පොළොවේ විස නසන්න කංසා වවන ඉතා­ලියේ මිනිස්සු | සිළුමිණ

පොළොවේ විස නසන්න කංසා වවන ඉතා­ලියේ මිනිස්සු

ලක් චීස් සඳහා ප්‍රසිද්ධ වූ ඉතා­ලියේ ප්‍රදේ­ශ­යක ගොවියෝ දැන් ගංජා වගා කිරී­මට යොමු වී සිටිති. ඒ, දුම් පානය කිරී­මට හෝ විකි­ණී­මට නොවේ. අප හිත­න්නෙ­වත් නැති කට­යු­ත්ත­ක­ටය. ගංජා වැවීමේ ඔවුන්ගේ අර­මුණ වස විස­ව­ලින් අන්ත­ය­ටම දූෂ­ණය වූ පසේ විස ඉවත් කිරී­මය:

වින්සෙන්සෝ ෆෝර්නාරෝ නම් ගොවියා, සීබී­එස් ප්‍රවෘත්ති සේව­යට වරක් බැට­ළු­වන් 600කට වඩා පිරී සිටි නමුත් මේ වන විට මුළු­ම­නින්ම හිස් වූ ගොවි­ප­ළක් පෙන්ව­මින් මෙලෙස කියයි.

“පර­ම්පරා ගණ­නා­වක් තිස්සේ අපේ පවුල රිකෝටා (චීස් වර්ග­යක්) සහ මස් නිෂ්පා­ද­නය කළා. ඒත්, 2008 දී රජය අපේ බැට­ළු­වන් තුළ, විෂ රසා­ය­නික ඩයො­ක්සින් සොයා­ගෙන මුළු රංචු­වම මරා දැම්මා. ඒ විස අපි දැනු­වත්ව බැට­ළු­වන්ට ඇතුළු වෙච්චි ඒවා නෙවෙයි. වැර­දි­කා­රයා සිටියේ සැත­පු­මක් විතර දුරින්....”

යුරෝ­පයේ තියෙන විශා­ල­තම වානේ කම්හ­ල­කින් පිට­වන අප­විත්‍ර ද්‍රව්‍ය­ව­ලින් ඒ ඩයො­ක්සීන් පසට ඇතුළු වී තිබිණි. පසුව එම විෂ සතුන්ගේ ශරී­ර­යට ඇතුළු වී ඇත. එයින් අද­හස් කරන්නේ ෆෝර්නා­රෝට නැවත කිසි දිනෙක සතුන් ඇති කළ නොහැකි බවය. සතුන් පම­ණක් නොව, ඩයො­ක්සීන් වලින් දූෂිත පසේ කිසිදු භෝග­යක් වව­න්නත් නොහැ­කිය. ඩයො­ක්සීන් යනු, ජාන විකෘති කරන, පිළි­කා­කා­රක සඳහා හේතු වෙන භයා­නක රසා­ය­නික ද්‍රව්‍ය­යකි.

ලංකාවේ මෙන් නොව, යුරෝපා රට­ව­ල්වල බල­ධා­රීහු ආහා­රත් සමඟ විස රසා­ය­නික ද්‍රව්‍ය මිනිස් ශරී­ර­යට ඇතු­ළු­වීම පිළි­බඳ නිත­රම සෝදි­සි­යෙන් සිටිති. නමුත් ඉතාලි රජය, ඔවුන්ගේ ආර්ථි­කයේ මර්ම­ස්ථා­න­යක් වුණ වානේ කර්මා­න්ත­ශා­ලාව ඉවත් කර­න්නට හෝ මේ ගොවීන්ට වෙනත් සාධා­ර­ණ­යක් ඉෂ්ට කරන්න ඉදි­රි­පත් වී තිබුණේ නැත. ඇතැම් විකල්ප ආදා­යම් මාර්ග හඳුන්වා දුන් නමුත් පර­ම්පරා ගණ­නා­වක් තිස්සේ මේ ප්‍රදේ­ශයේ කීර්ති­මත් පශු නිෂ්පා­දන නතර කර­න්නට වීම සම්බ­න්ධව ගොවීන් සිටින්නේ මහත් වේද­නා­ව­කිනි.

මේ අතර අන්ත­ර්ජා­ලයේ පළ වී තිබුණු පර්යේ­ෂණ වාර්තා කිහි­ප­යක් කිය­වී­මට ෆොර්නා­රෝට හැකි විය. පසුව, තම ඉඩම පිරි­සුදු කිරීම සඳහා තර­මක් අසා­මාන්‍ය අත්හදා බැලී­මක් කර­න්නට ඔහු තීර­ණය කළේය.

පර්යේ­ෂණ පත්‍රිකා ප්‍රකා­රව ෆෝනාරෝ ඩයො­ක්සී­න්ව­ලින් දූෂිත තම ඉඩමේ කංසා රෝප­ණය කළේය. ඒ පසෙන් අප­විත්‍ර ද්‍රව්‍ය ඉවත් කර ගන්න පුළු­ව­න්දැයි අත්හදා බල­න්න­ටය. වැඩේ අති­ශ­යින්ම සාර්ථක විය. ඒ අත්දැ­කීම අනෙක් ගොවි­යෝත් හුව­මාරු කර ගත්හ. ඔවුහු ද ගංජා වගා කළහ. නැව­තත් තම පැරණි රැකි­යාව කර­ගෙන යන්න මේ ගොවීන්ට නුදුරු දින­ක­දීම හැකි වනු ඇත.

ෆයි­ටො­රි­මී­ඩි­යේ­ෂන් යනු වස විස අව­ශෝ­ෂ­ණය කර ගැනීමේ සුවි­ශේෂි හැකි­යාව සහිත ශාක භාවිත කර­ගෙන, වස විස වලින් දූෂිත පසක් හෝ ජලා­ශ­යක් පෙර­හන් කර­ගන්නා ක්‍රම­වේ­ද­යයි. ගංජා ශාකයේ වේග­යෙන් වර්ධ­නය වන මූල­යන් මඟින් දූෂක ද්‍රව්‍ය අව­ශෝ­ෂ­ණය කර ගන්නා හෝ ගබඩා කරන සේම සම­හර අව­ස්ථා­ව­ලදී විෂ ද්‍රව්‍ය හානි­කර නොවන ද්‍රව්‍ය­යක් බවට පරි­ව­ර්ත­නය කිරීම සිදු කරන බව පර්යේ­ෂ­ණ­ව­ලින් සොයා­ගෙන ඇත.

https://www.researchgate.net/publication/281651509_Phytoremediation_Pote...

“ඔබ සිතන්නේ මේ කංසා ඔබේ ගොවි­පොළේ අනා­ග­තය කිය­ලද?”

“ඔව්, ඇත්තෙන්ම,” ෆෝර්නාරෝ පැව­සීය.

අපේ රටේ පසෙන් සහ ජල­යෙන් වස විස පෙර­හන් කර­ගැ­නී­මට.

ලංකාවේ කෘෂි රසා­ය­නි­ක­ව­ලින් දූෂිත වගා බිම්වල, දූෂිත ජලය භාවිත කර­ගෙන වගා කෙරෙන ආහාර භෝග, අපි කිසිදු හෙවි­ල්ලක් බැලි­ල්ලක් නැතිව අනු­භව කර­මින් සිටි­න්නෙමු.

වස විස­ව­ලින් දූෂිත පස සහ ජලාශ ක්ෂුද්‍ර ජීවීන් සහ පැළෑටි වර්ග භාවිත කර­ගෙන පෙර­හන් කරන ක්‍රම ඕනෑ තරම් තිබේ. මේ ක්‍රම වැඩි විය­ද­මක් යන්නේ නැති, ස්වභා­වික ක්‍රමය.

විස­හ­රණ ශාක වර්ග වගා කිරී­මෙන් දූෂිත පස සහ ජලය පෙර­හන් කිරීමේ ක්‍රම­වේ­දය ෆයි­ටො­රි­මී­ඩි­යේ­ෂන් (Phytoremediation) ලෙස හඳු­න්වයි. ඒ සදහා භාවිත කර­න්නට හැකි ශාක වර්ග බොහෝ ප්‍රමා­ණ­යක් විද්‍යා­ඥ­යන් හදු­නා­ගෙන ඇත.

අබ (Brassica juncea) සූරි­ය­කාන්ත, (Helianthus annuus) හුලං­තලා, කඩු­ප­හර වැනි Emilia ගණයේ පැළෑටි, කූර තම්පලා (Amaranthus viridis) කලු­කැ­ම්මේ­රිය (Solanum nigrum), ගෙඳ පලා (Portulaca oleracea), ඇඹුල් ඇඹි­ලිය (Oxalis corniculate), බුත්ස­රණ (Canna indica) වැනි කැනාස් පවුලේ පැලෑටි වර්ග, වගා බිම්වල දූෂිත පස්වල වස විස පෙර­හන් කර යථා තත්ත්ව­යට ගෙන ඒම සඳහා අත්හදා බැලිය හැකි පැළෑ­ටි­ව­ලින් කිහි­ප­යකි.

ඒ සම­හර ශාක­ව­ලට විස රසා­ය­නික ද්‍රව්‍ය වේග­යෙන් අව­ශෝ­ෂ­ණය කර­ග­න්නට හැකිය. සම­හර ඒවාට වස විස උරා­ගෙන විස නොවන සංඝ­ටක බවට පරි­ව­ර්ත­නය කර­න්න­ටත් පුළු­වන. උදා­හ­රණ ගංජා සහ කැනාස් වර්ගය. ලෝකයේ සම­හර රට­වල් මේ ක්‍රම­ව­ලින් සාර්ථක ප්‍රති­ඵල අත්ක­ර­ගෙන තිබේ.

අපේ රටේ විශේ­ෂ­යෙන් මාරා­න්තික වකු­ගඩු රෝගය පැති­රෙ­මින් තිබෙන ප්‍රදේ­ශ­වල මෙය අත්හදා බලන්න හැකිය. ඒ ප්‍රදේ­ශ­වල වාරි ජලාශ සහ පද්ධති ඇසු­රෙහි විස පෙර­හන් කරන ශාක වගා කළ හැකිය . එසේ ජෛව පෙර­හන් පද්ධති සැල­සුම් කර ස්ථාප­නය කරන්න පුළු­වන.

ඕලු, නෙලුම්, මානෙල් යනු එසේ ජලා­ශ­වල වැවිය හැකි විස හරණ පැළෑටි කිහි­ප­යකි. ජලා­ශ­වල ඉවුරේ ගෝල්ඩන් කැනාස් නමැති විෂ පෙර­හන් ශාඛ වර්ගය වැවිය හැකිය. ඒ වගේම Grass-Type Shoreline Plants ජලා­ශ­වල ඉවු­රු­වල වව­න්නට හැකි තෘණ පවුලේ පැළෑටි වර්ගය. තව වස විස පෙර­හන් කරන පැළෑටි වර්ග බොහෝ ප්‍රමා­ණ­යක් තිබේ.

කංසා පැළෑ­ටිය මේ විස පෙර­හන් කරන කට­යු­ත්තට ඉතාම සුවි­ශේෂි පැළෑ­ටි­යකි. අවශ්‍ය නම් මත්කා­රක ගුණය ඉතාම අඩු කංසා ප්‍රභේද තෝරා­ගෙන වගා කර­න්නත් හැකිය. හරි­යට කළ­ම­නා­ක­ර­ණය කර ගත­හොත් වස විස මාර­යා­ගෙන් අපව ගල­වා­ගන්නා අනා­ගත පර­ම්ප­රාවේ දිව්‍ය­මය ශාකය කංසා වෙන්න­ටත් බැරි නැත.

Comments