අපේ­ක්ෂක තීර­ණය ගැන රනිල්-කරූ-සජිත් එජාපෙ නාය­ක­යන් සමඟ හමු­වක් | සිළුමිණ

අපේ­ක්ෂක තීර­ණය ගැන රනිල්-කරූ-සජිත් එජාපෙ නාය­ක­යන් සමඟ හමු­වක්

දිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදි­රි­පත් කරන ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා පිළි­බඳ අව­සන් තීරණය මේ සති අන්තයේ අග්‍රා­මා­ත්‍ය­ව­රයා, කථා­නා­යක කරු ජය­සූ­රිය, අමාත්‍ය සජිත් ප්‍රේම­දාස සහ එක්සත් ජාතික පෙර­මු­ණට සම්බන්ධ නාය­ක­යන් හමු වීමෙන් පසුව ගන්නා බව ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘සිළු­මිණ’ ට පැව­සීය. ‌ෙම් හමුව අද (15) සිදු වනු ඇති අතර ඊට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් සහභාගි වීමට නියමිත අතර, ඔවුන් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මෙන්ම මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතය.

ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කිරීමට නම් අනුගමනය කළ යුතු ක්‍රමෝපාය සම්බන්ධයෙන් මේ වනවිට සැලසුමක්ද සකස් කර ඇත. ඒ ක්‍රමෝපාය සැලසුම්ද අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික පියවර සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ලක් වනු ඇතැයි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියේය.

Comments