නිද­හස් අධ්‍යා­ප­නය රැක­ගන්න එකතුකරන මුදල් නව­ක­ව­ධ­යට | සිළුමිණ

නිද­හස් අධ්‍යා­ප­නය රැක­ගන්න එකතුකරන මුදල් නව­ක­ව­ධ­යට

පි ඔහු සුජීව නමින් හඳු­න්වමු. සුජී­වද අමා­නු­ෂික ම්ලේච්ඡ සර­සවි නව­ක­ව­ධ­යට ගොදුරු වූ වෙකි. ඒ අතී­තය ඔහුට හොඳින්ම මත­කය. ඔහු එදත් අදත් මේ ම්ලේච්ඡ­ත්වය දැඩිව ප්‍රති­ක්ෂේප කරන්නේ නව­ක­යන්ට අනු­කම්පා කර­මින් සහ වධ­ක­යන්ට සිය දහස් වරක් සාප කර­මිනි. පසු­ගිය දිනක ඔහු සිළු­මිණ කර්තෘ මණ්ඩ­ල­යට පැමි­ණෙන්නේ වර්ත­මා­නයේ සිදු වන නව­ක­වධ සිදු වීමක් පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය කර­න්නය.

 

ඔහු 2013 වසරේ දී සෞන්ද­ර්යා­ත්මක සමාජ හිත­වා­දීන් බිහි කරන කොළ­ඹට ආසන්න විශ්ව­වි­ද්‍යා­ල­ය­කට ඇතුළු වීමට වරම් ලබයි.

“එදා අපේ බැච් එකේ 100ක් පමණ හිටියා. ගැහැනු 50යි. පිරිමි 50යි. පිරිමි හොස්ටල් එකේ 35ක් විතර නැවතී හිටියා. හැම දින­කම අපි ලෙක්චර්ස් යන්න කලින් උදේ 6 සිට 9 වෙන­කම් ඇති වෙන්න රැග් වෙනවා. ඊට පස්සේ දේශ­න­ව­ලට යනවා. ආයිත් ලෙක්චර්ස් ඉවර වුණාම කාල­ස­ට­හ­න­කට වගේ රැග් වෙනවා. කැම්පස් එක ඇතුළේ රැග් කර­නවා නම් හැම වේලා­වෙම ගෙනි­යන්නේ පස් වැනි තට්ටුවේ තියෙන විවෘත තැන­කට. කොහේ හිටි­යත් රෑ 10 වෙද්දි අපි කැම්පස් හොස්ටල් එකට යා යුතුයි. කැම්පස් හොස්ටල් එකට ගියාට පස්සේ එළි­වෙන තුරුම හොස්ටල් එකේ වධ විඳි­නවා. අපි ඒ රැග් එක විඳ­ගෙන ඉගෙ­න­ගෙන අවුට් වුණා.

2015 වසරේ හොස්ටල් එක දෙහි­වල ප්‍රදේ­ශය ආසන්න තැන­කට ගෙනිච්චා. කියන්න කන­ගා­ටුයි. අද­ටත් මේ හොස්ටල් එක වධ­කා­ගා­ර­යක්“ ඔහු පව­සා­ගෙන යයි.

අද මේ තරු­ණයා විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය ලබ­න්නෙක් නොවේ. එහෙත් ඔහු දෙහි­වල නේවා­සි­කා­ගා­රයේ නව­ක­වධ සිදු වීම් අනා­ව­ර­ණය කරන්නේ සියලු සාක්කි සාධ­කද ඇති­වය.

“පීඨ තුනේ වසර හත­රෙම ළමයි දෙහි­වල ඉන්නවා. වෙනත් නේවා­සි­කා­ගා­ර­වල ඉන්න පළමු වසර ළමයි රැග් කරන්න දෙහි­ව­ලට ගෙන්න ගන්නවා.

අලුත් බැච් එකක් එන්න කලින්, කලින් වසරේ බැච් එකේ ළමයි නාට්‍ය රස­වි­න්ද­නය, චිත්‍ර­පට විචා­රය වගේ විවිධ වැඩ­ස­ට­හන් ඇතු­ළත් කර දින හැටක ප්‍රපෝ­සල් එකක් හදන්න ඕනෑ. ඒක හදන්නේ ඕනෑ පළමු වසර ළම­යින්ට අත්‍ය­වශ්‍ය වැඩ­දායි ප්‍රපෝ­සල් එකක් කියලා බලන කෙනෙ­කුට තේරුම් යන විදි­යට. එයට අනු­මැ­තිය ගන්නේ පීඨා­ධි­ප­තිට යොමු කරලා. හොඳ ප්‍රපෝ­සල් එකක් නිසා කව­දා­වත් රිජෙක්ට් වෙන්නේ නැහැ.

ඊට පස්සේ ක්‍රියා­ත්මක කරන්න සල්ලි හොයන්න ඕනෑ. සල්ලි හොයන්න දෙවැනි වසර අයට කැට දෙනවා, බස්වල පාරේ ගිහින් හිඟා­කාලා සල්ලි හොය­පන් කියලා. ‘නිද­හස් අධ්‍යා­ප­නය රැක ගැනීමේ ව්‍යාපා­ර­යට අර­මු­දල්‘ වගේ සටන් පාඨ­ව­ලින් තමයි මේ මුදල් එකතු කිරීම් කරන්නේ. ඒ වගේ අර­මු­ණ­කින් සල්ලි එකතු කරන කොට කවුරු වුණත් කැට­යට කීයක් හරි දානවා. ඒ කැට­ව­ලට දව­ස­කට රුපි­යල් 80,000ක් 90,000ක් වගේ මුද­ලක් එකතු වෙනවා. කැට­ව­ලට මුදල් එකතු කරන ළමයි බස්ව­ලට නැඟිය යුත්තේ ජ්‍යෙෂ්ඨ­යන් නම් කරන මාර්ග­වල පම­ණයි....“

එසේ එකතු කරන සියලු මුදල් යැවෙන්නේ විශ්ව­වි­ද්‍යාල පීඨ ශිෂ්‍ය සංග­ම­ය­ටය. එයින් අන්ත­ර­යට යැවෙන්නේ සිය­යට 10ක් වැනි සුළු ප්‍රමා­ණ­යකි.

“නව­ක­යන් විශ්ව­වි­ද්‍යා­ල­යට එන්නට පෙර දෙවැනි වසර අය විවිධ කණ්ඩා­ය­ම්ව­ලට බෙද­නවා. ඒ විවිධ හැකියා අනුව. ප්‍රිය­ම­නාප අය ළම­යින් පිළි­ගන්න යොද­ව­නවා. කතා කරන්න හැකි පිරි­සක් කතා­වෙන් ළම­යින් අල්ලා­ගන්න යොද­ව­නවා. තව කොට­සක් සිකි­යු­රි­ටි­ව­ලට දානවා. තව කොට­සක් වෛද්‍ය ප්‍රථ­මා­ධා­ර­ව­ලට. ඒ රැග් එක දෙද්දි අස­නීප වුණාම ප්‍රති­කාර කරන්න.

ඒ අතර විශේෂ කණ්ඩා­ය­මක් ඉන්නවා. ඒ අය කාට­වත් පෙනෙන්න නොසි­ටින එනම් හැංගුණු පිරි­සක්. ඒ තමයි නව­ක­වධ දෙන පිරිස. ඒ කණ්ඩා­යම නව­ක­යන් පැමිණි විට එළි­යට එන්නේ නැහැ. සති­යක් දෙකක් කිසිම කෙනෙ­කුට නොපෙ­නෙන්න හැංගිලා ඉන්නවා. නව­ක­යන් ආවට පසු ඔවුන්ගේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කර­නවා. කතා කරන්න පුළු­වන් අය ශිෂ්‍ය ව්‍යාපාර, නිද­හස් අධ්‍යා­ප­නය, ශිෂ්‍ය වීර­යන් වගේ අය ගැන දේශන කර­නවා. එහෙම කර­ගෙන යද්දි ජ්‍යෙෂ්ඨ­යන් නව­ක­යන්ගේ පොඩි පොඩි වැරදි අල්ල­ග­න්නවා. අල්ල­ගෙන ගහ­නවා, කොණ්ඩ කප­නවා. එහෙම කරලා යටත් කර­ග­න්නවා.

ඊට පස්සේ තමයි ටිකෙන් ටික නව­ක­වධ දෙන තැන්ව­ලට ගෙනි­යන්නේ. පස්වැනි තට්ටුවේ ‘ටෙරා‘ එකට තමයි වධ දෙන්න ගෙනි­යන්නේ. සම­හර විට තට්ටු පහම පඩි­ව­ලින් නඟින්න දෙන්නේ නැහැ.

තට්ටු පහම තට්ට­ම්ව­ලින් රූටන්න ඕන. හාෆ් ස්කොට් ඉරි­ය­ව්වේන් ඉන්න කිය­නවා. ඒ වේලා­වට සම­හර අය කකුල් පණ නැතිව ඇඳ­ගෙන වැටෙ­නවා......“

මේ අමා­නු­ෂික වධයේ තවත් අදි­ය­රක් ක්‍රියා­ත්මක වන්නේ වධ­කා­ගා­ර­යක් වැනි වූ සර­සවි නේවා­සි­කා­ගා­ර­යෙනි.

“හරි­ය­ටම රෑ 10 වෙන­කොට කාම­ර­ව­ලින් වධ දෙන්න ළම­යින් අර­ග­න්නවා. ඒ සඳහා රෑ 10න් පස්සේ හොස්ටල් එක ඇතු­ළෙත්, හොස්ටල් එක පිට­තත් ශිෂ්‍ය සිකි­යු­රිටි අංශ­යෙන් සිකි­යු­රිටි දානවා. නේවා­සි­කා­ගා­රය පිහිටි ස්ථාන­යට ආස­න්නයේ ඇති පොලි­සිය ළඟ සිට වධ දෙන කාම­රය දක්වා මේ සිකි­යු­රිටි එක තැනින් තැන ඉන්නවා.

ඒ අය සියලු දෙනා සම්බන්ධ වෙන්නේ වට්ස් ඇප් ගෘප් එකක් මාර්ග­යෙන්. සැක පිරිස් වගේම සැක සහිත වාහන ආවොත් ක්ෂණ­ය­කින් මේ අය දැන ගන්නවා. මේ සිකි­යු­රිටි එක රෑ 10 සිට එළි වන තුරු ක්‍රියා­ත්ම­කයි.

වධ දෙන කාම­ර­ව­ලට ළම­යින් ඇතුළු වුණාට පසුව මුලින්ම නම් ගම් අහන්න පටන් ගන්නවා. ඉන් පස්සේ කාම­ර­ය­කට අර­ගෙන නිරු­වත් කරලා වද දෙන්න පටන් ගන්නවා. ලිංගික ප්‍රදේ­ශයේ රෝම කපලා මිටි­යක් බැඳලා ඒ අය­ගේම බෙල්ලේ එල්ල­නවා. එළි වන තුරුම එහෙම නිරු­ව­තින් තියා­ගෙන වධ දෙනවා. සම­හර ළම­යින්ට තුවාල වෙනවා. පාන්දර වෙද්දි සම­හර ළමයි කලන්තේ දාලා වැටෙ­නවා. පච්චා කොට­නවා කියා රත්වූ කම්බි­යක් අර­ගෙන නව­ක­යන් බය කර­නවා.

අපි රැග් වෙනවා වගේම රැග් කර­ව­න්නත් ඕනෑ. එහෙම කරන්නේ ජ්‍යෙෂ්ඨ­යන්ගේ ගැල­වි­ල්ලට. අපිත් රැග් කළාම වර­දක් කළා කියන හැඟීම අපිට එනවා. ඒ නිසා විස්තර පිටට දෙන්න අපිත් මැළි­වෙ­නවා. විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පිට වුණු අයත් කැම්පස් එකට එනවා. ඒ අයත් මේවාට හවුල්. වධ ­දීම් ඉවර වෙන දව­සට අරක්කු බෝතල් 50-60ක්, ගංජා, මදන මෝදක වගේ ජාති ගේනවා. ඒවාට විය­දම් කරන්නේ කැට­ව­ලින් එකතු කර­ගත් මුදල්. “

මේ තරු­ණයා පව­සන්නේ එ් සිදු වීම් ඒ ආකා­ර­යෙන්ම ආදාළ විශ්ව­වි­ද්‍යා­ලය තුළත් එහි පිරිමි හා කාන්තා නේවා­සි­කා­ගා­ර­ව­ලත් ක්‍රියා­ත්මක වන බවයි. එහෙත් ඒවා සොය­න්නට බල­න්නට විශ්ව­වි­ද්‍යාල බල­ධා­රීන්ට අව­ශ්‍ය­තා­වක් නැති බව ඔහු පව­සයි.

දණ්ඩ නීති සංග්‍ර­හ­යට ප්‍රකා­රව එසේ කායික හා ලිංගික වද හිංසා සිදු කිරීම ඇප ලබා­ගත නොහැකි දඩු­ව­මක් වෙයි. 1996 දි පේරා­දෙණි විශ්ව­වි­ද්‍යා­ලයේ ඉංජි­නේරු අංශයේ සිසු­වෙකු වූ වාර­ප්‍ර­කාශ් මිය යන්නේ නව­ක­වධ හා දැඩි කායික වධ­හිං­සා­වල අතුරු පල­යක් වශ­යෙනි. 1998 දී අංක 20 දරණ අධ්‍යා­පන ආය­තනවල නව­ක­ව­ධය හා වෙනත් ස්වරූ­පයේ සාහ­සික ක්‍රියා තහ­නම් කිරීමේ පනත හෙවත් නව­ක­වධ විරෝධි පනත ගෙන එන්නේ ඒ සිසු­වාට වූ සාහ­සික අප­රා­ධය තව­කෙ­කුට සිදු නොව­න්න­ටය.

විශ්ව­වි­ද්‍යාල සිසුවෝ ද රටේ පුර­වැ­සි­යෝය. සිය ම්ලේච්ඡ ආසා ඉෂ්ට සිද්ධ කර­ගැ­නී­මට නව­ක­යන් මෙසේ වද හිංසා­වට ලක් කිරීම නව­ක­වධ පනත යටතේ වසර 20ක් දක්වා දඬු­වම් විඳි­න්නට සිදු වන වර­දක් බව අව­බෝධ කර­ගත යුතුය. එම නීතිය අකු­ර­ටම ක්‍රියා­ත්මක වන දිනය අත ළඟය.

1998 දී අංක 20 දරණ අධ්‍යා­පන ආය­ත­න­වල නව­ක­ව­ධය හා වෙනත් ස්වරූ­පයේ සාහ­සික ක්‍රියා තහ­නම් කිරීමේ එම පන­තට අනුව, යම් ජ්‍යෙෂ්ඨ සිසු­වෙකු විසින් යම් අයෙකු හෝ පිරි­සක් හිංස­ාවට ලක් කිරීම, ලිංගික අඩ­ම්තේ­ට්ටම් හෝ බර­ප­තළ හිංස­න­ සිදු කිරීම හෝ සිදු කිරී­මට තැත් කිරීම වැනි වධ හිංසා සංඥේය වැරැ­ද්දක් වෙයි.

ඒ අනුව නව­ක­වධ දෙන්නන් දුටු තැන අත්අ­ඩං­ගු­වට ගත හැකිය. යම් අයෙකු නව­ක­වධ හිංසා­වක් කරනු හෝ ලිංගික අඩ­න්තේ­ට්ටම් කරනු දුටු­ව­හොත් ඔහු හෝ ඇය අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිය. තම බල­සී­මාවේ සිදු කරන නව­ක­වධ හිංස­න­යක් වාර්තා වුව­හොත් උසාවි වරෙ­න්තු­ව­කින් තොරව අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඕනෑම පොලිස් නිල­ධා­රි­ය­කුට බලය තිබේ. සර­ස­විය අරක් ගත් එවන් භූමි­ය­කට මෙවැනි දැඩි නීති ඇතු­ළත් වූයේ සහ­සික ක්‍රියා කරන සුළු පිරි­ස­කගේ නොම­නා­කම් නිසා­මය.

සිළු­මි­ණට පැමිණි සුජී­වගේ බලා­පො­රො­ත්තු­වද එයයි. යම් දිනක මේ විශ්ව­වි­ද්‍යා­ලයේ පව­තින වධ­කා­ගා­රයේ ඇත්ත ඇති සැටි­යෙන් මාධ්‍ය හමුවේ හෙළි­ද­රව් කිරී­ම­ටද ඔහු සූදා­න­මින් සිටී.

Comments