ලංකා කර්මා­න්ත­යට අභි­යෝග බහුල සම­යක් | සිළුමිණ

ලංකා කර්මා­න්ත­යට අභි­යෝග බහුල සම­යක්

ලොව විශා­ල­තම සාම්ප්‍ර­දා­යික තේ නිෂ්පා­ද­කයා ලෙස පිළි­ගැ­නී­මට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා­වයි. එහෙත් වර්ත­මා­නයේ ලංකා තේවලට මුහුණ දීමට සිදුවී ඇති අභි­යෝග නිසා මේ වන විට අප තේ කර්මා­න්තයේ යම් පසුබෑමක් ඇති වී වර්ධ­නය මන්ද­ගාමී වී ඇති අතර මේ වන­විට සම­ස්ත­යක් ලෙස ලොව තේ නිෂ්පා­ද­නය අතින් 4 වැනි තැනද, තේ අප­න­ය­නය අතින් 3 වැනි තැනද අප රට පසු වේ.

ශ්‍රී ලංකාවේ තේ කර්මා­න්තය මෙවැනි වාතා­ව­ර­ණ­යක් පසු කරත්දී තේ අප­න­ය­න­ක­රු­වන්ගේ සංග­මයේ 20 වන වාර්ෂික මහා සභා රැස්වීම ද පසු­ගි­යදා කොළ­ඹදී පැවැ­ත්වුණි. ‘ලංකා තේ කර්මා­න්ත­යට අභි­යෝග බහුල සම­යක්’යන තේමාව යටතේ සංවි­ධා­නය වූ මෙම විශේ­ෂිත සමු­ළුවේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති අකිර සුගි­යාමා මහතා සහ­භාගී වූ අතර, ප්‍රධාන දේශ­නය සිදු­ක­රන ලද්දේ හේලීස් ලෙෂර් හෝල්ඩින්ස් සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ රොහාන් කාර් මහතා විසිනි. මෙම තේ අප­න­ය­න­ක­රු­වන්ගේ සංග­මයේ වාර්ෂික මහා සභා රැස්වී­මට සම­ගා­මීව අඛ­ණ්ඩව 3 වන වර­ටත්, තේ කර්මා­න්තය වෙනු­වෙන් කැපී­පෙ­නෙන දාය­ක­ත්ව­යක් දැක්වූ තේ නිෂ්පා­ද­ක­යන් 22 දෙනෙ­කුට සම්මාන ප්‍රදා­නය කිරී­මද මෙහිදී සිදු කර­න්නට යෙදුණි.

දේශීය වශ­යෙන් ගත්විට තේ කර්මා­න්තය මුහුණ දෙන විශා­ල­තම අභි­යෝ­ගය නම් තේ නිෂ්පා­ද­නය පහළ යෑමයි. අහි­ත­කර කාල­ගු­ණය, ග්ලයි­සො­ෆේට් භාවි­තය තහ­නම් කිරීම, නැවත වගා­කි­රීම් ප්‍රමා­ණ­වත් නොවීම, අලු‍තින් තේ කර්මා­න්ත­යට එකතු වන්නන් සංඛ්‍යාව අඩු වීම සහ තේවල තත්ත්වය ක්‍රම­ක්‍ර­ම­යෙන් පහළ යෑම වැනි සාධක මීට බලපා ඇත. අන්තර්ජාතික වශ­යෙන් ගත්විට ඇම­රිකා එක්සත් ජන­ප­දය විසින් ඇතැම් මැද පෙර­දිග රට­වල් සහ රුසි­යාව වෙත ආර්ථික සම්බා­ධක පැන­වීම, සාපේ­ක්ෂව අඩු මිලට තේ ලබා­දෙන අනි­කුත් රට­ව­ලින් එල්ල­වන තර­ගය වැනි සාධක ද ශ්‍රී ලංකාවේ තේ අප­න­ය­නය පහළ යෑමට බලපා ඇති බවට මෙම සමු­ළු­වේදී අනා­ව­ර­ණය වූ අතර සියලු ගැටලු වලට ඉක්ම­නින් පිළි­යම් සොයා ගත යුතු බව­ටද මෙහිදී අව­ධා­ර­ණය කරන ලදී.

මෑත­කා­ලීන වාර්තාවලට අනුව 2017 වස­රේදී කිලෝ­ග්‍රෑම් මිලි­යන 307 ක් වූ තේ අප­න­ය­නය 2018 වස­රේදී කිලෝ­ග්‍රෑම් මිලි­යන 303 දක්වා පහළ ගොස් ඇත. 2019 වසරේ ජන­වාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මෙරට තේ නිෂ්පා­දන කිලෝ­ග්‍රෑම් 184 ක් ලෙස වාර්තා වේ. මෙය පසු­ගිය වසරේ එම කාල­ප­රි­ච්ඡේ­දය තුළ වාර්තා වූ කිලෝ­ග්‍රෑම් මිලි­යන 182.1 ට සාපේ­ක්ෂව කිලෝ­ග්‍රෑම් මිලි­යන 1.9 ක වැඩි­වී­මකි. මෙම දත්ත අනුව 2019 වසරේ තේ නිෂ්පා­ද­නය කිලෝ­ග්‍රෑම් මිලි­යන 310 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2017 වසරේ තේ කිලෝ­ග්‍රෑම් මිලි­යන 288 ක් අප­න­ය­නය කළ ශ්‍රී ලංකාවේ 2018 දී අප­න­යන කළේ කිලෝ­ග්‍රෑම් 282 ක් පමණි. ඉරා­න­යට ඇම­රි­කානු සම්බා­ධක පැන­වීම සහ රටේ තේ නිෂ්පා­දන පහළ යෑම වැනි සාධක නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ. 2019 ජන­වාරි සිට ජූලි දක්වා කාලය තුළ තේ කිලෝ­ග්‍රෑම් මිලි­යන 170ක් අප­න­ය­නය කිරී­මට ශ්‍රී ලංකාව සමත් වී ඇති බව වාර්තා මගින් පෙනී යයි. මෙය ඊට පෙර වසරේ එම කාලය තුළ වාර්තා වූ කිලෝ­ග්‍රෑම් 162.7 ට සාපේ­ක්ෂව කිලෝ­ග්‍රෑම් 7.3 ක වර්ධ­න­යකි.

2018 වසරේ ජන­වාරි සිට දෙසැ­ම්බර් දක්වා කාලය තුළ මුළු තේ අප­න­යන ආදා­යම රු. බිලි­යන 231.7 ක් වූ අතර එය 2017 වස­රේදී වාර්තා වූ රු. බිලි­යන 233.3 ට සාපේ­ක්ෂව රු. බිලි­යන 1.6 ක අඩු­වී­මක් වේ. 2018 වසරේ අප­න­යන ප්‍රමා­ණය පහළ ගියද සාමාන්‍ය FOB වටි­නා­කම 2017 වසරේ ජන­වාරි - දෙසැ­ම්බර් කාලය තුළ වාර්තා වූ කිලෝ­ග්‍රෑම් එක­කට රු. 807.44 ට සාපේ­ක්ෂව 2018 වස­රේදී කිලෝ­ග්‍රෑම් එක­කට රු. 820.75 දක්වා රු. 13.31 කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව 2017 වස­රේදී වාර්තා වූ ඉහ­ළම FOB වටි­නා­කම සම්බන්ධ වාර්තාව පසු­කර යාමට තේ කර්මා­න්තය 2018 වස­රේදී සමත් වී තිබේ. ඇම­රි­කානු ඩොලර්වලින් ගත් විට තේ අප­න­යන ආදා­යම ඇම­රි­කානු ඩොලර් බිලි­යන 1.4 කි.

2019 වසරේ ජන­වාරි මාසයේ සිට ජූලි දක්වා වාර්තා වී ඇති ආදා­යම රු. බිලි­යන 141.4 ක් වන අතර එය පසු­ගිය වසරේ එම කාල­යට සාපේ­ක්ෂව රු. බිලි­යන 7.6 ක වර්ධ­න­යකි. එම­ගින් පෙර වර්ෂයේ කිලෝ­ග්‍රෑම් එක­කට 822.44 ක් වූ FOB අගය මෙම වස­රේදී කිලෝ­ග්‍රෑම් එක­කට රු. 831.77 දක්වා ඉහළ ගොස් ඇත. තේ අප­න­ය­නය වැඩි­වීම තේ මගින් ලැබෙන අදා­යම ඉහළ යාමට හේතු­වක් වී ඇති අතර 2018 වස­රට සාපේ­ක්ෂව 2019 වසර තුළ තේ අප­න­ය­නය තවත් ඉහළ ගොස් රු. බිලි­යන 240 මට්ට­මට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

‘ලංකා තේ කර්මා­න්ත­යට අභි­යෝග බහුල සම­යක්’යන තේමාව යටතේ පැවති තේ අප­න­ය­න­ක­රු­වන්ගේ සංග­මයේ 20 වැනි වාර්ෂික මහා සභා රැස්වීම මගින් නැවත වරක්, තේ අප­න­ය­නයේ නියුතු ව්‍යාපා­රි­ක­යන් මුහුණ දෙන ගැට­ලු‍ ­වි­ස­ඳීමේ වැද­ග­ත්කම සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කිරී­මට හැකි වනු ඇත. ලොව පුරා ලංකා තේ නාමය ප්‍රච­ලිත කර­මින්, එය ලොව තේ වෙ‍ෙළ­ඳ­පොළේ ඉදි­රි­ය­ටම රැගෙන ඒමට ක්‍රමෝ­පා­යික පිය­වර ගනි­මින් ලංකා තේ ලොව හොඳම තේ සන්නා­ම­යක් ලෙස පව­ත්වා­ගැ­නීම සඳහා තේ අප­න­ය­න­ක­රු­වන්ගේ සංග­මය හැම විටම සුවි­ශාල කාර්ය­භා­ර­යක් ඉටු කරන අතර අදාළ ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන්ගේ කාලීන සහ ඵල­දායී මැදි­හ­ත්වී­මක් සමග සියලු‍ම පාර්ශ්ව­යන්ගේ දාය­ක­ත්වය නිසි පරිදි හිමි වේ නම් මෙරට තේ කර්මා­න්තය මුහුණ දෙන අභි­යෝග ජය­ග­නි­මින් එහි දීර්ඝ­කා­ලීන වර්ධන අපේ­ක්ෂා­වන් යාථා­ර්ථ­යක් කිරී­මට හැකි වනු ඇති බවට ද මෙම සමු­ළු­වට එක් වූ විවිධ තරා­ති­රමේ ශ්‍රී ලාංකික තේ ව්‍යාපා­රි­ක­යෝ ප්‍රකාශ කර සිටියහ.

Comments