ගෝඨාගේ 2005 වැඩ ගැන අධි­ක­ර­ණ­යට වාර්තා­වක් | සිළුමිණ

ගෝඨාගේ 2005 වැඩ ගැන අධි­ක­ර­ණ­යට වාර්තා­වක්

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණෙන් ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වන ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඇමෙ­රි­කානු පුර­වැසි භාවය සහි­තව 2005 වසරේ මෙර­ටට පැමිණ, ඒ වසරේ පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඡන්දය පාවිච්චි කිරීම සහ මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ මැති­ව­රණ ව්‍යාපා­රය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් සිදු කරන ලද විම­ර්ශ­න­ව­ලදී හෙළි කර­ගත් තොර­තුරු ඇතු­ළත් ‘බී වාර්තා­වක්’ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් වෙත ඉදි­රි­පත් කොට ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යෙක් සිළු­මි­ණට පැව­සීය.

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ක්‍රියා­ක­ලා­පය සම්බ­න්ධ­යෙන් ගාමිණි විය­න්ගොඩ සහ මහා­චාර්ය චන්ද්‍ර­ගුප්ත තේනු­වර මහ­ත්ව­රුන් විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ කළ පැමි­ණි­ල්ල­කට අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න­තුව විසින් මේ විම­ර්ශන සිදු කරන ලද අතර, එයින් හෙළි­ද­රවු වූ කරුණු මත මේ වාර්තාව සකස් කොට අධි­ක­ර­ණය වෙත දැන්වී­මට කට­යුතු කර තිබේ.

කෙසේ වුවද ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගැනීම සම්බ­න්ධ­යෙන් ඒ දෙපා­ර්ත­මේ­තුව අධි­ක­ර­ණ­යෙන් අව­සර ඉල්ලූ බවට වූ ප්‍රචා­රය සම්පූර්ණ අස­ත්‍ය­යක් බවත්, සිදු වූයේ මෙසේ ‘බී වාර්තා­වක්’ ඉදි­රි­පත් කිරීම පම­ණක් බවත් මේ නිල­ධා­රියා තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

 

Comments