මහින්ද්‍රා-අයි­ඩි­යල් වෙතින් රු.බි.2ක ආයෝජනයක් | Page 2 | සිළුමිණ

මහින්ද්‍රා-අයි­ඩි­යල් වෙතින් රු.බි.2ක ආයෝජනයක්

ඉන්දි­යාවේ ප්‍රමු­ඛත ම බැංකු නොවන මුල්‍ය ආය­ත­නය වන මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ෆිනෑ­න්ශල් සර්වි­සස් (මහින්ද්‍රා ෆිනෑන්ස්) ආය­ත­නය මෙරට ග්‍රාමීය සහ අර්ධ නාග­රික වෙළෙඳ­පොළ ඉල­ක්කර ගනි­මින් මෙරට ප්‍රමු­ඛත ම සමා­ගම් සමූ­හ­යක් වන අයි­ඩි­යල් ව්‍යාපාර සමූ­හයේ පූර්ණ අනු­බ­ද්ධිත ආය­ත­න­යක් වන අයි­ඩි­යල් ෆිනෑන්ස් සමග ඒකා­බද්ධ ආයෝ­ජ­න­ය­කට එළඹ ඇත.

ඒ අනුව අයි­ඩි­යල් ෆිනෑන්ස් ආය­ත­නයේ 58.2% ක හිමි­කා­රි­ත්ව­යක් සඳහා මහින්ද්‍රා ෆිනෑන්ස් ආය­ත­නය 2021 වන තුරු රු. බිලි­යන 2 ක මුද­ලක් ආයෝ­ජ­නය කිරී­මට නිය­මි­තය.

ඉන්දි­යාවේ මිලි­යන 6.2 කට අධික පාරි­භෝ­ගික පිරි­ස­කගේ ව්‍යව­සාය අභි­ලා­ෂ­යන් මුදුන් පමු­ණුවා ගැනී­මට අත­හිත ලබා දී ඇති මහින්ද්‍රා ෆිනෑන්ස් ආය­ත­නය ඇම­රිකා එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 10 කට අධික වත්කම් ප්‍රමා­ණ­යක් කළ­ම­නා­ක­ර­ණය කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියා­ප­දිංචි බැංකු නොවන මුල්‍ය ආය­ත­න­යක් වන අයි­ඩි­යල් ෆිනෑන්ස් (IFL) ආය­ත­නය මෙරට ග්‍රාමීය සහ අර්ධ නාග­රික අංශය ඉල­ක්ක­කර ගනි­මින් 2012 මාර්තු මසදී සිය මෙහෙ­යුම් කට­යුතු ආරම්භ කළේය. වාණිජ ට්‍රක් රථ, මෝටර් රථ, ත්‍රීරෝද රථ, යතු­රු­පැදි, රන් ණය සහ පුද්ග­ලික ණය යන එහි සේවා කළඹ එම ආය­ත­නයේ ඉල­ක්ක­ගත වෙළ­ඳ­පොළ මැන­වින් පිළි­බිඹු කරයි. පසු­ගිය වසර හතක කාලය පුරා එම ආය­ත­නය සවි­මත් ණය ලබා­දීමේ වාර්තා­වක් මෙන්ම තිර­සර ලාභ වර්ධ­න­යක් ද හිමි­කර ගෙන ඇත. රු. බිලි­යන 4.4 ක වත්කම් පද­න­මක් මෙන්ම රු. බිලි­යන 1.1 ක කොටස් පද­න­මක් ද එම ආය­ත­නය සතුය. මෙම ඒකා­බද්ධ ආයෝ­ජ­නය පිළි­බඳ අද­හස් පළ කර­මින් අයි­ඩි­යල් ෆිනෑන්ස් ආය­ත­නයේ සභා­පති නලින් වෙල්ගම මහතා ප්‍රකාශ කළේ, මන්ද­ගාමී ආර්ථික වර්ධ­න­යක් පව­තින මෙවැනි අව­ස්ථා­වක මහින්ද්‍රා ෆිනෑන්ස් ආය­ත­නය ශ්‍රී ලංකාවේ ආයෝ­ජ­නය කිරී­මට ගත් කාලෝ­චිත තීර­ණය පිළි­බඳ තමන් බෙහෙ­වින් සතු­ටු­වන බවය. “ඔවුන් මෙම ආයෝ­ජ­නය හරහා අස­ම­සම ප්‍රවේ­ශ­යක්, දැක්මක් මෙන්ම ප්‍රාග්ධ­න­යක් ද අයි­ඩි­යල් ෆිනෑන්ස් වෙත පිරි­න­ම­නවා. 2021 ජන­වාරි 01 වනදා වන විට සියලු ම බැංකු නොවන මුල්‍ය ආය­තන රු. බිලි­යන 2.5 ක ප්‍රාග්ධන සංචි­ත­ය­කින් සම­න්විත විය යුතු වනවා. මෙම හවු­ල්කා­රි­ත්වය සමග අයි­ඩි­යල් ෆිනෑන්ස් ආය­ත­නය ඉතා කෙටි කාල­යක් තුළ පළමු පෙළ මුල්‍ය සේවා සම්පා­ද­ක­යෙකු බවට පත්වනු ඇති. රථ වාහන සඳහා මෙන්ම මුල්‍ය අංශය සඳහා ද මහින්ද්‍රා සමූ­හය සමග අත්වැල් බැඳ ගැනී­මට හැකි වීම පිළි­බඳ අප බෙහෙ­වින් ආඩ­ම්බර වනවා” යනුවෙනි.

අයි­ඩි­යල් ෆිනෑන්ස් යනු පසු­ගිය වසර හතක කාලය පුරා සවි­මත් වත්කම් පද­න­මක්, සංස්කෘ­ති­යක් සහ කළ­ම­නා­ක­රණ කණ්ඩා­ය­මක් සමග තිර­සර වර්ධ­න­යක් අත්කර ගත් ආය­ත­න­යක් බවත්, මෙම හවු­ල්කා­රි­ත්වය සම­ගින් පරි­ණත, නවෝ­ත්පා­දන සහ වෙ‍ෙළ­ඳ­පොළ නාය­ක­ත්ව­යක් සහ ක්ෂේත්‍රයේ විශි­ෂ්ටත ම ක්‍රම­වේද හරහා පාරි­භෝ­ගි­ක­යන් හට උප­රිම සේවා­වක් පිරි­නැ­මී­ම­ටත් කට­යුතු කරන බවත් අයි­ඩි­යල් සමූ­හයේ නියෝජ්‍ය සභා­පති අර­වින්ද ද සිල්වා මහතා මෙහිදී අව­ධා­ර­ණය කළේය.

Comments