වෛද්‍ය සංග­මය දේශ­පා­ලන පක්ෂ­යක භාණ්ඩා­ගා­ර­යක් | Page 2 | සිළුමිණ

වෛද්‍ය සංග­මය දේශ­පා­ලන පක්ෂ­යක භාණ්ඩා­ගා­ර­යක්

ජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය දේශ­පා­ලන පක්ෂ­යක භාණ්ඩා­ගා­රය බවට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංස­දයේ සභා­පති රුක්ෂාන් බෙල්ලන මහතා පව­සයි‍. වෛද්‍ය වෘත්තිය පූජ­නීය වෘත්ති­යක් වන නමුත් රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ක්‍රියා­ක­ලා­පය නිසා ඒ ගෞර­ව­නීය වෘත්තිය හෑල්ලු­වට ලක්ව ඇති බවද ඒ මහතා පව­සයි. වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ කිහිප දෙනකු එක් වී වෛද්‍ය­ව­රුන්ගේ සාමා­ජික මුදල් තම පෞද්ග­ලික දේශ­පා­ලන වුව­ම­නා­වන් වෙනු­වෙන් යොදා­ග­නි­මින් තිබෙන හෙයින් එය දේශ­පා­ලන පක්ෂ­යක භාණ්ඩා­ගා­රය බවට අද පත් වී ඇතැ­යිද ඔහු පව­සයි.

Comments