ගමේ කුස්සිය කොළ­ඹට ගෙනා හිල්ටන් curry leaf | සිළුමිණ

ගමේ කුස්සිය කොළ­ඹට ගෙනා හිල්ටන් curry leaf

කොළඹ අහසෙ තරු පිරිලා.

ඒත් ඇස් ඉස්ස­රහා මේ තෙලේ පැහෙන කැවුම් සුවඳ උහු­ලා­ගෙන ඒ තරු දිහා විත­රක් බලා ඉන්න කාටද පුළු­වන්...

ප්‍රධාන සුප­වේදී අමිල බොතේජු

ගාලු මුව­දො­රින් හමා එන හීතල හුළ­ඟයි.. මේ කෑම සුව­ඳයි.. එක­තු‍ ­වෙලා කරන්නෙ බඩ ගින්න තව තවත් අවු­ස්සන එක.

ඉතින් ඇයි තවත් බලා ඉන්නේ.... මොන­වද ඔබට ඕනේ....

කර­වල බැඳු­මක් පොල් සම්බ­ල­යක් ..නැති­නම් කූනි සම්බ­ල­යක් කිරි හොද්දක් එක්ක බත් වේලක්....

උණු පොල් රොටියි ....හොඳට උම්බ­ල­කඩ දමාපු ලුණු මිරි­සුයි... ඒත් නැති­නම්, පොල් පිට්ටුයි කිරි­හො­දියි....

පොළොස් ඇඹු­ලක්... මාළු තිය­ලක්... වැට­කොළු, මෑ කරල්, තුඹ කර­විල...තිබ්බටු ... මඤ්ඤොක්කා... අල... බතල... වගේම සැරට උයාපු මස් කරි­යක් හරි, මාළු කරි­යක් එක්ක හරි රතු බතක්...

එක්කෝ අපේ රහට සැරට දමාපු උණු කොච්චි කොත්තු­වක්..නැති­නම් සී ෆුඩ් කොත්තු­වක්... මේ එක­ක්වත් එපා නම් , පාට පාට මල් හැඩේට හදාපු උණු බිත්තර ආප්ප­යක්... කව­දා­වත් ඔබ නොදැ­කපු කැරට් හෝ බීට් රූට් ආප්ප­යක්... චීස් ආප්ප­යක්..

මේ කොයික වුණත් ඔබ ඉල්ලන පර­ක්කුව විත­රයි. කොටින්ම කැමති විදි­යට බෙදා­ගෙන කන්න කෑම ජාති එකසිය ගණ­නක්.

හැම­දාම රෑට විත­රක් හිල්ටන් හෝට­ලයේ ‘කරි ලීෆ්’ කුස්සියේ හැදෙන මේ ගැමි ආරේ කෑම­වල රහ බලන්න එන බොහෝ දෙනා විදේ­ශි­කයෝ.

පුරුදුකාර අපේ අයත් නැතිවා නෙවෙයි. ඒත් ඒ අය එහෙම ආවට සල්ලි තියෙන හුඟ දෙනෙක් දන්නෙ නැහැ, මේ තරම් ගමේ කෑම ගොඩක් හැදෙන තැනක් කොළඹ අහස යට තියෙ­නව ද කිය­ලත්.

ප්‍රධාන සුප­වේදී අමිල බොතේජු

“විය­දම් කරන්න පුළු­වන් එහෙම අය අපේ රටේ ඕනෙ තරම් ඉන්නවා. ඒත් ඒ අය දන්නෙ නැහැ, මේ වගේ ආහාර එක­තු­වක් තියෙන තැන් ගැන. මේ ආහාර හැදෙන්නේ පළ පුරුදු සුප­වේදී කණ්ඩා­ය­මක් අතින්.

අවු­රුදු 32 ක් වන හිල්ටන් ඉති­හා­සයේ, ‘කරි ලීෆ්’ කියන්නේ, අවු­රුදු 22කට වැඩි කාල­යක් තිස්සෙ පැවත එන සිංහල කෑම විත­රක් තියෙන ජන­ප්‍රි­යම රෙස්ටු­රන්ට් එකක්. අපි මෙතන ප්‍රමෝට් කරන්නෙ සිංහල ගැමි ආරෙට හදන අපේ රටට ආවේ­ණික කෑම් බීම්.

ඔෆි­ස්වල යාළු මිත්‍රයො කණ්ඩා­යම් පවා දැන් මෙතැ­නට රාත්‍රී ආහා­ර­යට එනවා. දහ­ය­කට වැඩි දෙනෙක් එන උප­න්දින සාද වෙනු­වෙන්, සිය­යට දහ­යක ඩිස්ක­වුන්ට් එකක්, ඒ වෙලා­වෙම කපා සම­රන්න, උපන්දින කේක් එකක් සහ උපන් දිනයේ හිමිකරුට තවත් දව­සක එන්න, ගිෆ්ට් වවු­චර්ස් දෙකක් අපි මේ ‘බර්ත් ඩේ පැකේජ්’ එකට ලෑස්ති කර තිබෙ­නවා.

ඒ විත­රක් නෙවෙයි පිට ඉඳලා කොළ­ඹට එන, විය­දම් කිරීමේ හැකි­යාව තිබෙන අපේ රටේ ඕනෑම කෙනෙ­කුට, මෙතැන නිද­හසේ තමන් කැමැති දෙයක් අර­ගෙන හදා­ගෙන කන්න පුළු­වන්. ‘ෆිෂ් මාකට්’ එක­කුත් තිබෙ­නවා.

ඉස්සෝ, දැල්ලෝ, කකු­ළුවො, ගල් මාළු වර්ග, සාලයො, හැඬැල්ලෝ..... මේ ඕනෙම මාළු වර්ග­යක් එවෙ­ලා­වෙම හදා දෙන්න මෙතැන සුප­වේ­දීන් සැදී පැහැදී ඉන්නවා....”

හිල්ටන් හෝට­ලයේ ආහාර ප්‍රව­ර්ධන කළ­ම­නා­කා­රිණී යසන්ති වඩු­ගො­ඩ­පි­ටිය මහ­ත්මිය, අපේ රටේ විය­දම් කිරී­මට හැකි­යාව ඇති අයට ආරා­ධනා කරන ගමන් මේ කියන්නෙ, ඒ විය­දම් කරන මුදල වෙනු­වෙන් ඔවුන්ට ලබා ගත හැකි උප­රිම ප්‍රයෝ­ජ­නය ගැන.

කිසිම ගැළ­පී­මක් ගැන නොහිතා මෙහි ඇති සියලු කෑම වර්ග තමන් කැමැති විදි­යට බෙදා හදා­ගෙන කන්න බොන්න පුළු­වන් වීම මෙතැන තවත් විශේ­ෂ­ත්ව­යක්. සිංහල ආහාර අංශයේ ප්‍රධාන සුප­වේදී අමිල බොතේජු ඇතුළු කණ්ඩා­යම මේ ආහාර ගැන විම­සන ඕනෑම කෙනෙ­කුට ඕනෑම දෙයක් කියා දෙන්නත් සූදා­නම්...

ඒ විත­රක් නෙවෙයි, එකෝ­ඩි­යන්...බෝක්ස් ගිටාර් හඬ එක්ක වැයෙන ගැයෙන මියුරු සංගී­තය ඒ මුළු රාත්‍රිය පුරා ඔබ අසල රැදෙ­මින් ගයන්නේ, ඔබ ගන්නා ඒ ආහාර වේල තවත් රස­වත් කරන්න.

චාමර සේසත්වලින්.. වෙස් මුහුණු යක් මුහු­ණු­ව­ලින් මතු නොව පොල් අතු­ව­ලින් හැඩ­වුණු මේ අලං­කාර අව­න්හල පුරා, අපේ­කම සහ ගමේ සිරි­යාව උතු­රන්න. සුව පහසු ලී ඇඳි පුටු මොන තරම් තිබු­ණත් මට හිතු­ණේම එහි පිල උඩින් වාඩි වෙන්න.

ඒ පිල උඩ වාඩි වුණාම කැවුම් අම්මෙගෙ දර කුස්සිය ඇස් ඉස්ස­රහා. තෙලේ පැහෙන කැවුම් ගෙඩි තාච්චි­යෙන් කිරි ගොට්ටට වැටෙන්නෙ උණු උණුවේ. ඒ කැවු­මක් කාලා තිබහා වුණොත් වතුර බොන්න, ඔන්න කලෙත් පිල උඩ­මයි.

පැත්ත­කින් වවාපු රම්පෙ, කර­පිංචා, තුල්සි පඳුරු ඒ වෙලාවෙ හැදෙන ‘Live’ කෑම රහ කරන්නෙ ඔබ බලා ඉඳිද්දි. කිසිම අග­යක් නැතිව අපේ සිංහල ගෙව­ල්ව­ලින් එළි­යට දමාපු ගල් වංගෙ­ඩි­යට... මෝල් ගහට... කුල්ලට... කිරි ගොට්ටට මේ කොළඹ අහ­ස­යට තිබෙන තැන දකින්න නම් ඔබ ‘කරි­ලීෆ්’ අව­න්හ­ලට එන්නම වෙනවා..

ඉතින් අපේකම... අපේ රහ... කොටින්ම අපිට නැති­වෙලා යන අපේ ආහාර සංස්කෘ­තියේ බොහෝ දේ දකින්න... විඳින්න එහිදී ඔබට ඉඩ හසර ලැබේවි.



 

 

ඉනෝකා පෙරේරා බණ්ඩාර

ඡායා­රූප - විමල් කරු­ණා­ති­ලක

Comments