව­ටද සැක පහළ වී තිබේ. එසේ වුවද මේ සම්බ­න්ධව අද­හස් දක්වන බොහෝ දෙනා පවසා ඇත්තේ දැනට ලෝකයේ නිෂ්පා­ද­නය කරන ව්‍යාපා­රික බෝග­වල අස්ව­න්නෙන් හත­රෙන් එකක් පමණ ඉවත දමන බැවින් ආහාර කළ­ම­නා­ක­ර­ණය සහ පරි­සර සුර­ක්ෂි­ත­තාව ගැන වඩාත් වැඩි අව­ධා­න­යක් යොමු කිරී­මෙන් මේ ප්‍රශ්න­යට පිළි­තුරු සපයා ගත හැකි බවයි. එසේ නොක­ළ­හොත් වන විනා­ශ­යෙන් ගෝලීය උණු­සුම ඉහළ යෑම මගින් ඉදි­රි­යේදී පෘථි­වියේ කිසිදු බිම­ක­ඩක වගා කට­යුතු කළ නොහැකි වනු ඇති බව­ටද ඔවුන් අන­තුරු අඟවා තිබේ.

මේ අතර බ්‍රසීල සහ සෙසු රට­වල පරි­සර විද්‍යා­ඥ­යන් අන­තුරු අඟවා ඇත්තේ මේ ඇතිවූ මහා ගිනි­ගැ­නී­ම්ව­ලට වඩා විශාල ගිනි ගැනීම් ඉදි­රි­යේදී ඇති­වී­මට ඉඩ­කඩ පව­තින බවයි. සොබා­ද­හමේ පුදු­මය ලෙසින් හැඳි­න්විය හැකි අැම­සන් මහා වනය ආරක්ෂා කර ගැනීම බ්‍රසීල ජන­තා­වගේ සංස්කෘ­තිය හා බැඳි ඓති­හා­සික වග­කී­මක් බව පෙන්වා දෙන මේ පරි­ස­ර­වෙ­දීන් පවසා ඇත්තේ එරට 2004 සිට 2012 දක්වා ක්‍රියා­ත්මක වූ වන සංර­ක්ෂණ නීති­රීති මත බ්‍රසීල වන විනා­ශය සිය­යට 80කින් පමණ අවම කර ගැනී­මට හැකිවූ බවයි.

ඇම­සන් පම­ණක් නොව, කොංගෝ සහ ඉන්දු­නී­සි­යාවේ ස්වභා­වික වනා­න්තර ගැනද අව­ධා­නය යොමු කළ යුතු­බව පරි­ස­ර­වේ­දීන් පවසා තිබේ. මහා වනා­න්තර ආරක්ෂා කර ගැනී­මට නොප­මාව කට­යුතු කළ යුතු බවට ලොවට බල­පෑම් කළ යුතු බවට ඇම­සන් මහා ගිනි ජාලා මැදින් ජනතා අව­ධා­නය යොමු කරවා ගත යුතු බවද පරි­ස­ර­වේ­දීන්ගේ අද­හස වී තිබේ.

මිනි­සාගේ ආර්ථික කට­යුතු දියුණු කිරීමේ අර­මු­ණින් යුතුව වගා කට­යුතු සඳහා සිදු­ක­රන වන විනා­ශය දිනෙන් දින වැඩි­වන බව පෙන්වා දෙන පරි­ස­ර­වේ­දීන් පෙන්වා දී ඇත්තේ ලෝකයේ සිදු­වන වන විනා­ශ­යෙන් සිය­යට 70කට හේතුව වගා­ක­ට­යුතු බවයි. එමෙන්ම හරි­තා­ගාර වායු විමෝ­ච­න­යෙන් තුනෙන් එකක ප්‍රමා­ණය වගා කට­යුතු හේතු­වෙන් සිදු­වන බවද පෙන්වා දී තිබේ.

ඇම­සන් තව­මත් දැවෙ­මින් තිබේ. ඇතැ­ම්විට මේ මස අග මහ­වැසි ඇද­වැ­ටෙන තෙක්ම මේ ගිනි ජාලා නිවී නොයනු ඇත. එහෙත් පෘථිවි වාසී අප සැමගේ ප්‍රාර්ථ­නය වන්නේ එම ගිනි ජාලා හැකි ඉක්ම­නින් නිවී යේවා යන්නයි. මේ සිදු­වීම් සියල්ලේ කටුක අත්දැ­කීම් ප්‍රයෝ­ජ­න­යට ගන්නා පරි­සර හිත­කාමී ජන­තාව මුළු­ම­හත් මිනිස් වර්ග­යාට යෝජනා කර සිටින්නේ ඇවි­ලෙන ගිනි ජාලා මැදින් පෘථි­විය ආරක්ෂා කිරී­මට සිය­ලුම මිනි­සුන් අධි­ෂ්ඨාන කර ගත යුතු බවයි.

Comments