ඇසේ සුද සුව කරන විසි­හ­තර පැයේ සත්කා­රය | සිළුමිණ

ඇසේ සුද සුව කරන විසි­හ­තර පැයේ සත්කා­රය

 

ස් දෙක නැත්නම් ජීවි­තය කුම­ට­කද? ඒ අනුව අප ඇස් දෙක ඉතා සුර­ක්ෂිත ශරීර අව­ය­ව­යක් ලෙස ආරක්ෂා කළ යුතුය.

අපේ රටේ ඇස් ආබා­ධ­ව­ලින් වැඩි­පුර ඇත්තේ ඇසේ සුද ඇති­වී­මයි. අක්ෂි රෝග විශේ­ෂ­ඥ­වරුන් පව­සන අයු­රින් වයස අවු­රුදු 50ට වැඩි අයට ඇසේ සුද බහු­ලව ඇතිවේ.

මේ පිළි­බ­ඳව අපට කරුණු දැක්වූ ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ විෂන් 2020 වැඩ­ස­ට­හනේ ශ්‍රී ලාංකේය සම්බ­න්ධි­කා­රක අක්ෂි විශේ­ෂඥ වෛද්‍ය මංගලා ගමගේ මහ­ත්මිය පැව­සුවේ අපේ රටේ දැන් එන්න එන්නම ඇසේ සුද රෝගය වැඩි­වෙන බවයි. ඒවාට ප්‍රති­කාර ගන්නා අයත් එනම් කාච බද්ධ කරන අයත් වැඩිවී ඇති බව ද ඇය පව­ස­න්නීය.

වයෝ­වෘද්ධ බව හා පර­ම්ප­රා­ගත ප්‍රශ්න මෙන්ම විවිධ විකි­ර­ණ­වල බල­පෑ­මද මේ රෝගය බහු­ල­වී­මට හේතු වන­බව පර්යේ­ෂණ මඟින් අනා­ව­ර­ණය වී තිබේ.

මේ අයු­රින් ඇසේ සුද ඇති­වීම නිසා පෙනීම දුර්වල වීම දිගින් දිග­ටම සිදු වේ. එය ඉවත් නොක­ළ­හොත් ඒ රෝගීන් සම්පූර්ණ ලෙස අන්ධ බවට පත්වී­මට හැකිය.

රටේ රජ‍ෙය් රෝහ­ල්වල සාය­න­ව­ලට පැමි­ණෙන ඇසේ සුද රෝගීන් එන්න එන්නම වැඩි වීමත් ඔවුන්ට අදාළ ශල්‍ය­කර්ම කිරී­මට කාච බද්ධ කිරී­මට රජයේ රෝහ­ල්වල දිවා කාලයේ ශල්‍යා­ගාර පහ­සු­කම් නොලැ­බී­මත් නිසා ඇතිවී ඇති ගැට­ලුව විස­ඳී­මට සුවි­ශේෂ ක්‍රියා­මාර්ග කිහි­ප­යක් ගැනී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන ඇත.

ඒ අනුව සෞඛ්‍ය ඇමැති රාජිත සේනා­රත්න මහ­තාගේ හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මහ­ත්ව­රුන්ගේ උප­දෙස් පරිදි දැන් රටේ ප්‍රධාන රෝහල් 10ක ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් රාත්‍රි­ය­ටත් සිදු­කි­රීම අද 15 අර­ඹන බව විශේ­ෂඥ වෛද්‍ය මංගලා ගමගේ මහ­ත්මිය පව­ස­න්නීය.

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් කිරී­මට අවශ්‍ය අක්ෂි කාච දැන් රජ­යෙන් නොමිලේ ලැබෙ­නවා. මේ නිසා දැන් ආර්ථික අතින් දුර්වල පුද්ග­ල­යන්ට පවා කිසිදු මුද­ලක් විය­දම් නොකර ඇස් දෙක­ටම වුවත් ඇසේ සුද ඉව­ත් කර කාච දැමීම නොමිලේ සිදු කර­ගත හැකියි.

දැනට මේ සැත්කම් වස­ර­කට ලක්ෂ­යක් පමණ සිදු කළත් තවත් රෝගීන් රැසක් පොරොත්තු ලේඛ­නයේ ඉන්නවා. ඒක හරිම පුදු­ම­යක්. ගැට­ලුව රජ‍ෙය් රෝහ­ල්වල ඇති ශල්‍යා­ගා­ර­වල තිබෙන තදබද­යයි අක්ෂි ශල්‍ය­කර්ම සඳහා වෙන්වුණු ශල්‍යා­ගාර අපේ රටේ නැහැ.

අන් සියලු ශල්‍ය­කර්ම කරන අතරේ තමයි අපි මේ සුද ඉව­ත්කර කාච දමන ශල්‍ය­කර්ම කරන්නේ. ඒ නිසා අපි රජයේ රෝහල් 10 ක ඇති ශල්‍යා­ගාර රාත්‍රි­යට ලබා­ගෙන ඇස් සැත්කම් කිරී­ම­ටයි සැල­සුම් කර තිබෙන්නේ.

ඒ අනුව විෂන් 2020 වැඩ­ස­ට­හන යටතේ දැන් ඇස වාට්ටුව, මහ­නු­වර, අනු­රා­ධ­පු­රය, රත්න­පු­රය, කන්තලේ, ත්‍රිකු­ණා­ම­ලය, කල්මුණේ උතුර, මඩ­ක­ල­පුව, වවු­නි­යාව හා නාව­ල­පි­ටිය රෝහ­ල්වල සවස 4 පසු මධ්‍යම රාත්‍රිය දක්වා මේ සැත්කම් කිරී­මට නිය­මි­තයි. විශේ­ෂඥ වෛද්‍ය මංගලා ගමගේ මහ­ත්මිය පව­ස­න්නීය.

බෝ නොවන රෝග පිළි­බඳ ජාතික සභාවේ මෙහෙ­ය­වී­මෙන් ක්‍රියා­ත්මක මේ වැඩ­ස­ට­හන යටතේ රාත්‍රි­යට ශල්‍ය­කර්ම ආරම්භ කර පසු පොරොත්තු ලේඛ­නයේ සිටින පිරිස අඩු කර ගැනී­ම­ටත් අසාධ්‍ය අයට ඉක්ම­නින් ප්‍රති­කාර කිරී­ම­ටත් අව­ස්ථාව සැලසේ.

බෝ නොවන රෝග පිළි­බ­ඳව ජාතික සභාව මේ ගැට­ලුව විස­ඳී­මට ඇමැති රාජිත සේනා­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් විශේෂ සාක­ච්ඡා­වක් පැවැත්වූ අතර එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ඉදි­රි­යේදි අක්ෂි ශල්‍ය ඒකක ඇති සියලු රෝහ­ල්වල රාත්‍රි අක්ෂි ශල්‍ය­කර්ම සිදු කිරීම ආරම්භ කරනු ඇත.

දැනට අපේ රටේ අක්ෂි රෝග ශල්‍ය වෛද්‍ය­වරු 72 දෙනෙක් සිටින අතර ඔවුන් එක් අයකු දැනට දින­කට අසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 25 - 30 අතර ප්‍රමා­ණ­යක් සිදු කරනු ලැබේ. ශල්‍යා­ගාර ඉඩ­කඩ තිබේ නම් තවත් ශල්‍ය­කර්ම කරන්න හැකි­යාව ඇත.

ඉදි­රි­යේදි විෂන් 2020 වැඩ­ස­ට­හන යටතේ දීප­ව්‍යා­ප්තව රජයේ සියලු ‍රෝහල්වල මේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­වට නැංවී­මට ජාතික බෝනො­වන රෝග ඒක­කය හා විෂන් 2020 වැඩ­ස­ට­හන අපේක්ෂා කරයි.

‘ඇසේ සුද ඉවත් කිරීමේ සියලු සැත්කම් අපේ වෛද්‍ය­ව­රු­න්ට කරන්න පුළු­වන්. පිට­රට අය අවශ්‍ය නැහැ. ඒ අනුව මේ සැත්කම් සියල්ල කරන්නේ අපේ වෛද්‍ය­ව­රුන්.’ ගමගේ මහ­ත්මිය පව­සයි.

ඒ අනුව ඇසේ සුද ඇති රෝගින් තව­මත් ප්‍රති­කාර නොගෙන සිටී නම් ඉක්ම­ණින්ම රජයේ රෝහ­ල­කට ගොස් ප්‍රති­කාර ලබා­ගෙන ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය­කර්ම සඳහා යොමු­වීම ඉතා වැද­ගත් වේ.

කලින් පිටින් මිලදී ගත් රුපි­යල් 25000 - 30000 අතර වටි­නා­ක­මක් ඇති අක්ෂි කාච දැන් රජය නොමිලේ ලබා­දෙන අතර ශල්‍ය­ක­ර්ම­යට අවශ්‍ය සියලු වෛද්‍ය පහ­සු­කම් ද රජයේ රෝහල් මඟින් නොමිලේ ලබා­දෙනු ලැබේ.

අද 15 වැනිදා සිට මෙම වැඩ­පි­ළි­වෙළ ආරම්භ කරන අතර එහි ප්‍රති­ලාභ මෙරට මුළු ඇසේ සුද ඇති රෝගීන් සියලු දෙනා­ටම ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය අපේක්ෂා කරයි.

ජාතික බෝ නොවන රෝග ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය චම්පිකා වික්‍ර­ම­සිංහ මහ­ත්මිය ඇතුළු බෝ නොවන රෝග පිළි­බඳ ජාතික සභාව මෙම වැඩ­පි­ළි­වෙ­ළට පූර්ණ සහාය දක්වයි. ‍

ෙම් අනුව දැන් ඇසේ සුද තියා­ගෙන ගෙදර සිටි කාලය අව­සන් කර ළඟම රෝහ­ලට ගොස් ඔබේ ඇස් දෙකින්ම ලොවම දකි­න්නට ලොවම විඳි­න්නට අව­ස්ථාව උදාවී ඇති බව අපි මතක් කරමු.

 

Comments