එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වන විට හවුල්කාර පක්ෂවල මතය ප්‍රකාශ වී ඇති බවත්, යෝජිත අපේක්ෂකයා තෝරාගැනීම ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කරනු ඇති බවත් රජයේ අමාත්‍යවරයෙක් සිළුමිණට පැවසීය.
පසුගිය සතිය තුළ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවති අතර, ඒවාට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සෙසු පක්ෂ නායකයෝ සහභාගි වූහ.