සහෝ­ද­ර­යාගේ දරු­වන් ඉදි­රියේ දණින් වැටී භූතා­ත්මය අඬා වැල­පෙයි | Page 2 | සිළුමිණ

සහෝ­ද­ර­යාගේ දරු­වන් ඉදි­රියේ දණින් වැටී භූතා­ත්මය අඬා වැල­පෙයි

 

මිත්‍යා දෘෂ්ටිය, විෂම ලෝභය හා අසී­මිත තණ්හාව මිනිසා නොමි­නි­සෙක් බවට පත් කරයි. මිත්‍යා දෘෂ්ටි­යෙන් අන්ධ වූ පෘත­ග්ජ­න­යාට ආස්වාද‍යේ ආදී­න­වය නොපෙ­නෙයි. ඒ නිසා ඔහුට කරන කලට පව් මී සේ මීරි වෙයි. විඳින කලට දුක් ගිනි සේ දැඩි වෙයි. සම­හර අප­රා­ධ­කා­රයෝ නිල­බ­ලය හා ධන බලය නිසා මෙලොව දඬු­ව­මින් නිද­හස් වෙති. සම­හරු හිර ගෙදර සිටි­යත් සැප විඳිති. එහෙත් ධර්ම­තාව විසින් දෙනු ලබන දඬු­ව­මින් නම් නිද­හස් විය නොහැ­කිය. අපායේ මිනි­ත්තු­වක් විඳින දඬු­වම හිර­ගෙ­දර වස­රක් විඳින දඬු­ව­මට වඩා දරු­ණුය.

පිළි­ය­න්දල චමින්ද හත­ළිස් හැවි­රිදි ව්‍යාපා­රි­ක­යෙකි. තිස් පස් හැවි­රිදි බිරිය සුනිලා බැංකු නිල­ධා­රි­නි­යකි. මේ දෙදෙනා දෙදරු මවු­පි­යෝය. දැනට වසර දෙකක පමණ කාල­යක සිට චමින්ද රතු රුධි­රාණු හීන­තා­ව­යෙන් පෙළෙයි. ශරී­රය කෘශ වී ඇත. ඇවි­දින්නේ ඉතා අප­හ­සු­වෙනි. කල්පනා ශක්තිය ද අඩු වී ඇත. දැන් ඔහු රැකි­යාවේ යෙදෙන්නේ ද නැත. නිවසේ අසා­මාන්‍ය සද්ද බද්ද ඇහෙ­න්නට විය. ඡායා­වක් නිවසේ එහා මෙහා ගමන් කරන අයුරු නිවැ­සි­යන්ට පෙනෙ­න්නට වූ අතර ඒ වේලා­වට මහා දුර්ග­න්ධ­යක් පැති­රෙ­න්නට විය. ශාරී­රික ආබා­ධ­ව­ලට වෛද්‍ය ප්‍රති­කාර ගත්තත් සුව­යක් ලැබී නැත. නිවසේ පව­තින අසා­මා­න්‍ය­තා­ව­ලට වත්පි­ළි­වෙත් කළත් එයින් ද සහ­න­යක් ලැබී නැත.

“සිළු­මිණ” පියවි ඇසින් ඔබ්බට විශේ­ෂාං­ගය දිනක් කියවා මේ යුවළ ඇතු­ල්කෝට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ්‍ය­ස්ථා­නය සොයා ගියහ. එහිදී ආධ්‍යා­ත්මීය උප­දේ­ශ­ක­ව­ර­යාගේ රෝග පරී­ක්ෂා­වේදී චමින්ද පැදෙ­න්නට විය. ඔහුට අම­නුෂ්‍ය දෝෂ­යක් ඇතැයි නිග­ම­නය කළ ගවේ­ෂ­ක­ව­රයා ද දින විසි එකක් ගමේ පන්ස­ලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඊට අවශ්‍ය උපෙ­දස් දුන්නේය.

බෝධි පූජා අව­සන් කොට නැවත පැමිණි දිනයේ චමි­න්දට භූතා­ත්ම­යක් දිෂ්ටි ගැන්වී අඬ­න්නට වූයේය. භූතා­ත්මය කතා කර­න්නට උත්සාහ කළත් මුවින් වචන පිට වූයේ නැත. මෙසේ ප්‍රති­කාර සඳහා පැමිණි සත­ර­වැනි දිනයේ භූතා­ත්මය කතා කර­න්නට වූ අතර ගවේ­ෂ­ක­ව­රයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

“කවුද මේ ශරී­ර­යට ඇතු­ළු­වෙලා ඉන්නේ?” යි ඇසීය.

“මම විල්සන්” යැයි භූතා­ත්මය කීවේය.

“කවුද විල්සන් කියන්නේ?”

“මේ චමි­න්දගේ තාත්තා” යි කී සැණින් භූතා­ත්ම­යට යළිත් කතා කැර ගන්නට නොහැකි විය. සද්දය පිට නොවී භූතයා අඬ­න්නට විය.

තාත්තා සිහි­පත් කොට තාත්තා නමින් දින හතක් හිඟ­න්නන් හත් දෙනෙ­කුට කෑම පාර්සල් පිරි නමා හැන්දෑ­වට බෝධි පූජා පවත්වා සියලු ලෝක සියලු සත්ත්ව­යන්ට පින් අනු­මෝ­දන් කොට පියාට ද පින් දී නැවත එන්නැයි නියම කළේය.

ඊළ­ඟට පැමිණි දිනයේ ප්‍රේතයා කතා කර­න්නට විය. ගවේ­ෂ­ක­ව­රයා ප්‍රශ්න කළේය.

“ඇයි මේ පුතාට කර­දර කරන්නේ?”

“මම කර­දර කරන්නෙ නැහැ. මගෙන් ලොකු වර­දක්. අසා­ධා­ර­ණ­යක් සිද්ධ වුණා. මා කළ වර­දට දැන් දැවෙ­නවා. තැවි තැවී දැවෙ­නවා. ඒ වරද නිව­රද කර­ග­න්නයි මා ඇවිත් ඉන්නේ?”

“මහ­ත්මයා මම තරුණ කාලෙ අයි­යයි මමයි එකට ව්‍යාපාර කළා. අයියා හිටි හැටියෙ මළා. අයි­යගේ දේපළ මට අයිති වන විදි­හට මම ‍හොර ඔප්පු­වක් ලියා ගත්තා. ලොකු දේප­ළක්. බේක­රි­යක්. ගල් කොරි­යක්. වාහන ඉඩ­ක­ඩම් හැම දෙයක් ම මා නමට හොර ඔප්පු­වෙන් ලියා ගත්තා. අයි­යගෙ නෝනයි දරු දෙන්නයි මේ ගැන දන්නෙ නෑ. ඔය අතරෙ අයි­යගේ නෝනත් මළා. අයි­ය‍ෙග නෝනා මා එක්ක සම්බ­න්ධ­යක් තිබුණා. මම එයාට වස දීලා මැරුවා. අසී­මිත තණ්හාව නිසා. අම්මා මැරු­ණම ඒ දරුවෝ දෙන්නා හැදුණේ අපේ අම්මා ළඟ. මම කරපු වංචාව, අප­රා­ධය, ළමයි දෙන්නා දන්නේ නැහැ. මම කළ අසා­ධා­ර­ණය ගැන දැන් දැවෙ­නවා. තැවෙ­නවා.”

චමින්ද පියවි සිහි­යට පත් කළ ගවේ­ෂ­ක­ව­රයා භූතා­ත්මය පැවසූ දේ පිළි­බඳ විම­සීය. මේ පිළි­බඳ විස්තර දන්නේ ලොකු අක්කා බවත් සියලු ව්‍යාපාර පාල­නය කරන්නේ ලොකු අක්කා බවත් සෑම මාස­යක් අව­සා­නයේ චමි­න්ද­ටත් පොඩි අක්කා­ටත් ලාබ­යෙන් කොට­සක් බෙදා දෙන බවත් චමින්ද කීවේය.

එසේ නම් තවත් සති­ය­කින් ‍අක්කලා දෙන්නාත් කැඳ­වා­ගෙන එන්නැයි උප­දෙස් දුන්නේය. “ඔය හොර කට්ටාඩි හමු­වෙන්න මට ඕනෑ කමක් නැහැ” යි ලොකු අක්කා පැමි­ණීම ප්‍රති­ක්ෂේප කළාය.

ඊළ­ඟට පැමිණි දි‍නයේ දිෂ්ටි වූ භූතා­ත්මය අමතා ගවේ­ෂ­ක­ව­රයා කරුණු පැහැ­දිලි කළේය.

“විල්සන් කරපු අප­රා­ධ­ව­ලට මට කරන්න දෙයක් නෑ. ලොකු දුව එන්නේ නැත්නම් ඔබ ප්‍රේතා­ත්ම­යෙන් මුද­වන්න මට බැහැ. කරපු වැර­දි­ව­ලට විඳ­වන එකයි තියෙන්නේ. මම චමි­න්දට ආර­ක්ෂා­වක් යොද­නවා” යැයි චමි­න්දගේ ආර­ක්ෂාව සඳහා පිළි­වෙත් නියම කළේය.

එයින් කෝප­යට පත්ප්‍රේ­තයා රාත්‍රි ලොකු දුවගේ බෙල්ල මිරි­ක­න්නට විය. නිදි නොලබා බියට පත්වූ ඇය චමින්ද සමඟ ගවේ­ෂ­ක­ව­රයා සොයා ගෙන ආවාය.

තාත්තා කළ අප­රා­ධ­ව­ලට දැන් අපා­ග­තව දුක් විඳින තාත්තාගේ ප්‍රේතා­ත්ම­යට යම් හෝ සහ­න­යක් ලබා දෙන්නට දරු­වන් කට­යුතු කළ යුතු බවත් මහ­ප්පාගේ දේපළ අසා­ධා­ර­ණව අයිති කැර­ගෙන භුක්ති විඳීමේ විපාක දරු­වන්ට ද විඳි­න්නට නියම වී ඇති බවත් ගවේ­ෂ­ක­ව­රයා පැහැ­දිලි කරන විට භූතා­ත්මය චමි­න්දට ආවිෂ්ට වී කතා කර­න්නට විය.

“ඔව් ඔව් මම කරපු වැරදි ඔක්කොම මේ ලොකු එකී දන්නවා. මෙයා තමයි දැන් ඒ දේපළ පාල­නය කරන්නේ. මගේ අයි­යගේ ළමයි දෙන්නට මේකි සල­කන්නේ නෑ. අනේ මහ­ත්තයා මට සැන­සි­ල්ලක් නෑ. දැවෙ­නවා. දැවෙ­නවා” යි අඬ­න්නට විය.

මිය ගිය මහ­ප්පාගේ දරු­වන්ට ඒ බව විස්තර කොට තවත් සති­ය­කින් ඔවුන් දෙදෙ­නාත් මේ පවුලේ අයත් පැමි­ණෙ­න්නැයි නියම කළේය.

ඊළ­ඟට ඔවුන් පැමිණි දිනයේ විල්සන්ගේ ප්‍රේතා­ත්මය සහෝ­ද­ර­යාගේ දරු දෙදෙනා ළඟ වැඳ වැටී “අනේ පුතේ මට සමාව දෙන්නැ” යි ඇව­ටිලි කර­න්නට විය.

සිදුවී ඇති අසා­ධා­ර­ණය පිළි­ගෙන පවුලේ සහෝ­ද­රි­යන් දෙදෙනා සමඟ තීර­ණ­යක් ගෙන මහ­ප්පාගේ දරු­වන් දෙදෙ­නාට සාධා­ර­ණ­යක් කර­න්නැයි ගවේ­ෂ­ක­ව­රයා චමි­න්දට උප­දෙස් දුන්නේය.

“ඔව් ඔව් සාධා­ර­ණය ඉටු කර­පල්ලා. මට දුක් විඳින්න බෑ. මේ විපා­ක­යෙන් මාව මුදා පල්ලා. නැත්නම් මම උඹ­ලා­ගෙන් පළි­ග­න්නවා” යැයි ප්‍රේතයා චමි­න්දට ආවිෂ්ට වී කෑ ගස­න්නට විය.

ඒ අනුව ආදා­යම පහට බෙදා එයින් කොටස් දෙකක් මහ­ප්පාගේ දරු­වන් දෙදෙ­නාට දෙන බවට ලොකු අක්කාත්, පොඩි අක්කාත්, මල්ලීත් එකඟ විය.

පවුල් දෙකේ ම සහෝ­දර සහෝ­ද­රි­යන් පස් දෙනාම එකතු වී සාංඝික දාන­යක් පිරි­නමා තාත්තා­ටත්, මහ­ප්පා­ටත්, ලොකු අම්මා­ටත් සංසාර ගත සියලු ඥාති මිත්‍රා­දී­න්ටත් පින් අනු­මෝ­දන් කැර නැවත එන්නැයි ගවේ­ෂ­ක­ව­රයා උප­දෙස් දුන්නේය.

පවුල් දෙකේ ඥාතීන් එක් වී සාංඝික දානය පිරි­නමා පින් අනු‍මෝ­දන් කොට නැවත පැමි­ණි­යහ. එදින ප්‍රේතා­ත්මය පල­තුරු වට්ටි­ය­කට සම්බන්ධ කොට ඔවුන් අතම අනු­රා­ධ­පු­ර­යට යැවීය.

Comments