මෛත්‍රී භාවනාව වඩනවා නම් මුහුණ නෙලුම් මලක් වගේ ලස්සන වෙනවා | සිළුමිණ

මෛත්‍රී භාවනාව වඩනවා නම් මුහුණ නෙලුම් මලක් වගේ ලස්සන වෙනවා

අද අ‍ෙප් දේශනාවට පාදක කරගත්තේ බුදු­ර­ජා­ණන් වහ­න්සේ වදාළ සූත්‍ර දේශ­නා­වක් වන චචක්ක සූත්‍රයයි. ‘ච’ කියලා කියන්නේ හයට; 'චක්ක' කියලා කිය­න්නෙත් හය­ට­මයි‍. මජ්ජම නිකායේ සූත්‍ර පිට­කයේ මේ ධර්ම දේශ­නාව තියෙන්නේ. මේ ධර්ම දේශ­නාව දේශ­නාව දේශනා කිරී­මෙන් පසුව භික්ෂු­න් ව­හ­න්සේලා හැට­න­ම­කගේ කෙලෙස් නැති­වෙලා ගියා. උන්ව­හ­න්සේලා රහ­තුන් වහ­න්සේලා බවට පත්වුණා. එය විශේ­ෂිත ආශ්ච­ර්ය­යක් නොවෙයි.

බුදු කෙනෙක් ධර්ම දේශ­නා­වක් කරන විට රහ­තුන් වහ­න්සේලා බිහි වෙන්නේ සිය ගණ­නින්; දහස් ගණ­නින්. ඒ සියලු අව­ස්ථා­ව­ල­දීත් එක් වර­කට හැට නම, හැට නම බැගින් රහ­තුන් වහ­න්සේලා බවට පත් වුණා. ඒව­ගේම අසූ­මහ ශ්‍රව­ක­යන් කියන්නේ මේ ලෝකේ බිහි වූ මහ ප්‍රාඥයෝ. ඒ වගේ ප්‍රඥා­ව­න්ත­යන් තවත් ලෝකයේ නැහැ. ඒ වගේ මහ ප්‍රාඥ­යන් ධර්මය දේශනා කරන මොහො­තක හැට නමක් රහත් වුණා කියන එක ආශ්ච­ර්ය­යක් නොවෙයි.

මේ සූත්‍රයේ ඇති බල­ගතු ආශ්ච­ර්ය­ය­වත් සිදු­වීම සිදු වුණේ ලංකාවේ. ඒ නිසා අනු­රා­ධ­පු­රයේ මහ භික්ෂුන් වහ­න්සේලා මේ ආශ්ච­ර්ය­ය­වත් සිදු­වීම දැකලා එය ග්‍රන්ථ­ව­ලට පවා ඇතු­ළත් කරලා තිබුණා. ඒ අසි­රි­මත් සිදු­වී­මෙන් පස්සේ කාලයේ දී තම්බ­පන්නී දීපයේ මලි­ය­දේව කියලා තෙරුන් වහන්සේ කෙනෙක් බිහි වුණා. මලි­ය‌දේව කියන රහ­තන් වහන්සේ අනු­රා­ධ­පු­රයේ මහ විහා­ර­යට වැඩම කරලා මහල් නව­ය­කින් යුත් වූ ලෝවා මහ ප්‍රාසා­ද­යේදී මේ චචක්ක සූත්‍ර දේශනා කළා. ඒ දේශ­නාව අව­සා­නයේ රහ­තන් වහ­න්සේලා හැට නමක් බිහි වුණා. ලෝවා මහ­පායේ තියෙ­නවා; අට්ට කතාවේ සඳ­හ­න්් වෙ­නවා, විශේෂ­යෙන් මහ මණ්ඩ­පය කියලා. මේ මහ මණ්ඩ­පය තමයි දහස් කතා ‍ලෝවා මහ ප්‍රසා­දය කියන්නෙ. එහි මහ මණ්ඩ­ප­යට තමයි භික්ෂු­න් ව­හ­න්සේලා වැඩම කරන්නෙ. එතැන් සිට දහම් කතා අාදිය කීමට රැස් වෙනවා. ‍මේ මහ මණ්ඩ­පයෙ සිට මේ දේශ­නාව කළා. එදි­නත් භික්ෂුන් වහ­න්සේලා හැට­න­මක් රහත් භාව­යට පත්වෙලා ති‍යෙනවා. ඉන් පසුව උන්ව­හන්සේ මහ විහා­ර­යෙන් නික්මිලා චේතිය පබ්බ­ත­යට ගියා. චෛත්‍ය­යක් තියන කන්ද කියන අද­හ­සයි එහි තේරුම.

මේ චේතිය කන්ද කියලා හඳු­න්වන්නේ මිහි­න්ත­ලා­වයි. එහි වැඩ සිටි ස්වාමී­න් ව­හන්සේ ගිහි පින්ව­තුන්ට මේ සුත්‍රය දේශනා කළා. හැට නමක් රහ­තු­න්ව­හන්සේ ‍මෙහිදි බිහි­වුණා. මේ සූත්‍රය කිහිප අව­ස්ථා­වක දේශනා කළා, රහතන් වහන්‍සේ හැට­න­මක් එ සෑම අව­ස්ථා­ව­ක­දීම බිහි වුණා. ප්‍රධාන අවස්ථා කිහි­ප­ය­කදී මුති­යං­ග­නය, කැලණි විහා­රය ආදි තැන්ව­ලදි දේශනා කළා.

එ් කියන්නෙ පිරි­නි­වන් පානවා කියලා කිව්වාම රහ­තන් වහ­න්සේ­ලාගෙ අව­සා­නය කියලා තමයි අ‍ෙප් මිනිස්සු හිතුවෙ. අන්තිම රහ­තන් වහන්සේ කියලා කියන රහ­ත­න්ව­හ­න්සේලා අදත් ඉන්නවා. පළ­මුව එ් අව­සන් රහ­ත­න් ව­හන්සේ කියන මිත්‍යා දෘෂ්ටිය ඉවත් කර­න්නට ඕන. බුදු­ර­ජා­න­න්ව­හන්සේ මල්ල රජ­ද­රු­වන්ගෙ උප­ව­ත්තන සල්වනයේ සල්ගස් දෙකක් අතර පැන­වුණු පිරි­නි­වන් මංච­කයේ වැඩ සිට භික්ෂුන්ට කතා කර­නවා. කතා කරලා කිය­නවා අාර්යය අෂ්ටාං­ගික මාර්ගය ‍ලොව තුළ පව­ති­න­කල් ‍ලෝ‍කයේ පළමු දෙවැනි තුන්වැනි ශ්‍රම­ණ­යා‍ත් හිස් ‍නොවේ යැයි මම කියමි' පළමු ශ්‍රම­ණයා කිව්වේ ‍සෝවාන් වූ කෙනා: ‍‍දෙවැනි ශ්‍රම­ණයා කිව්වේ සක­දා­ගාමී කෙනා; තුන්වැනි ශ්‍රම­ණයා අනා­ගාමි; හතර වැනි ශ්‍රම­ණයා කිව්වෙ රහ­ත­න්ව­හ­න්සේ­ලාට.

මේ අාර්ය අෂ්ටාං­ගික මාර්ගය තියෙ­න­කල් ‍‍මේ මාර්ග­ඵල ලාභීන්ගේ ශාස­නය හිස්වෙන්නේ නැහැ. අද­ටත් අර්යය අෂ්ඨාං­ගික මාර්ගය තියෙ­නවා. මේ වන­වි­ටත් ඔබ කැමැති නම් මේ බුද්ධ ශාස­නය ප්‍රති­ඵල සහි­තයි. ඔබට අවශ්‍ය නම් මාර්ග ඵල ලබා­ග­න්නට පුළු­වන් කියලා බුදු­න්ව­හන්සේ අපිට උග­න්ව­නවා. එ් නිසා චචක්ක සූත්‍රයේ යම් ‍‍කොටස­කට අව­ධා­නය ‍‍යොමු කර බුදු­ර­ජා­ණ­න් ව­හ­න්ෙස් වදාළ පරි­ද්දෙන් ඉගෙන ගත යුතුයි. උන්ව­හන්සේ දේශනා කර­නවා ' ච තණ්්හා කායා­වේදී තබ්බා... මහ­ණෙනි තන්හා හයක් තියෙ­නවා; මේ තණ්හා­වල් හය පිළි­බ­දව දත යුතුයි. මෙතන දත යුතුයි කියන්නේ 'සහ­වි­ප­ස්සනා මධ්‍යයේ ජානි තබ්බන්තී' කියලා. විද­ර්ශනා භාවනා මාර්ග­යෙන් මේ තණ්්හා හය හරි­යට අව‍බෝධ කර­ගන්න. මේ තන්හා හය කුමක්ද කිව්වොත් මෙහි පළමු වැනි තණ්්හා ව තමයි; රූප­ව­ලට ආසාව ඇති­වීම.රූප­යක් බල­න­කොට හිත තුළ ආසාව ඇති­වෙ­නවා; එයට කියන්නේ රූප තණ්්හා ව කියලා. ඉන්පසු ශබ්ද­ය­කට ආසාව ඇති­වෙ­නවා; ගඳ සුව­ඳට ආසාව ඇති­වෙ­නවා; ඒ ගන්ධ තණ්්හාව. දිවට දැනෙන රස­යට ආසාව ඇති­වෙ­නවා.

එයට කියන්නේ රස තණ්්හාව, කයට ඇති වන තණ්්හාවට කියන්නේ හෙට්ටබ්බ තණ්හාව කියලා. ඉන්ප­සුව සිතු­වි­ලි­ව­ලට ආසාව ඇති­වෙ­නවා; ධම්ම තණ්හා කියලා එයට කියන්නේ. මේ ආකා­ර­යට තණ්හා වර්ග හයක් සම්බ­න්ධ­යෙන් කිය­වෙ­නවා. අපේ ජිවි­තයේ මේ තණ්හාව අපි තුළ තිය­නවා. මේ තණ්්හා හය බුදුන් වහන්සේ කිය­නවා තුන් ආකා­ර­ය­කින් අපේ ජිවි­තයේ හට ගන්නවා කියලා. දැක්ක හැටියේ අපි ට අාසාව ඇති­වෙ­නවා; අහපු හැටියේ ආසාව ඇති­වෙ­නවා; සිතට සිතු­විලි ඇති වෙන විට ආසාව ඇති­වෙ­නවා; මේ ආසාව ඇති­වෙන්නේ රාගය මුල් වෙලයි. රාගය මුල්වී හට ගන්නා­විට මේ තණ්්හා­වට නමක් කිය­නවා; එනම් කාම තණ්්හා ­වයි. හිතේ රාගය මුල් වී හටගන්න නිසා කාම තණ්්හා නමින් හඳු­න්ව­නවා. තව කරු­ණක් තමයි ආත්ම දෘෂ්ටිය මුල් වෙලා මේ භය හට ගන්නා අව­ස්ථාත් තිබෙ­නවා.

ආසාව කියන්නේ නිත්‍ය වූ දෙයක්: ද්වං සස්සතං අවි­ප­රි­නාම ධම්මං... මේ ආකා­ර­යට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට අපි ආස කර­නවා; බැඳිලා ඉන්නවා. අපි ආස කරන දේට අාද­රය කරන්නේ නිච්චං කියලා; ද්වං එනම් ස්ථී­රයි. සස්සතං සදා­කා­ලික දෙයක් කියලා අපි ආද­රය කර­නවා. එය 'භව' තණ්හාව ලෙසයි හඳු­න්වන්නේ‍. ඒ භව තණ්හාව කියන්නේ පංච කාම වස්තු­න්ට­මයි. අපි ආද­රය කරන්නේ ස්ථීරයි කියලා හිතලා.

තව පිරි­සක් පර­ලොව විශ්වාස කරන්නේ නැහැ. පර­ලො­වක් පිළි­ගන්නේ නැහැ. මැරිලා ඉප­දෙ­නවා කියලා පිළි­ගන්නේ නැහැ. තව කෙනෙක් මව්පි­යන් නිසා දරු­වෙන් ඉප­දුණා කියලා විත­රයි හිතන්නේ.

ඉන්පසු ජීව­ත්වෙලා මැරිලා යනවා කියලා විත­රයි පිළි­ගන්නේ. පර­ලොව පිළි­ගන්නේ නැහැ. පව් කළොත් අපා­ය­ගත වෙනවා කියලා පිළි­ගන්නේ නැහැ. පින් කරන කෙනා දිව්‍ය­ලෝ­කයේ ඉප­දෙන්නේ නැහැ කියලා හිතලා ජිවත් වෙන්නේ‍; ආයෙ උප­දි­නවා කියලා කිසිදු අද­හ­සක් නැතුව .එයට කියන්නේ නියත මිත්‍ය ද‍ෘෂ්ටිය කියලා. උන්ව­හන්සේ සුත්‍ර දේශ­නා­වක දේශනා කළා, ‘නියත මිත්‍ය දෘෂ්ටිය තරම් ප්‍රබල වූ බල­වත් තවත් අකු­ස­ල­යක් නැතැයි මම ඔබට දේශනා කරමි‘ කියලා. මේ නියත මිත්‍ය ද‍ෘෂ්ටි­ක­යාට නියත ගති­යක් තිය­නවා. එයා මැරුණු හැටි­යෙම යථා­භතං විච්චිත්තං එවං නිරේ.... කරේ උස්ස­ගෙන ගිය බරක් බිමින් තිබ්බා වගේ නිරයේ උප­දි­නවා. මේ මිත්‍යා දෘෂ්ටිය තරම් ප්‍රබල අකු­ස­ල­යක් තවත් නැහැ. අපි දන්නවා ආන­න්ත­රී­යය පාප කර්ම පහක් කළොත් කල්ප­යක් නිරයේ කියලා කිය­නවා. පින් පව් විස්වාස නොක­රන අපාය දිව්‍ය ලෝක පිළි­ගන්නේ නැති අය, කර්ම ඵල අද­හන්නේ නැති අය, නිරයේ ඉප­දෙ­නවා.

කල්පය අව­සන් වන විට එයාල‍ා මේ සක්වල තියෙන නිර­යෙන් නිද­හස් වෙලා වෙන නිර­ය­කට යනවා. එහි දුක් වි­ඳි­නවා. මේ දෘෂ්ටිය කොත­රම් දරු­ණු ද කියන්නේ ඒ තාක්කල් නිරයේ දුක් වි­ඳි­නවා‍‍. කල්ප විනා­සය වන විට වෙන නිර­යක උප­දි­නවා. කවදා නිර­යෙන් නිද­හස් වෙන­වාද කියලා හිතා­ග­න්නට බැහැ. ආන­න්තර්ය පාප කර්ම කර­න­වාට වඩා බර­ප­ත­ලයි මෙලොව පර­ලොව පිළි නොගැ­නීම; පින් පව් විශ්වාස නොකි­රීම; අපාය දිව්‍ය ලෝක පිළි­නො­ගැ­නීම; මේ අද­හ­සින් ඉන්න අය අපායේ යන්නේ අත් නොහ­රින තාක් කල් විත­රයි. අත­හැ­රියේ නැතොත් පම­ණයි නිර­ය­ගාමී වෙන්නේ.

මොලොව පර­ලොව විස්වාස නොක­රන පින්පව් විශ්වාස නොක­රන ඇත්තො ඉන්නවා. අපාය දිව්‍ය­ලෝක විශ්වාස නොක­රන අය ඉන්නවා. ඒ අය තුළත් තණ්හා භය ගන්නවා. එයාලා තුළ මේ දේවල් හට­ග­ත්තාම හරි ප්‍රබ­ලයි. මේ මම ආයේ උප­දින්නේ නැහැ කියන කෙනාගේ තණ්්හාව ඉතා දරු­ණුයි. එයා හිතන්නේ මේ අසාව හොඳින් ‍හෝ නර­කින් ඉටු කර­ග­ත්තට කමක් නැහැ කියලා. මම නරක දේවල් කළා කියලා යන අපා­යක් නැහැ; හොඳ දේ කළා කියලා යන අපා­ය­කුත් නැහැ කියලා හිත­නවා. නිසා හොඳින් හෝ නර­කින් කාලා බීලා සතු­ටින් ඉන්න ඕන කියලා තමයි ඒ ඇත්තො කල්පනා කරන්නේ. එ තණ්හාවට කියන්නේ විභව තණ්හා කියලා. පැවැ­ත්මක් එ් අය පිළි­ග­න්නවා.

බුදුන් වහන්සේ මේ සුත්‍රයේ දේශනා කළා, මේ ‍කියන දේවල් අපේ ජිවිත වලින් ප්‍රහා­නය කර­ගන්නේ කොහො­මද කියලා. බොහෝ කොට අපේ ජිවිත වලට මේ සඳහා වැඩ­පි­ළි­වෙ­ලක් තියෙ­නවා. අප විසින් අපේ ජිවි­ත­යට බොහෝ කොට ගුණ ධර්ම­යන් එකතු කර­ගන්න, ඒක­රාශි කර­ගන්න ඕන‍‍. මේ ලැබුණු උතුම් බුදු සසුන තුළ අපි ‍අපේ ගෙදර බුදු කුටි­යක් සකස් කර­න්නට ඕන; බුදුන් පුද­න්නට ඕන. බුද්ධ වන්දනා කර­න්නට ඕන. බුද්ධ වන්ද­නා­වෙන් පසු තුන් සූත්‍රය දේශනා කර­නවා නම්, තෙරු­වන් වදි­න­කොට පන්සිල් සමා­දන් වෙනවා නම් සිලය කියන කොටස සම්පුර්ණ වෙනවා. වන මල් පම­ණක් පුජා කරන විට යම් කිසි දාන­මය පින්ක­ම­ක්‍ ­හැ­ම­දි­න­ය­ක­දීම එකතු වෙනවා.

භාවනා කිරී­මේදි පුහුණු කර­න්නේ සරල භාව­නා­වක්. තථා­ග­ත­යන් වහ­න්සේගේ මෛත්‍රී භාවනා හැම­දාම පුරුදු කර­න්නට ඕන; පුහුණු කරන්න පුරු­දු­ක­ර­න්නට ඕන. මෛත්‍රී භාවනා කරන්න; ඔබ සුවසේ නිදි­ය­නවා; නෙළුම් මලක් වගේ වික­සිත වෙලා ප්‍රබෝ­ධ­වත් වෙනවා. ඔ‍බේ මුහුණ නරක නපුරු වෙන්නේ නැහැ; අනෙක් අයට ප්‍රිය වෙනවා; ලස්සන රූප­යක් වෙනවා. දෙවි­යන්ට ප්‍රිය කෙනෙක් වෙනවා; දෙවි­යන් ඔබ ආරක්ෂා කර­නවා; මෛත්‍රිය වඩ­න්නට පුළු­වන් නම් දිනය කොත­රම් සුන්දර වෙනවා ද කියලා බලන්න. දුෂිත සිතින් බැලු­වොත් ත‍වකෙ­නෙක් දිහා ඒ දිනය අවා­ස­නා­වන්ත වෙනවා.

මෛත්‍රී වඩන්න පුළු­වන් නම්; හද­ව­තින්ම ප්‍රාර්ථනා කරන්න පුළු­වන් නම් මුළු ජිවි­ත­යම සඵල කරන පිනක් බවට පත්වෙ­නවා. මේ මෛත්‍රිය භාව­නා­ව­ක් ­වි­දි­හට පුරුදු කර­න්නට ඕන. තමන් මෛත්‍රී කර­න්නට ඕන. අම්මා තාත්තා ළමයි නිව­සක ඉන්නවා මේ පිරිස මෛත්‍රී වඩ­නවා නම් ඒ පිරිස කළ­යුතු දෙයක් තමයි; මෛත්‍රිය භාව­නා­වට අම­ත­රව මේ පිරිස ඇති තැන හෝ නැති තැන මෛත්‍රී සහ­ගත කාය කර්ම ඇති කර­ග­ත­ යු­තුයි.

ඉන්ප­සුව ගෙදර කෙනෙක් ගැන කතා කර­නවා. ඒ කෙනා ගැන මෛත්‍රි­යෙන් කතා කර­න්නට ඕන .ඒ කියන්නේ මෛත්‍රී සහ­ගත ‍වචීකර්ම එයයි. එකම සිතු­වි­ල්ල­ක්වත් දුෂිත ‍සිතින් සිත­න්නට හොඳ නැහැ. එවිට අපේ හිත දුෂ­ණය වෙනවා. මෛත්‍රී සිතින් යුතු ව ඔවු­නො­වුන් දිහා බල­න්නට ඕන. මෛත්‍රී වඩ­න්නට ඕන හද­ව­තින්ම එය වාස­නා­වන්ත කුස­ල­ක­ර්ම­යක්. ‍මෛත්‍රීය කියන දේ භාව­නා­වක් ලෙස පුරුදු කර­න්නට ඕන. මෛත්‍රී කරද්දි හිත තුළ කේන්ති­යක් ඇති­වු­ණත් ඒ කේන්තිය ඇති වූ කෙනා සම්බ­න්ධ­යෙන් සිත­න්නට ඕන, මොහු සැප­වත් වේවා; ශාන්ත වේවා. සිතින් කයින් වච­න­යෙන් මෛත්‍රි­යෙන් යුතුව සිතිය යුතුයි. ‍නිවසට මෙත් වඩ­න්නට ඕන. නිව­සක මෙත් වඩන හැටි මම අද කියලා දෙන්නම්. නිවෙ­සට කර­ද­ර­යක් විප­තක් ඇති නොවෙන්න ඉතා සුවසේ ජිවත් වෙන්න මේ භාව­නා­වෙන් පුළු­වන් වෙනවා.

මේ විදි­හ­ටයි අපි භාවනා වැඩිය යුතු­ වන්නේ. ඔබ කැමැති ආකා­ර­යට සිටිය යුතුයි. මම වෛර තරහා නැත්තෙක් වෙම්වා; දුක් නැත්තෙක් වෙම්වා; සුවසේ ජිව­ත් වෙම්වා; මා මෙන්ම මේ නිවෙසේ සිටින ප්‍රධාන ජනයා වෛර නැත්තෝ වෙත්වා; තරහා නැත්තෝ වෙත්වා; දුක් නැත්තෝ වෙත්වා; සුවසේ ජිවත් වෙත්වා; මේ නිවෙසේ සිටින ආර­ක්ෂක දේව­තාවො වෛර නැත්තෝ වෙත්වා; තරහා නැත්තෝ වෙත්වා; දුක් නැත්තෝ වෙත්වා; සුවසේ ජිවත් ජිවත් වෙත්වා; මේ නිවසේ සිටින සියලු සිටින සියලු දෙනා කියලා මෙත් වඩන්න.

මේ නිවෙසේ සිටින සියලු සත්ත්වයො කියලා මෙත් වඩන්නේ අධි­පති ජනයා ආර­ක්ෂක දේව­තාවෝ; සියලු මනු­ස්සයෝ; සියලු සත්ත්වයෝ; වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ , වෙත්වා සුවසේ ජිවත් වෙත්වා කියලා මෙත් වඩන්න. එක­කො­ට­ස­කට දහ­ වරක් බැගින් මෙත් වඩ­න්නට හැකි­ වෙන්න ඕන.මේ ආකා­ර­යට මෙත් වැඩී­මෙන් ඔබ­ටත් නිවෙසේ වසන සියලු දෙනා­ටම යහ­ප­තක් වෙනවා සේම ඔබේ නිවස මහ පින් රැස්වන තැනක් බවට පත්වෙලා ඔබේ ජිවි­තය ඒකා­න්ත­යෙන්ම සුව­පත් වෙනවා; කාන්ති­මත් වෙනවා.

 

Comments