සොඳුරු සිහි­න­යක උරු­මය රැගෙන ගමින් ගමට යන විද්ව­තුන් | සිළුමිණ

සොඳුරු සිහි­න­යක උරු­මය රැගෙන ගමින් ගමට යන විද්ව­තුන්

ද පව­තින තර­ග­කාරි ධනේ­ශ්වර සමා­ජයේ බොහෝ දෙනෙක් සිහින තුළ ඇලී ගැලී සිටිති. එකී සිහින යථා­ර්ථ­යක් බවට පත් කර ගැනී­මට වෙර දරති. ඒ අත­ර­වා­ර­යේදී සොඳුරු සිහින 14 ක් උරුම කර ගත් සංවි­ධා­න­යක් ගැන අපට අස­න්නට ලැබුණේ අහ­ම්බෙනි. මෙම සංවි­ධා­නය නම් කර තිබෙන්නේ. “සොඳුරු සිහි­න­යක උරු­මය” යනු­වෙනි. වෛද්‍ය­ව­රුන්, ඉංජි­නේ­රු­ව­රුන්, නීති­ඥ­යන් වැනි වෘත්ති­ක­ය­න්ගෙන් 2018 ජුලි 14 වැනි දින අනු­රා­ධ­පුර රුව­න්මැලි මහ සෑර­දුන් අබි­ය­සදී “සොඳුරු සිහි­න­යක උරු­මය” ආරම්භ කළේ සාමා­ජි­ක­යන් පස් දෙනෙ­කු­ගෙනි. එහෙත් වස­රක් ගත වන විට සාමා­ජික පිරිස 50 ක් වී සිටිති.

“අපේ රට අංශ කීප­ය­කින් ම පරි­හා­නිය කරා ළඟා වන බවත් අපට පෙනෙ­නවා. ගුණ­ධර්ම අතින් පිරි­හිලා. දරු­වන්ගේ වර්ධන වේගය පිරි­හිලා. ආර්ථික වශ­යෙන් පිරි­හිලා. අපේ රට මේ තරම් පල්ලෙ­හාට වැටුණේ විවෘත ආර්ථි­ක­යෙන් පසුව බව අපට සමා­ජය නිරී­ක්ෂ­ණය කරන විට පැහැ­දිලි වෙනවා. එය ආපසු හැරෙයි කියලා හිතු­වාට එහෙම වුණේ නැහැ. බොහෝ දෙනෙක් දේශ­පා­ල­න­ඥ­යන්ට බැණ බැණ ඉන්නවා පම­ණයි. එත­නින් එහාට කරන්නේ මොන­වද කියා හිතන්නේ නැහැ. අපි හිත­නවා මේ රටේ පුර­වැ­සි­යන් හැටි­යට රට ගොඩ ගන්න අපිට යම් කිසි වග­කී­මක් තිබෙ­නවා. කිසි­වක් දැක්කෙ නැහැ වගේ අහක බලා­ගෙන ඉඳලා හෝ විවේ­ච­නය කර කර ඉඳලා වැඩක් නැහැ. ඇතැ­මුන් රට හැරලා යද්දී අපි කල්පනා කළේ රට අත්හැර දාලා යන්නේ නැතිව රටේ පුර­වැ­සි­යන් හැටි­යට යම් මෙහෙ­ව­රක් කරන්න. ඒ අධි­ෂ්ඨා­න­යෙන් තමයි අපි සොඳුරු සිහි­න­යක උරු­මය සංවි­ධා­නය පට­න්ගත්තේ.” සිය සංවි­ධා­නය බිහි කිරී­මට හේතුව පැහැ­දිලි කළේ වෛද්‍ය දර්ශන ප්‍රේම­ර­ත්නය. ඔහු සොඳුරු සිහි­න­යක උරු­ම­යෙහි, ජාතික සංවි­ධා­යක ලෙස කට­යුතු කරයි.

වෛද්‍ය දර්ශන ප්‍රේම­ර­ත්න

වර්ත­මාන සමා­ජයේ පව­තින අර්බු­ද­ව­ලට විස­ඳුම් සෙවීම සඳහා ඔවුන් විසින් කරුණු 14ක් ඉදි­රි­පත් කර ඇත. සොඳුරු සිහින ලෙස හැඳි­න්වෙන්නේ මෙම කරුණු 14යි. ඒවා නම්

1) පින්වත් දරු සම්ප­තක් ලැබීම සෑම දෙම­වු­පි­ය­කු­ගේම සුන්දර සිහි­න­යකි. ඒ සුන්දර සිහි­නය සිහි­න­ය­කින් අව­සන් නොවී යථා­ර්ථ­යක් බවට පත් කිරී­මට උප­කාර කිරීම.

2) දරු සුර­තල් බැලී­මට ආශා­වෙන් සිටින යුව­ති­ප­තීන්ට ඒ සඳහා මඟ පෙන්වීම.

3) අපේ උරු­ම­යත් අභි­මා­න­යත් අපට අහිමි කිරීම පිණිස මිස­දිටු බල­වේ­ග­ව­ලින් උපන් “පුංචි පවුල රත්ත­රන්” සංක­ල්පය පර­ද­ව­මින් “වැඩුණු පවුල ඉස්ත­රම්” සංක­ල්ප­යෙන් බොහෝ සුජාත දරු­වන් බිහි කළ මවු­පි­යන් සහිත වැඩුණු පවුල් සඳහා ආධාර උප­කාර ලබා දී ඔවුන්ට භෞතික සම්ප­ත්ව­ලින් මෙන් ම ගුණ­ධ­ර්ම­ව­ලින් පොහො­සත් කිරීම.

4) උපන් දරු සිඟි­ත්තන්ට රැක­ව­ර­ණය ලබා දීමට අප­හසු නම්, ඒ සඳහා උප­කාර කිරීම.

5) දරු­වන් ගබ්සා නොක­රනු පිණිස දුර්ලභ මිනි­සත් බවේ අරුත පැහැ­දිලි කර­මින්, මනුෂ්‍ය ඝාතන නම් වූ භයා­නක පාපයේ ආදී­නව කියා දෙමින් දරු­වකු කුස පිළි­සිඳ ගත් මොහොතේ පටන් ඒ දරුවා මෙලොව එළිය දකින තුරු ම පණ මෙන් රැක ගන්නා ආකා­රය කියා දීම.

6) අතී­තයේ අපේ මුතුන් මිත්තන් තුළ තිබූ කායික ශක්ති­යත් මාන­සික ‍පෞරුෂ­යත් අනා­ගත පර­පු­රට දායාද කර­මින් මානව වර්ග­යාට ආද­රය කරන ගුණ නැණින් යුතු සත් ගුණ­වත් දරු­වකු සමා­ජ­ගත කර­වීම.

7) චම­ත්කාරජනක නිර්මල යොවුන් වියේ සිටින අයගේ ආද­රය සුන්දර වර­දක් නොව­න්නට සැබෑ පිවි­තුරු ආද­රයේ පහස විඳ­ව­න්නට නොව විඳි­න්නට උත්ත­රී­තර ආද­රයේ නිවැ­රදි මග හසර පෙන්වා දීම.

8) පෞරු­ෂ­ත්වය බෙල­හීන කරන, ආත්ම විශ්වා­සය විනාශ කර දමන, සිහි­නු­වණ අහිමි කරන, දුරා­චා­ර­යට දොර­ටුව විවර කරන, මත් රකු­සා­ගෙන් සොඳුරු යොවුන් විය බේරා­ගෙන සිහි­නු­ව­ණින් යුතු බුද්ධි­මත් පුර­වැ­සි­යන් රටට දායාද කිරීම.

9) නවීන තාක්ෂ­ණය හමුවේ සමස්ත ලෝක­යම විශ්ව ගම්මා­න­යක් බවට පත් වී ඇති මෙවන් යුග­යක ගුණ දහ­මින් පිරි­හුණු රටක් හැටි­යට නොව මානව ගුණ දහම් මත පිහිටි සුභා­විත තාක්ෂ­ණ­යක් හරහා නව ලොවට පිය මනි­න්නට නිවැ­රදි මඟ පෙන්වා දීම.

10) මානව වර්ග­යාට අවං­කව සේවය කරන ඔබ­ටත් ඔබෙන් සේවය ලබන පිරි­ස­ටත් සතුට ප්‍රබෝ­ධය ලබා දෙන යහ­පත් වෘත්ති­ක­යන් බිහි කිරී­මට අත­හිත දීම.

11) හෙළ ගොවියා සතුව තිබූ විශේෂ ශිල්පීය ඥානය වත්මන් ගොවි පර­පු­රට දායාද කර­මින්, පරි­සර හිත­කාමී, මානව දයා­වෙන් පිරුණු වස විසෙන් තොර හෙළ ගොවි­තැන යළිත් ධාර්මික රැකි­යා­වක් ලෙස මවු­බිමේ ස්ථාපිත කිරීම.

12) සොබා දහ­මට ආද­රය කරන, සොබා සෞන්දර්ය ආරක්ෂා කරන, පරි­ස­ර­යට සංවේදී පරි­සර හිත­කාමි මිනි­සු­න්ගෙන් පිරුණු දේශ­යක් බිහි කිරීම.

13) විදේ­ශීය ව්‍යාපාර සහ බහු­ජා­තික සමා­ග­ම්ව­ලට ගැති නොවී ඔවුන්ට දේශීය ‍ව්‍යාපාර ගොදුරු කර ගැනී­මට ඉඩ නොදී, දේශීය භෞතික සම්පත් සහ මානව සම්පත් මනාව කළ­ම­නා­ක­ර­ණය කර­මින් ජාතික හා ජාත්‍ය­න්තර වශ­යෙන් ශ්‍රී ලාංකේය ව්‍යාපාර ඉහ­ළට ඔසවා තැබීම.

14) මෙම සොඳුරු සිහින යථා­ර්ථ­යක් බවට පත් කිරී­මට දරන අවංක වෑයම අබි­යස ලැබෙන කීර්ති ප්‍රශංසා හමුවේ උදම් නොවී නින්දා අප­හාස සහ ගැර­හිලි අප­වාද හමුවේ නොසැලී, නොගැ‍ටී සොඳුරු සිහි­න­යක උරු­මය දායාද කිරීම.

සොඳුරු සිහින යථා­ර්ථ­යක් බවට පත් කර ගැනීමේ අර­මු­ණින් ගර්භණි මවු­ව­රුන්ට ආධාර දීමත් දරු­වන් වැඩි පවුල් ඇග­යී­මට ලක් කිරී­ම­ටත් ඔවුන් විසින් සැල­සුම් කර තිබෙන්නේ පළමු අදි­යර වශ­යෙනි. ඒ සඳහා ඔවුන් තෝරා ගෙන තිබෙන්නේ ත්‍රිකු­ණා­ම­ලයේ සේරු­විල ප්‍රදේ­ශ­යයි.

අැගැයීමට ලක්වූ සේරුවිල පවුලක්

“සේරු­විල ප්‍රදේ­ශය තෝරා ගැනී­මට අපිට විශේෂ හේතු­වක් තිබුණා. මේ ප්‍රදේ­ශය අවු­රුදු 30 ක් තිස්සේ යුද්ධෙන් බැට කෑවා. ඒ අතර වාර­යේදී නිය­ඟ­යෙන් බැට කනවා. ආර්ථික ප්‍රශ්න­ව­ලින් දුක් විඳි­නවා. අනික මේ ප්‍රදේ­ශයේ අපි සොයන විදිහේ දරු­වන් වැඩි පවුල් රාශි­යක් සිටි­නවා. සේරු­විල කියන්නේ බෞද්ධ­යන්ගේ පූජ­නීය ස්ථාන­යක්. ඓති­හා­සික වටි­නා­ක­මක් තිබෙන භූමි­යක්. මේ වගේ කරුණු කාරණා රාශි­යක් නිසා තමයි අපි සේරු­විල ‍තෝරා ගත්තේ.” සේරු­විල තෝරා­ගැ­නී­මට හේතු පැහැ­දිලි කර­මින් විධා­යක කමිටු සාමා­ජික වෛද්‍ය නාමල් ගුණ­ව­ර්ධන මහතා පැවැ­සීය.

“සොඳුරු සිහි­න­යක උරු­මය” සංවි­ධා­නය පිය­වර කීප­යක් යටතේ සිය පළමු අදි­යර ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර සිටී. මෙහි පළමු පිය­වර වන්නේ දරු­වන් තිදෙ­නෙ­කුට වැඩි පවු­ල්වල සිටින ගර්භණි මාතා­වන්ට දරුවා බිහි වීමට පෙර අව­සාන මාස 6 දීත් දරුවා බිහි වූ පසුව මුල් මාස 6 දීත් මාසි­කව රු. 10,000.00 බැගින් ආධාර මුද­ලක් පිරි­නැ­මී­මයි. ඒ සඳහා ගැබිනි මවු­ව­රුන් 8 දෙනෙකු තෝරා­ගෙන තිබේ. ඒ හැර ගැබිනි මවු­ව­රුන් 104 දෙන­කුට මාසි­කව රු. 5,000.00 ක දිරි දීම­නා­වක් ලබා දෙන්නේ දරු සම්පත වර්ධ­නය කිරීම ඇග­යී­මට ලක් කරනු පිණි­සයි. මීට අම­ත­රව දරු­වන් 4 දෙනෙකු හෝ ඊට වැඩි­පුර සිටින වයස අවු. 40 ට අඩු මාතා­වන්ට රු. 10,000.00 බැගින් ප්‍රදා­නය කිරී­මට සැල­සුම් කර ඇත. ඒ සඳහා පවුල් 31ක් සුදු­සු­කම් ලබා සිටිති. දරු­වන් 4 දෙනකු හෝ ඊට වැඩි පුර සිටින වයස අවු: 40ට වැඩි මාතා­වන්ට රු. 5000.00 බැගින් පිරි­නැ­මී­මට සැල­සුම් කර තිබේ. ඒ සඳහා මවු­වරු 200 දෙනෙක් සුදු­සු­කම් ලබා සිටිති. මෙහි ඇති විශේ­ෂිත දේ වන්නේ රට ජාතිය වෙනු­වෙන් හෝ ශාස­නය වෙනු­වෙන් දායාද කළ දරු­වන් සිටින සහ දරු­වන් 6 දෙනකු හෝ ඊට වඩා සිටින පවු­ල්ව­ලට රු. 25.000.00 ක පරි­ත්‍යා­ග­යක් සමඟ වර්ෂ අභි­මානි ගෞරව සම්මාන පිරි­නැ­මී­මට සැල­සුම් කර තිබී­මයි. “පුදමු සේරු­විල දනා - කළ­ගුණ බැතින්” යනු­වෙන් මෙම වැඩ­ස­ට­හන සේරු­විල දී සැප්: 09 දින පැවැත්විණි..

මෙයට අම­ත­රව පෙර පාස­ලක් ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම ද එදින සිදු කෙරේ. කාබ­නික පොහොර යොදා කෙරෙන ගොවි­තැන් කට­යුතු ද සේරු­විල ප්‍රදේ­ශ­යෙන් ආරම්භ කිරී­මට කට­යුතු යොදා තිබෙන්නේ වස විසෙන් තොර ආහාර නිෂ්පා­ද­නය කර නිරෝගී පර­පු­රක් රටට දායාද කිරීමේ පරම පවිත්‍ර චේත­නා­වෙනි.

“අපි සෑම මාස­ය­කම 1වැනි සෙන­සු­රාදා සවස 4.00 ට රුව­න්මැලි සෑය ළඟ පූජා­වක් පව­ත්ව­නවා. පින්වත් දරු­වන් බිහි කිරීමේ ප්‍රාර්ථ­නාව ඇති­වයි මේ විශේෂ පිංකම මාස් පතා පව­ත්වන්නේ. දැනට වාර 11 ක් පවත්වා තිබෙ­නවා. දරු­වන් නැති අය වගේම ගැබිනි මවු­ව­රුන්ද මෙම පූජා­වට සහ­භාගි වෙන්නේ පින්වත් දරු­වන් ලැබීමේ අපේ­ක්ෂා­වෙන්” යනු­වෙන් පැව­සුවේ නීති උප­දේ­ශක නීතිඥ ළහිරු දව­කැල්ල ය.

 

Comments