බලය නැති කාලෙට කවුරුත් නෑ | සිළුමිණ

බලය නැති කාලෙට කවුරුත් නෑ

 

ඔබ අද මාධ්‍ය­යට කතා කරන්නෙ බොහෝ කාල­ය­කට පසුව. ගත වූ කාලයේ ඔබේ ජීවි­තය ගැන ආව­ර්ජ­නය කළොත්?

2013 අග­වි­නි­සුරු ධුර­යෙන් ඉවත් කළාට පසුව පුවත්පත­කට සම්මුඛ සාක­ච්ඡා­වක් ලබා­දුන්නේ එක් වරක් පම­ණයි. ඊට පසුව සිළු­මි­ණට තමයි අද මුල් වරට කතා කරන්නේ.

2013 දෝෂා­භි­යෝ­ග­යෙන් පසුව මට පුදු­මා­කාර ප්‍රශ්න රැස­කට මුහුණ දෙන්න සිදු­ වුණා. විවිධ අප­හ­සු­තා­වන්ට ලක් වුණා. මට විරු­ද්ධව නඩු තුනක් පව­රලා තිබුණා. අල්ලස් කොමි­සම මගේ විදෙස් ගමන් පවා තහ­නම් කර තිබුණා. මට විවිධ රට­වල විවිධ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලින් දේශන සඳහා ආරා­ධනා ලැබු­ණත් ඒවා­ට­වත් සහ­භාගී වෙලා ළම­යින්ට යමක් කියා දීලා හිත හදා­ගැ­නී­මට හැකි­යා­වක් ලැබුණේ නෑ.

අනෙක් අතට මට වැටු­ප­ක්වත් විශ්‍රාම වැටු­ප­ක්වත් ගන්න බැරි නිසා ආර්ථික වශ­යෙ­නුත් සිර කොට තිබුණා. එදා සිටි හිත­ව­තුන් මිතු­රන් නැදෑ­යන් ටිකෙන් ටික ඈත් වුණා. හරි­යට ගහෙන් වැටණු මිනි­හාට ගොනා ඇන්නට පස්සේ සුුදු වෑන් එක­කි­නුත් අරන් ගියා වගෙයි. කොහොම නමුත් මම හොඳ දරා­ගැ­නීමේ ශක්ති­යක් තිබෙන කෙනෙක්. මේ සියල්ල මගේ පවුලේ සාමා­ජි­ක­යන් සමඟ මම දරාගත්තා.

2015න් පසුව මා දෝෂා­භි­යෝ­ග­ය­කින් ඉවත් කළ ක්‍රියා­ව­ලියේ පැවැති අනී­ති­ක­භා­වය තහ­වුරු වීමෙන් පසු යළිත් ධුරයේ පිහි­ටු­වී­මට ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කළා. එහෙත් මම එක දව­සක් විත­රක් රාජ­කාරි කරලා පැය විසි හත­රක් තුළ එම තන­තු­රෙන් විශ්‍රාම ගැනිීමට කට­යුතු කළා.

 

ඇත්ත­ටම ඔබ­තු­මි­යට කියන්න පුළු­වන්ද අග­වි­නි­සුරු ධුර­යෙන් පහ කිරී­මට ආස­න්න­තම හේතුව වුණේ මොකක්ද කියල?

බොහෝ අය විවිධ අර්ථ නිරූ­පණ දෙනවා. සම­හ­රුන් කිය­නවා මම දිවි­නැ­ඟුම සම්බ­න්ධ­යෙන් වුණු නඩු­වේදී ලබා­දුන් තීන්දුව මේකට ආස­න්න­තම හේතුව කියලා. ඒවා එක­ක්වත් මම කියන දේවල් නෙවෙයි. එක් එක් අයගේ විවිධ අර්ථ නිරූ­පණ. නමුත් ඒ සඳහා බලපෑ හේතු කාරණා බොහෝ­ම­යක් තිබෙ­නවා. පසු­ගි­යදා මා එළි­දැක්වූ පොත කියෙව්වා නම් ඔබට තේරෙයි ඒ මොන­වාද කියලා. මම ඒවා කෙටි­යෙන් එක් පිළි­තු­ර­කින් කියන්න කැමති නැහැ. ඒ සිදු­වීම් දාම­යක දෙයක් වෙන්න පුළු­වන්.

 

මොකක්ද ඒ පොත?

බොහෝ අය මගෙන් ඉල්ලී­මක් කළා. දෝෂා­භි­යෝ­ග­යත් එක්ක වුණේ මොකක්ද කියල පොතක් ලියන්න කියල. නමුත් මම කාල­යක් යන තුරු කළේ නැහැ; කල් ගත්තා. එහෙත් 2018 වසරේ අග භාග­යේදී පොත ලියන්න ඕනෑ කියලා හිතුවා. ඒ, මේවා ඓති­හා­සි­කව කාට හරි වැද­ගත් වෙයි කියලා මට හිතුණා. අනෙක තමයි හැමෝ­ටම තමන්ගේ කියලා කතා­වක් තියෙ­නවා කියන්න. එහෙම කියන්න කතා­වක් මටත් තියෙ­නවා. ඒ නිසයි මම මේ පොත ලිව්වේ.

මුලින්ම මම මේ පොත ඉංග්‍රීසි­යෙන් ලිව්වා. එය නම් කර තිබෙන්නේ Hold me in Contempt ලෙසින්. පස්සේ මේ පොතම මම සිංහ­ලෙ­නුත් ලිව්වා. ඒ ‘උත්ත­රී­තර‘ කියලා නම් කළා. ලිව්වා විත­රක් නෙවෙයි ඒ පොත් දෙකම සිංහ­ලෙන් සහ ඉංග්‍රීසි­යෙන් ටයිප් කළෙත් මම­මයි.

 

ඔබ­තු­මිය 1996 දී ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­රි­යක ලෙස ලැබූ පත් වීම පවා ඒ කාලයේ යම් කතා­බ­හ­කට ලක් වුණා. පසුව බොහෝ දෙනෙක් කිවේ ඔබ අග­වි­නි­සුරු කළේ යම් යම් අයගේ අව­ශ්‍යතා අධි­ක­ර­ණය හරහා ඉටු කර­ගන්න කියලා?

ඔව්. මා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට පත් වන කාලේ එල්ල වුණු ලොකුම විවේ­ච­නය තමයි මා උසාවි නොගිය නීති­ඥ­ව­රි­යක ලෙස, විශ්ව­වි­ද්‍යා­ල­යක ආචා­ර්ය­ව­රි­යක ලෙස වැඩ කරන අතරේ විනි­ශ්ච­ය­කාර තන­තු­රට පත් කිරීම ගැන. නීති ක්ෂේත්‍රයේ වෘත්ති­ක­යන් පවා ඒ ගැන විවේ­චනය කළා. සම­හ­රුන්ට මම ලවා අවශ්‍ය දේ කර­ගන්න බැරි වුණා වෙන්න පුළු­වන්. අධි­ක­ර­ණ­යේදී අපට කවු­රු­වත් කියන පළි­යට හෝ යම­කුගේ අව­ශ්‍ය­තා­වක් අනුව වැඩ කරන්න බැහැ. එහෙම කර­නවා නම් කළ යුත්තේ නීති­යට අනු­කූ­ල­වයි.

අනෙක; ලංකාවේ තත්ත්වය තමයි ඉහළ මට්ට­මෙන් පහළ මට්මේ ඉන්න ඕන කෙන­කුට විවිධ තරා­ති­රමේ අය­ගෙන් බල­පෑම් එනවා. ඒත් ඒවා තුළ අපට කට­යුතු කිරීමේ සීමා තිබෙ­නවා.

 

දෝෂා­භි­යෝ­ගය අව­ස්ථා­වේදී ඒ වෙනු­වෙන් පත් කළ පාර්ලි­මේන්තු කාරක සභාවේ හිටපු, ඔබෙන් ප්‍රශ්න අහපු මන්ත්‍රී­ව­රුන් අද මොන­වද කියන්නේ?

මම දැකලා තියෙ­නවා සම­හර අය අද රූප­වා­හිනී සාක­ච්ඡා­ව­ලට ඇවිත් ඔවුන් අතින් වැරැ­ද්දක් වුණා කියලා කිය­නවා. ඒ ගැන කන­ගා­ටු­වෙන් කතා කර­නවා. ඒත් ඒ එක්කෙ­නෙ­කු­වත් මා පෞද්ග­ලි­කව හමු වෙලා නෑ. හේතුව මා දේශ­පා­ල­ක­යන් ඇසුරු කරන්නේ නෑ. ඔවුන් සමඟ මගේ සම්බ­න්ධ­යක් නෑ.

එහෙත් මට හමු වුණු සාමාන්‍ය ජන­තාව නම් මා ගැන බොහෝ සෙයින් දුක් වුණු බව මට පෙනුණා. මේ ක්‍රියාවේ අසා­ධා­ර­ණය ඔවුන් දැඩි සේ හෙළා දැක්කා. එය අද­ටත් සිදු වෙනවා.

 

විජේ­රාම මාවතේ ඔබේ නිල නිවෙස අසල පිරි­සක් එයින් ඉවත් වන තුරු උද්ඝෝ­ෂ­ණය කළා; එතැන රෑ දවල් නැතිව රැඳී සිටියා. ඔබට එය පීඩ­න­යක් වුණේ නැද්ද?

නැහැ. මා එය ඒ තරම් තැකී­මක් කළේ නෑ. පුදුමේ කියන්නේ එතැ­නට ආපු සම­හ­රුන් තමන් ආවේ මොක­ටද, කවුද අග විනි­සුරු, මොකක්ද මේ දෝෂා­භි­යෝගේ කිය­ල­වත් දැන­ගෙන හිටියේ නෑ! ඒ අය ආවේ කාගේ හරි බල­පෑ­ම­කට. සම­හර නීතිඥ­ව­රුන් මට කිව්වා ඔවුන් දැකලා තිබු­ණලු යමෙක් ඇවිත් උද්ඝෝ­ෂ­ක­යන්ට සල්ලි බෙද­නවා.

එතැන සාමාන්‍ය කෙන­කුට විනා­ඩි­ය­ක්වත් ඉන්න­වත්, කාර් එකක් නව­ත්ව­න්න­වත් වෙන­දට දෙන්නේ නෑ. එක අත­කින් අග විනි­සුරු නිල නිවෙස. ඊට එහා පැත්තේ පොලි­ස්ප­තිගේ නිල නිවෙස. තවත් රජයේ ඉහළ පෙළේ කිහිප දෙන­කුම සිටි ආර­ක්ෂිත ප්‍රදේ­ශ­යක්. ඒ වගේ තැනක ටෙන්ට් එකක් ගහලා එතැන බජව් දාලා කෑගහලා රතිඤ්ඤා පත්තු කරන්න තරම් මේ සාමාන්‍ය ජන­තා­වට හයි­යක් ලැබුණේ කොහො­මද කියලා හිතාගන්න පුළු­වන්නේ. අන්ති­මේදී මම යන කොට කිරි­බත් හද­ලත් කෑවා. මේවා කාටද කියන්නේ? ඉතින් අපි ඒවා නිහ­ඬව විඳ දරා ගත්තා.

 

ඔබ කාන්තා­වක්. ඔබට එල්ල වුණු දැඩි පීඩ­නය හමුවේ නිවෙ­සේ­දී­වත් හැඬුවේ නැද්ද? මෙය මහා දුකක් වුණේ නැද්ද?

නැහැ. ඔබත් ඒ කාලයේ මාධ්‍ය­වේ­දි­යෙක් ලෙස උන­න්දු­වෙන් ඉන්න ඇතිනේ. මම එක අව­ස්ථා­ව­ක­වත් අඬ­නවා දැකලා තියෙ­න­වාද? මට එය දරා­ගන්න තරම් හිත ශක්ති­මත් වුණා.

 

ඔබ තන­තු­රෙන් ගියාට පස්සේ කොහො­මද ජීවි­තය ගත කළේ?

මම ගොඩක් පොත් කියෙව්වා. ජීවි­තයේ යථා­ර්ථය ගැන මෙනෙහි කළා. මට බලය තිබෙන වේලාවෙ හිටිය අය ටිකෙන් ටික ඈත් වෙන එක මම අත්වින්දා. බලය තියෙන කොට තිබෙන පසු­බි­මයි එය නැති වුණාම අපට ලැබෙන ප්‍රති­චා­රයේ වෙන­සයි මම හිතින් මෙනෙහි කළා. අනා­ග­ත­යේදී නඩු­ව­ලට මුහුණ දෙන්න වෙන­කොට මාත් එක්ක ඉන්නේ කවුද? මගේ සැමි­යාගේ නඩුව උසා­වියේ අහන කොට මටයි මගේ එකම පුතා­ටයි තනි­යම උසා­වියේ බංකු­වක ඉඳ­ගෙන ඉන්න වෙන විදිහ... මේ සේරම මෙනෙහි කළා. එය හරි­යට භාව­නා­වක් වගේ. ඒ තුළ මා අත්හැ­රීම ප්‍රගුණ කළා. මල් වට්ටි අරන් පන්සල් නොගි­යට, හැම පෝය­ටම සිල් නොග­ත්තට මට මේ ලෝකයේ යථා­ර්ථය ගැන හොඳ අව­බෝ­ධ­යක් තිබෙ­නවා.

 

ඔබට ඇත්ත­ට­මත් මේ මෙනෙහි කළ දේවල් අත්ද­කින්න සිදු වුණාද?

ඔව්. ඒක ඕනෑම කෙනකු බලා­පො­රොත්තු විය යුුතු දෙයක්. බලය කියෙන කොට එක විදි­හක් නැති කොට තව විදි­හක්. මටත් ඒ දේ එහෙ­ම­මයි. බල­යට කෑදර බොහෝ එය බොහොම තාව­කා­ලික දෙයක් කියල කල්පනා කරන්නේ නෑ.

 

මේ දුෂ්කර කාලේ ඔබත් එක්ක හිටියේ කවුද?

ඇත්ත­ටම මගේ සැමියා, එකම පුතා, එයාගේ පෙම්ව­තිය හැරෙ­න්න මට හිටියේ මගේ පවුලේ සහෝ­ද­රිය, ඇයගේ සැමියා ඇතුළු කිහිප දෙනෙක් පම­ණයි. සම­හර නෑදෑ­යන්ට තමන්ගේ මඟුල්තුලා කට­යු­තු­ව­ලදී පවා ඒකට දේශ­පා­ල­ක­යන් එනවා නම් අපට කියන්න අම­තක වෙන තත්ත්ව­යක් තමයි තිබුණේ. ඒ කියන්නේ සම­හර නැදෑ­යොත් අපිට පිටුපෑවා.

 

ඔබේ ඉදිරි බලා­පො­රොත්තු මොන­වාද?

පසු­ගිය කාලේ ඇමෙ­රි­කාවේ හාවඩ් සර­ස­විය ඇතුළු විශ්වවිද්‍යාල ගණ­නා­ව­කින් අධ්‍ය­යන කට­යුතු සඳහා ආරා­ධනා ලැබුණා. ඒත් මම හිතුවා ඉදිරි කාලය අපේ රටේම ගත කරන්න ඕනෑ කියලා... මේ රටේ ජන­තා­වට යමක් කරන්න ඕනෑ කියලා. ඒත් ඇත්ත­ටම මට දැන් වයස අවු­රුදු 61ක්. මට විශ්‍රාම යන්න නිය­මි­තව තිබුණේ 2023දී, වයස අවු­රුදු 65 පිරෙ­න­කොට. ඒත් අැති වුණු තත්ත්ව­යන් එක්ක මම 2015දී විශ්‍රාම ගත්තා.

පසු­ගිය කාලේ සිදු වුණු දේවල් මම කිසිදු ආකා­ර­ය­කින් අපේක්ෂා කළ දේවල් නෙවෙයි; ඒවා දෛවය දුන්නු දේවල්. අපට මොන සැල­සුම් තිබු­ණත් ජීවිතේ එන ඕනෑම දෙයක් දරා­ගන්න වෙනවා. ඒ තමයි ස්වභා­වය. හැම දේම එහෙ­මයි. පසු­ගි­යදා එළි­දුටු මගේ පොත පවා ලිව්වේ කිසිදු පූර්ව සැල­සු­මක් නැතිව. ඉදිරි කාලය ගැනත් එහෙම ලොකු සැල­සු­මක් නෑ.

 

සම­හර අය අතර කතා­වක් තිබෙ­නවා ඔබ එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමේ සූදා­න­මක් තිබෙ­නවා කියලා?

මගේ අද­හ­සක් නෑ. ඒත් මට ආරා­ධනා එනවා. පාර්ශ්ව කිහි­ප­යක්ම මට එ් සඳහා ආරා­ධනා කළා. එහෙත් මම ඒ අයට කිව්වේ බැහැ කියලා තමයි. එහෙම කිව්වත් තව­මත් මට ආරා­ධනා නම් එනවා.

 

ඡායාරූපය - ගයාන් පුෂ්පික

Comments