අද යුගයේ අව­ශ්‍ය­තාව ජාතික විඥා­න­යයි | සිළුමිණ

අද යුගයේ අව­ශ්‍ය­තාව ජාතික විඥා­න­යයි

කොළඹ පද­නම් ආය­ත­න­යේදී පැවති 22 වන අල්හාජ් බාකිර් මාකාර් ගුණා­නු­ස්ම­රණ උත්ස­ව­යේදී කළ දේශ­නය

හිටපු ආණ්ඩු­කා­ර­ව­ර­යකු මෙන්ම හිටපු කතා­නා­ය­ක­ව­ර­යකු ද වන අල්හාජ් බාකීර් මාකාර් මැති­තුමා 22 වන වර­ටත් සම­රන අව­ස්ථා­වයි මේ. එතුමා උතුම් ගුණාංග රැස­කින් සම­න්විත ශ්‍රේෂ්ඨ චරි­ත­යක්. අද දින මෙම ගුණ සමරු උත්ස­වයේ තේමාව වන්නේ ‘සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකා­වක්’ යන්නයි. සෞභාග්‍ය යන වච­නය අපට බොහෝ අව­ස්ථා­ව­ලදී අස­න්නට ලැබෙ­නවා. සෞභා­ග්‍යය ගැන කතා­බහ කරන විට කාගේ සෞභා­ග්‍යය ද කියා අප විම­සිය යුතුයි. ඒ නිසා සෞභා­ග්‍යය පිළි­බඳ ව නිවැ­රදි අර්ථ­ක­ථ­න­යක් කිරීම කාලෝ­චි­තයි. නිද­හ­සින් පසුව සෞභා­ග්‍යයේ නාම­යෙන් විවිධ වැඩ­ස­ට­හන් අපේ රටේ ක්‍රියා­ත්මක වී තිබෙ­නවා. සැබ­වින්ම ඉන් ප්‍රති­ලාභ හිමි වුණේ කාටද ? රටේ සියලු පුර­වැ­සි­යන්ට ඒ සෞභා­ග්‍යය උදා වුණාද යන්න අප විමසා බැලිය යුතු වනවා. එසේ නොවුණේ නම් ඊට හේතුව කුමක්ද කියාත් අප විමසා බැලිය යුතුයි.

අප ශක්ති සම්පන්න දේශ­යක් ගොඩ­න­ඟ­නවා කියන විට ඉන් අද­හස් වන්නේ කුමක්ද ? ඊට පෙර අප බැලිය යුතුයි, ශක්තිය යනු කුමක්ද කියා. ඉන් විවිධ අර්ථ නිරූ­ප­නය වෙනවා. මිලි­ටරි ශක්තිය, ආර­ක්ෂක ශක්තිය, ආර්ථික ශක්තිය, දේශ­පා­ලන ශක්තිය, සමාජ ශක්තිය ගැන අපට සිත­න්නට පුළු­වන්. ශක්ති­මත් රටක් ගොඩ­න­ඟන විට ඒ ශක්තිය රට පුරා ම රැව් පිළි­රැව් දෙන්නට අව­ශ්‍යයි. ශක්ති­මත් ශ්‍රී ලංකා­වක් කියා අප කියන විට එහි අභි­මා­නය රටේ සියලු ජනයා භුක්ති විඳිය යුතුයි. ජන­තා­වගේ ඇඟට පතට එය දැනෙ­න්නට අව­ශ්‍යයි. සෙසු ආගම් සහ ජාතීන් යට­පත් කොට තමන් නියෝ­ජ­නය වන ආගම සහ ජන කොට්ඨා­සය පම­ණක් ශක්ති­මත් වන්නට බැහැ. එවැනි ශක්ති­ය­කින් රටට ඵලක් වන්නේ නැහැ. මිලි­ටරි, ආර­ක්ෂක, ආර්ථික, දේශ­පා­ලන සහ සමාජ යන සෑම ශක්ති­යක් ම රටක ජන­තා­වට හොඳින් දැනෙ­න්නට අව­ශ­යයි. ඒ ශක්ති­යෙන් රටේ ජන­තාව උසස් ජන ජීවි­ත­යක් ගත කළ යුතුයි. ශක්ති­මත් ශ්‍රී ලංකා­වක් නිර්මා­ණය වන විට එහි අභි­මා­නය ජාති, ආගම්, වර්ග, කුල, ගෝත්‍ර භේද­යෙන් තොරව සියලු දෙනාම බුක්ති විඳිය යුතුයි. රටේ සම්පත් බහුල වන විට රටේ සම්පත් ඉහළ යන විට ජන­තා­වට උසස් ජීවි­ත­යක් හිමි වෙනවා.

ජන හා සංඛ්‍යා­ලේ­ඛන දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කරන දත්ත දෙකක් ඔබ හමුවේ තබ­න්නට මා කැම­තියි. එවිට සෞභා­ග්‍යය සමාන ව සියලු දෙනාට ම බෙදී යන ආකා­රයේ ක්‍රම­වේ­ද­යක් රට තුළ තිබෙ­න­වාද කියා සොයා බලා ඔබට ම තීර­ණය කළ හැකියි. මෙරට ජාතික ආදා­ය­මෙන් 55 % ක්ම බුක්ති විඳින්නේ රටේ සිටින පොහො­සත්ම 20% ක පිරිස බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපා­ර්ත­මේ­න්තුව පව­ස­නවා. එමෙන්ම ඒ දෙපා­ර්ත­මේ­න්තුව පව­න­සවා, මෙරට දුප්පත්ම 20% ක ජන­තා­වට හිමි වන්නේ ජාතික ආදා­ය­මෙන් 5% ක් වැනි සුළු ප්‍රති­ශ­ත­යක් පම­ණක් බව. ඇතැම් විට අපට ඇසෙ­නවා, ආර්ථික වර්ධන වේගය 6% යි, 7% යි කියා වේදි­කා­වල සිට රටේ සෞභා­ග්‍යය විදහා දක්ව­නවා. නමුත් අප හොඳින් මේ දත්ත දෙස බලන විට පැහැ­දිලි වන්නේ රටේ නිර්මා­ණය වී ඇති සෞභා­ග්‍යය ඒක පාර්ශ්වික බවයි. සෞභා­ග්‍යයේ ප්‍රති­ඵල හිමි වන්නේ රටේ එක පිරි­ස­කට පම­ණයි. රටේ ජාතික ආදා­ය­මෙන් වැඩි ප්‍රමා­ණ­යක් ම භුක්ති විඳින්නේ ධන බලය හා පන්ති බලය හිමි එක් කොට­සක් පම­ණයි. මේ නිසා රටේ සෞභා­ග්‍යය ඇති වෙනවා වෙනු­වට සිදු වී ඇත්තේ රටේ ඇති හැකි - නැති බැරි පර­ත­රය වැඩි වීමයි. වස­රින් වසර ඒ පර­ත­රය වැඩි වනවා.

ජන හා සංඛ්‍යා­ලේ­ඛන දෙපා­ර්ත­මේ­න්තුව තවත් කාර­ණා­වක් ප්‍රකාශ කර­නවා. එනම්, සිව් දෙනෙක් සිටින පවු­ල­කට මසක් ජීවත් වීම සඳහා අවම වශ­යෙන් රුපි­යල් 55,000/= ක් අවශ්‍ය බවයි. ලෝක බැංකු වාර්තා­වල දැක්වෙ­නවා මෙරට පවුල් ප්‍රති­ශ­ත­යෙන් 45 % ක් ලබන දෛනික ආදා­යම ඩොලර් 5 ක් හෝ ඊට අඩු බව. එය දළ වශ­යෙන් ගත් විට මාස­ය­කට රුපි­යල් 27,000 ත් 30,000 ත් අත­රයි. ඒ අනුව බලන විට අපට පැහැ­දිලි වන්නේ මෙරට පවුල් ප්‍රමා­ණ­යෙන් 45 % ක් ම ජීවත් වන්නේ මස­කට රුපි­යල් 27,000 - 30,000 ත් අතර ආදා­ය­මක් ලබ­මි­නුයි. එසේම රජයේ තවත් සංඛ්‍යා ලේඛ­න­ය­කින් දැක්වෙන්නේ අපේ රටේ දුප්ප­ත්කම 6.5 % යි කියායි. මේ කරුණු කාරණා දෙස බලන විට පැහැ­දිලි වන්නේ මේ රටේ පව­තින්නේ සම­බ­ර­තා­ව­කින් තොර වූ ආර්ථික සංව­ර්ධ­න­යක් බවයි. සංඛ්‍යා ලේඛ­න­වල පෙන්වා දෙන­වාට වඩා තත්ත්වය බර­ප­ත­ලයි. ප්‍රශ්නය උග්‍රයි. රටේ කිසි­යම් හොඳ හැඟී­මක් ජන­තාව තුළ ඇති කර­න්නට ඇතැම් සංඛ්‍යා ලේඛන උඩු යටි­කුරු කර තිබෙ­නවා. කෘත්‍රිම සැන­සි­ල්ලක් රටේ ජන­තාව තුළ නිර්මා­ණය කර­න්නට වැරදි සංඛ්‍යා ලේඛන ඉදි­රි­පත් කර තිබෙ­නවා. අව­සා­නයේ මේ සංඛ්‍යා ලේඛන තුළ අපට නිග­ම­නය කළ හැකි වන්නේ පව­තින ආර්ථික ක්‍රම­වේ­දයේ බර­ප­තල වෙන­සක් සිදු­ව­න්නට අවශ්‍ය බවයි; එනම් විප්ල­වීය වෙන­සක් සිදු විය යුතුයි. රාමු­ව­කට කොටු වී ගතා­නු­ග­තික සිතු­විලි වලට වහල් වී අලුත් දේ දෙස නොබලා, අලුත් ක්‍රම­වේද කෙරෙහි අව­ධා­නය යොමු කරන්නේ නැතිව ළිං මැඩි සංක­ල්ප­යෙන් කට­යුතු කර­මින් විවිධ න්‍යාය අනුව යෑම නිසා අපේ රටට ඉම­හත් හානි­යක් සිදු වී තියෙ­නවා.

සත්‍ය වශ­යෙන් ම අපේ රටේ සෞභාග්‍ය නිර්මා­ණය කිරිම උදෙසා නව දැක්මක්, නව ක්‍රම­වේ­ද­යක්, රාමු­වෙන් පිට පැන අලු­තෙන් සිතා, අලු­තෙන් නිර්මා­ණය කරන නිර්මා­ණ­ශීලි දැක්මක් අවශ්‍ය වනවා. එසේ නම් නව උත්පා­දන වලට මුල් තැන දී, නව තාක්ෂ­ණ­යට ප්‍රමු­ඛ­ත්වය ලබා දී, රටක් හැටි­යට නව තාක්ෂ­ණය ඔස්සේ අලුත් ගම­නක් යෑම අව­ශ්‍යයි. ඒ ක්‍රියා­ත්මක වන නව ආර්ථික ක්‍රම­වේ­දයේ ප්‍රධා­න­තම අර­මුණ විය යුත්තේ සෞභාග්‍ය සැමට උදා කර­ලී­මයි. සෞභාග්‍ය එක් කොට­සක සීමා වුණු යුගය සහ­මු­ලින් ම අව­සන් කොට සැමට සෞභාග්‍ය උදා කර­ලීමේ නව ආර්ථික ක්‍රම­වේ­ද­යක්, ක්‍රමෝ­පා­යක් නිර්මා­ණය කළ යුතුයි.

රටක ශක්ති සම්ප­න්න­භා­වය තහ­වුරු කර­න්නට පාදක වන ප්‍රධා­න­තම කාර­ණාව හැටි­යට මම දකින්නේ රටක තිබෙන එක­මුතු භාව­යයි. එක­මු­තු­භා­වය රටක තිබෙන ඉහළ ම ශක්ති­යයි. කොප­මණ ප්‍රමා­ණ­යක් රටේ සම්පත් තිබු­ණත්, මුල්‍ය ශක්තිය තිබු­ණත් රට අභ්‍ය­න්ත­රයේ එක­මු­තු­භා­ව­යක් නැති තැන එය අස්ථා­වර රටක් බවට පත් වෙනවා. ස්ථාවර භාව­යෙන් අප සිය­ල්ලන් ප්‍රාර්ථනා කරන ශක්ති­මත් දේශය ගොඩ­න­ඟ­න්නට පුළු­වන්. වර්ත­මාන කාල වක­වා­නුව තුළ රටේ එක­මුතු භාවය ගොඩ­න­ඟ­න්නට තිබෙන ප්‍රධා­න­ත­ම‍ ­බා­ධ­කය වී ඇත්තේ රටට අග­යක් එකතු කර­නවා වෙනු­වට පටු වාද බේද හරහා ඝට්ටන ඇති කර සමාජ ව්‍යව­සන නිර්මා­ණය කිරී­මයි. එක් කොට්ඨා­ස­ය­කගේ පම­ණක් සිත් දිනා ගන්නට දරණ උත්සා­හය නිසා රට කොටස් වලට බෙදී කණ්ඩා­යම් වලට ගොනු කර භේද බින්න කිරීම හරහා ආණ්ඩු පිහි­ටු­වීම රටේ ස්ථාව­ර­යට තිබෙන බර­ප­ත­ලම ප්‍රශ්න­යක්.

කළු ජාති­ක­යන්ගේ නිද­හස වෙනු­වෙන් වැද­ගත් ප්‍රකා­ශ­යක් මාටින් ලුතර් කිං ඉදි­රි­පත් කර­නවා. “සහෝ­ද­ර­යන් හැටි­යට එකට ජීවත් වන්නට අප ඉගෙන ගත යුතුය. එසේ නොමැති නම් අපි මෝඩ­යන් හැටි­යට එකට විනාශ වනු ඇත” යන්න ඔහුගේ ඒ ප්‍රකා­ශ­යයි. ඇම­රි­කාවේ වර්ණ­භේ­ද­වා­දය තුළ නිර්මා­ණය වුණු සිවිල් අයි­ති­වා­සි­කම් බල­වේ­ගයේ නාය­කයා වන කළු ජාතීන්ට ජන සමා­ජයේ සමා­නා­ත්ම­තාව ඇති කර දීම වෙනු­වෙන් මහා සට­නක් කළ එතු­මාගේ උතුම් වදන් මම විශ්වාස කර­නවා. එය අපේ මාතෘ භූමි­ය­ටත් බොහෝ ලෙස අදා­ළයි; ඉතා­මත් කාලෝ­චි­තයි. අපට රටක් ලෙස ජාතින් හා ආගම් අතර සම­ගිය තහ­වුරු කර­ගෙන රටේ ස්ථාව­රය ශක්ති­මත් කොට, ශක්ති­මත් අලුත් ශ්‍රී ලංකා­වක් ගොඩ­න­ඟ­න්නට බැරි ඇයි ?

මා දකින ලෙස ජන­තාව අතර ජන­ප්‍රිය හා ප්‍රච­ලිත වන්නට අසීරු ම ක්‍රියා­දා­මය නම් සේව­යක් හෝ සංව­ර්ධ­න­යක් සිදු කර, දැක්ම­කින් හා දර්ශ­න­ය­කින් තමාගේ සමා­ජීය දේශ­පා­ලන යුතු­කම ඉටු කර ජන සමා­ජයේ බැබ­ළී­මයි. අප සෑම විට ම නිර්මා­ණ­ශීලි වන්නට අව­ශ්‍යයි. අලුත් අද­හස් ඉගෙන ගෙන නව දැක්මක් නිර්මා­ණය කිරිමේ හැකි­යා­වක් අපට තිබිය යුතුයි. කාලය ගත වන, ශ්‍රමය කැප වන, මහ­න්සි­යෙන් වැඩ කළ යුතු ක්‍රම­වේ­දය එයයි. එයින් සෘජුව ම රටට අග­යක් එකතු වනවා.

දේශ­පා­ල­නික වශ­යෙන් ඉදි­රි­යට යෑමට තවත් පිරි­සක් වෙනත් ක්‍රම­යක් උප­යෝගි කර ගන්නවා. ඒ ක්‍රමය වන්නේ ජාතීන් හා ආගම් අතර නැති භේද අවුස්සා කෘත්‍රිම විනා­ශ­කාරි තත්ත්ව­යන් නිර්මා­ණය කර රට ගිනි තබා තමන් රජ වෙන්නට මාන බැලී­මයි. මින් ඉදි­රි­යට යනවා කියා ඔවුන් සිතු­වත් සත්‍ය වශ­යෙන් ම සිදු වන්නේ ඒ අය ජන සමා­ජය තුළ කොන් වීමයි. මන්ද රටක් ශක්ති­මත් හා සෞභාග්‍ය සම්පන්න වන්නට නම් රටේ ජාතික ආර­ක්ෂාව තහ­වුරු විය යුතුයි. ආගම් භේද, ජාති භේද නිර්මා­ණය වුණු තැනක රටේ ජාතික ආර­ක්ෂා­වට සුබ ද අසුබ ද ? අපේ රටේ ඉති­හා­සය පුරා­වට ජන සමා­ජය තුළ මර්දන සිදු කර තිබෙ­නවා, ඉන් ජීවිත හානි සිදුවී තිබෙ­නවා. අපි සියලු දෙනා ම 83 කළු ජුලිය ගැන දන්නවා. මෑත කාලයේ බේරු­වල, අලු­ත්ගම කේන්ද්‍ර­කොට ගෙන සිදු වුණු ඒ සිදු­විම් ගැන අප හොඳින් ම දන්නවා. කිසිම හේතු­වක් නැතිව ජන සමා­ජය තුළ එක­මු­තු­භා­ව­යෙන් හා ශක්ති සම්ප­න්නව සිටින අනෙ­කුත් ආගම්, ජාතින් භේද බින්න කර, ආග­මික සිද්ධ­ස්ථාන විනාශ කර, විවිධ ජාතින් වලට සම්බන්ධ අයට පහර දී, ඔවුන්ට හානි සිදු කිරී­මෙන් රටේ ජාතික ආර­ක්ෂාව ශක්ති­මත් ‍ෙවන­වා ද ?

ජාතීන් අතර සංහි­ඳි­යාව, මිත්‍ර­ශී­ලි­ත්වය ආගම් අතර එක­මු­තු­භා­වය හා සහෝ­ද­ර­ත්වය ඇති කිරී­මෙන් ස්ථාවර ශ්‍රී ලංකා­වක් නිර්මා­ණය වනවා කියා මා විශ්වාස කර­නවා. අපේ මාතෘ භූමිය ආයෝ­ජ­ක­යන්ගේ කේන්ද්‍ර­ස්ථා­න­යක් බවට පත් කර­න්නට ස්ථාවර ශ්‍රී ලංකාව තුළ ලෝකය එකඟ වනවා.

ඒ සඳහා ජාතික සම­ගිය ඇති කර, ජාතීන් හා ආගම් අතර ආර­වුල්, ගැටලු, විනා­ශ­කාරී සිදු­වීම් නැති කර, ත්‍රස්ත­වා­දය සම්පු­ර්ණ­යෙන් ම මුලි­නු­පුටා දැමිය යුතුයි. ත්‍රස්ත­වා­දය පරා­ජය කර­න්නට බුද්ධි අංශ ඉතා­මත් වැද­ගත් වනවා. විවිධ ජන කොට්ඨා­ස­ව­ලින් ලැබෙන තොර­තුරු ඒක­රාශි කර­ගෙන සිදු කරන්නා වු ත්‍රස්ත මර්දන ක්‍රියා එහිලා වැද­ගත් වනවා. එවන් ශ්‍රී ලංකා­වක් අපට නිර්මා­ණය කර­න්නට පුළු­වන්. එය නිර්මා­ණය කිරී­මට නම් රටේ ප්‍රධාන දේශ­පා­ලන පුරුක් සියල්ල ම මුලින් ම හිත් පිරි­සිදු කර ගත යුතුය. පිරි­සිදු හද­ව­ත­කින් ජනතා සේවාව සිදු කළ යුතුයි. ජන­තාව දේශ­පා­ල­න­ඥ­යන් පත් කරන්නේ ජාති හා ආගම් අතර භේද බින්න වීම් ඇති කර රට අස්ථා­වර කර­න්නට නොවෙයි. එය අප ප්‍රති­ක්ෂේප කළ යුතුයි. එසේ කරන කාලය ඉදි­රි­යේදි උදා වෙනවා.

‘ජෝන් එෆ්. කෙනඩි’ ඇම­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කළ පරිදි “රටෙන් තමන්ට සිදු විය යුතු සේවය නොව, තම­න්ගෙන් රටට සිදු විය යුතු සේවාව පිළි­බඳ සොයා බැලිය යුතුයි.

“ඒ නිසා අප පරා­ර්ථ­කාමී ව සේවය සිදු කර ශක්ති­මත් ශ්‍රී ලංකා­වක් ගොඩ නැඟිය යුතුයි. 60 දශ­කයේ බ්‍රිතාන්‍ය අග්‍රා­මාත්‍ය ‘හැරල්ඩ් මැක්මි­ලන්’ අධි­රා­ජ්‍ය­වාදී රට­වල් වලින් ඉවත් වී අධි­රා­ජ්‍ය­වා­දින් පරා­ජ­යට පත් කළා. 60 දශ­කයේ ලෝකයේ අලුත් රට­වල් නිද­හස ලබා එන විට හැරල්ඩ් මැක්මි­ලන් මැති­තුමා කිය­නවා “මහා­ද්වී­පය හරහා හමා යන මේ වෙනසේ සුළ­ඟට අප කැමති වුවත්, නැතත් එය අද දවසේ ජාතික දේශ­පා­ලන විඥා­නයේ යථා­ර්ත­යයි” කියලා. අද යුගයේ අව­ශ්‍ය­තාව වී ඇත්තේ ද ජාතික විඥා­න­යයි. ජාතික විඥා­නයේ නාම­යෙන් අපට රට ගිනි තබ­න්නට ඉඩ දෙන්නට බැහැ. සැබෑ ජාතික විඥා­නය තුළ අප අපේ රට සුරක්ෂා කළ යුතුයි. ජාතික විඥා­නය රටේ ශක්තිය බවට පත් කර ගත යුතුයි. රට තුළ සෞභා­ග්‍යය නිර්මා­ණය වන්නේ එවි­ටයි.

Comments