ෙඩ්විඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් තම බජාජ් ජෙනුයින් පාර්ට්ස් පාරිභෝගිකයන් සඳහා හඳුන්වාදෙන ලද ‘Bajaj Genuine Luck’ තෑගි තරගයේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත් ජයග්‍රාහකයන්ට තෑගි ලෙස බජාජ් මෝටර් සයිකල් පිරිනැමීම පසුගියදා සිදු කෙරුණි. මෙම උත්සවය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි බත්තරමුල්ලේ පිහිටි නගර කාර්යාලයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා ජයග්‍රාහකයන් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ද සහභාගී විය.
මෙහි දී ‘Bajaj Genuine Luck’ තෑගි තරගයේ පළමු ස්ථානය දිනාගත් කුරුණෑගල, මුළුතැන්ගේ, වත්තේගෙදර පදිංචි කේ. ඩී. එස්. කේ. ජයරත්න මහතාට බජාජ් පල්සර් N 160 මෝටර් සයිකලයක් පිරිනැමුණු අතර දෙවන ස්ථානය දිනාගත් මාගම්මන, හෝමාගම පදිංචි සම්පත් ප්‍රේමකුමාර මහතාට බජාජ් Discover 125 මෝටර් සයිකලයක් ප්රදානය කළේය. මෙම තෑගි තරගයේ තෙවන ස්ථානය දිනාගත් වල්දෙනිය, බොක්කාවල පදිංචි නිර්මල ප්‍රදීප් හේමචන්ද්‍ර මහතාට හිමි වූයේ බජාජ් CT 100 මෝටර් සයිකලයකි.