රුසියානු සංස්කෘතික දැක්ම 23 දා | සිළුමිණ

රුසියානු සංස්කෘතික දැක්ම 23 දා

ශ්‍රී ලංකාවේ රුසියානු සංස්කෘතික දැක්ම-2019 මෙවර අතිඋත්කර්ෂවත් අන්දමින් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට රුසියානු සමාජය විසින් කටයුතු සැලසුම්කොට තිබේ. රුසියානු සංස්කෘතික අංග, කලා අංග සහ ජන ජීවිතය පිළිබඳ ශ්‍රී ලාංකේය ප්‍රජාව දැනුම්වත් කිරීම මෙම උලෙළේ ප්‍රධාන අරමුණයි. 2019 සැප්තැම්බර් 23 වැනි සඳුදා උදෑසන 10.30ට මෙම ප්‍රදර්ශනය රුසියානු මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතව ඇති අතර එදින සවස 6 දක්වා පැවැත්වෙනු ඇත. ප්‍රදර්ශන කුටි රැසකින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ සාහිත්‍ය, සංස්කෘතිය හා අධ්‍යාපනය අංශ සඳහා විශේෂ අවධානයක් යොමුකොට තිබේ. රුසියානු සංගීතය, සිනමාව, ආහාර, කලා හා මූර්ති නැටුම් ආදී විවිධ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් ගණනාවක් උලෙළ අතරතුර පැවැත්වීමට කටයුතු යොදා ඇත. රුසියානු සංස්කෘතික අංගවලට ඇළුම් කරන සැමට එදින පැමිණෙන ලෙසට ආරාධනා කර සිටින අතර, මෙම ප්‍රදර්ශනය නොමිලේ පැවැත්වෙන බව ද එම සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

 

Comments