ප්‍රදේශ රැසකට මහ වැසි සමඟ තද සුළං | Page 3 | සිළුමිණ

ප්‍රදේශ රැසකට මහ වැසි සමඟ තද සුළං

දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය ඊට හේතුව බවයි.

අකුණු සහ තද වැසි පවතින අවස්ථාවල ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටී.

ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ගොඩනැගිල්ලක් තුළ හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටිය යුතු වේ.

ඊට අමතරව කුඹුරු, තේ වතු, ක්‍රීඩාංගන මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථාන වල රැඳී සිටීමෙන් වළකින්න ලෙස ද ජනතාවට දැනුම් දීමක් සිදු කර තිබේ.

                                                                     මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                                                   2019 සැප්තැම්බර් මස 12 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ක පමණ තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැක.

සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

                                                        ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                                    2019 සැප්තැම්බර් මස 12 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

දිවයින වටා වන වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Comments