විද්ව­තු­න්ගෙන් උප­දෙස් ගෙන කර්මා­න්තයේ ගැටලු විස­ඳන්න | සිළුමිණ

විද්ව­තු­න්ගෙන් උප­දෙස් ගෙන කර්මා­න්තයේ ගැටලු විස­ඳන්න

ටේ පාම් ඔයිල් නිෂ්පා­ද­ක­යන් මුහුණ දෙන ප්‍රශ්න­ව­ලට බල­ධා­රීන් ඇහු­ම්කන් දෙන්නේ නැතැයි පාම් ඔයිල් නිෂ්පා­ද­ක­යන්ගේ සංවි­ධා­නය පව­සයි. එම සංවි­ධා­නයේ සභා­පති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු ඒ බව ප්‍රකාශ කළේ එම සංග­මයේ සමා­ර­ම්භක වාර්ෂික රැස්වීමේ දීය. එහිදී අද­හස් ප්‍රකාශ කළ ඔහු වැඩි­දු­ර­ටත් පෙන්වා දුන්නේ කර්මා­න්තය මුහුණ දෙන ගැටලු තේරුම් ගැනී­මට එම ක්ෂේත්‍ර­යට අදාළ විද්‍යා­ඥ­යන් සහ විද්ව­තුන් ගෙන් උප­දෙස් ලබා­ගත යුතු බවයි.

ප්‍රශ්න­යට විස­ඳු­මක් ලබා­දිය හැකි එකම පුද්ග­ලයා වන ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා හමු­වීම සඳහා අව­ස්ථාව ලබා­දෙනු ඇතැයි විශ්වාස කරන බව ද රොහාන් ප්‍රනාන්දු වැඩි­දු­ර­ටත් කීවේය.

බීජ තවා­න්වල ඇති රුපි­යල් මිලි­යන 400ක වටි­නා­ක­මින් යුතු පාම් බීජ සිටු­වීමේ කඩි­නම් අව­ශ්‍ය­තා­වක් ඇතැයි ද මේ අව­ස්ථාවේ ඔහු පෙන්වා දුන්නේය. එසේ නොවු­ව­හොත් ඒවා විනාශ වී යනු ඇතැයි ඔහු වැඩි­දු­ර­ටත් කීවේය.

පසු­ගිය රජය හෙක්ටාර 20,000ක පාම් ඔයිල් සිට­වී­මට අව­සර දුන් බවත් මධ්‍යම පරි­සර අධි­කා­රි­යෙන් කෙටු­ම්පත් කර ඇති පර්යේ­ෂණ වාර්තාව ඒක පාර්ශ්වික සහ විද්‍යා­ත්ම­ක­භා­ව­යෙන් තොර එකක් යැයි ද එම සංග­මය වැඩි­දු­ර­ටත් කියයි. මේ නිසා සමස්ත ශ්‍රී ලංකා­වේම පාම් ඔයිල් පාම් වගාව ඇන­හිට ඇතැයි ආචාර්ය ප්‍රනාන්දු වැඩි­දු­ර­ටත් කිවේය.

ඔහු වැඩි­දු­ර­ටත් පැවැ­සුවේ පරි­සර සංර­ක්ෂණ කණ්ඩා­යම් ලෙස පෙනී සිටින ඇතැම් පිරිස් පාම් ඔයිල් වගාව නතර කරන ලෙස විරෝ­ධතා සංවි­ධා­නය කර ඇති බවයි. මේ වන විට හෙක්ට­යාර 10,000කට වැඩි ප්‍රදේ­ශ­යක තමන් ඔයිල් පාම් වගා­කර ඇතැයි සභා­ප­ති­ව­රයා කීවේය.

කෙසේ වෙතත් ඔයිල් පාම් වගාව සුර­ක්ෂිත කරන බවට මධ්‍යම පරි­සර අධි­කා­රියේ සභා­ප­ති­ව­රයා ලිඛිත පොරො­න්දු­වක් ද දී ඇතැයි ආචා­ර්ය­ව­රයා වැඩි­දු­ර­ටත් කියයි.

ඒ ගැන අද­හස් ප්‍රකාශ කරන ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ සහ පොදු සැප­යුම් කැබි­නට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ විරෝ­ධතා දක්වන ඇතැම් කණ්ඩා­යම් ඉතා ශක්ති­මත් ලෙස සංවි­ධා­නය වී රටේ යහ­ප­තට හේතු වන කට­යු­තු­ව­ල­දීද බාධා පමු­ණු­වන බවයි. පාම් ඔයිල් නිෂ්පා­ද­නයේ දී මතු වන ප්‍රශ්න සම­නය කිරීම සඳහා සියලු පාර්ශ්ව­ව­ලින් සම­න්විත කමි­ටු­වක් ස්ථාපිත කළ යුතු බව ද අමා­ත්‍ය­ව­රයා පාම් ඔයිල් නිෂ්පා­ද­ක­යන්ගේ සංවි­ධා­නයේ සමා­ර­ම්භක වාර්ෂික රැස්වීමේ දී කීවේය.

Comments