MAS හෝල්ඩින්ස් ‘ආයති’ මධ්‍ය­ස්ථා­නය ඉදි කරයි | සිළුමිණ

MAS හෝල්ඩින්ස් ‘ආයති’ මධ්‍ය­ස්ථා­නය ඉදි කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්ථාපිත කෙරෙන, ආබාධ සහිත දරු­වන් සඳහා වන ජාතික මධ්‍ය­ස්ථා­නය වන ‘ආයති’ මධ්‍ය­ස්ථා­නයේ ගොඩ­නැ­ගිල්ලේ ඉදි­කි­රීම් කට­යුතු පසු­ගි­යදා අව­සන් විය. එහි ඉදි­කි­රීම් සිදු­කළ ශ්‍රී ලංකා යුධ හමු­දාව විසින්, ඊට අර­මු­දල් සම්පා­ද­නය කළ භාර­කාර පාර්ශ්ව­යන් වෙත එම ගොඩ­නැ­ගිල්ල නිල වශ­යෙන් භාර­දෙන ලදි. රාගම පිහිටි, කැල­ණිය විශ්ව විද්‍යා­ලයේ වෛද්‍ය පීඨ පරි­ශ්‍රයේ ඉදි­ක­රන ලද මෙම මධ්‍ය­ස්ථා­නය, මෙම වසරේ දෙසැ­ම්බර් මාසය වන­විට පූර්ණ පහ­සු­කම් සහි­තව ජන­තාව වෙනු­වෙන් විවෘත වනු ඇත. රු. මිලි­යන 550 ක ව්‍යාපෘ­ති­යක් වන මෙහි ප්‍රධාන දාය­ක­ත්වය MAS හෝල්ඩින්ස් සමා­ගම සහ හේමාස් හෝල්ඩින්ස් සමා­ගම විසින් ලබා­දෙන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමු­දාව සහ ජාත්‍ය­න්තර රොටරි සමා­ජය ඇතුළු තවත් පාර්ශ්ව රාශි­යක්ද මීට දායක වී සිටී.

Comments