බෞද්ධ මහා සම්මේ­ල­නය පව­ත්වන බෞද්ධ සාහිත්‍ය උත්ස­වය 19 වැනිදා | සිළුමිණ

බෞද්ධ මහා සම්මේ­ල­නය පව­ත්වන බෞද්ධ සාහිත්‍ය උත්ස­වය 19 වැනිදා

මස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ල­නය විසින් සංවි­ධා­නය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උත්ස­වය මේ මස 19 වැනිදා බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පව­ත්වනු ලැබේ. ඒ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ල­නයේ සභා­පති ජගත් සුම­ති­පාල මහතා පව­සන්නේ සිංහල ජාතිය මෙන්ම සිංහල සාහිත්‍ය පෝෂ­ණය වූයේත් අඛ­ණ්ඩව රැදී පැව­තු­ණේත් බුදු දහම නිසා හෙයින් එය අඛ­ණ්ඩව පවත්වා ගැනීම පිණිස කට­යුතු කිරීම වැද­ගත් බවයි. එම නිසා බෞද්ධ සාහිත්‍ය උත්ස­ව­යක් පව­ත්වනු ලබන බවද ඒ මහතා පෙන්වා දෙයි.

විශේ­ෂ­යෙන්ම සාහිත්‍ය මාසය තුළදී රාජ්‍ය සාහිත්‍ය උත්ස­වය හා සාහිත්‍ය සම්බන්ධ විවි­ධා­කාර කට­යුතු සිදු­වු­වත් බෞද්ධ සාහිත්‍ය සම්බ­න්ධව ඇගැ­යී­මක් සිදු නොවුණු හෙයින් සම්මේ­ල­නයේ විශේෂ අද­හ­සක් අනුව 2007 වසරේ සිට මේ කාර්යය ආරම්භ කළ බවද ඒ මහතා පව­සයි.

ඒ වසර වන විට බෞද්ධ කෘතීන් සුලභ නොවූ­වද පෙර වසරේ ප්‍රකා­ශ­යට පත් වෙමින් තිබුණු බෞද්ධ කෘති අග­ය­මින් එම උත්ස­වය ආරම්භ කළ බවද සුම­ති­පාල මහතා පෙන්වා දෙයි. එම බෞද්ධ කාර්යය මේ දක්වා වසර 13ක්ම අඛ­ණ්ඩව පවත්වා ගෙන එන බවද ඔහු පව­සයි.

බෞද්ධ කෘති සඳහා නිසි ඇගැ­යී­මක් සිදු නොවුණු නිසා ඒ සඳහා බුද්ධ ශාසන අමා­ත්‍යාං­ශ­යේද දාය­ක­ත්ව­යක් ලබා ගෙන මේ කට­යුතු සිදු කරනු ලැබේ. ආර­ම්භයේ සිටම මේ සඳහා විශේෂ සහා­යක් දැක්වී­මට ආචාර්ය ප්‍රණීත් අබේ­සු­න්දර මහතා විසින් කට­යුතු කර තිබේ. ඔහු විසින් විශේ­ෂඥ මණ්ඩ­ල­යක් හරහා ගැදි පැදි විචාර ඇතුළු විවිධ කාණ්ඩ යටතේ මේ කෘති ඇගැ­යී­මට ලක් කරනු ලැබේ.

මෙවර බෞද්ධ සාහිත්‍ය උත්ස­වය පව­ත්වනු ලබන්නේ දිවි­යා­ගහ යසස්සි නාහි­මි­යන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් නිවාස ඉඳි­කි­රීම් හා සංස්කෘ­තික කට­යුතු ඇමැති සජිත් ප්‍රේම­දාස බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජය­වි­ක්‍රම පෙරේරා මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙනි.

එහිදී ගුණ­පාල මල­ල­සේ­කර විය­තා­ණන්ගේ හා සෝලි­යස් මෙන්ඩිස් මහතා නමින් බෞද්ධ සාහිත්‍ය සේවා­වන් උදෙසා දෙදෙ­න­කුට ඇගැ­යීම් සිදු කරනු ලැබේ.

මීට පෙර 2010 වස­රේදී ෆාහි­යන් භික්ෂු­වගේ දේශා­ට­න­යන්ට වසර 1600ක් පිරීම නිමි­ත්තෙන් 1924 වසරේ මුද්‍ර­ණය කළ කෘති­යක් ප්‍රති මුද්‍ර­ණය කිරීම සිදු කරන ලදී. එසේම 2012 වස­රේදී ඒ දක්වා නිකුත් කර තිබුණු සියලු බෞද්ධ මුද්දර සම්බන්ධ කෘති­යක් බොදු පුන­රු­දයේ මුද්දර නමින් එළි දක්වන ලදී.

2013 වසරේ බ්‍රහ්ම­චාරී වලි­සිංහ හරි­ස්චන්ද්‍ර මහ­තාගේ චරි­තය සම්බන්ධ කති­කා­වක් සම්පා­ද­නය කෙරුණු අතර 2014 වසරේ අන­ගා­රික ධර්ම­පා­ල­තු­මාගේ 150 වන සංව­ත්ස­රය උදෙසා රාජ අනු­ග්‍ර­හ­යෙන් විශේෂ කාර්ය­යන් රැසක් සිදු කිරී­ම­ටද සම්මේ­ල­නය විසින් කට­යුතු යොදන ලදී.

ශ්‍රීමත් ඩී.බී. ජය­ති­ලක ශූරීන් ඇගැ­යීම මෙන්ම පාන­දුරා වාදය සිහි කිරී­මත් මහා­චාර්ය විනී විතා­ර­ණ­යන් ඇගැ­යී­මද මේ කාලය තුළදී සිදු කර ඇති සුවි­ශේෂී කාර්ය­යන්ය.

මෙව­රද මහා­චාර්ය විනී විතා­ර­ණ­යන් ඇගැ­යී­මට ලක් කෙරේ. ඉදි­රි­යේ­දීත් බෞද්ධ සාහිත්‍ය කෘති මෙන්ම සිය­ලුම බෞද්ධ සාහිත්‍ය දියු­ණු­වට අවශ්‍ය සියලු කට­යුතු උදෙසා සම්මේ­ල­නය විසින් කට­යුතු යොද­මින් සිටී.

ඒ සඳහා ජන­මාධ්‍ය අංශයේ සහා­යද සම්මේ­ල­නය බලා­පො­රොත්තු වේ.

කිය­වීම අඩු­වෙ­මින් පව­තින මේ යුගයේ බෞද්ධ පත­පොත කිය­වී­මට නව පර­පුර යොමු කිරී­ම­ටද බෞද්ධ මහා සම්මේ­ල­නයේ බෞද්ධ සාහිත්‍ය උත්ස­වයේ එක් අර­මු­ණක් වී ඇත.

සෑම වස­ර­ක­දීම ප්‍රකා­ශ­න­යක් නිකුත් කිරීම බෞද්ධ සාහිත්‍ය උත්ස­වයේ විශේ­ෂම අර­මු­ණක් වී ඇත. එමෙන්ම සාහි­ත්‍ය­ධ­ර­යන් ඇගැ­යී­මද එක් එක් අංග­යකි.

තාරක වික්‍ර­ම­සේ­කර

 

Comments