මස්කෙ­ලිය වැවිලි සමා­ග­මට ජාතික තත්ත්ව සම්මා­න­යක් | Page 2 | සිළුමිණ

මස්කෙ­ලිය වැවිලි සමා­ග­මට ජාතික තත්ත්ව සම්මා­න­යක්

ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙ­ලේදී (2017-2018) මහා පරි­මාණ නිෂ්පා­දන සමා­ගම් කාණ්ඩය යටතේ කුස­ලතා සම්මා­න­යක් හිමි කර ගැනී­මට මස්කෙ­ලිය වැවිලි සමා­ගම සමත් විය. සම්මාන ප්‍රදා­නය පසු­ගි­යදා නෙළුම් පොකුණ රඟ­හ­ලේදී පැවැ­ත්වුණු අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආය­ත­නය විසින් එය සංවි­දා­නය කරන ලදී. මෙරට වැවිලි සමා­ගම් අතු­රින් මෙවැනි ඉහළ මට්ටමේ තත්ත්ව සම්මා­න­යක් පළමු වරට හිමි කර ගත්තේ මස්කෙ­ළිය වැවිලි සමා­ග­මයි. ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන (SLNQA) ව්‍යාපා­රයේ කාර්ය­සා­ධ­නයේ විශි­ෂ්ට­ත්වය ජාත්‍ය­න්තර මැල්කම් බැල්ඩ්‍රිජ් ඇග­යීමේ නිර්ණා­යක යටතේ ඇග­යී­මට ලක් කෙරේ. SLNQA යනු ජාත්‍ය­න්තර තත්ත්ව සම්මාන ලබා ගැනීම සඳහා දේශීය ආය­ත­න­ව­ලට ලැබෙන ප්‍රෙව්ශ­යක් වන අතර SLNQA හි ජය­ග්‍රා­හ­ක­යින් ඉදිරි වසර පහ සඳහා එම අභි­මා­නය රඳවා ගැනී­මට සුදු­සු­කම් ලබයි. තවද, ලෝක මට්ටමේ සංවි­ධා­න­යක් ලෙස ගෝලීය පිළි­ගැ­නී­මක් ලබා දෙන මැල්කම් බැල්ඩ්‍රිජ් ඒෂියා - පැසි­ෆික් සම්මා­නය සඳහා අය­දුම් කිරී­මට ද ඔවුහු සුදු­සු­කම් ලබති.

සමස්ත වැවිලි ක්‍ෂේත්‍රයේ කාර්ය­සා­ධ­නය විශි­ෂ්ට­ත්වය සඳහා මෙත­රම් ඉහ­ළම පිළි­ගැ­නී­මක් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතු සමා­ගම වන්නේ මස්කෙ­ලිය වැවිලි සමා­ග­මයි. මීට අම­ත­රව දැනට දිව­යිනේ විශා­ල­තම තේ නිෂ්පා­ද­කයා වන්නේ මස්කෙ­ළිය වැවිලි සමා­ග­මයි. තේ යටතේ වැඩිම හෙක්ට­යාර් 5,555 ක භූමි ප්‍රමා­ණ­යක් ඇත. සමා­ග­මට අයත් තේ උද්‍යාන දිව­යිනේ හොඳම තේ වගා කරන කලාප වන මස්කෙ­ලිය, අප්-කෝට්, තල­වා­කෙල් සහ බණ්ඩ­රා­වල වැනි ප්‍රදේ­ශ­වල පිහිටා ඇත. සමා­ගම මේ වන විට හෙක්ට­යාර 10,560 ක භූමි­භා­ග­යක් කළ­ම­නා­ක­ර­ණය කර­මින් සිටින අතර එහි ශ්‍රම බල­කාය 10,883 ක් වන අතර තේ වතු 18 ක පදිං­චිව සිටින අතර ඔවුන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යින් 64,610 කි.

Team One Dream ”සංක­ල්පය තවත් ජය­ග‍්‍ර­හ­ණ­යක් වන අතර සමා­ගම ලෝක මට්ටමේ සංවි­ධාන තත්ත්වය කරා යන ගමනේ ඉදිරි පිය­ව­රක් වන අතර එම්පී­පී­එල්සී 2018 ජාතික ව්‍යාපාර විශි­ෂ්ටතා සම්මාන උළෙ­ලේදී තවත් කුස­ලතා සම්මා­න­යක් ලබා ගත්තේය.

Comments