නව­තම කුකුළු මස් නිෂ්පා­ද­න පෙළක් Besto සන්නා­ම­යෙන් | Page 2 | සිළුමිණ

නව­තම කුකුළු මස් නිෂ්පා­ද­න පෙළක් Besto සන්නා­ම­යෙන්

CIC චිකන් සිය නව­තම නිෂ්පා­දන Besto සන්නා­ම­යෙන් වෙළෙ­ඳ­පො­ළට හඳුන්වා දෙයි. CIC Poultry Farms සමා­ගම 2007දී කුකුල් මස් නිෂ්පා­ද­නය ඇරැඹූ අතර වර්ත­මා­න­යේදී සිය­යට 5ක වෙළෙ­ඳ­පොළ ප්‍රති­ශ­ත­ය­කට හිමි­කම් කියයි. ඉතා ඉහළ රස­යක් සහ ප්‍රෝටීන් සංයෝග සහිත, ප්‍රමි­ති­යෙන් හා ගුණා­ත්ම­ක­භා­ව­යෙන් ඉහළ අතර ISO 22000, HACCP තත්ත්ව සහ­ති­කද ලැබී ඇත.

අන්ත­ර්ජා­තික ආහාර නිෂ්පා­දන ප්‍රමි­තීන් ඉතා ඉහ­ළින් අනු­ග­ම­නය කරන CIC Poultry Farms අවම මිනිස් මැදි­හ­ත්මක් සහ නවීන ස්වංක්‍රීය යන්ත්‍ර භාවිත කර­මින් නිෂ්පා­දන සිදු කරයි. “මෑත­කදී ගෘහි­ණි­යන්ගේ පහ­සුව තකා කොටස් කළ ‘ෆැමිලි පැක්’ 400ට පැක­ට්ටු­වක් හඳුන්වා දුන්නා. ඊට අම­ත­රව සම්පූර්ණ කුකුළා කොටස් 12කට කපා සම රහිත හා සහිත කුකුල් මස් වශ­යෙන් නව ඇසු­රුම් දෙකක් හඳුන්වා දුන්නා. වඩාත් සෞඛ්‍යා­ර­ක්ෂි­තව ඇසු­රුම් කළ වැකුම් පැක් නිෂ්පා­දන ලෙස ඒවා මිල දී ගත හැකියි. බ්‍රොයි­ලර් කුකුල් මස්ව­ලට හෝමෝන කිසි­වක් එක් කරන්නේ නැහැ. එය ප්‍රායෝ­ගි­කව කළ නොහැකි දෙයක්.

ඒ වගේම හෝමෝන කුකුළු මස්ව­ල­ටත් වඩා බෙහෙ­වින් මිල අධි­කයි. විද්‍යාවේ හා තාක්ෂ­ණික දියු­ණුවේ ප්‍රති­ඵ­ල­යක් ලෙස බ්‍රොයි­ලර් සතුන්ට උසස් ප්‍රමි­ති­යෙන් යුතු ආහාර කිලෝ 3.5 දීමෙන් කිලෝ 2.2 බරක් ඇති සතුන් සති 5-6කදී ලබා ගත හැකියි.” CIC Poultry Farms ප්‍රධාන විධා­යක නිල­ධාරී අජිත් වීර­සිංහ මහතා පැව­සීය.

Comments