ඉරානයේ තෙල් ණය ගෙවන තේ කෝප්පය | සිළුමිණ

ඉරානයේ තෙල් ණය ගෙවන තේ කෝප්පය

 

2012 වස­රේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉරා­න­යෙන් මෙර­ටට ආන­ය­නය කරන ලද ඛණිජ තෙල් සඳහා ගෙවිය යුතු ඇම­රි­කානු ඩොලර් මිලි­යන 250 ණය මුදල ඉරා­න­යට නැවත ගෙවීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩ­ලය කට­යුතු යොදා තිබේ. ඒ සඳහා සුවි­ශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් හඳුන්වා දීමට වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන ඇත.

ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් සීඝ්‍ර­යෙන් ඉහළ ගොස් තිබුණු අව­ස්ථා­ව­කදී එව­කට පැවැති රජය සහ­න­දායී මිල ගණන් අනුව ඉරා­න­යෙන් තෙල් ආන­ය­නය කිරී­මට පිය­වර ගත් අතර එලෙස තෙල් ආන­ය­නය කර වසර 8 කට පසු ඒ සදහා වන මුදල් ඉරා­නය වෙත ගෙවී­මට සිදුවී තිබේ.මේ පිළි­බඳ ව අව­ධා­නය යොමු කළ ශ්‍රී ලංකා තේ මණ්ඩ­ලය 2012 වස­රේදී මිලට ගත් ඉන්ධන සඳහා හුව­මා­රු­වක් ලෙස ඒ ණය මුදල ගෙවා අව­සන් වන තුරු හුව­මාරු ක්‍රම­යක් යටතේ එර­ටට ශ්‍රී ලංකාවේ නිෂ්පා­ද­නය කරනු ලබන නැවුම් තේ අප­න­ය­නය කිරී­මට කට­යුතු යොදා ඇත. ඒ සඳහා ලංකා ඛණිජ තෙල් නීති­ගත සංස්ථාව මාසි­කව ඇම­රි­කානු ඩොලර් මිලි­යන 5 බැගින් ශ්‍රී ලංකා තේ මණ්ඩ­ල­යට ලබා දෙන බව මේ සම්බ­න්ධව මාධ්‍ය දැනු­වත් කිරීම සඳහා කැදවා තිබූ මාධ්‍ය හමු­ව­කට එක් වෙමින් පසු­ගි­යදා නවීන් දිසා­නා­යක අමා­ත්‍ය­ව­රයා අනා­ව­ර­ණය කළේය.

මේ වැඩ­පි­ළි­වෙළ පිළි­බඳ ව තව­දු­ර­ටත් සාකච්ඡා කිරීම සඳහා ඉදි­රි­යේදී ඉරා­න­යෙන් නියෝ­ජිත පිරි­සක් මෙර­ටට පැමි­ණී­මට නිය­මිත බවත්, ඔවුන් සමඟ සාකච්ඡා කර මේ වැඩ­පි­ළි‍වෙළ කඩි­න­මින් ආරම්භ කරන බවත් අමා­ත්‍ය­ව­රයා මෙහිදී සද­හන් කළ අතර, මෙරට තේ නිෂ්පා­ද­නයේ ප්‍රව­ර්ධ­න­යට ද මෙය හේතු වනු ඇති බවත් හෙතෙම අව­ධා­ර­ණය කරන ලදී.

කොළඹ පිහිටි ශ්‍රී ලංකා තේ මණ්ඩල ප්‍රධාන කාර්යා­ල­යේදී පැවැති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් මහා­මාර්ග,මාර්ග සංව­ර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංව­ර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ද කියා සිටියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉරා­නයේ තෙල් සමා­ග­ම­කින් මෙර­ටට අවශ්‍ය ඛණිජ තෙල් ලබා ගැනීම සඳහා 2012 වස­රේදී කට­යුතු කර තිබුණේ ඒ අව­ස්ථාවේ අන­ත­ර්ජා­තික වෙළෙ­ඳ­පොල තුළ තෙල් මිල සීඝ්‍ර­යෙන් ඉහළ ගොස් තිබුණු නිසා බවයි. ඒ අව­ස්ථා­වේදී ඉරා­නය ඩොලර් මිලි­යන 250 ක මුද­ල­කට අපට තෙල් සැප­යීම සිදු කළ බවත් අපේ රටේ ගෙවීම් සම්බ­න්ධ­යෙන් ගැටලු තිබුණු එම අව­දි­යේදී ඒ සඳහා වන ගෙවීම් පහසු ගෙවීමේ ක්‍රම­යට පිය­වීම සඳහා ඉරා­නය අප රටට අව­ස්ථාව ලබා දුන් බවත් මෙහිදී අනා­ව­ර­ණය කළ කබීර් හෂීම් අමා­ත්‍ය­ව­රයා, කෙසේ වුවත් විවිධ හේතු මත අදාළ ගෙවීම් නිය­මිත කාල­සී­මා­වක් තුළදී ගෙවා නිම කර­න්නට අප රටට නොහැකි වී ඇති බවද සඳ­හන් කරන ලදී.

2016 වස­රේදී ඇම­රි­කානු රජය විසින් ඉරා­නය සමඟ සිදු කරනු ලබන ගනු­දෙනු සඳහා සම්බා­ධක පැන­වීම ඒ ගෙවීම් සිදු කිරී­මට නොහැකි වූ ප්‍රධාන හේතුව වූ අතර,ශ්‍රී ලංකා ව ඒ මොහොත වෙත්දීද අන්ත­ර්ජා­තික ගනු­දෙනු නිසි ලෙස හා වග­කී­ම­කින් යුතුව පියවා තිබුණු ‍රටක් ලෙස අන්ත­ර්ජා­තික ප්‍රජා­වගේ පැස­සු­මට හා ඇග­යු­මට ලක් වී තිබුණි. ඉරා­න­යත්, ඇමැ­රි­කා­වත් සමඟ සාකච්ඡා කර ඇති කර ගත් එක­ඟ­තා­ව­ය­කට අනුව මේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කරන අතර, එම­ඟින් අපේ රටේ තේ සඳහා ප්‍රසි­ද්ධි­යක් මෙන්ම තේ වෙළ­ඳ­පොළ ශක්ති­මත් වීමක් ද සිදු වෙතැයි අපේක්ෂා කෙරේ.

ඡායා­රූ­පය - කැළුම් ලිය­නගේ

Comments