දත් 32කට මැදිව අල්ලස් හොරු ඇල්ලීම | සිළුමිණ

දත් 32කට මැදිව අල්ලස් හොරු ඇල්ලීම

 

 

ත්කම් බැර­කම් ප්‍රකා­ශ­යට පත් නොකළ කැබි­නට් ඇමැ­ති­ව­රුන් 08 දෙන­කුට එරෙ­හිව ට්‍රාන්ස්පේ­රන්සි ඉන්ට­ර්නැ­ෂ­නල් ශ්‍රී ලංකා ආය­ත­නය අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව වෙත පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර තිබුණේ ඉකුත් අගෝස්තු 20 වැනි­දාය. ඒ එදින වන විටද නවීන් දිසා­නා­යක, හරීන් ප්‍රනාන්දු, මනෝ ගනේ­ෂන්, එම්.එච්.ඒ. හලීම්, අකිල විරාජ් කාරි­ය­ව­සම්, රවී කරු­ණා­නා­යක, ගයන්ත කරු­ණා­ති­ලක සහ සජිත් ප්‍රේම­දාස යන අමා­ත්‍ය­ව­රුන් 2018/19 වර්ෂ­යට අදාළ සිය වත්කම් බැර­කම් ප්‍රකා­ශ­යට පත් කර නැති බව පව­ස­මිනි.

 

වත්කම් හා බැර­කම් ප්‍රකා­ශන නීතිය යට‍තේ සුදුසු පරිදි නඩු පැව­රීමේ බලය ලත් ආය­ත­නය වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වයි. පසු­ගිය කාලයේ මේ ආය­ත­න­යට පැව­රුණේ සුළු-පටු රාජ­කාරි ගොන්නක් නොවේ. 2015දී බල­යට පත් ආණ්ඩු­වට ඇවැසි වූයේ අල්ලස හා දූෂ­ණ­යට විරු­ද්ධව සටන් කර­න්නය; නැති නම් අල්ලස් දූෂණ හා මංකො­ල්ල­කෑම් රටට හෙළි­ද­රවු කර­න්නය. එහෙත් එය ඉටු කළ යුතු වූයේ නීත්‍ය­නු­කූල දීර්ඝ ක්‍රියා­ව­ලි­යක් ඔස්සේ වූ බැවින් ඒ අපේක්ෂා කළ පරිදි මේ අර­මුණ කරා යා නොහැකි විය. ඒ අතර මෙය කරන්නා වූ ක්‍රම­වේ­දය කුමක්ද යන්න බොහෝ දෙනකු දැන සිටියේ නැති බැවින් ‘කෝ අල්ලපු හොරු...!‘ යනු­වෙන් ඇතැ­මෙක් අසන්න වූහ.

හොරුන් අල්ල­න්නද, අප­රා­ධ­ක­රු­වන්ට දඬු­වම් පමු­ණු­ව­න්නද රටක ශක්ති­මත් නීති පද්ධ­ති­යක් තිබිය යුතුය. 1994න් පසු අල්ලස් සම්බන්ධ නීති හෝ වත්කම් බැර­කම් නීති හෝ කාල­යට ගැළ­පෙන පරිදි සංශෝ­ධ­නය වූයේ නැත. මේ වන විට කාලය, හොර­කමේ ප්‍රමා­ණය, වටි­නා­කම වෙනස් වුවද මේ සම්බ­න්ධ­යෙන් හොරු ඇල්ලී­මට ඇති නීතිය වසර 25කටත් වඩා පැරැ­ණිය. බොහෝ දෙනකු අල්ලස නැති කර­න්නට කතා කළද එය ක්‍රියා­ත්මක කිරීමේ අඩු-පාඩු හෝ වෙනස් කළ යුතු තැන් කතා කළේ නැත. ඔස්ට්‍රේ­ලි­යාවේ වියානා නුව­රදී පැවැත්වූ දූෂණ විරෝධි පන­තට රට­වල් 180ක් සමඟ ශ්‍රී ලංකා­වද අත්සන් කළත්, මේ පන­තින් අපේක්ෂා කළ නිසි දූෂණ විරෝධි මාර්ග­යට ලංකාව ප්‍රවිෂ්ට වූයේ නැත. එහෙත් වර්ත­මා­නයේ එහි අධ්‍යක්ෂ ජන­රාල් වන ජනා­ධි­පති නීතිඥ සරත් ජය­මාන්න මහ­තාගේ පැමි­ණී­මෙන් පසු ඔහු සතු හසළ දැනු­මින් අපේ­ක්ෂිත සංව­ර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේ සූදා­න­ම­කට ප්‍රවිෂ්ට වන්නට අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වට හැකි විය.

විවිධ සංවි­ධාන හරහා අල්ලස, දූෂ­ණය හා වංචා­වන් හෙළි­ද­රවු කර මාධ්‍ය ඉදි­රියේ සන්ද­ර්ශන පැවැ­ත්වීම පහ­සුය. එහෙත් මේ සියල්ලේ බර­ප­තළ වැඩ කොටස පැවරී ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­ව­ටය. එහෙත් උකුසු ඇසින් කළ යුතු වන හොරුන් ඇල්ලීමේ, ඇසින් දුටු සාක්ෂි නැති වංචා අනා­ව­ර­ණය කිරීමේ මේ කාර්ය කර­න්නට අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව සතු ශක්‍ය­තාව ගැන බල­ධා­රීන් කතා කළේ නැත. තව­මත් මේ ආය­ත­නය කට­යුතු කරන්නේ දත් තිස්දෙ­කට මැදි වූ දිව මෙන් බොහෝ බාධක මධ්‍යයේ, සුළු පිරි­ස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් බව බොහෝ දෙනකු නොදන්නා කරු­ණකි.

“වත්කම් නඩු­වක් ගෙන යන්න නම් ඉතා දක්ෂ නීති­ඥ­යන් සිටිය යුතුයි. ඒ වගේම මේවායේ ඇසින් දුටු සාක්ෂි නැති නිසා ඒවා විම­ර්ශ­න­යට දක්ෂ විම­ර්ශ­ක­යන් සිටිය යුතුයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ මේ කට­යුතු සියල්ල කරන්න ඉන්නේ පොලිස් දෙපා­ර්ත­මේ­න්ත­වෙන් අත­මා­රු­වට ගත් නිල­ධා­රීන් 200ක් විත­රයි. මේ 200න් පම­ණක් මේ කට­යුතු කරන්න අප­හසු නිසා අපි අදාළ තැන්ව­ලට ලියුම් ලියලා අලු­තින් තන­තුරු 200ක් ඇති කළා. ඒ තන­තුරු 200ට විවිධ ක්ෂේත්‍ර­ව­ලින් උපා­ධි­ධාරී ඉල්ලු­ම්පත් 10,000ක් විතර ලැබුණා. අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව ස්වාධීන ආය­ත­න­යක් වුණත්, මේ සඳහා නිර්ණා­යක සකස් කිරී­මට පම­ණක් නොව, අපට අවශ්‍ය විම­ර්ශ­ක­යන් තීර­ණය කිරීමේ බල­ය­වත් අපට ලැබී නැහැ. මේ අය තෝර­න්නේත්, මේ නිර්ණා­යක සකස් කර­න්නේත් රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශ­යෙන්. මෙහෙම දෙයක් ලෝකේ කොහේ­වත් නැහැ...

“මේ විම­ර්ශ­ක­යන් තේරීමේ කට­යුතු ලෙහෙ­සි­යෙන් කරන්න බැහැ. විම­ර්ශ­ක­යන් තේරීම කරන අය ඊට වඩා දක්ෂ විය යුතුයි. එහෙත් මේ අය තේරී­මේදී විභාග කොම­සා­රි­ස්ව­රයා විසින් විභා­ග­යක් පැවැ­ත්වුවා. විභා­ගය පවත්වා කාල­යක් ගිය පසු අපට නම් 400ක් තෝරා දුන්නා. පසුව මේ අයගේ විම­ර්ශන හැකි­යාව සොයන්න අප ලිඛිත පරී­ක්ෂ­ණ­යක් හා සම්මුඛ පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වුවා. එයින් අප 200 දෙනකු තෝරා­ගත්තා, මේ අල්ලස් හා වත්කම් නඩු ඉදි­රි­යට කර ගෙන යෑමට. ඒත් තාමත් මේ තෝරා­ගත් 200 දෙනා බඳ­වා­ගෙන නැහැ. රාජ්‍ය බුද්ධි සේවය විසින් මේ අයගේ බුද්ධි තොර­තුරු පරීක්ෂා කිරී­මෙන් පසු­වයි ඔවුන් බඳ­වා­ගත හැකි වන්නේ. ඒ වගේම මේ අයගේ පුහුණු කට­යුතු සඳහා මහා භාණ්ඩා­ගා­ර­යට මුදල් නැහැලු. ඒ නිසා රටේ අල්ලස් දූෂණ නැති කරන්න නම්, පළ­මුව මේ අඩු­පාඩු සම්පූර්ණ විය යුතුයි...“

ඒ අධ්‍යක්ෂ ජන­රාල් වන ජනා­ධි­පති නීතිඥ සරත් ජය­මාන්න මහ­තායි.

වාර්තා වන අන්ද­මට අල්ලස් හෝ දූෂණ නැති කිරීමේ ක්‍රියා­ව­ලි­යට දායක වී ඇත්තේ නීති­ඥ­යන් 27 දෙනකු පමණි. ඒ මිලි­යන 27ක ජන­තා­වගේ ප්‍රශ්න විස­ඳ­න්නය! එයින්ද 23ක්ම කාන්තා­වෝය. එප­ම­ණක් නොව, මේ අයට ආය­ත­න­යෙන් බැහැ­රට ගොස් රාජ­කාරි කිරී­මේදී දින­කට ගෙවන්නේ රු.1000ක් වැනි සුළු මුද­ලකි!

මේ හා සමා­නව බලන විට අල්ලස් නීති­යද යල්පැන ගිය එකකි. මෙය වර්ත­මා­න­යට ගැළ­පෙන පරිදි සකස් විය යුතුව ඇත. අල්ලස් නඩු විභාග කරන්න නම් මේ වෙනස් වීමද අව­ශ්‍යය. මේ වන විට අල්ලස් නීති කාල­යට ගැළ­පෙන සේ සකස් කිරීමේ කට­යුතු ඒ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අරඹා ඇත.

ජනා­ධි­පති නීතිඥ සරත් ජය­මාන්න මහතා ඒ පිළි­බඳ පළ කළේ මෙවන් අද­හ­සකි:

“අල්ලස් හා වත්කම් නඩු විභාග කට­යුතු විධි­මත් කරන්න නම් අල්ලස් නීති සංශෝ­ධ­නය විය යුතුයි. මේ කට­යුතු අප දැන­ට­මත් ආරම්භ කර තිබෙ­නවා. සියලු අල්ලස් හා වත්කම් නීති සංගෘ­හීත නීති පද්ධ­ති­යක් අප ගෙන එනවා. මෙයට තිබුණු අල්ලස් නීති පම­ණක් නොව, අල්ලස් සම්බන්ධ නව නීති වගන්ති කිහි­ප­යක්ද එයට ඇතු­ළත් කර තිබෙ­නවා. ඒ අලු­තින් හඳු­නා­ගත් වැරදි කිහි­ප­යක් සම්බ­න්ධ­වයි. මෙහිදී බැඳි­යා­වන් අතර ඇති වන ගැටුම් පිළි­බඳ වැරදි සම්බ­න්ධ­යෙන් හඳුන්වා දෙන නව නීති, පෞද්ග­ලික අංශයේ අල්ලස් සම්බන්ධ නීති, විදේ­ශීය රාජ්‍ය නිල­ධා­රීන්ට අල්ලස් දීම සම්බන්ධ නීති, රාජ්‍ය ආය­තන තුළ සිදු වන විවිධ දේ සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි කරන අය ආරක්ෂා කිරීම හා මුක්තිය සැල­සීමේ නීති, අල්ලස් පන­තට අනුව සාක්ෂි­ක­රු­වන් හා වින්දි­ත­යන් ආරක්ෂා කිරීමේ නීති, යම් යම් වැරැදි සම්බ­න්ධ­යෙන් වැර­දි­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට අල්ලස් කොමි­ස­මට නීති­මය බල­තල දීම් හා අල්ලස් කොමි­සමේ විධාන බැහැර කිරීම අප­රාධ වර­දක් ලෙස හඳුන්වා දීමේ නීති ආදි නව නීති ඇතු­ළත් කර තිබෙ­නවා. ඒ වගේම අල්ලස් කොමි­ෂන් සභා පන­තත් සංශෝ­ධ­නය කර­මින් යනවා. ඒ වගේම අල්ලස් ගැන කතා කිරී­මේදී නිවා­රණ කට­යුතු අති­ශය වැද­ගත් නිසා නිවා­රණ බල­යත් මේ යට­තට ගෙනෙන අතර, ඉදි­රි­යේදී නිවා­රණ ඒක­ක­යක්ද ස්ථාපිත කර­නවා. මේ පිළි­බඳ පළ­මු­වන හා දෙවැනි කෙටු­ම්පත් පසු­ගිය මාසයේ දූෂණ විරෝධි ආංශික අධී­ක්ෂණ කාරක සභා­වට යොමු කළා.“

අල්ලස පම­ණක් නොව, වත්කම් දූෂණ නැති කිරීමේ භාර­ධුර කර්ත­ව්‍ය­යේද නියැළී සිටින අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව වත්කම් බැර­කම් සම්බ­න්ධ­යෙන්ද නව ක්‍රම­වේ­ද­යක් හඳුන්වා දිමට සැර­සෙයි. මේ අනුව ඉදිරි වසරේ සිට වත්කම් බැර­කම් ප්‍රකාශ ලබා දීම් සම්බන්ධ වෙන­ස්කම් කිහි­ප­යක් සිදු කිරී­ම­ටද කොමි­සම බල­පො­රොත්තු වෙයි.

“ලබන වසරේ සිට රජයේ සියලු නිල­ධා­රීගේ මෙන්ම මැති-ඇමැ­ති­ව­රු­න්ගේත් වත්කම් ප්‍රකාශ ඔන්ල­යින් ක්‍රම­යට අල්ලස් කොමි­ස­මට එවිය යුතුයි. ඒ කට­යුතු සඳහා වෙනම ඒක­ක­යක් අප පිහි­ටුවා තිබෙ­නවා වගේම මේ සඳහා වෙනම මෘදු­කාං­ග­ය­කුත් සකස් කර තිබෙ­නවා. යම් අය­කුගේ වත්කම් ප්‍රකාශ වැරදි නම් හෝ අඩු-පාඩු සහිත නම් හෝ ස්වයං­ක්‍රි­යව මෙම­ඟින් රතු සංඥා­වක් නිකුත් කෙරෙ­නවා. මේ අව­ස්ථාවේ අපට හැකි­යාව තිබෙ­නවා අදාළ අංශ සමඟ සම්බන්ධ වී ඒ සම්බ­න්ධ­යෙන් අවශ්‍ය පරීක්ෂා කිරීම් කරන්න. එහිදී යමකු වැරදි තොර­තුරු හෝ නොගැ­ළ­පෙන තොර­තුරු දී ඇතැයි අනා­ව­ර­ණය වුව හොත් විම­ර්ශ­න­යක් කිරී­මට හැකි වනවා. මේ අනුව සැම රජ්‍ය සේව­ක­ය­කුම සිය වත්කම් ප්‍රකාශ ඔන්ල­යින් ක්‍රම­යට ජූනි 30 දාට පෙර අල්ලස් කොමි­ස­මට ලැබෙ­න්නට සැලැ­ස්විය යුතුයි. මේ තොර­තුරු එවන්න ප්‍රමාද වන අය­ගෙන් මුල් මාසය තුළ දින­කට සිය වැටු­පෙන් තුනෙන් එකක අධි­භා­ර­යක් දඩ­යක් වශ­යෙන් අය කර ගන්නවා. දෙවැනි මාස­යත් ප්‍රමාද කළොත් මාස 6ක වැටුප දඩ­යක් වශ­යෙන් අය කර­ග­න්නවා. තුන්වැනි මාස­යේත් මඟ­හැ­රි­යොත් නඩු මාර්ග­යට යැවී­මට කට­යුතු කර­නවා. එහිදී දඩය වශ­යෙන් වස­රක වැටුප හෝ සිර දඬු­ව­මක් නියම වනවා. එසේම හෙළි­ද­රවු නොවූ වත්කම් සියල්ල රාජ සන්න­කද වනවා...“

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ජන­රාල් ජනා­ධි­පති නීතිඥ සරත් ජය­මාන්න මහතා පැවැ­සුවේ මේ ගැටලු සම­නය කිරීමේ ඉදිරි ක්‍රියා­මාර්ග පිළි­බ­ඳ­වය.

සංඛ්‍යා ලේඛන කවර සෞභා­ග්‍ය­යක් පැව­සු­වද තව­මත් දුක්ම­හ­න්සි­යෙන් එදා­වේල හරි­හම්බ කර­මින් දිවි­පෙ­වෙත ගට­ග­සා­ගන්නා බහු­ත­ර­යක් වෙසෙන අප රටේ අහිං­සක ජන­තාව රජ­යෙන් ලොකු ලොකු දේ බලා­පො­රොත්තු වන්නේ නැත. ඔවුන්ට දුක: තමා රුපි­යල් එක සිය­යක් කඹු­ර­න්නට අවුවේ වැස්සේ දුක් විඳිද්දී, සැප පුටු­ව­කට වී හොර ලිය­වි­ල්ල­කට එක අස්ස­නක් ගසා මොහො­ත­කින් රුපි­යල් කෝටි ගණ­නක් උප­යන මැති-ඇමැ­තීන්, රාජ්‍ය නිල­ධා­රීන් ගැන අස­න්නට දකින්න ලැබෙන විට­දීය. අප නිවා-ලිය යුත්තේ සාප­යක් වී වා තල­යට මුසු වන ඒ අහිං­ස­ක­යන්ගේ වේද­නා­වය. මේ හොර පාරේ යන්නේ රටට හිමි විය යුතු ජාතික ධනය වන බැවිනි.

Comments