කාලෝ; වෛද්‍ය සිසුන් 60,000කටවත් උගන්වලා ඇති | Page 3 | සිළුමිණ

කාලෝ; වෛද්‍ය සිසුන් 60,000කටවත් උගන්වලා ඇති

ට කාලෝ එක්ක මුලින් කතා කරන්න අව­ස්ථාව ලැබුණේ අපි ඉගෙන ගත් කොළඹ වෛද්‍ය පීඨ­යේදී නෙවෙයි. කාලෝට MBBS විභා­ග­යට පළමු පන්තියේ උපා­ධි­යක් ලැබුණා. ඔහුගේ කණ්ඩා­ය­මෙන් කාලෝ­ටත් තවත් එක් අය­කු­ටත් විත­රයි පළමු පන්තියේ උපා­ධි­යක් ලැබුණේ. ඔහු කොළඹ වෛද්‍ය විද්‍යා­ලයේ සිටින කාලයේ නතර වෙලා හිටියේ වෛද්‍ය ශිෂ්‍ය­යන්ට තියෙන නේවා­සි­කා­ගා­රයේ. කොළඹ හත කේරි කොලේජ් එකට අල්ලපු තට්ටු තුන හත­රක් තියෙන ගොඩ­නැ­ගිල්ල තමයි ඒ නේවා­සි­කා­ගා­රය.

පළමු පන්තියේ උපා­ධි­යක් ලැබුණු නිසා ඒ කාලේ මහා­චාර්ය රාජ­සූ­රි­යගේ වාට්ටුවේ කාලෝට නේවා­සික අවු­රුද්ද ගත කර­න්නට ලැබුණා. ඒ වාට්ටුවේ නේවා­සික පුහු­ණුව ලැබීමේ අව­ස්ථාව ලැබෙන්නේ පළමු පන්තියේ උපා­ධි­යක් ලැබුණු කෙනෙකු විත­රයි. ඔහු නේවා­සික පුහු­ණුව ගත කරන අව­ස්ථා­වේදී තමයි මට කාලෝව මුලින්ම මුණ­ගැ­හුණේ. පළමු පන්තියේ උපා­ධි­යක් ලැබුණු කෙනෙකු අපි දෙවි කෙනෙක් හැටි­යට සල­කන්නේ. එදා මම ගිහින් එයාව මුණ ගැහිලා අතට අත දීලා සුබ ප්‍රාර්ථනා කළා.

මට වැඩිය අවු­රුදු තුනයි ඔහු ජ්‍යෙෂ්ඨ. ඔහු වෛද්‍ය පීඨයේ ඉන්න ඇති. නමුත් කා‍ලෝ ෆොන්සේකා කැපිලා පෙනුණේ නෑ. පළමු පන්තියේ උපා­ධි­යක් ලැබු­ණාම ඉතින් අප මුණ ගැහෙ­න්නම ඕනනේ ඒ උපා­ධිය ගත් කෙනාව‍.

කාලෝ මුලින්ම වැඩ කළේ බිංගි­රිය රජයේ රෝහලේ. එහි අවු­රුදු ගණ­නා­වක් සේවය කළා. ඔහුගේ පෙම්ව­තිය වුණු පර්ලි සමඟ ඔහු විවාහ වුණේ ඒ කාලෙදී. රෝහ­ල­කට සේවය කර­න­වාට වැඩිය ඔහුගේ කැමැත්ත තිබුණේ වෛද්‍ය පීඨ­ය­කට බැඳෙන්න කියන එක මගේ අද­හස. මොකද කාලෝ ෆොන්සේ­කයි මායි, අපි දෙන්නම අද­හපු චරි­ත­යක් තමයි මහා­චාර්ය සේනක බිබිලේ.

ආචාර්ය උපා­ධිය එඩි­න්බරෝ විශ්ව­වි­ද්‍යා­ල­යෙන්

ලෝකයේ තියෙන විශ්ව­වි­ද්‍යා­ව­ල­ව­ලින් ඉතාම පැරණි, ස්කොට්ල­න්තයේ එඩි­න්බරෝ විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය උපා­ධි­යක් කරන්න කාලෝට වරම් ලැබුණා. උපා­ධිය සම්පූර්ණ කර ශ්‍රී ලංකා­වට ආවාට පසු කොළඹ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චා­ර්ය­ව­ර­යෙකු ලෙස පත් වීම් ලැබුවා. මම MBBS උපා­ධිය ලබා­ගත්තේ 1962 වර්ෂයේ.

සමී­ප­ත­මයෝ

අප දෙන්නා­ටම තිබුණේ අධ්‍ය­යන කට­යුතු අංශ­යෙන් කට­යුතු කිරීමේ නැඹු­රු­වක්. උග­න්ව­න්නත් ලොකු ආශා­වක් අපට තිබුණා. 1969දී වෛද්‍ය පීඨයේ ජූනි­යර් ලෙක්ච­ර් කෙනෙකු හැටි­යට තේරී පත් වුණා. කාලෝයි මායි ඉතාම හොඳින් සමීප වුණේ ඒ කාලේ­දියි. ඒ කාලේදී කාලෝ මට බොහෝ දේ ඉගැ­න්නුවා. ඒවා වෙන කාට­වත් උග­න්වන්න බෑ. එයාට විත­රයි උග­න්වන්න පුළු­වන්. ඒකට හේතුව ඔහු ප්‍රායෝ­ගි­කව ඒවා දැන සිටීම.

වෛද්‍ය අධ්‍යා­ප­නය පිළි­බඳ සුවි­ශේෂි දැනු­මක් කාලෝට තිබුණා. වෛද්‍ය­ව­ර­යකු විදි­හට අප හැසි­රිය යුත්තේ කොහො­මද කියලා අපට කියලා දුන්නේ කාලෝ. ඒ නීති රීති ගැන පොත පත් තියෙ­නවා. නමුත් කාලෝ වෛද්‍ය වෘත්තීය ගැන එක වච­න­යක් කිව්හම එහි සිය­ල්ලම ගැබ්වෙලා තියෙ­නවා. යමක් කියලා දෙන විට හිතට කා වදින ලෙස කියා දෙන්නට ඔහුට පුදුම හැකි­යා­වක් තියෙ­නවා.

සම­හර දේශ­ක­යන් තම දේශ­න­වල පැමි­ණීම ලකුණු කර­නවා. කාලෝ ලකුණු කරන්නේ නෑ පැමි­ණීමේ ලේඛ­නය. සිසුන් ඔක්කොම ඔහුගේ දේශ­න­යට එනවා. සිසුන් කිසිම සද්ද­යක් නැතුව කාලෝගේ දේශ­නය අහ­ගෙන ඉන්නේ. ඔහුගේ දේශ­න­වල හාස්‍ය රස­යත් තියෙ­නවා.

ඉංග්‍රීසි සහ සිංහල ගුරු­ව­රයා

ඉංග්‍රීසි භාෂාව ඔහු මට ඉගැ­න්නුවා; මම ඉගෙන ගත්තේ රාජ­කීය විද්‍යා­ල­යෙන්. ඒ කාලෙත් අපි ඉංග්‍රීසි ටිකක් දන්නවා කියලා හිතා­ගෙන හිටියේ. නමුත් කාලෝ­ගෙන් ලැබුණු ඉංග්‍රීසි දැනුම බොහොම ශ්‍රේෂ්ඨයි. දේශන ශාලා­වක් දේශ­න­යක් දෙන්නේ කොහො­මද කියල ඉගැ­න්නුවා. දැනුම තිබු­ණාට ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ට තේරෙන භාෂා­වෙන් විග්‍රහ කිරීම, ඒ අයගේ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දීම සඳහා විශේෂ දක්ෂ­තා­වක් තියෙන්න ඕනෑ. මම කරන දේශ­න­ව­ලදී කාලෝ ශිෂ්‍ය ශිෂ්‍යා­වන් එක්ක වාඩි වෙනවා. මගේ දේශ­නයේ අඩු­පාඩු ලියා­ගෙන ඇවිත් ඒවා මට කියලා දෙනවා. සම­හර වේලා­වට ඔහු බොහොම සැරෙන් කිය­නවා. ඉතින් කේන්තිත් යනවා. දරා­ගෙන ඉන්නවා අපට වැඩිය ජ්‍යෙෂ්ඨ කෙනෙක් නිසා.

පුදුම වෙන්න එපා, ඉංග්‍රීසි භාෂාව වගේම මට සිංහල භාෂාව කියලා දුන්නෙත් එයා. මට ඒවා කියා දෙන්න පෙර ඒ භාෂා දෙකේම දැනුම තිබුණා. ඒත් විශේ­ෂ­ත්ව­යක් තිබුණේ නෑ. ඒ භාෂා හැසි­ර­වීමේ විශේ­ෂ­ත්වය ආවේ ඒ කාලෝගේ ඉගැ­න්වීම් නිසා. මම ලංකා­දීප පත්ත­රේට ලිය­නවා ඔබ දන්නවා. ඒ ලිවීමේ හැකි­යාව ලැබුණේ කාලෝ­ගෙන්. ඒවා සල්ලි දීල­වත් පොත­කි­න්වත් ලබා­ගන්න බැරි දේවල්.

ශිෂ්‍යන් 60000කට ඉගැන්වූ ගුරු­ව­ර­යෙක්

පශ්චාද් උපාධි වෛද්‍ය ආය­ත­නයේ (Institute of Postgraduate Medicine) ශිෂ්‍ය­ය­න්ටත් කාලෝ දේශන පැවැ­ත්වුවා. අවු­රුදු ගණ­නා­ව­කට පස්සේ මාත් ඔහුගේ ඒ ගමන් මඟ ගමන් කළා. පශ්චාද් උපා­ධි­ධා­රීන්ට කාලෝ ලබා දුන්නු සේවය වෙනු­වෙන් ගෞර­ව­නීය තන­තු­රක් ඔහුට පිදුවා. විභා­ග­යට වාඩි­වෙලා සමත් වෙන­වාට වඩා ඒ පිදුම් ලැබූ තන­තුර බොහොම ඉහ­ළයි. College of General Practitioners of Sri Lanka ආය­ත­න­යෙ­නුත් කාලෝට ගෞරව තන­තු­රක් හිමි වුණා. ඒවා සිය­ලු‍ ­දෙ­නා­ටම හිමි වෙන සම්මාන නෙවෙයි. කාල­යක් එම ආය­ත­න­ව­ලට කළ සේව­යට ගරු කිරී­මක් වශ­යෙන් ඒ තන­තුරු ලැබෙන්නේ.

කාලෝ අවු­රුදු හත­ළි­හක් තුළ ආසන්න වශ­යෙන් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යා­වන් 48,000කට උග­න්වලා තියෙ­නවා. ඊට වැඩි මිසක් අඩු නෑ. ඔහු උගන්වා තියෙන පශ්චාද් උපාධි ශිෂ්‍ය­යන් ගණ­නත් 12,000ක් විතර ඇති. ඒ අනුව ඔහු ශිෂ්‍යන් 60,000කට විතර උග­න්වලා ඇති.

1971 වස­රේදී මම පශ්චාද් උපා­ධිය ලබා­ගන්න එංග­ල­න්ත­යට ගියා. ඒ නිසා අවු­රුදු තුනක් විතර කාලො­ගෙන් ඈත් වුණා. ඒත් අපි ලියු­ම්ව­ලින් දිග­ටම සම්බන්ධ වෙලා හිටියේ.

විෂ­යන් කිහි­ප­යක්ම ගැනම කාලෝට තිබුණේ විශා­රද දැනු­මක්. ඒ විශා­රද දැනු­ම­ටත් වඩා වඩා ඔහුගේ හද­වත ඒ විෂ­ය­න්වල තිබුණා. ඔහුගේ සම්පූර්ණ පෞරු­ෂය දිහා බල­න­කොට මට පේන්න තිබුණු ලොකු දේ ඒක.

දේශ­පා­ලන වේදි­කාවේ පුදුම සහ­ගත කථි­කයා

සේනක බිබිලේ මහා­චා­ර්ය­ව­ර­යා­ගෙන් කාලෝ­ටත් මටත් ආභා­සය ලැබුණා. කාලෝ ෆොන්සේකා ලංකා සම සමාජ පක්ෂයේ පූර්ණ කාලීන සාමා­ජි­ය­ක­යෙක් විදි­හට කට­යුතු කළා. පක්ෂයේ මධ්‍යම කමි­ටු­වේත් ඡන්ද විම­සීම් කමි­ටු­වේත් සාමා­ජි­ක­ත්වය දැරුවා. ඔහු මිය යන තුරුම ලංකා සම සමාජ පක්ෂ­යට විශ්වා­ස­ව­න්තව හිටියා. අනෙක් අය වගේ පක්ෂ­යෙන් පක්ෂ­යට පැන්නේ නෑ. තමන්ට මත­යක් තිබුණා, ඒ මත­යට ගරු කරලා කට­යුතු කළා.

විජය කුමා­ර­තුංග මහතා චන්ද්‍රිකා කුමා­ර­තුංග මහ­ත්මිය සමඟ එකතු වෙලා ශ්‍රී ලංකා මහ­ජන පක්ෂය නිර්මා­ණය කළා. මමත් එහි සාමා­ජි­ක­ත්වය ගත්තා. විජය කුමා­ර­තුංග මැති­තු­මාගේ ඡන්ද රැස්වී­ම්ව­ලත් කතා කරලා තියෙ­නවා අපි. හොඳට මත­කයි මම කලෝයි මායි උතුරු මැද පළාතේ ඡන්ද රැස්වී­ම­කට ගියා. මගේ කාර් එකේ ගියේ. අපි එහි ප්‍රචා­රණ රැස්වී­ම්ව­ලදී දේශන පැවැ­ත්වුවා. ඡන්ද ගණන් කරන්න පටන් ගන්න­කොට අපි ගෙදර එන්න පිටත් වුණා. අපි ගෙදර එන­කොට අපි නියෝ­ජ­නය කරපු පාර්ශ්වය පැර­දිලා.

ලංකා සම සමාජ පක්ෂය හා කොමි­යු­නිස්ට් පක්ෂ­යත් එක්ක අපේ ලොකු මිත්‍ර­ත්ව­යක් තිබුණා. ඒ නිසා අපි ඒ අයගේ මීටි­න්ව­ලට යනවා. එයාලා අපේ මීටි­න්ව­ලට එනවා.

කාලෝගේ දේශ­පා­ලන කතාත් පුදු­මයි. රැස්වී­ම්වල මගේ කතාව ඉවර වුණාම යන්තම් අත්පු­ඩි­යක් වැදෙ­නවා. කාලෝගේ කතාව ඉවර වුණාම මිනිස්සු හිනා වෙනවා. අත්පුඩි ගහ­නවා විනාඩි දෙකක් තුනක්. ඉතින් අපි දන්නවා කවුද හොඳ­ටම කතා කළේ කියලා.

මත්ද්‍රව්‍ය හා දුම්වැටි පිළිබඳ ජාතික අධිකාරියෙහි පළමු වැනි සභා­ප­ති­ව­රයා ලෙස පත් වු‍ණෙත් කාලෝ. සෞඛ්‍ය අමා­ත්‍යං­ශ­යෙන් ඔහු පත් කළේ. අපේ රටේ මත්පැන් පානය සහ දුම්පා­නය වැළැ­ක්වී­මට කාලෝ කැප වීමෙන් වැඩ කළා. සෞඛ්‍ය අමා­ත්‍යංශ මඟි­නුත් කාලෝම පාස­ල්ව­ලට යම් යම් ආය­ත­න­ව­ලට ගිහින් දේශන පව­ත්ව­මින් විශාල සේව­යක් කළා. ඒ වගේම විශ්ව­වි­ද්‍යාල කොමි­සන් සභාවේ සාමා­ජි­ක­යෙකු විදි­හට අවු­රුදු ගණ­නා­වක් කට­යුතු කළා.

දවස් 10ක් ගිනි පෑගුවේ විශ්ව­වි­ද්‍යා­ල­යේදී

කාලෝ ඒබ්‍ර­හම් ටී. කෝවුර්ගේ යථා­ර්ථ­වාදී සංග­මයේ (Rationalist Association of Sri Lanka) ප්‍රමුඛ සාමා­ජි­ක­යෙක් වුණා. කාලෝ ෆොන්සේකා තමයි මාව යථා­ර්ථ­වා­දී­ත්වය Rationalism කියන වච­නයේ පරි­ස­මාප්ත අර්ථය වෙත යොමු කළේ. ඒ කිය­නනේ යථා­ර්ථ­වාදී වීමේ වැද­ග­ත්කම කියලා දුන්නේ කාලෝ. යථා­ර්ථ­වාදී අද­හ­සක් නැතුව කොයි තරම් වචන ප්‍රකාශ කර­න­වාද කියලා ඒ අද­හස තේරුම් ගත්තාට පසු­වයි මට තේරුණේ. ඒබ්‍ර­හම් කෝවුර්ගේ රැස්වීම් කිහි­ප­ය­ක­ටම මම කාලෝ එක්ක ගියා.

ගිනි­පෑ­ගීම හාස්ක­මක් නෙවෙයි කියලා පෙන්වන්න කට­යුතු කළේ කොළඹ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ දේශන ශාලාවේ. අපි එයට සහ­භාගී වුණා. කාලෝ කළේ ගිනි­පෑ­ගී­මට පාවිච්චි කරන දර මොන­වද කියලා හෙවීම. ඒ දරම මේ කට­යු­ත්තට යොදා ගත්තා. හරක් මස් කාලා ගිනි පෑගීම කළ නොහැකි බවත් මැණික් ගඟෙන් නෑමෙන් පසුව මේ කට­යුත්ත කළ යුතු බවත් විශ්වා­සය වුණේ. ඒ වගේම මත්පැන් පාන­යත් ගිනි­පෑ­ගීම කරන අයට තහ­නම් වුණු දෙයක්.

දේශන ශාලාවේ ගිනි­පෑ­ගීමේ වළ හැදුවා. එහි දර පිච්චුවා. උෂ්ණ­ත්වය මැන්නා. ගිනි පෑගී­මට සහ­භාගී වුණු අයට අරක්කු ටිකක් බොන්න දුන්නා. මස් කෑලි දෙක තුනක් කන්නත් දුන්නා. දැන් ඇවි­දින්න කීව­හම ඔවුන් ගිනි මත ඇවිද්දා. එක්කෙ­නෙ­කු­වත් පිච්චුණේ නෑ. ගිනි පෑගීම දවස් දහ­යක් දින­ප­තාම කළා. ඒ දින­වල වෛද්‍ය පීඨයේ ප්‍රද­ර්ශ­න­යක් තිබුණා. නර­ඹ­න්නන් ආවේ ප්‍රද­ර්ශ­නය බලන්න නෙවෙයි ගිනි­පෑ­ගීම බල­නන්යි. මාධ්‍ය­යෙන් ඇවිත් හිටියා. බීබීසී එකෙන් වැඩ­ස­ට­හ­නක් කළා. නාලා ගිනි­පෑ­ගීම කරන්නේ. වතුර පිටින් යන්නේ. අනෙක ඇවි­දින්නේ එක්තරා ක්‍රම­ය­කට. විද්‍යා­ත්මක ඒ තත්ත්වය කාලෝ පෙන්නුවා. ගිනි­පෑ­ගීම පෙන්වී­මට විරු­ද්ධව විශාල විරෝ­ධ­යක් ආවා. දුර­ක­ත­න­යෙන් කාලෝට බැන්නා.

කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ පීඨා­ධි­පති ලෙස වසර ගණ­නා­වක් කට­යුතු කළා. එදා උතුරු කොළඹ පෞද්ග­ලික වෛද්‍ය විද්‍යා­ලය සම්බ­න්ධ­යෙන් නීති­මය ගැටුම් තිබුණා. ඒ ගැටුම් සම­ථ­ය­කට පත් කළා. ප්‍රථම වරට ඒ වෛද්‍ය පීඨයේ පීඨා­ධි­ප­ති­ව­රයා ලෙස පත්වීම් ලැබුවේ කාලෝ ෆොන්සේකා. ඒ කාලයේ වෛද්‍ය අධ්‍යා­ප­නය සම්බ­න්ධව විශාල කල­බ­ල­යත් තිබුණා. නමුත් කාලෝට පුළු­වන් වුණා සාර්ථක විදි­හට ඒ ගැටුම් විස­ඳන්න. කාගේ­වත් පැති­ගන්නේ නැතුව සාධා­රණ විදි­හට කාලෝ ඒ ගැටුම විස­ඳුවේ.

මත ගැටුණු එකම තැන

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යා­ලය පිළි­බඳ කාලෝ­ට­වත් මට­වත් කිසි­සේ­තම සෑහී­ම­කට පත් වෙන්න බැරි වුණේ ඒ කාලේදී වෛද්‍ය ශිෂ්‍යන්, වෛද්‍ය­ව­රුන්, විශාල පිරි­සක් ඒ පෞද්ග­ලික වෛද්‍ය විද්‍යා­ල­යට විරුද්ධ වුණා. සයි­ටම් ප්‍රශ්නය මතු වුණු කාලයේ මම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමා­ජි­ක­යෙක් . සයි­ටම් එක ගැන කාලෝට තිබුණු අද­හස් එක්ක මම එකඟ වුණේ නෑ. අපේම රටේ ළම­යින් ගැනයි මම කතා කළේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමා­ජි­ක­යන් සියලු දෙනා ඉදි­රියේ මම එය ප්‍රකාශ කළා. අපි දෙන්නාගේ අද­හ­ස්වල විරු­ද්ධ­තා­වක් තිබුණේ සයි­ටම් ප්‍රශ්න­යේදී පම­ණයි.

වෛද්‍ය සභාවේ තීන්දුව වුණේ සයි­ටම් අහෝසි කිරී­මයි. දැන් සයි­ටම් ප්‍රශ්නය පිළි­බඳ ගොනු කළ නඩු තුනෙන්ම තීන්දු­ව­ලින් පේන්නට තියෙන්නේ මම හිටපු මතය හරි කියලා.

මඟුල් ගෙද­රක නැතු­වම බැරි සිංදුව

කාලෝ සෞන්ද­ර්ය­වා­දි­යෙක්. කලා­වට ළැදියි. ඔහු මත­කයේ රැඳිලා තියෙන ගීත ලියලා තියෙන හැටි බලන්න. රත්තරං දුවේ ගීතය වාද­නය නොවන අද සිංහල මඟු‍ල් ගෙයක් නැති තරම්නේ. රුදුරු තුරු වදුලේ... වැනි කාලෝ ලියූ ගීත සිය­ල්ලම හැඟී­ම්ව­ලින් පිරිලා. ඔහු ඒ සඳහා පුහු­ණුව ලබලා නෑ.

කාලෝ තරම් බහු­ශ්‍රැ­ත­යෙකු මම වෙන දැකලා නෑ. ඔහුගේ මර­ණය අපේ රටට සිදු වුණු ලොකු අඩු­පා­ඩු­වක්. මර­ණය කාටත් පොදුයි. ඒක වළ­ක්වන්න බෑ. ඒත් ශ්‍රී ලංකා­වට සම්ප­තක් අහිමි වෙලා තියෙ­නවා. ඒ වගේ විවිධ විෂ­යන් පිළි­බඳ පරි­ණත වුණු තවත් පුද්ග­ල­යෙ­කුගේ නමක් මට මතක් වෙන්නේ නැති තරම්.

ඡායා­රූප- චින්තක කුමා­ර­සිංහ

 

Comments