TerryPick කුලී ­රථ සේව­යක් | සිළුමිණ

TerryPick කුලී ­රථ සේව­යක්

කුලී­රථ සේවා කර්මා­න්තයේ නව පෙර­ළි­යක් ඇති කර­මින් ටෙරි­පික් පුද්ග­ලික සමා­ගම පළ­මු­ව­රට රියැ­දු­රන් රහි­තව වාහන ඇන­වුම් කර ලබා­ගැ­නීමේ සේවා­වක් හඳුන්වා දෙනු ලැබීය. ඒ සඳහා නිර්මා­ණය කළ විශේෂ ඇප් එක “TerryPick rent a car app 1 “යන නමින් හඳු­න්වා­දෙනු ලැබුවේ කුලී­රථ සේවා­වෙහි නිරත ව්‍යාපා­රි­ක­යන්, මාධ්‍ය­වේ­දීන් ඇතුළු විශාල පිරි­ස­කගේ සහ­භා­ගී­ත්ව­යෙන් පැවැති උත්ස­ව­ය­ක­දීය. “TerryPick rent a car app 1 “හි විශේ­ෂ­ත්වය රියැ­දු­රන් රහි­තව වාහන ලබා­දෙන ඕනෑම කුලී­රථ සේවා ආය­ත­න­ය­කට මෙහි ලියා­ප­දිංචි වීමෙන් ඝෘජු­වම පාරි­භෝ­ගි­ක­යන් සමග සම්බන්ධ වී සිය සේවා සැප­යීමේ අව­ස්ථාව හිමි වීමය. තමන් සතු වාහන පිළි­බඳ දත්ත ඇප් එකෙහි ඇතු­ළත් කිරීමේ පහ­සු­කම කුලී රථ සේවා ආය­ත­න­ව­ලට හිමි­වෙයි.

Comments