කුළුණට ඇළුණු මුදල් අවුල | Page 2 | සිළුමිණ

කුළුණට ඇළුණු මුදල් අවුල

කොළඹ නෙළුම් කුලුන ජනතා අයි­ති­යට පවරා දෙනු ලබන්නේ මත­භේ­දා­ත්මක ගිවි­සු­ම­කින් ශ්‍රී ලංකා­වට අහි­මි­වී­මට ගිය විශාල මුදල් ප්‍රමා­ණ­යක් රටට ඉතිරි කර දෙමින් බව ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර සිටියේ පසු­ගිය 16 දා නෙළුම් කුලුන විවෘත කළ අව­ස්ථා­වේ­දීය. ඒ අනුව ජනා­ධි­පති මාධ්‍ය අංශ­යෙන් ප්‍රවෘත්ති නිවේ­ද­න­යක් නිකුත් කර­මින් මේ පිළි­බඳ වැඩි­දු­ර­ටත් තොර­තුරු ප්‍රකා­ශ­යට පත් කර තිබුණි.

නෙළුම් කුළුණ කාගේ­වත් ප්‍රධා­න­යක් නොවේ. මේ රටේ ජන­තාව විසින් ගෙවනු ලබන ණය මුද­ලක් මත ඉදි­වූ­වකි.

ඒ නෙළුම් කුලුන ව්‍යපෘ­තියේ ඇස්ත­මේ­න්තු­ගත සමස්ත පිරි­වැය රුපි­යල් බිලි­යන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුද­ලක් වශ­යෙන් ශ්‍රී ලංකා රජ­යට ලබා­දී­මට චීනයේ EXIM බැංකුව එකඟ වී තිබුණු බවය. එම එක­ඟ­ත්ව­යට අදාළ ව මෙම ඉදි­කි­රීම් සඳහා වන කොන්ත්‍රා­ත්තුව 2012 -01-03 වන දින චීනයේ CEIEC සහ ALITයන සමා­ගම් සහ විදුලි සංදේශ නියා­මන කොමි­සම අතර ත්‍රෛපා­ර්ශ්වීය ගිවි­සු­මක් ලෙස ඇති­කර ගැනිණි.

ඒ අනුව නෙළුම් කුලුන බහු­කාර්ය රූප­වා­හිනී හා විදුලි සංදේහ කුලු­නක් ලෙස ඉදි­කි­රීම සඳහා විටින් විට සංශෝ­ධ­නය කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංදේශ මඟින් මීටර් 350ක් උසැති ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණ­යක් සඳහා ඇමෙ­රි­කානු ඩොලර් මිලි­යන 104.3ක මුද­ල­කට මේ සමා­ගම් දෙකට අනු­මැ­තිය දෙනු ලැබිණි. කෙසේ නමුත් නියා­මන කොමි­සම විසින් EXIM බැංකු­වෙන් ණය ලබා­ගෙන ඇත්තේ ඩොලර් මිලි­යන 76 කි. ඒ නෙළුම් කුලුන ඉදි­කි­රීම සඳහා වන පිරි­වැ­යයි. විදුලි සංදේශ නියා­මන කොමි­සම සහ චීන EXIMබැංකුව අතර පව­තින නෛතික බැඳීම එසේ පව­තින කළ ඉදි­කි­රීමේ ගිවි­සු­ම්ව­ලට අදා­ළව පැන නැඟී ඇති මූලික ප්‍රශ්නය වන්නේ කොමි­සම විසින් කොන්ත්‍රා­න්තුව ලබා දී ඇත්තේ සමාගම් දෙකක එකතුවකට ද, නැති­නම් ස්වාධීන කොන්ත්‍රාත් කරු­වන් දෙදෙ­න­කු­ටද වෙන්වෙන්ව ද, ඒසේ නැති­නම් CEIEC සමා­ග­මට පම­ණක්ද යන්නය.

පසුව 2015 දී සිදු­ක­රන ලද විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්ව­යක් වන ALIT නමින් වන සමා­ග­මක් පිළි­බ­ඳව කිසිදු තොර­තු­රක් සොයා­ගත නොහැකි බවය. ජනා­ධි­ප­තිවරයාගේ උප­දෙස් පරිදි මේ පිළි­බ­ඳව බීජිං නුවර ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය හරහා චීන රජ­යට ද දැනුම් දී තිබේ. ඒ අනුව ALIT සමා­ගම පිළි­බඳ තොර­තුරු ලබා ගැනී­මට උත්සා­හ­යක් ගනු ලැබූ නමුත් ඒ නමින් කිසිදු සමා­ග­මක් චීනය තුළ හෝ ඉන් බැහැර රට­කින් සොයා ගැනී­මට නොහැකි විය. එකී සමා­ග­මට අදා­ළව ගිවි­සුමේ අන්ත­ර්ගත ලිපි­නය ද ව්‍යාජ එකක් බවට තොර­තුරු හෙළි විය.

ඒ අනුව 2017 නොවැ­ම්බර් මාස­යේදී ගිවි­සු­ම්ගත ත්‍රෛපා­ර්ශ්වීය එක­ඟ­ත්ව­යෙන් එක් පාර්ශ්ව­යක් වූ ALIT නමින් සඳ­හන්ව තිබූ සමා­ගම බැහැර කරන ලද අතර එම සිදු­වී­මෙන් පසු චීනයේ EXIM බැංකුව ලබා­දෙ­මින් පැවති ණය මුදල අත්හි­ටු­වන ලදී. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස චීනයේ EXIM බැංකු­වෙන් ලබා­ගැ­නී­මට අපේ­ක්ෂා­වෙන් සිටි රුපි­යල් බිලි­යන 16ක ණය ප්‍රමා­ණය රුපි­යල් බිලි­යන 12කට සීමා විය. එහෙත් ඒ වන විටත් ලබා­ගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂ­ය­කම ණය වාරි­කය ලෙස රුපි­යල් මිලි­යන 2400 ක මුද­ලක් හෙවත් රුපි­යල් කෝටි 240ක මුදල ගෙවා අව­සන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාල­යක් ඒ ආකා­ර­යට ම වාර්ෂි­කව ගෙවී­මට සිදුව ඇත. එමෙන්ම 2019 වර්ෂ­යට අදාළ ණය වාරි­කයේ ප්‍රථම අර්ධය වන රුපි­යල් කෝටි 120 ක මුද­ලක් මේ වන විටත් ගෙවා තිබේ.

ඒ අතර ALIT සමා­ගම නියා­මන කොමි­සම සමඟ ගිවි­සුම් ගත­වීමේ දී ලබා දී ඇති තොර­තුරු මඟින් තහ­වුරු වන්නේ එම සමා­ගම ව්‍යාපෘති නියෝ­ජිත ආය­ත­න­යක්, ආයෝ­ජන කොන්ත්‍රාත් සමා­ග­මක් සහ ලංසු තබන ආය­ත­න­යක් බවයි. ඒ අනුව පැහැ­දිලි වන්නේ ඔවුන්ගේ ව්‍යාපාර ස්වරූ­පය අනුව නෙළුම් කුලුන ව්‍යාපෘ­තිය ලංසු තබා ලබා­ගෙන එහි උප කොන්ත්‍රා­ත්තුව CEIEC සමා­ග­මට ලබා දී තමන්ගේ ප්‍රති­ශ්ඨාව ලෙස ඩොලර් මිලි­යන 15.6 ක් ලබා­ගෙන ඇති බවයි. එය තව­දු­ර­ටත් ව්‍යාපෘති අත්ති­කා­රම් මුද­ලක් ලෙස

EXIM බැංකුව නොස­ල­කන නිසා ඒ සඳහා වන පිරි­වැය නියා­මන කොමි­ස­මට බරක් වී තිබේ. ඒ අනුව එකී මුදල ව්‍යාපෘති පිරි­වැ­යට අම­ත­රව දර­න්නට සිදු වුවකි. එසේ­නම් එය අලා­භ­යකි. එසේම නියා­මන කොමි­ස­මට ව්‍යාපෘ­තිය නිම­ක­ර­න්නට වි ඇත්තේ වෙන උප කොන්ත්‍රාත්කරු­වෙ­කු­ගෙනි. ගිවි­සුම් ගත වූ ප්‍රධාන සේවා­දා­යක ALIT සමා­ගම ව්‍යාපෘ­තියේ කිසිදු වග­වී­ම­කින් තොරව පලා ගොස් තිබේ.

මෙවන් පසු­බි­මක නෙළුම් කුලුන ඉදි­කි­රීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව රුපි­යල් බිලි­යන 04ක දාය­ක­ත්ව­යක් දර­මින් අති­වි­ශාල විදේශ විනි­මය ප්‍රමා­ණ­යක් රට තුළ ඉතිරි කර ගැනී­මට දාය­ක­ත්ව­යක් ලබා දී තිබේ.

Comments