කෝටි තුන්සිය පන­හක් කොල්ල කෑ අයුරු කියන ගම්පහ මිනි­සුන්ගේ අව­න­ඩුව | සිළුමිණ

කෝටි තුන්සිය පන­හක් කොල්ල කෑ අයුරු කියන ගම්පහ මිනි­සුන්ගේ අව­න­ඩුව

 

 

ම්පහ ආශ්‍රි­තව මෑත යුගයේ සිදු වූ දැවැන්ත සංව­ර්ධන ව්‍යාපෘති රැසකි.

ඒවා­යින් වැඩි කොට­සක හිමි­කා­රි­ත්වය ඇත්තේ රජ­යට නොව පෞද්ග­ලික අංශ­ය­ටය. එම ව්‍යාපෘ­ති­ව­ලින් ද වැඩිම ඉදි­කි­රීම් සිදු කර ඇති එක් ආය­ත­න­යක් වේ නම් ඒ “සණස”ය. එහෙත් සණස ආය­ත­නය අද දවස වන විට ගම්පහ ප්‍රදේ­ශයේ දැවැන්ත මූල්‍ය අව­භා­වි­තා­වක් කළ ආය­ත­න­යක් බවට චෝදනා ලැබ සිටී. ඒ එම ආය­ත­නය සමඟ ගනු­දෙනු කළ ගනු­දෙ­නු­ක­රු­වන් රැස­කට මේ මොහොත වන විටත් ඔවුන් සතුව තිබූ අති මහත් ඉතු­රුම් මුදල් ප්‍රමා­ණ­යක් අහිමි කර­දෙ­මිනි.

 

පසු­ගිය සතියේ ගම්පහ සණස ඉදි­රි­පි­ටට පැමිණි තැන්පත් කරුවෝ විශාල පිරි­සක් විරෝ­ධ­තා­ව­යක නියැ­ළු­ණහ. ඒ කෝටි තුන්සිය පන­හ­කට වැඩි ස්වකීය තැන්පතු මුදල් ආපසු ලබා­දීම දිගින් දිග­ටම සණස මඟින් පැහැර හරි­මින් සිටින බවට චෝදනා කර­මිනි. ඒ පිරිස අතර බාහිර තැන්ප­ත්ක­රු­වන් මෙන්ම සක­සු­රු­වම් හා ණය දෙන සමු­ප­කාර සමි­ති­වල මුදල්ද තැන්පත් කර තිබිණි. සුළු පරි­මාණ තැන්පත් කරුවෝ විශාල පිරි­සක් ද ඒ අතර වූහ.

රැස් වූ පිරිස කියා සිටියේ ගම්පහ සණස පසු­ගිය ජන­වාරි මාසයේ සිටම තැන්ප­ත්ක­රු­වන්ගේ මුදල් හෝ පොලී මුදල් ගෙවා නැති බවය. ගම්පහ සණස සභා­ප­ති­ව­රයා විවිධ ප්‍රකාශ කර­මින් තැන්ප­ත්ක­රු­වන් මඟ­හ­රි­මින් සිටින බවය.

උද්ඝෝ­ෂ­ණය පැවති දා සාමාන්‍ය රාජ­කාරි දින­යක් වුව ද ගම්පහ සණස ඇතුළු කාර්යාල තාව­කා­ලි­කව වසා දැමී­මට සණස බල­ධා­රීහු කට­යුතු කළහ. සමු­ප­කාර දෙපා­ර්ත­මේ­න්තුව යටතේ රාජ්‍ය මුල්‍ය අණ පන­ත්ව­ලට අව­න­තව පව­ත්වා­ගෙන යන ආය­ත­න­යක් ලෙස ජන­ගත කොට සණස කර­ගෙන ගොස් ඇත්තේ “වංචා­වක්” ය යනු­වෙන් විදී බැස සිටි තැන්ප­ත්ක­රුවෝ කියා සිටි­යහ.

“ ගම්පහ සණස සමූ­ප­කාර දෙපා­ර්ත­මේ­න්තුවෙ අධී­ක්ෂ­ණය යට­තම පාල­නය වෙන ආය­ත­න­යක්. ඒ හින්දා සංග­මයේ මූල්‍ය කට­යුතු විග­ණ­නය කරන්න සමු­ප­කාර දෙපා­ර්ත­මේ­න්තුව නීති­යෙන් බැඳිලා ඉන්නවා. ඒත් වර්ෂ 2017න් පස්සෙ එහෙම විග­ණ­න­යක් සිදු වෙලා නෑ කියලා අපි දැන­ගත්තේ බොහොම කල් ගත වෙලා. ඒ අය මේක පව­ත්වා­ගෙන ගිහින් තිබෙන්නෙ සමු­ප­කාර දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ට අල්ලස් දීලා. ඔබ විශ්වාස කරන්න. මෙහි සල්ලි තැන්පත් කළ ගොඩක් දෙනා සාමාන්‍ය මිනිස්සු. තමන්ගේ විශ්‍රාම පාරි­තෝ­ෂික, අර්ථ සාධක අර­මු­දල් තැන්පත් කළ මිනිස්සු ඉන්නවා. උදේ ඉඳන් බුල­ත්විට විකු­ණලා හව­සට සොච්චම් ලාභය තැන්පත් කරපු අස­ර­ණයො ඉන්නවා. මර­ණා­ධාර සමි­ති­වල අර­මු­දල් තැන්පත් කරලා තිය­නවා. මේ මිනි­ස්සුන්ගේ මුද­ලයි මේ අන­තුරේ වැටිලා තිබෙන්නෙ.. ”

තැන්ප­ත්ක­රු­වන්ට අනුව ගම්පහ සණස බිඳ වැටෙන්නේ එක්වර නොවේ. වසර ගණ­නා­වක අත්ත­නෝ­ම­තික ක්‍රියා­දා­ම­යක ප්‍රති­ඵ­ල­යක් ලෙසිනි. ගම්පහ සණස එලෙස මූල්‍ය අර්බූ­ද­යට පත් වන්නට පෙර දිව­යින පුරා පිහිටි සණස සහ සමිති ගණ­නා­වක ම මූල්‍ය වංචා සහ අක්‍ර­මි­කතා හට­ගෙන තිබිණි. ඒ සියල්ල වූයේ එක් පැයක දී හෝ රැයක දී නම් නොවේ.

දිව­යින පුරා පිහිටි අට­සී­ය­කට අධික එම ආය­තන ජාලය සතු සෑම ආය­ත­න­යක්ම මස­කට වතා­වක් අධී­ක්ෂ­ණය කිරීම සණස මව් සංග­ම­යට පැවරී තිබූ වග­කීම් සහ­ගත රාජ­කා­රි­යකි. එම කාර්යය බල­ධා­රීන් විසින් සැහැ­ල්ලු­වෙන් සැල­කී­මෙන් දූෂ­ණ­යට හා වංචා­වට ලද ඉඩ හසර තුළ උත්තුංග පර­මාර්ථ ඇතිව නිර්මා­ණය වූ සණසේ සම­හර ශාඛා අති­ශය ඛේද­නීය ලෙස මිනි­සුන්ට වංචා කරන හොර ගුහා බවට පත් වූයේය. ඉතා විශ්වා­ස­යෙන් ආය­ත­නය සමඟ ගනු­දෙනු කළ ජන­තා­වගේ මුදල් සම­හර සණස ආය­ත­න­වල සභා­පති වරුන් ඇතුළු නිල­ධා­රීහු සාවද්‍ය ලෙස පරි­හ­ර­ණය කළහ. කිරී­මට ඉඩ පහ­සු­කම් සලසා දුන්නේ යැයි වින්දි­තයෝ සණස බල­ධා­රීන්ට චෝදනා කළහ. ගම්පහ සණස ගැන තැන්ප­ත්ක­රු­වන් කීවේ එවැනි කතා­වකි.

ගම්පහ සණස කඩා වැටී ඇති බව කනින් කොනින් ඇසෙද්දී තැන්ප­ත්ක­රු­වන් පෙළ ගැසෙන්නේ තමන්ගේ මුදල් ආපසු ලබා­ගැ­නී­ම­ටය. එම කඩා වැටීම කලින්ම හඳු­නා­ගත් ආය­තන ප්‍රධා­නීන් ඒ මොහොතේ ක්‍රියා­කර ඇති ආකා­රය අසා­ධා­රණ බව ගනු දෙනු­ක­රු­වන්ගේ මත­යයි.

“එක්තරා දේශ­පා­ල­න­ඥ­යෙක් තැන්පත් කරල තිබුණු කෝටි ගානක මුද­ලක් ආපසු අර­ගෙන තියෙ­නවා. ඔෆි­ස්එකේ වැඩ කරපු හැම කෙනෙ­කුගේම නෑදැයො, මිත්‍රයො, ගිණුම් අව­සන් කර­ගෙන සල්ලි ආපහු ගත්තා. නිල­ධාරි මණ්ඩලේ හිටපු සම­හර පිරි­ස­කගේ අනි­යම් බිරි­න්දැ­ව­රුන්ට පවා තැන්පත් මුදල් ආපහු දුන්නා. එහෙම තමයි ඒ අය අපේ සල්ලි­ව­ලින් අන්තිම මොහො­තෙත් ඥාති සංග්‍රහ පැවැ­ත්තුවේ.”

“සණස වැටුණා කියලා දැන­ග­ත්තට පස්සේ පාතාලේ මිනිස්සු දාලා ආයුධ පෙන්නලා තැන්පත් මුදල් ගත්තු හැටි දැකපු අයත් ඉන්නවා. තම තමන්ගේ හිත­ව­තුන් හැම­දෙ­නාම ගොඩ දාලා මේ නිල­ධාරි හැමෝම එකතු වෙලා අපව අමා­රුවේ දැම්මා. සණ­සෙන් කාලා සණ­සත් කාලා බබාලා වෙන්න හැදු­වට ඔය නිල­ධාරි සියලු දෙනාම මේ වංචා කරපු මුද­ල්ව­ලට වග කියන්න ඕනෑ”

ඔවුන්ට අනුව අව­සාන මොහොතේ පවා ඉති­රිව තිබෙන මුදල් සම සේ තැන්ප­ත්ක­රු­වන් අතර බෙදා­දීම වෙනු­වට සිදු කර ඇත්තේ ආත්මා­ර්ථ­කාමී ලෙස ඥාති සංග්‍රහ ඉටු කිරී­මය.

ගම්පහ සණස සිදු කර ඇති මිල දී ගැනීම්, ඉදි­කි­රීම්, අලෙවි කිරීම් සියල්ල ද අයථා ආක­ර­යට සිදු වී ඇති බව තැන්ප­ත්ක­රුවෝ පෙන්වා දෙති. ඇති වී තිබෙන මූල්‍ය අර්බු­දය විස­ඳා­ගැ­නී­මට සණස සතු දේපළ අලෙවි කිරී­මට යෑමේ දී මතු වී තිබෙන අර්බු­දය එම ගනු­දෙනු සිදු වී ඇති ආකා­රය නිරී­ක්ෂ­ණය කර­න්නට ඇති හොඳම නිර්නා­ය­ක­යයි. අලෙවි කිරී­මට නිය­මිත ඉඩ­ක­ඩම් කඩ සාප්පු ඇතුළු දේපළ බොහෝ­ම­යක් තක්සේරු මිල ගණ­න්ව­ලට වඩා වැඩි මිල­කට විකි­ණී­මට සිදු වී තිබෙන්නේ එම දේපළ මිල දී ගැනී­මේදී ඒ සඳහා වටි­නා­ක­මට වඩා වැඩි මිල ගණ­න්ව­ලට මිල දී ගෙන තිබී­මය. මුදල් තැන්පත් හිමි සාමා­ජික පිරි­සගේ අව­ස­ර­ය­කින් තොරව නිල­ධා­රීන්ට කැමති පරිදි සිදු­කර ඇති එම දේපළ බොහො­ම­යක් විකුණා දැමීම මේ වන විට සිදු වෙමින් පවතී.

සණ­සට අයත් එම දේපළ විකුණා මුදල් බවට පත් කර තැන්පතු කරු­වන්ට ඔවුන්ගේ තැන්පත් මුදල් කොටස් වශ­යෙන් ගෙව­න්නට බල­ධා­රීන් ලබාදී ඇති පොරො­න්දුව තැන්ප­ත්ක­රු­වන්ට ඉතිරි වී ඇති එකම බලා­පො­රො­ත්තු­වය.

සණස තුළ සිදු වන කිසිදු කට­යු­ත්තක් විම­ර්ශ­නය කිරී­මට බල­යක් නැති බවත්, අවශ්‍ය නම් යම් උප­දෙ­සක් දීමට හැකි­යා­වක් තිබෙන නමුත් කිසිදු නියා­ම­න­යක් කිරී­මට හෝ නියෝග ලබා­දී­මට සමූ­ප­කාර දෙපා­ර්ත­මේ­න්තු­වට බල­යක් නැති බව සමු­ප­කාර නිල­ධා­රිහු අව­ධා­ර­ණය කරති.

එසේ වුව ද සණස මවු සංග­මය හා ගම්පහ සණස සමු­ප­කාර දෙපා­ර්ත­මේ­න්තුව යටතේ ලියා­ප­දිංචි වී ඇති ආය­තන ය. එහෙත් සමු­ප­කාර දෙපා­ර්ත­මේ­න්තුව තමන් යටතේ ලියා­ප­දිංචි ගම්පහ සණස තුළ කෝටි තුන්සිය පන­හ­කට අධික මුදල් අව­භා­වි­ත­යක් සිදු වන තුරු ඒ පිළි­බඳ සිදු කළ මැදි­හ­ත්වීම අපැ­හැ­දි­ලිය.

සණස, සමු­ප­කාර මූල්‍ය ආය­තන, ග්‍රාමීය බැංකු පාල­නය වන්නේ මධ්‍යම රජය යටතේ නොව පළාත් සමූ­පා­කාර කොම­සා­රි­ස්ව­රුන් මඟිනි. ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ප්‍රශ්න ගත සණස මූල්‍ය ආය­තන ගණ­නා­වක්ම මේ වන විටත් පළාත් කොම­සා­රි­ස්ව­රි­යගේ අධී­ක්ෂ­ණය යටතේ පවතී. බස්නා­හිර පළාත් සමු­ප­කාර කොම­සා­රි­ස්ව­රිය පසු­ගිය මාර්තු මස දී ගම්පහ සණස සමිති සංග­මයේ පාල­නය ඇය යට­තට ගත්තාය. එහෙත් දෙම­ස­කින් පසු ඇය යළිත් සමි­තිය එහි සභා­පති නීතිඥ ලලිත් ජය­සූ­රිය වෙත පවරා තිබිණි.

ගම්පහ සණස තුළ මේ සිදු වෙමින් ඇති අර්බු­දය ගැන විම­සී­මට බස්නා­හිර පළාත් සමු­ප­කාර කොම­සා­රි­ස්තු­මිය හා ගම්පහ සණස සභා­පති නීතිඥ ලලිත් ජය­සූ­රිය සම්බන්ධ කර­ගැ­නී­මට ගත් සෑම ප්‍රය­ත්න­යක්ම ව්‍යර්ථ විය.

අව­සා­නයේ අපි ගම්පහ සණස මුදල් තැන්ප­ත්ක­රු­වන්ගේ එක­මු­තුවේ ලේකම් ජගත් සිරි­ව­ර්ධන ඇම­තීමු. ඔහු කීවේ මෙවැනි කතා­වකි.

“අපට එළි­යට බැහැලා කෑ ගහලා අපේ ප්‍රශ්නය රටට ඇහෙන්න කියන්න සිද්ධ වෙලා තිය­නවා. ගම්පහ සණසෙ මුදල් තැන්පත් කළ අපට කළ­ම­නා­කා­රි­ත්වය පොරොන්දු වුණා අගෝස්තු මාසේ පහ­ළොව වන විට තැන්ප­ත්ක­රු­වන්ගේ අව­සාන ශේෂ­යෙන් සිය­යට තිහක් දෙනවා කියලා. නමුත් ඒ අදාළ දින­යට තියා මේ වන­තුරු ඔවුන් ඒ මුදල් ලබා­දුන්නේ නැහැ. ඉන් පස්සේ කිව්වා සිය­යට දෙක දක්වා අඩු කරලා තැන්ප­ත්ක­රු­ව­න්ගෙන් කොට­ස­කට මුදල් ලබාදී තිබෙ­නවා කියලා. නිතර නිතර ඇවිල්ලා කර­දර කරන අයගේ ලැයි­ස්තු­වක් හදලා තමයි එහෙම කරලා තියෙන්නේ. ඔවුන් අපට ඒ නම් ලැයි­ස්තුව ලබා­දෙ­න්නෙත් නැහැ.

සල්ලි­කා­රයෝ සණසේ සල්ලි තැන්පත් කරන්න ගියේ නැහැ. බොහෝම අමා­රු­වෙන් රස්සා­වල් කරලා ලැබුණ අර්ථ­සා­ධක මුදල් තමයි මේවයෙ තැන්පත් කරලා තියෙන්නේ. සණසේ මුදල් තැන්පත් කළේ වැඩි පොලි­යක් ලැබෙන නිසා. සම­හරු ජීවත් වුණේ ඒ ලැබුණ පොලි­යෙන්.

තැන්පත් මුදල් හිල­ව්වට ඒ අය දේපළ දෙන්න පොරොන්දු වුණා. සම­හ­රුන්ට ඉඩම් ලැබුණා. නමුත් ඔවුන් ඔවුන්ගේ දේපළ උගස් කරලා තියෙන්න. දැන් ඒ දේපළ ගත්ත අයට ඒවායේ අයි­ති­යත් නැහැ. මිනිස්සු දැන් කබ­ලෙන් ළිපට වැටිලා තියෙන්නේ. සණස කියන නමට අපි රැව­ටුණා. නමුත් මේ අපි සල්ලි දාලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික් සක­සු­රු­වම් සහ ණය­දෙන සමිති සංග­ම­යට. මෙය සමු­ප­කාර දෙපා­ර්ත­මේ­න්තුවේ ලියා­ප­දිංචි වෙලා තියෙන්නේ සණස කියන ලේබ­ලය අල­වා­ගෙන. ඇත්තම කිව්වොත් අපි සණස කියන නමට රැව­ටුණා.

මෙහි ආයෝ­ජ­න­ක­රුවෝ බහු­ත­ර­යක් දුප්පත් අය. එක් කාන්තා­වක් ඇවිල්ලා ඇඬුවා තමන්ගේ සැමියා පණ අදි­නවා මිනි­පෙ­ට්ටිය ගන්න සල්ලි දෙන්න කියලා. මේ අය අපට මුලින් කිව්වා ඔවුන්ගේ වත්කම් විකු­ණලා අපේ මුදල් අපට දෙන්නම් කියලා. නමුත් ඒ දේප­ළත් උගස් තියලා. අපට කවද්ද සාධා­ර­ණ­යක් වෙන්නේ.

ප්‍රකෝටි ගණ­නින් සිදුවූ වංචා ගැන කතා වෙන රටක වංචාව සාමා­න්‍ය­ක­ර­ණය වූ සමා­ජ­ය­කට මේ මිනි­සුන්ගේ අඳෝ­නාව ඇසෙන්නේ නැත. පුදු­මා­කාර කරු­ම­යක් වන්නේ එයය.

Comments