දන් ­දෙන්න ඕන දෙන දේ ගැන ආසාව සම්පූ­ර්ණ­යෙන්ම අත­හැ­ර­ලයි | සිළුමිණ

දන් ­දෙන්න ඕන දෙන දේ ගැන ආසාව සම්පූ­ර්ණ­යෙන්ම අත­හැ­ර­ලයි

අද අප විසින් දේශනා කර­න්නට යෙදෙන්නේ අංගු­ත්තර නිකායේ අට්ඨක නිපා­තයේ ජීවක සූත්‍රය ඇසු­රින් ධර්ම දේශ­නා­වක්.‍

ඒ සූත්‍රයේ තිබෙන්නේ ජීවක වෛද්‍ය­ව­රයා බුදු­ර­ජා­ණන් වහ­න්සේ­ගෙන් අසන ප්‍රශ්න කිහි­ප­යක් පිළි­බ­ඳ­වයි‍; ඒව­ගේම බුදු­ර­ජා­ණන් වහන්සේ ඒ ප්‍රශ්න­ව­ලට දෙන පිළි­තුරු කිහි­ප­යක් පිළි­බ­ඳ­වයි.

මේ ජීවක වෛද්‍ය­ව­රයා ප්‍රශ්න කිහි­ප­යක් ම අහලා තියෙ­නවා. ‍ මා තෝරා­ගත්තේ‍ කිත්තා­වතා පණ භන්තේ උපා­සකෝ අග්ග හිතා­යක පති­ප­ටි­පන්නො හෝතී පර­හි­තා­යත

ස්වාමීනී, භාග්‍ය­ව­තුන් වහන්ස උපා­සක කෙනෙක්, බෞද්ධ­යෙක් තමාගේ යහ­පත හෝ අනුන්ගේ යහ­පත පිණි­සත් කට­යුතු කරන්නේ කොහො­මද ? කියලා ප්‍රශ්න නඟ­නවා.

ඒ සඳහා බුදු­ර­ජා­ණන් වහන්සේ දුන් පිළි­තුර සමස්ත බෞද්ධ ජන­තා­වට ම වැද­ගත් වෙනවා. බෞද්ධ­යෙක් වුණාම අඩුම තර­මෙන් තමුන්ගේ යහ­පත වත් සලසා ගත යුතුයි. ධර්මා­නු­කූල හැකි­යා­වක් තියෙ­නවා නම් තමුන්ගේ යහ­පත සලසා ගනි­මින් අනුන්ගේ යහ­පත වෙනු­වෙ­නුත් කැප වෙන්නට ඕන. ඒ කාරණා දෙකෙන් එකක් හෝ තියෙ­නවා නම් ඇති.

එක්කො තමන්ගේ යහ­පත පම­ණක් සලසා ගැනී­මත් ලොකු දෙයක්. තමන්ගේ යහ­පත් සලසා ගෙන අනුන්ගේ යහ­ප­තත් සලසා ගන්නට පුළු­වන් නම් එය ඊටත් වඩා ව‍ටිනවා. තමුන්ගේ යහ­පත මෙන්ම අනු‍න්ගේ යහ­පත සල­සන්නේ කොහො­මද කියලා බලමු. උන්ව­හන්සේ වදාළා තමන් මුලින් ම ශ්‍රද්ධා­වන්ත කෙනෙක් බවට පත්විය යුතු බව.

ඉන්ප­සුව අනෙක් අය ශ්‍රද්ධාව තුළ පිහි­ටු­ව­නවා; උනන්දු වෙනවා උත්සාහ කර­නවා. ශ්‍රද්ධාව කියන වච­නය හුරු­පු­රු­දුයි. බුදු­න්ව­හන්සේ දිනක් එහි නියම අර්ථය පැහැ­දිලි කරලා දෙනවා. මොකක්ද මේ ශ්‍රද්ධාව කියන්නේ කියලා. සද්ධ හති තථා­ග­තස්ස ‍බෝධීන් තථා­ග­තස්ස කියන්නේ බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ සම්බු­ද්ධ­ත්වය අද­හ­නවා, ඒ අව­බෝ­ධය පිළි­ග­න්නවා නම් යම් කිසි කෙනෙක් එයයි ශ්‍රද්ධාව.

උන්ව­හ­න්සේගේ ධර්මය අපිට හරි­යා­කා­රව ‍අවබෝධ ගන්නට බැහැ. මොකද ඒ අව­බෝ­ධය මොග්ග­ල්ලාන වැනි අග්‍ර­ශ්‍රා­ව­ක­යන් පවා නිය­මා­කා­ර­යෙන් අව­බෝධ කර­ගෙන නැහැ. ඒ තරම් එය අග්‍රයි; අප්‍ර­මා­ණයි. බුදු­න්ව­හ­න්සේම දේශනා කළා බුදු ගුණ නම­යක්. ඒ බුදු ගුණ නම­යෙන් තමයි බුදුන් කෙරෙහි අව­බෝධය ඇති කරලා දෙන්නේ.

කෙසේ නමුත් ශ්‍රද්ධාව ඇති කර­ගන්න ඕන, නම් බුදු ගුණ නමය අර්ථ සහි­තව විස්තර සහි­තව ඉගෙන ගැනී­මයි. ඒ සඳහා අපිට ත්‍රිපි­ට­කය අටු­වාව ඇසු­රෙන් ඉගන ගන්නට පුළු­වන්. විසුද්ධි මාර්ගයේ බුදු­ගුණ පිළි­බඳ ව පෙළ ගැස්වී­මක් කරලා තියෙ­නවා. ඒ වගේ තැන්ව­ලින් අපිට බුදු ගුණ ගැන ප්‍රමා­ණ­වත් දැනු­මක් ගන්නට පුළු­වන්. මාස ගණ­නක් ගත වුණත් කමක් නැහැ; බුදු­න්ව­හ­න්සේගේ ධර්මය පිළි­බඳ ව හද­ව­තින්ම ඉගෙන ගන්න.

ඒ වගේ ම අනිත් අය කෙරෙ­හිත් ශ්‍රද්ධාව ඇති කර­න්නට උත්සාහ කරන්න. ඔබ දන්න අයට අව­බෝ­ධය ලබා­දෙන්න. මුද්‍රිත පත්‍රිකා වලින් හරි අව­බෝ­ධය ලබා දෙන්න; කියලා දෙන්න; සාකච්ඡා කරන්න. මුළු හද­ව­තින්ම අද­හන්න, පිළි­ගන්න අන් අයව යොමු කරන්න. අනෙක් කාර­ණය තමයි; සීල­වන්ත කියලා කියන්නේ පංච සීලය රැකී­මයි.

තමන් පන්සිල් රකින කෙනෙක් බවට පත්වෙ­නවා වගේම අනිත් අය­වත් සීල­ව­න්ත­යන් බවට පත්ක­රන්න උදව් වෙන්න ඕන. හැම කෙනෙක්ම පන්සිල් ගැන දන්නවා. සම­හර ආග­ම්වල අය බෞද්ධ නොවු­ණත් පන්සිල් ආරක්ෂා කර­නවා. බුදු­ර­ජා­ණ­න්ව­හන්සේ කිය­නවා යම් කෙනෙක්ට උප­තින් ම බුද්ධි­ම­ත්කම තියෙ­නවා නම් එයට කිය­නවා ජාති පඤ්ඤා කියලා.

ඒ කියන්නේ ස්වභා­ව­යෙන් ම පන්සිල් රකින කෙනෙක් වෙනවා කියලා. උප­තින් ලැබෙන ප්‍රඥාව නැති නම් අපි අතින් පන්සිල් කැඩෙ­නවා. පන්සිල් රකි­න්නට උත්සාහ කර­න්නට ඕන; පන්සිල් රකින්න අපි ප්‍රඥාව ඇති­කර ගන්නට ඕන. සතුන් මරණ කෙ‍නාට ‍මොකද වෙන්නේ; එය ආචින්න කර්ම බවට පත් වෙනවා.

එ් කියන්නේ බහුල විදි­හට කරන කර්ම බවට පත් වෙනවා. නැති නම් ආසන්න අව­ස්ථාවේ ඇති­වෙන්නේ ආසන්න කර්මයි. දුගති ගාමී වෙනවා, නිරය ගාමි වෙනවා, නිතර නිතර කෙරෙන්නේ නැති­වෙන්න නැති­වෙන්න අව­බෝ­ධ­යෙන් ඉන්නට ඕන. ගුණ­වන්ත අය බවට පත් කරන්න ඕන. අත්තනා ත්‍යග­ස­ම්පන්නො හෝත... හැමෝම තුළ තියෙ­න්නට ඕන ගුණ­යක් ත්‍යගය කියලා කියන්නේ. කොහො­මද ත්‍යාග ගුණය කියලා කියන දේ විග්‍රහ කරන්නේ.

මෙය ආකාර හයක් විදි­හට විග්‍රහ කරලා තිය­නවා‍‍. පළ­මු­වෙන් කියන අපේ හිත‍ ­තුළ තිය­නවා දිග ක්ලේෂ­යක්; එය හඳු­න්ව­නවා මසුරු කම කියලා. තමන් සතු දෙයක් අන් කෙනෙක්ට දෙන්නට තියෙන අක­මැති කමයි මසුරු කම කියලා කියන්නේ. දන් දුන්නට තමන් සතු දෙයක් තව­කෙ­න­කුට දෙන්න අක­මැත්ත කියන ක්ලේෂය අපි ළඟ තිය­නවා. අපි ළඟ තියන දෙයක් තව­කෙ­න­කුට දෙන්නට එච්ච­රම ප්‍රිය නැහැ; එයයි ඇත්ත.

මේ මසු­රු­කම දුරු කරලා ගිහි­ගෙ­දර ඉන්නට ඕන එයයි ත්‍යග­වන්ත බවේ පළමු වැනි දෙය. දෙවැනි කාර­ණාව යමක් පුජා කරන කොට එය අත­හැ­රලා දෙන්නට ඕන. එයට කිය­නවා මුට්ට චාගෝ කියලා. ඒ කියන‍්නෙ අත­හැ­ර­ලාම දන් දෙන එක­ටයි.

අපි සතු දේවල් කෙරෙහි තියෙන අයි­ති­යට අධි­පති බව කිය­නවා. අපි යම් දෙයක් දුන්නට අධි­පති කම තියා­ගෙන සිටීම හොඳ නැහැ. අපේ හිත තුළ ඒ පාල­නය කරන ස්වභා­වය අත­හැ­රිය යුතුයි. අඩු­පාඩු කියන්න යන්න හොඳ නැහැ. ශාස­න­යට යමක් පුජා කළත් එහෙ­මයි. දානය කියන ගුණය සම්පුර්ණ වෙන්නේ නැහැ.

මේ වගේ අව­ස්ථා­ව­ලදී අයි­තිය වගේම අධි­පති කමත් අත­හැලා දාන්නට ඕන. හොයලා බැලු­වාට කමක් නැහැ; නමුත් අයි­ති­වා­සි­කම් කියන්න හොඳ නැහැ. කිසිම බලා­පො­රෙ‍ාත්තු වෙන්නේ නැතිව අධි­පති කම අත­හැ­රලා දන්දෙන්න ඕන. තුන්වැනි කාර­ණාව 'පයත පානි' ඒ කියන්නේ සෝදා­ගන්නා ලද අත් ඇතිව සිටි­නවා කියන එකයි‍. ඕනෑම වෙලා­වක දන්දෙන්න කැමැත්ත ඇති­ක­ර­ගන්න ඕන. ත්‍යාග ගුණය දියුණු කළා ම අපේ හිත හිතන්න බැරි දුර­කට යනවා.

බුදු­න්ව­හන්සේ එක්තරා තැන­කදි බෞද්ධ­යෙක්ට කිය­නවා කැමැති ස්වාමි­න්ව­හන්සේ කෙනෙ­කුට දාන­යක් පුජා­ක­රන්න කියලා. ඒ දානය පුජා කරලා අධි­ෂ්ඨා­න­යක් ඇති කර­ගන්න කිය­නවා; අදින් පස්සේ මම ප්‍රති­ග්‍රා­හ­ක­යෙක් ලැබු­නො­තින් දන් දෙන්නේ නැතුව අනු­භව කරන්නේ නැහැ කියලා. දීලා තමයි අධි­ෂ්ඨා­නය ඇති කර­ග­න්නට ඕන. මෙය ලොකු ගුණ­යක්.

ඇත්ත­ටම මේවා මහා පින්. සත­කුට, මනු­ස්ස­ය­කුට ආහාර ටිකක් දුන්නොත් ආත්ම සිය­යක් සුග­තියේ උප­දි­නවා. එහි අනි­සංස කොතෙක්ද; ඒ වගේ අධි­ෂ්ඨා­න­යක් ඇති­ක­ර­ගන්න කියලා බුදු­ර­ජා­ණන් වහන්සේ කියන්නේ. දිනක් උන්ව­හන්සේ කිය­නවා; කෑම කමින් සිටි­යදී අපිට තව තියෙන්නේ එක් බත් කටයි නම් කවුරු හරි හම්බ­වෙ­නවා මේ බත් පිඩ ලබන්න කැමැති කෙනෙක්; අපිට පුළු­වන් නම් අන්න ඒ කන්න තියෙන අන්තිම බත් පිඩ දෙන්නට එය ඉතා බල­වත් පුණ්‍ය කර්ම­යක් කියලා.

ගෙදර තියන වළන් පිඟන් සෝදලා වතුර ටික එළි­යට විසි කර­නවා; ඒ වතුර ටික වීසි කරන කට­යුත්ත බුද්ධ කාල­යේත් තිබිලා තියෙ­නවා. බුදු­ර­ජා­ණ­න්ව­හන්සේ කිය­නවා ඒ වතුර ටික වීසි කරන විට හිතන්න කියලා; මෙහි තියන කුඩා කුඩා ආහාර කැබැලි කුඩා කුඩා කුඩා කුඩා සතුන්ට ආහාර වේවා කියලා. අපිට එහි ආනි­සංස තියෙ­නවා. අපි මේ කියන්නේ ත්‍යාග ගුණය ගැන. යමෙක් දෙනවා නම් අත­හැ­රලා දිය යුතුයි; සෝදා පිරි­සිදු කර­ගත් අත් ඇතිව වාසය කළ යුතුයි කියලා කිය­නවා. නිත­රම දන් දෙන්නට සුදා­න­මක් තියෙ­න්නට ඕන.

මේ කාරණා තුන ගැනයි දැන් අපි සාකච්ජා කළේ. ඉන් පසුව හත­ර­වැනි කාර­ණාව වොස්සග්ග රතෝ... කියලා කියන්නේ දන්දීමේ ඇලී සිටි­ම­ටයි. දන් දීමෙහි ඇලී වාසය කරන කෙනෙක් බවට පත්වෙ­න්නට ඕන. දන්දෙන්න පරි­ත්‍යා­ග­යට ඇලී වාසය කිරීම දුලබ ගුණ­යක්. එවැනි ගුණ­ධර්ම අපි තුළ ඇති කර­ග­න්නට ඕන.

පස්වැනි ගුණය යාච යෝගෝ ඒ කියන්නේ යාච­ක­යන්ට සුදු­සුයි කියන දෙයයි. යාච­ක­යන්ට ඔබ ළඟට ඇවිල්ලා යමක් ඉල්ල­න්නට සුදු­සු­කම තියෙ­න්නට ඕන. සම­හර ‍කෙනෙක්ගෙන් ඉල්ලන කොට නත්ති කෝ හෝ තී කෝ සකෝ... නැහැ කියලා කිය­නවා. ඉන් පසුව දරුණු වච­න­ව­ලින් බනි­නවා. බුදු­ර­ජා­ණන් වහන්සේ වදාළා යම­කුට ඉල්ලන්න සුදුසු මට්ට­මක ඉන්න ඕන. නැහැ කියන දේ වුණත් හිත රිදෙන විදි­හට කියන්න හොඳ නැහැ.

මොනම ‍විදිහ­ක­ට­වත් බනින්න හොඳ නැහැ. යාච­ක­යන්ට අද මට දෙන්න පුළු­වන් කමක් නැහැ කියලා කිව්වාට කමක් නැහැ; නමු ත් බොරු කිය­න්නට හොඳ නැහැ. යාච­ක­යන්ට බොරු කිව්වොත් පිරි­හෙ­න්නට පටන් ගන්නවා; තමන්ගේ කීර්තිය අඩු වෙනවා‍; ව්‍යාපාර වැටෙ­නවා; ආර්ථික තත්ත්වය වැටෙ­න්නට පටන් ගන්නවා.

ඒ නිසා හිඟ­න්නන්ගේ ආශි­ර්වා­දය වැද­ගත් වෙනවා සාපය දරු­ණුයි. පරා­භව ‍සූත්‍රයේ මේ පිළි­බද ව සඳ­හන් වෙනවා.

මෙහි අන්තිම කරුණ මම කිය­න්නම්; ධාන සන්නි­භා­ග­රතෝ... ඒ කියන්නේ ගෙදර ඉන්න සියලු දෙනාට ම එක ම විදි­හට බෙද­න්නට ඕන; විශේ­ෂ­යක් ඇති කර­න්නට හොඳ නැහැ; සියලු දෙනා­ටම එකම විදි­හට බෙදන්න හදන්න ඕන. අනෙක් කරුණ මම සඳ­හන් කර­න්නම් නම් වශ­යෙන් විග්‍රහ කිරී­මට අප­හ­සුයි. තමන් භික්ෂුන් දකි­න්නට කැමැත්ත ඇති කර­ගත යුතුයි. ධර්ම ශ්‍රව­ණය කර­න්නට කට­යුතු කළ යුතුයි. ශ්‍රව­ණය කරන ධර්මය නුව­ණින් විම­සිය යුතුයි.

ඉන් පසු ධර්මා­නු­ධර්ම ප්‍රති­ප­දාවේ යෙදිය යුතුයි. අන් අයත් මේ කියපු කරු­ණු­ව­ලට සමා­දන් කර­වී­මට උත්සාහ කළ යුතුයි. එවි­ටයි තමන්ගේ මෙන්ම අනුන්ගේ යහ­පත වෙනු­වෙන් කට­යුතු කර­න්නට හැකි වෙන්නේ.

Comments