ඌර­ග­ස්මං­හ­න්දියේ ඝාතන වැල රංජි­ත්ගෙන් අව­සන් වේවිද? | Page 2 | සිළුමිණ

ඌර­ග­ස්මං­හ­න්දියේ ඝාතන වැල රංජි­ත්ගෙන් අව­සන් වේවිද?

 

න්ධ­නා­ගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් රුවන් තිහාර ජය­රත්න ඝාත­නයේ උණු­සුම පහව යන්නට මත්තෙන් ඇල්පි­ටි­යේදී මගී බස් රථ­යක ඉකුත් 06 වැනිදා පත්තු වුණු පාතා­ලයේ වෙඩිල්ල දකුණේ පාතා­ලය නැවත හිස ඔස­ව­මින් ඇති බවට කදිම සාක්ෂි­යකි. එදා ඒ පත්තු වූ වෙඩි­ල්ලෙන් මරු­මු­වට පත්වන්නේ ඌර­ග­හ­ස්ම­න්හං­දියේ වල්ඉ­ඟුරු කැටියේ පදිං­චිව සිටි රංජිත් ජය­ව­ර්ධන නමැ­ත්තෙකි. අලු­ත්ගම සිට ඇල්පි­ටිය බලා ධාව­නය වෙමින් තිබුණු මගී බස් රථයේ නැගී ඔහු ගමන් කර­මින් සිටියේ ඇල්පි­ටිය අධි­ක­ර­ණයේ විභාග වන නඩු­ව­කට පෙනී සිටි­න්න­ටය. ඒ ඉඩම් නඩු­වකි. එදා ඔහු සමග බස් රථයේ සිය බිරි­යත්, මවත්, සහෝ­ද­රි­යත් ගමන් කර­මින් සිටි­යේය. අට­කෝට්ටේ පාලම ආස­න්න­යේදී ඔහුට වෙඩි පිට වෙඩි තබා මරා දමන්නේ ඒ අයගේ ඇස් පනා­පි­ට­දී­මය.

ඝාත­කයා කවු­රු­න්දැයි තව­මත් පැහැ­දි­ලි­වම හඳු­නා­ගෙන නැතත් ඝාත­නය සිදු වන්නේ සංවි­ධා­නා­ත්ම­කව බව නම් පැහැ­දි­ලිය. වෙඩි­ක්කරු බස් රථ­යට ගොඩ වන්නේ එහි රංජිත් ජය­ව­ර්ධන සිටින බව හොඳා­කා­ර­වම දැන­ගෙ­නය. ඝාත­කයා කල්යල් බලා සිය ඉල­ක්කය මි.මී. 9 වර්ගයේ ගිනි අවි­ය­කින් ලබා­ගන්නේ පළ­පු­රුදු වෙඩි­ක්ක­රු­වෙ­කුගේ ලක්ෂණ පෙන්නුම් කර­මිනි. වෙඩි කිහි­ප­යම එල්ල කරන්නේ රංජිත්ගේ හිස මත­ටය. ඒත් එක්කම රංජිත්ගේ බිරිය, නැග­ණිය සහ මව ඇතුළු බස් රථයේ සිටි මගීන් කල­බල වී භීති­යෙන් කෑමොර දුන්නද වෙඩි­ක්කරු එය එත­රම් තැකී­මක් කළේ නැත. බස් රථය නතර කරන තුරුම කල­බ­ල­ය­කින් තොරව ඒ තුළම රැඳී සිටි­යේය. ඔහු පලා යන්නේ බස් රථය පිටු­ප­සින් හඹා පැමිණි යතු­රු­පැ­දි­යක නැගීය.

මේ වෙඩි­ක්ක­රුවා කවු­රු­න්දැයි මෙතෙක් හඳුනා නොග­ත්තද ඒ ඝාත­නය පිටු­පස ලියැවී ඇත්තේ ඝාතන වැලක කථා­වකි. එය 2015 සිංහල අවු­රුදු සමය දක්වා දිව යන්නකි. ඌර­ග­ස්ම­න්හං­දියේ මාල­වල ගම්මා­නයේ එව­කට සිටි කැපී පෙනෙන චරි­ත­යක් වූයේ බොස් සරත්ය. වැලි ගොඩ­දැ­මීමේ ව්‍යාපා­රයේ නිර­තව සිටි බොස් සරත්ට පොලී­සියේ මෙන්ම දේශ­පා­ල­න­යේද හයි­හ­ත්තිය තිබුණේ නොඅ­ඩු­වය. ගමේ­ගොඩේ පොදු­වැ­ඩ­ව­ලදී මුල්තැන ගත්තේද ඔහුය. ඒ නිසාම ඔහු වටා කොල්ලො­කු­රුට්ටෝ රෑනක්ම රැඳී සිටි­යහ. ඒ අය අතර බොස් සරත්ගේ ළඟින්ම සිටියේ ඉන්දික මහේෂ්ය. බ්ලොක් ගල් නිෂ්පා­දන වැඩ­පො­ළක් පව­ත්වා­ගෙන ගිය ඉන්දික ගමේ සිටි හයි­රං­කා­ර­යෙකි. ඉන්දික ඒ තැනට වැටෙන්නේ ඕනෑ­ව­ටත් වඩා සුදු­සු­කම් ඇතිව උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු ලෙස පොලිස් සේව­යට එක් වන්නට ගොස් දේශ­පා­ලන හයිය නැතිවූ තැන විසි වූ බැවිනි. ගම්වැ­සි­යන් පව­සන ආකා­ර­යට ඉන්දි­කගේ නහ­ර­යක් වැඩි වන්නේ බොස් සරත් සමග ඔහු එක්වී­මත් සම­ගය. ඔහු තමා සමග එකට පාසල් ගිය මිතු­රන්ට පවා සිය හයිය පෙන්නන්න ගත්තේය. එහි ප්‍රති­ඵ­ලය වන්නේ ගමේ තරු­ණ­යන් කණ්ඩා­යම් දෙකට බෙදී­මය. එහෙත් මේ බෙදිල්ල ඝාතන වැලක ආර­ම්භ­යක් වනු ඇතැයි ගම්වැ­සි­යන් සිහි­නෙ­කි­න්වත් සිතුවේ නැත.

 

ඝාතන වැලක ආර­ම්භය

එදා 2015 අප්‍රේල් 16 වැනි­දාය. අලුත් අවු­රුදු උදාව සම­ර­මින් ගමේ අලුත් අවු­රුදු උත්ස­වය පැවැ­ත්වෙන්නේ එදාය. මුළු ගමම එදා රැස්ව සිටියේ නුගු­ඩු­මුල්ල අවු­රුදු උත්සව භුමි­ය­ටය. එහි සිටි තරු­ණ­යකු විසින් දල්වා විසි කරන ලද රති­ඤ්ඤ­යක් පුපුරා යන්නේ ඉන්දික මහේෂ්ගේ දෙපා මුල වැටීය. එදා ඒ රති­ඤ්ඤාව දැල්වූ තරු­ණයා සමන් සුරේෂ්ය. ඔහු නියෝ­ජ­නය කළේ ඉන්දි­කට එරෙහි පාර්ශ්ව­යයි. ඒ බව දැන සිටි ඉන්දික සිතන්නේ රතිඤ්ඤා කරල තම දෙපා­මු­ලට විසි­ක­ර­න්නට ඇත්තේ හිතා­ම­තාම බවකි. ඒත් එක්කම ඉන්දික සහ සුරේෂ් අතර ඇති­වන ඇන­කො­ටා­ගැ­නීම් වැඩි කල් නොගොස් පත්වන්නේ නයි-මුගටි ‍වෛරයක් බව­ටය. මේ වෛරය පුපුරා යන්නේ 2015 නොවැ­ම්බර් 3 දාය. ඒ සුරේෂ්ගේ බාල සහෝ­ද­රයා සහ ඔහුගේ මිතු­රකු එක තැන මරා­ද­ම­මිනි.

සිය සහෝ­ද­ර­යාගේ ඝාත­නය සුරේෂ්ගේ හද­වත තදින්ම දැනු­ණේය. ඉන්දි­ක­ගෙන් පළි ගන්නට සිතු­වත් බොස් සරත් හරහා ඇති හයිය නිසා ඉන්දි­කට අත­ක්වත් තිය­න්නට බැරි බව හොඳා­කා­ර­වම සුරේෂ් දැන සිටි­යේය. ඒ නිසාම ඔහු කිට්ටු වන්නේ කොස්ගොඩ සුජීගේ කල්ලි­ය­ටය. ඒ සංචා­රක මග පෙන්ව­න්නකු වූ සිය ඥාති සහෝ­ද­ර­යකු වන චමිල දීපාල් හර­හාය. කොස්ගොඩ සුජීගේ කල්ලිය සමග චමිල දීපාල්ට සම්බ­න්ධ­කම් ඇත්තේ සුජීගේ කල්ලියේ ප්‍රබ­ල­යකු වන මයි­කල් සමග ඇති ඥාති සම්බ­න්ධය නිසාය. මයි­කල්ට ඌර­ගහේ බොහෝ අය සමග ඥාති සම්බ­න්ධ­කම් පැවැ­තුණි. සුජීගේ අවි ආයුධ මෙන්ම වෙඩි­ක්ක­රු­වන්ට ආර­ක්ෂාව දුන්නේද මයි­කල්ය. සුජීගේ අභි­ර­හස් වෙඩි­ක්ක­රු­වකු වූ එල්ටී­ටී­ඊයේ හිටපු සාමා­ජි­ක­ය­කුද වූ බුම්මා නොහොත් කෙනඩි නමැ­ත්තාව සඟ­වා­ගෙන සිටි­යේද මයි­කල්ය. සුජීගේ නියෝ­ග­ව­ලට අනුව බුම්මා යොදා­ගෙන මයි­කල් විසින් කළ ඝාතන මෙහෙ­ය­වීම් ගණන බොහෝය. නඩු කට­යු­ත්ත­කට පෙනී සිටී­මට පැමිණි පාතා­ලයේ ප්‍රබ­ල­යකු වන පිය­රත්න සමග දෙදෙ­න­කුට බල­පි­ටිය අධි­ක­ර­ණය ඉදි­රි­පි­ටදී 2016 වසරේ පෙබ­ර­වාරි 16 දා වෙඩි තබා මරා­දැ­මී­මද ඒ අතර වේ.

සිය සහෝ­ද­රයා ඝාත­නය කළ අය­ගෙන් පළි ගැනී­මට සුරේෂ්, සුජී­ගෙන් උප­කාර පතන විට ඔහු සිටින්නේ බන්ධ­නා­ගා­ර­ග­ත­වය. ඒ 2011 වස­රේදී හික්ක­ඩුවේ පිහිටි අර­ලිය හෝට­ල­යේදී යස­රත්න නමැති කෝටි­පති ව්‍යාපා­රි­කයා ඝාත­නය කිරීම ඇතුළු ඝාතන රැස­කට සැක­පි­ටය.

 

යස­රත්න ඝාත­නය

සුජී, යස­රත්න ඝාත­නය කරන්නේ තනි­වම නොව, සිය ගෝල­බා­ල­යන් වූ මයි­කල් සහ බොස්සා සමග එක්වය. ඒ 2011 පෙබ­ර­වාරි 4 දාය. යස­රත්න ඝාත­න­යට මයි­කල් සහ නිලන්ත පොලිස් අත්අ­ඩං­ගු­වට පත් වන විට සුජී සිටින්නේ සිංග­ප්පූ­රු­වේය. ඒ ව්‍යාජ විදෙස් ගමන් බල­ප­ත්‍ර­ය­කින් සිංග­ප්පූ­රු­වට පලා ගොසිනි. වැඩි කල් ඔහුට සිංග­ප්පූ­රුවේ රැඳී සිටි­න්නට ඉඩක් නොවීය. මෙර­ටට පිටු­ව­හල් කරන්නේ අසා­දු­ගත කර­මිනි. එදා ඔහු කටු­නා­යක ගුවන් තොටින් රට තුළට පැන ගන්නේ ආර­ක්ෂක මුර­ක­පො­ලු­ව­ලට හසු­නොවී අමු­තුම ආකා­රයේ ගේමක් ගස­මිනි. අන­තු­රුව ඔහු පනින්නේ ඉන්දි­යා­ව­ටය. ඉන්දි­යාවේ සිට ඔහු ගේම් ගැසුවේ මයි­කල් හර­හාය. වැඩි­කල් සුජීට මයි­කල් යොදා ගේම් ගසන්න ඉඩක් නොවීය. මයි­කල් ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට කොටු වන්නේ දකුණේ සිදු වුණු අභි­ර­හස් ඝාතන රැස­කට සැක­පි­ටය. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සුජී ගැන තොර­තුරු වැමෑ­රු­වේය. ඉන්දි­යාවේ සැඟ­වෙ­මින් නිද­හසේ අප­රාධ මෙහෙ­යවූ සුජී 2012 ඔක්තෝ­බර 29 දා ඉන්දි­යා­වේදී අත්අ­ඩං­ගු­වට පත්වන්නේ ඒ අනු­වය.

 

බොස් සරත් ඝාත­නය

ඒ වන විට ඌර­ග­ස්ම­න්හං­දියේ බලය ඇල්ලී­මට සුජීට තිබුණු ලොකුම බාධ­කය වූයේ බොස් සරත්ය. මයි­කල් හරහා තමන්ගේ සහාය ඉල්ලූ සමන් සුරේෂ් මගින් සුජී සැල­සුම් කරන්නේ එක ගලෙන් කුරු­ල්ලන් දෙදෙ­න­කුම දඩ­යම් කිරී­ම­ටය. ඒ වන විටත් ඉන්දික සිටින්නේ සුරේෂ්ගේ සහෝ­ද­ර­යාත් මිතු­රාත් මරා­දැ­මූ­වාට සැක­පිට පොලිස් අත්අ­ඩං­ගු­වට පත්ව බන්ධ­නා­ගා­ර­ග­ත­වය. ඉන්දි­කගේ බලය බිඳී­මට නම් බොස් සරත්ට වැඩක් දිය යුතු බව සුරේෂ්ට ඒත්තු ගන්ව­න්නට සුජී වග­බ­ලා­ග­ත්තේය. සිය සහෝ­ද­ර­යාගේ මර­ණින් විය­රු­වැටී සිටි සුරේෂ් හරි­ය­ටම ඒ ඝාත­න­යෙන් මසක් ඉක්ම යන දින බොස් සරත් මරා­ද­මන්නේ සුජීගේ හයි­යද ඇති­වය. මාලෙ­වෙල ප්‍රධාන මාර්ග­යේදී වෙඩි තබා බොස් සරත්ව මරා­දැමූ සුරේෂ් ඔහුගේ හිස කඳින් වෙන් කර රැගෙන ගොස් තබන්නේ ඉහළ මාල­වල රන්තො­ටු­විල සමු­ප­කා­රය ආස­න්න­යේය.

බොස් සරත්ගේ ඝාත­න­යත් සමග බන්ධ­නා­ගා­ර­ග­තව සිටි ඉන්දි­ක­ටද මරණ බිය දැනෙන්න ගත්තේය. මෙහිදී ඔහු හේත්තු වන්නේ සුජීගේ ප්‍රති­වා­දියා වූ මාක­ඳුරේ මධු­ෂ්ටය. ඒ බන්ධ­නා­ගා­ර­ග­තව සිටි මධුෂ්ගේ ගෝල­යකු වන කොස්ගොඩ රණා මාර්ග­යෙනි.

ඉන්දික බන්ධ­නා­ගා­ර­යෙන් එළි­යට එන්නේ මධුෂ්ගේ ගෝල­බා­ල­යන් රැසක් සමග ඉතා කිට්ටු සම්බ­න්ධ­කම් ගොඩ­න­ගා­ගෙ­නය. ඒ අතර කොස්ගොඩ තාර­කද සිටි­යේය. පසු­ගිය වසරේ ජූලි 22 දා සිදු­වුණු මාතර නිලේකා ජුව­ලරි කොල්ල­ය­ටද ඉන්දික සම්බ­නධ වූ අතර, ඒ කොල්ලය සැල­සුම් කරන්නේ තාර­කය. ඉන්දික එසේ දකුණේ ප්‍රබල පාතාල අප­රා­ධ­ක­රු­වන් සමග එක්ව මිනිස් ඝාතන ඇතුළු අප­රා­ධ­වල නිරත වෙමින් බලය ගොඩ­න­ගා­ග­නි­මින් සිටි­යදී සුජීගේ අඩි­පාරේ යමින් සුරේෂ්ද සිටියේ බල­වත් වෙමිනි. සුරේෂ් මාන බල­මින් සිටියේ ඉන්දි­කට වැඩක් දෙන්න­ටය. ඉන්දික මාන බැලුවේ සුරේෂ්ට වැඩක් දෙන්න­ටය. ඉස්සර වන්නේ ඉන්දි­කය. ඒ පසු­ගිය වසරේ නොවැ­ම්බර් 30 දාය. එදා මහා වැසි දින­යකි. සුරේෂ්ගේ පවුලේ උද­විය සවස 6-7 වන විට අසල නිවෙ­ස­කට ගොස් සිටි­යහ. සිය ඥාති සහෝ­ද­රයා වූ චමිල දීපාල් සමග සුරේෂ් රැඳී සිටියේ නිවෙස ඉදි­රි­පිට ඇති කුරුඳු වාඩි­යේය. මහා වැසි මැද වාඩි­යට කඩා­ව­දින්නේ ඉන්දි­කය. ඒ තනි­වම නොව, ගෝල­බා­ල­යන් කිහිප දෙනකු සම­ගිනි. සුරේ­ෂ්ටත් චමි­ල­ටත් කිසි­වක් සිතා­ග­න්න­වත් ඉඩ නොත­බ­මින් වෙඩි වර්ෂා­වක්ම ඔවුන් වෙත මුදා හැරිණි.

මේ ද්විත්ව ඝාත­න­යෙන් පසු පොලී­සි­යෙන් බේරී­මට ඉන්දික පලා යන්නේ වව්නි­යා­ව­ටය. මාස කිහි­ප­යක් වව්නි­යාවේ රැඳී සිටි ඔහු එතැ­නින් ඉන්දි­යා­වට පැන්නේය. වැඩි කාල­යක් ඔහු ඉන්දි­යා­වේද රැඳී සිටියේ නැත. මාක­ඳුරේ මධුෂ්ගේ ආශී­ර්වා­ද­යෙන් ඔහු ඩුබායි රටට පැන්නේය. දැන් ඔහු සිටින්නේ ඩුබා­යි­ව­ලය. ඉන්දික එසේ රටි­නුත් පලා­ගොස් සැඟවී සිටින විට සුරේෂ් සහ චමි­ලගේ ඝාත­න­යට හවුල් වූවන්ට මරණ වරෙ­න්තුව නිකුත් කරන්නේ මයි­කල්ය. ඒ වන විට මයි­කල් සිටි­න්නේද ඩුබා­යි­හිය. ඒ කොස්ගොඩ සුජී සම­ගිනි. සුජීගේ අනු­දැ­නුම මත මයි­කල් හොර පාරෙන් පසු­ගිය දින­වල මෙර­ටට පැමිණ ඇති බවට වූ විවිධ දූස­මාන තොර­තු­රුද නැතු­වාම නොවේ. එහි ඇත්ත නැත්ත මෙතෙක් තහ­වුරු වී නැතත් ඇල්පි­ටියේ මගී බස් රථය තුළ සිදුවූ ඝාත­න­යට නම කියැ­වෙන්නේ මයි­ක­ල්ගේය.

 

ඝාත­කයා දැන් සුජීගේ තුරුලේ

බන්ධ­නා­ගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් රුවන් තිහාර ජය­ර­ත්නගේ ඝාත­කයා දැන් සිටින්නේ කොස්ගොඩ සුජීගේ තුරු­ලේය. ජේලර් ඝාත­න­යෙන් දින දෙකක් ඉක්ම යන විට ඔහු කටු­නා­යක ගුව­න්තො­ටින් ඩුබායි බලා පලා ගියේය. කොහු­ව­ලදී අව­න්හල් හිමි­ක­රු­ව­කුට වෙඩි තබා ඝාත­නය කළ ජම්බු­ග­ස්මුල්ලේ බබීද ඒ ඝාත­න­යෙන් පැය 24ක් ඉක්ම යන්නට මත්තෙන් පනින්නේ ඩුබා­යි­ව­ල­ටය. ඔහු පිළි­ග­න්නේද කොස්ගොඩ සුජීය.

දැන­ගන්න ඇති ආකා­ර­යට මෑත­කදී ආන්දෝ­ල­න­යට තුඩු­දුන් මේ මිනිස් ඝාතන දෙක­ටම සුජීගේ ඍජු සම්බ­න්ධ­කම් ඇති බවක් නොපෙනේ. ඝාතන දෙකම සිදු වන්නේ සුජීගේ ගෝල­යන්ගේ හිතු­ව­ක්කා­ර­කම් නිසාය. ජේලර් රුවන් තිහාර ඝාත­නය කර­න්නට බන්ධ­නා­ගා­ර­යේම දූෂි­ත­ය­කුගේ අව­ශ්‍ය­තා­ව­කට පොඩි ලැසීත්, කර­න්දෙ­ණියේ සුද්දාත් එක්ව සැල­සු­ම්ක­රන බව දැන­ගත් මොහො­තේම සුජී ඔවුන්ට අව­වා­ද­කර ඇතැයි කියැ­වෙන්නේ ඒ වැඩේ නොක­රන ලෙසය.

එදා ඔවුන් සැල­සු­ම්ස­හ­ග­තව සිය ගෝල­බා­ල­යන් යොදා ජේලර් රුවන්ට වෙඩි තබා ඝාත­නය කරන්නේ සුජීගේ අණට පිටු­පා­මිනි. ඒ සුජීගේ නම විකු­ණ­මිනි. ජේලර් ඝාත­න­යට ඔවුන් යොදා­ග­න්නේද රත්ගම පදිං­චිව සිටි සුජීගේ කුලී ඝාත­ක­යෙකි. බුද්ධි අංශ සඳ­හන් කරන ආකා­ර­යට සුජී ඒ ඝාත­කයා තමා වෙත ගෙන්වා­ගන්නේ ඒ නිසාය.

ජේලර් රුවන් ඝාත­නය කරන්නේ ලැසී­ගේත් සුද්දා­ගෙත් වුව­ම­නා­ව­කට නොවන බව විම­ර්ශ­න­ව­ලින් මේ වන විටත් පැහැ­දි­ලි­වම හෙළි වී හමා­රය. ලැසී සහ සුද්දා ඒ සඳහා මෙහෙ­යවා ඇතැයි විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත්තේ ඔහු සමග වෛර­යෙන් සිටි බන්ධ­නා­ගා­ර­යේම අය­කුගේ වුව­ම­නා­ව­ක­ටය. ඒ පුද්ග­ලයා කවු­රු­න්දැයි විම­ර්ශ­ක­යන් දන්නා­මුත් ඔහුව නීතිය හමු­වට ගෙන ඒමට ලෙහෙසි පහසු නැත. ඒ ඔහුට එරෙ­හිව ඇති සාක්ෂි තව­මත් ඇත්තේ අල්ප­යක් වන බැවිනි.

 

Comments