කොළඹ නග­රයේ පාසල් අවට ජල­යෙන් යට­වන්නේ ඇයි? | සිළුමිණ

කොළඹ නග­රයේ පාසල් අවට ජල­යෙන් යට­වන්නේ ඇයි?

කොළඹ නග­රයේ බැලූ බැලූ අත සංව­ර්ධ­න­යන් සිදු­වන බව පෙනේ. කොළඹ පාරක් නොක­පන දින­යක් නැති තරම්ය. මඟී ජන­තාව නිත­රම ගැව­සෙන පාරක් වුවද මහ දවාලේ පාර කැණීම් කරන අයට ජන­තා­වගේ අප­හ­සුතා වගේ වගක් නැති සේය. පාසල් අවට දරු­වන් ගැව­සෙන් ස්ථාන වල පම­ණක් නොව රැකී රක්ෂා සඳහා ජනා­කීර්ණ මාර්ග වලද පාර කැණීම් පටන් ගන්නේ තද­බ­දය අධික කාල වලය. මේ නිසා­වෙන් සිදු­වන හිරි­හැර ගැන කාට­වත් වගේ වගක් නැත. මෙසේ ඉවක් බවක් නැතිව පාර කැණීමේ දුෂ්ක­රතා තවත් උග්‍ර වන්නේ වැස්සක් පතිත වූව­හොත්ය. අද සුළු වැස්ස­කට පවා කොළඹ නග­රයේ මාර්ග ජල­යෙන් යට­වි­මට ගත වන්නේ ඉතා කෙටි කාල­යකි. එහෙත් කණ­ගා­ටු­වක මහත වන්නේ මේ සියල්ල බල­ධා­රීන්ට නොපෙ­නි­මය. පසු­ගිය සතියේ කෙටි වේලා­වක් තුළ පතිත වූ අධික වර්ෂා­වෙන් කොළඹ නාලන්දා විදු­හල් භූමිය ජල­යෙන් යට­වූයේ දරු­වන්ට පාස­ල­ට­වත් යාමට නොහැකි වන පරී­දීය.

උසස් පෙළ උත්තර පත්‍ර පරී­ක්ෂා­වෙන් අන­තු­රුව කොළඹ නාලන්දා විදු­හල ආරම්භ වූයේ පසු­ගිය සඳු­දාය. එහෙත් පාසලේ තෙවැනි වාර ආර­ම්භ­යේ­දිම දරු­වන්ට පාසල කරා යන්නට සිදු­වූයේ දණ­හි­සක් පමණ වූ ජල­යෙන් බැස යමිණි. කොළඹ නග­රයේ ජන­ප්‍රිය පාස­ලක සිදුවූ මේ දර්ශ­නය දැක ජන­තාව ඔලු­වට අත­ගසා ගත්තේ මේ සංව­ර්ධ­නයේ සල­කු­ණු­දැයි දේශ­පා­ල­ඥ­යින්ට බැන වඳි­මිනි. පසු­ගිය කාලයේ මේ පාසල් මාවත ජල සම්පා­ද­න­යෙන් හෝ මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යෙන් කැණීම කට­යුතු කළේ ඉවක් බවක් නැති­වය. දරු­වන්ට විවිධ අප­හ­සතා ඇති කර­මින් කළ මේ මාර්ග සංව­ර්ධ­නයේ අව­සා­න­යම දුක්ඛ­දා­යක විය. නාලන්දා විදු­හල වැනි කොළඹ නග­රයේ ජන­ප්‍රිය ජාතික පාස­ලක් වන මේ පාස­ලට අද දරු­වන් පිවි­සෙන්නේ මඩ ගොහුරු වලින් පිරි අපි­රි­සුදු පාර­කිනි.

පාස­ල­කට නිසි වටි­නා­ක­මක් එන්නට නම් ඒ අවට මාර්ගද නිසි පරිදි සංව­ර්ධ­නය විය යුතු බව අපි පිළි ගනිමු. එසේම කුඩා දරු­වන් නිතර ගැව­සෙන මෙවැනි පාර­වල් නිසි අව­ධා­න­යට යොමු කළ යුත්තේ අන­තු­රක් විමට පෙරය. මේ පිළි­බ­ඳව දෙම­වු­පි­යන් වශ­යෙන් අපි දැඩි කණ­ගා­ටුව පල කර­න්නෙමු. මේ පිළි­බඳ වරක් දෙව­රක් නොව සිය වාර­යක් බල­ධාරී අව­ධා­න­යට යොමු කර­න්නට අපි කැමැ­ත්තෙමු.

කොළඹ නාලන්දා විදු­හලේ දෙම­වු­පි­යන්

 

Comments