වර­ද­ක­රු­වන් පැමි­ණි­ලි­ක­රු­වන් වන්නට යන කුච්ච­වේලි නාවික ධීවර ගැට­ලුව | Page 2 | සිළුමිණ

වර­ද­ක­රු­වන් පැමි­ණි­ලි­ක­රු­වන් වන්නට යන කුච්ච­වේලි නාවික ධීවර ගැට­ලුව

දිනය - පසු­ගිය අගෝස්තු 29 වැනිදා

වේලාව - අලු­යම 3 පමණ

ස්ථානය - නැඟෙ­න­හිර පුල්මුඩේ මුහුදු ප්‍රදේ­ශය

සැක කට­යුතු යාත්‍රා­වක් නැඟෙ­න­හිර වෙර­ළට පැමි­ණෙන්න ඉඩ තිබෙන බවට නාවික හමු­දා­වට තොර­තු­රක් ලැබිණි. වහා ක්‍රියා­ත්මක වූ නාවික හමු­දාව විසින් ඒ පිළි­බඳ සොයා බැලී­මට ඩෝරා යාත්‍රා­වක් යෙද­විණි. මේ නාවික මෙහෙ­යුම සිදු වන අතර එක් සැක කට­යුතු යාත්‍රා­වක් නාවික පිරි­ක්සුම් මඟ­හැර යන්නට උත්සාහ කරනු දුටු නාවික නිල­ධා­රීහු ඒ යාත්‍රා­වට නව­ත්වන ලෙස අණ කර­න්නට වූහ. එහෙත් ඒ යාත්‍රාව ඒ අණ නොතකා පලා යන්නට විය. ඩෝරා යාත්‍රාව එය පසු­පස යමින් අව­වා­දා­ත්මක වෙඩි ප්‍රහාර එල්ල කළේය. ඉන් පසු යාත්‍රාව නතර කරන ලද අතර, එය පිරි­ක්සී­මේදී ඔවුන් පළ­මුව පවසා ඇත්තේ ධීවර කට­යුතු පිණිස මුහු­දට ගිය බවයි. එහෙත් එහි දැල් හෝ වෙනත් කිසිදු ධීවර ආම්ප­න්න­යක් නොතිබූ බැවින් නාවික නිල­ධා­රීන් එය විශ්වාස කළේ නැත. තව­දු­ර­ටත් පරීක්ෂා කිරී­මේදී නාවික නිල­ධා­රීන්ට එහි තිබූ අධික ඉන්ධන ප්‍රමා­ණය ගැනද සැක­යක් ඇති විය. එමෙන්ම ඔවුන් සතුව රුපි­යල් 50,000ක මුද­ලක්ද විය.

යාත්‍රාවේ සිවු­දෙ­නකු සිටි අතර ඔවුහු සියලු දෙනාම මුස්ලිම් ජාති­කයෝ වූහ. ඒ කිසිදු අයකු සතුව වලංගු ධීවර බල­ප­ත්‍ර­යක් හෝ යාත්‍රාවේ ලියා­ප­දිංචි ලේඛ­න­යක් තිබී නැත. අඩු තර­මින් ජාතික හැඳු­නු­ම්පත් පවා නොති­බිණි. ඔවු­න්ගෙන් කරුණු විම­සී­මේදී නිසි තොර­තුරු පැහැ­දිලි කර­ගැ­නී­මට අසිරු වීම හේතු­වෙන් සිවු දෙනාම අත්අ­ඩං­ගු­වට ගෙන යාත්‍රා­වද සමඟ කුච්ච­වේලි පොලිස් ස්ථාන­යට ඉදි­රි­පත් කරන ලද අතර ඔවුන් ඍජු­වම වරාය පොලි­සි­යට ඔවුන් යොමු කෙරිණි. මේ සිදු­වීම වන අව­ස්ථා­වේදී එක් පුද්ග­ල­යෙ­කුට තුවාල සිදුව ඇති අතර ඔහුට නාවික හමු­දා­වෙන් මූලික ප්‍රති­කාර දී තිබිණි.

කෙසේ වෙතත් පසුව මේ පුද්ග­ල­යන් විසින් නාවික හමු­දාව තමාට පහර දුන් බවට චෝදනා කර­මින් ත්‍රිකු­ණා­ම­ලය වරාය පොලී­සි­යෙහි පැමි­ණි­ල්ලක් සිදු කර තිබේ. දැන­ග­න්නට ලැබෙන පරිදි ඒ පැමි­ණිල්ල සිදු කර ඇත්තේ සිදු වීමෙන් දින 10කට පමණ පසු - එනම් මෙමස 8 වැනි­දාය. ඒ අනුව වරාය පොලී­සිය මේ පැමි­ණිල්ල විභා­ගය සම්බ­න්ධ­යෙන් නාවික නිල­ධා­රීන්ට ත්‍රිකු­ණා­ම­ලය පොලී­සිය වෙත ඉදි­රි­පත් වන දැනුම් දී ඇති අතර, එහිදී ඩෝරා යාත්‍රාවේ සිටි නාවික හමුදා නිල­ධා­රීන් දෙදෙනා සහ සෙබ­ළුන් 10 දෙනාම කට­උ­ත්තර ලබා දීමට වරාය පොලි­සිය වෙත පැමිණ ඇත. ඒ පෙර­වරු කාල­යේය. එහෙත් පස්වරු 3.30 පමණ වන තුරු ඔවුන් රස්ති­යාදු කර­මින් කට­උ­ත්තර ලබා ගැනීම පමා කර තිබේ. පස්වරු 3.30ට පමණ කට­උ­ත්තර ලබා ගෙන ඔවුන් මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත යොමු කර ඇති අතර, ඒ අව­ස්ථාවේ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඔවුන් 12 දෙනාම ලබන මස 16 තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කර ඇත. පසුව නාවික හමු­දාව විසින් පසු­ගිය 12 වැනිදා ඉදි­රි­පත් කරන ලද මෝස­ම­කට අනුව ඔවුන් ඇප මත නිද­හස් කරන ලදි.

මේ සිදු­වීම පිළි­බඳ විශේෂ විම­ර්ශ­නා­ත්මක අව­ධා­න­යක් යොමු කළ යුතුය.

ධීවර හා නාවික අණ පනත් යටතේ මහ මුහුදේ ආර­ක්ෂක කට­යු­තු­වල නියැ­ළී­මට නාවික හමු­දා­වට පූර්ණ බල­යක් ඇත. ඕනෑම රටක ගොඩ­බිමේ සිට සැත­පුම් 12ක් දක්වා වන ප්‍රදේ­ශය එර­ටට අනි­වා­ර්යෙන්ම අයත් වන අතර, නාවික හමු­දා­වට එහි පරීක්ෂා කිරීම්, අත්අ­ඩං­ගු­වට ගැනීම්, අණ නොතකා යන්නේ නම් වෙඩි තැබීම් සිදු කළ හැකිය.

විශේ­ෂ­යෙන්ම මුහුදු සීමා­වන්හි අන­ව­ස­ර­යෙන් යාත්‍රා කරන සැක කට­යුතු යාත්‍රා කෙරෙහි නාවික හමු­දාව නිර­තු­රු­වම අව­ධා­නය යොමු කර තිබේ. ඒ අව­ධා­නය නිසා පසු­ගිය දින­වල කේරළ ගංජා ගෙන ආ බෝට්ටු 100කට අධික සංඛ්‍යා­වක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. අන­ව­සර ධීවර කට­යුතු කළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. එසේම තහ­නම් ආම්පන්න යොදා ධීවර කට­යු­තු­වල නියැ­ළුණු ධීව­ර­යන්ද 100ක් පමණ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. මීට අම­ත­රව මත්කුඩු ඇතුළු බොහෝ නීති­වි­රෝධී දේ අත්අ­ඩං­ගු­වට ගන්නට නාවික හමු­දාව සමත් විය. ඒ සියලු දෙනා නීති­මය කට­යුතු පිණිස පොලිස් ස්ථාන වෙත බාර දීමට කට­යුතු කර තිබේ.

එසේ වුවත් කින්නියා, මූතුර්, කන්ද­ල්කාඩු වැනි ප්‍රදේ­ශ­වල මේ වන විට දැව ජාවා­රම මෙන්ම වැලි ජාවා­ර­මද සුවසේ සිදු කර­න්නට එක් ජන කොට්ඨා­ස­ය­කට පම­ණක් හැකිව තිබෙන්නේ ඒ වෙනු­වෙන් ඔවුන්ට දේශ­පා­ලන හයිය ලැබී ඇති නිසා මෙන්ම සිවිල් නීති­යද නිසි පරිදි ක්‍රියා­ත්මක නොවන නිසාය.

මුතූර්හි වසර සිය ගණ­නක් පැරණි චෛත්‍ය­යක් ඩෝසර කර­ද­මන ලද්දේ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­ය­කුද බලා සිටි­ය­දීය. එමෙන්ම මඩ­ක­ල­පුවේ ද බෞද්ධ විහා­ර­ස්ථා­න­යක් ඩෝසර් කර මිරිස් වැවී­මක් පිළි­බ­ඳ­වද අපට වාර්තා වූයේ මාස කිහි­ප­ය­කට පෙර­දීය. කන්ද­ක්කා­ඩුවේ මහ­වැලි ගගේ රක්ෂිත ගංගා අතු­වල වැලි කියුබ් 30,000ත් 40,000ත් පමණ මස­කට පට­වා­ගෙන යන්නේද මේ දේශ­පා­ලන රැක­ව­රණ මැදය. එසේම මඩ­ක­ලපුවේ එරා­වුර්හි පුණ්ණු­කු­ඩාහි ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ස­මට අයත් ඉඩම් බල­හ­ත්කා­ර­යෙන් අල්ලා­ගෙන එහි ඉඩම් නිල­ධාරි ප්‍රවීන් රාජ් මහතා වෙඩි තබා ඝාත­න­යට උත්සාහ කළේද මේ අයු­රින් යම් යම් ප්‍රබ­ල­යන්ගේ ආශී­ර්වාද ඇති­වය. පොලි­සි­යට පැමි­ණිලි කළද කිසිදු පලක් නොවීය. එරා­වුර්හි පොලී­සි­යෙන් කිසිදු පැමි­ණි­ල්ල­කට විස­ඳුම් ලැබුණේ නැත. පසු­ගිය සමයේ කාත්ත­න්කුඩි පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රුන් තේරීම් කාරක සභා­වට පැමිණ පිළි­තුරු දුන් හැටි රට­ටම පෙනිණි.

මේ සිය­ල්ලට මුදල් පොදි ඉස්සර වී ඇති බවට බොහෝ දෙනා අතර කතා­බහ පැතිර ඇත. බයි­සි­ක­ල­ය­ක්වත් නැතිව එන ඇතැම් පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රුන් ගෙදර යන්නේ සුපිරි මෝටර් රථ ලබා­ගෙන බවද ඔවුහු පව­සති. ඒ කතා­වල ඇත්ත-නැත්ත කෙසේ වෙතත් සිවිල් නීතිය ක්‍රියා­ත්මක නොකි­රීම ගැන අපට පැහැ­දි­ලිය. එසේ සිවිල් නීතිය ක්‍රියා­ත්මක වූවා නම් හිස්වැ­සුම් නැතිව කල්මුණේ හා අක්ක­ර­ප­ත්තුවේ යතුරු පැදි යන්නේ නැත; බෞද්ධ විහා­ර­ස්ථාන එළි­පි­ටම ඩෝසර් කර දමන්නේ නැත.

මේ සියලු කරුණු මෙන්ම 29දා සිදු වූ සිද්ධිය හා ගළ­පා­ගන්නා කල අපට පෙනී යන විශේෂ කරු­ණක්ද ඇත. ඒ 29දා පරී­ක්ෂා­වේදී නාවික හමු­දාව පහර දුන්නේ නම් දින 10ක් පමණ පසු වී ඒ සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි කරන්නේ මන්ද? එදි­නම හෝ, අවම වශ­යෙන් ඔවුන් රෝහ­ල්ගත වූයේ නම් දිනක් හෝ දෙකක් ඇතු­ළත ඒ ගැන පැමි­ණිලි කිරී­මත්, විභාග කිරී­මත් කර­න්නට තිබිණි.

කවු­රුන් විසින් හෝ චුදි­ත­යන් පොල­ඹවා තිබී­මත්, පොලී­සිය නීතිය කුමන හෝ කරු­ණක් මත නවා දැමී­මත් මෙහිදී සිදුව ඇති බවක් අනු­මාන කළ හැකිය. උදෑ­සන ගෙන්වූ නාවික නිල­ධා­රීන් පස්වරු 3‍.30 වන තුරු පොලී­සියේ රඳ­වා­ගත්තේ ඇයිද යන්නද ගැට­ලු­වකි. පොලී­සිය 'බී' වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් නාවික හමුදා පිරිස රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා ඇති බව­ටද අපට වාර්තා වේ. එනිසා මෙය යම්කිසි පිරි­සක් විසින් පොලී­සියේ නීති­යද යම් හේතු­ව­කින් තමන්ට අවශ්‍ය පරිදි සකස් කර­ගෙන ඇති බවක් පෙනේ.

මෙහිදී අප තවත් කරු­ණක් දෙස ඇස යොමු කළ යුතුය. එනම්: අත්අ­ඩං­ගු­වට ගත් සිව්දෙනා සම්බ­න්ධව පොලී­සිය ගත් තීර­ණය කුමක්ද යන්න බවයි. ඔවුන්ට විරු­ද්ධව චෝදනා ගොනු කළේද, ඒ චෝදනා මොන­වාද යන්න මෙහිලා සොයා බැලිය යුතුය. ඔවුන් ඉන්ධන රැගෙන ගියේ කුමන හේතු­වක් මතද යන්න හා රුපි­යල් 50,000ක් මුහු­දට රැගෙන ගියේ කුමක් පිණි­සද යන්න මෙහිලා විමසා බැලිය යුතුය. ඒ කිසි­වත් අධි­ක­ර­ණ­යට ගිය බවක් දැනට නම් දැන­ගන්න නැත.

මේ සම්බ­න්ධ­යෙන් පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක පොලිස් අධි­කාරී රුවන් ගුණ­සේ­කර මහ­තා­ගෙන් විම­සු­වෙමු. පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ල­යෙන් පවසා සිටියේ වරාය පොලී­සි­යට බාර දුන් සැක­ක­රු­වන් පසුව පහර දුන් බව පැවසූ නිසා ඒ පැමි­ණි­ල්ලට අනුව පොලී­සිය විසින් ක්‍රියා කර ඇති බවකි. මුහු­දේදී අත්අ­ඩං­ගු­වට ගෙන පොලී­සි­යට බාර දුන් සැක­ක­රු­වන් ඇප මත මුදා හැර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය ප්‍රකාශ ‍පවසා සිටි­යේය. කෝකි­ලායි සිට මුහුදු රස්සා­වට යන ධීව­රයෝ රැසකි. ඒ මුවා­වෙන් මත් කුඩු ගෙන්ව­න්නෝද සිටිති. මෙදින තමන් ලත් ඔත්තු­ව­කට අනුව නාවික හමු­දාව කට­යුතු කර ඇති බව නාවික හමු­දාව පව­සයි.

2015 වසරේ අප්‍රේල් 20 දින ධීවර හා ජලජ සම්පත් දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහ­තාගේ අස්ස­නින් යුතුව නාවික හමු­දා­ප­තිට ලිපි­යක් යොමු කරන්නේ මුහුදේ සිදු කළ යුතු ධීවර පරීක්ෂා පිළි­බඳ සිහි ගන්ව­මිනි. එසේම 2015.03.26 අති­වි­ශේෂ ගැසට් නිවේ­ද­නය මඟින්ද ඒ බව යළිත් සිහි­පත් කර තිබේ.

මේ කරුණු කෙසේ වුවත් නීතිය සැමට සාධා­රණ විය යුතුය. කිසි­ව­කුට තවෙ­ක­කුට පහර දීමට බල­යක් නීති­යෙන් නැත. එමෙන්ම පොලී­සියේ නීති­යද දොළ­පි­දේනි අනුව නැවිය යුතු නොවේ.

Comments