මස්සි­නාට දුක් කර­දර ගෙනා මිය­ගිය හේර­ත්හා­මිගේ කළු බළල් අව­තාරය | සිළුමිණ

මස්සි­නාට දුක් කර­දර ගෙනා මිය­ගිය හේර­ත්හා­මිගේ කළු බළල් අව­තාරය

තු­රු­ක­රයේ පදිං­චි­ක­රු­වෙ­කුට ‍රුපියල් කෝටි දහ­යක ලොත­රැ­යි­යක් ඇදු­ණොත් දකු­ණු­ක­රයේ කෙනෙ­කුට එත­රම් ගණ­නක් නැත. දකු­ණු­ක‍රයේ කෙනෙ­කුට එවැනි ලොත­රැ­යි­යක් ඇදු­ණොත් උතු­රු­ක­රයේ අයට ද එත­රම් ගණ­නක් නැත. ඒත් අල්ලපු ගෙදර මිනි­හාට හෝ තමන්ගේ ම සහෝ­ද­ර­යාට එවැ­න්නක් ඇදු­ණොත් “අපොයි, මේ දිනුම මට ඇදුණේ නැහැනෙ” යි පපු­වෙන් ඉරි­සි­යාව මතු­වෙයි.

ඈත දුර ප්‍රදේ­ශ­යක ළම­යෙකු උසස් පෙළ විභා­ග­යෙන් “ඒ” සාමාර්ථ්‍ය නව­යක් ගත්තාට ගණ­නක් නැත. එහෙත් තමන්ගේ දරුවා “ඒ” සාමාර්ථ්‍ය අටක් ගනිද්දී අල්ලපු ගෙදර සහෝ­ද­ර­යාගේ දරුවා “ඒ” සාමාර්ථ නව­යක් ගත්තොත් සිත ඉරි­සි­යා­වෙන් පුපුරු ගසයි. ඒ පෘත­ග්ජ­න­යාගේ සොබා­ව­යයි. ඉරි­සි­යාව මිනිස් සිත කිලිටි කර­නවා මෙන් ම රුධි­රය ද කිලිටි කරයි.

පලු­ග­ස්ද­මන පදිංචි සිරි­සේන ගොඩ මඩ කුඹුරු අක්කර දහ­යක පහ­ළො­වක පමණ හිමි­කාර ගොවි­යෙකි. හැත්තෑ හැවි­රිදි ඔහුගේ බිරිය සුමනා හැට පස් හැවි­රි­දිය. පුතා විජේ­ර­ත්නය. පුතාගේ දුව සේපා­ලිය. පුතාගේ පුතා ජානක ය.

දැනට වසර දෙකක පමණ කාල­යක සිට මේ ගෙදර පස් දෙනා ම විවිධ රෝගා­බා­ධ­ව­ලින් පෙළෙ­න්නට වූහ. උනු­නුන් නුරුස්නා ගති­යෙන් නිතර අඬ දබර සිදු­වෙ­න්නට විය. රෝගා­බා­ධ­ව­ලට බට­හිර හා දේශීය වෛද්‍ය ප්‍රති­කාර ගත්තත් ස්ථිර සුව­යක් ලබා­ගත නොහැකි විය. ගෙදර ලෙඩෙක් නැති දව­සක් නැත. මීට අම­ත­රව ශාන්ති­කර්ම වත්පි­ළි­වෙත් කළත් ඒවා­යෙන් සහ­න­යක් ද නොවීය.

සිරි­සේ­නගේ ගෙද­රට නුදු­රෙහි ඇදු­රෙක් පදිං­චිව සිටි­යේය. මේ අවා­ස­නාව ඔහු කරන ලද හූනි­ය­මක් නිසා සිදු වන දෙය­කැයි සැක කළ පවුලේ අය ඔහු සමඟ රණ්ඩු­ස­රු­වල් කර­න්නට වූහ. තමන් එවැනි හූනි­ය­මක් නොකළ බව ඇදුරා දිවුරා කීවත් ගෙදර අය එය පිළි­ග­ත්තේම නැත. මොවුන් ද රුපි­යල් ලක්ෂ ගණන් වැය කොට වෙනත් ඇදු­රන් ලවා තොවිල් පවිල් කළත් අතේ තිබුණු දේ විය­දම් කළා මිස ලැබුණු සහ­න­යක් නැත.

ඒ සියලු කර­ද­ර­ව­ලට අම­ත­රව ඔවුන්ගේ නිව­සට කළු බළ­ලෙක් පැමිණ ඇඟට පැන නිවැ­සි­යන් සූර­න්නට විය. එසේ සූරනු ලැබූ පුද්ග­ල­යාට රෝහල් ගත වන තුරු සුව­යක් නොවීය. ඒ සීරී­මෙන් උණ ගැනුණු අතර උණ බසින්නේ රෝහල් ගියාට පසු­වය. එසේ සූර­න්නට යෙදුණු කළු බළලා සීරී­මෙන් පසුව ඒ ඉඩමේ ම මැරී වැටී සිටි­යේය. ගත වූ වසර දෙක තුළ එවැනි කළු බළ­ලුන් දස දෙනෙකු වරින් වර පැමිණ නිවැ­සි­යෙ­කුගේ ඇඟට පැන සූරා ගෙදර වත්තේ ම මැරී සිටිනු දක්නට ලැබිණි. ඒ හැම අව­ස්ථා­ව­කම ගමේ ඇදුරා සමඟ රණ්ඩු කළා මිස සහ­න­යක් නොවීය.

මේ අතර “සිළු­මිණ” පත්‍රය කිය­වන පාඨ­ක­යෙක් මෙම “පියවි ඇසින් ඔබ්බට” විශේ­ෂාං­ගයේ සඳ­හන් ඇතු­ල්කෝට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ්‍ය­ස්ථා­නය පිළි­බඳ සිරි­සේ­න­වත් විජේ­ර­ත්න­වත් දැනු­වත් කළේය.

ඒ අනුව පවුලේ පස් දෙනා ම ඇතු­ල්කෝට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ්‍ය­ස්ථා­නය සොයා ගෙන පැමි­ණි­යහ. එහිදී ආධ්‍යා­ත්මීය උප­දේ­ශ­ක­ව­රයා මුණ ගැසී තම පවුලේ අයට එළඹ ඇති දුක් කර­දර විස්තර කළහ.

ගවේ­ෂ­ක­ව­රයා ඔවුන්ගේ රෝග පරී­ක්ෂා­වේදී අම­නුෂ්‍ය බල­පෑ­මක් ඇතැයි නිග­ම­නය කොට ගමේ පන්ස­ලේදී බෝධි පූජා විසි එකක් පවත්වා එන්නැයි නියම කොට ඊට අවශ්‍ය උප­දෙස් දුන්නේය.

බෝධි පූජා අව­සන් ‍කොට පැමිණි දිනයේ ප්‍රති­කාර ආරම්භ කරන විට විජේ­ර­ත්නගේ ශරී­ර­යෙන් භූතා­ත්ම­යක් මතු වී කතා කර­න්නට විය. ගවේ­ෂ­ක­ව­රයා ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරී­ර­යට ඇතු­ළු­වෙලා ඉන්නේ?” යි ඇසීය.

“මම හේරත් හාමි” භූතයා කීවේය.

“කවුද මේ හේරත් හාමි.”

“මම සිරි­සේ­නගෙ ලොකු මස්සිනා. මේ විජේ­ර­ත්නගේ ලොකු නැන්දාගේ ස්වාමි පුරු­ෂයා.”

“ඔබ කොයි කාලෙද මැරුණේ?”

“දැන් අවු­රුදු තුනක් විතර වෙනවා.”

“ඇයි ඔබට මෙහෙම වුණේ? දුග­ති­ගාමී උප­තක් ලැබුවේ?”

“ඉරි­සි­යාව, ඉරි­සි­යාව, මැරෙන වේලාවෙ මුන්ගේ ‍ෙද්පළ ගැන හිත හිතායි මැරුණේ?”

“ඇයි එහෙම වුණේ?”

“මමත් මුන් වගේම දියුණු වෙන්න උත්සාහ කළා. දහ­දිය හෙළුවා. ඒත් මට දියුණු වෙන්න බැරි වුණා. සිරි­සේ­නට ගොඩ­මඩ ඉඩම් විශාල ප්‍රමා­ණ­යක් තියෙ­නවා. කලින්ට වඩා පහු­වෙන කොට සල්ලි­ව­ල­ටත් ඉඩම් ගත්තා. මගේ වගා­වත් සාර්ථක වුණේ නෑ. ඉතින් ඉරි­සියා හිතෙන්නෙ නැද්ද මහ­ත්තයා.”

“ඉතින් ඒ තමන්ගේ මස්සිනා නේද? දියුණු වුණේ.”

“උන්ට තිබු­ණට මට නැහැනෙ.”

“මොකක්ද මේ කළු බළල් කතාව.”

“ඔව් මම මුන්ට කර­දර කරලා සතු­ටක් වින්දා.

මම ආවේ කළු බළ­ලෙ­කුගේ ශරී­ර­යට රිංගලා. ඇවිත් ගෙදර කෙනෙ­කුගේ ඇඟට පැනලා හූර­නවා. ඊට පස්සෙ හූරපු කෙනා ලෙඩ වෙනවා. රෝහ­ලට යනවා. විය­දම් කර­නවා. දුක් විඳි­නවා. ඒවා බලා මම සතුටු වෙනවා.”

“ඔය තරම් කළු බළල්ලු හොයා ගත්තෙ කොහො­මද?”

“ගමේ කළු බළල්ලු ඉන්න තැන­කින් හොයා ගන්නවා. කළු බළ­ලාගේ ඇඟට රිංගලා පළි­ගන්න චේත­නා­වෙන් ඇඟට පනි­නවා. එත­කොට තුවාල වෙනවා. මම වැහුණ කළු බළල්ලු එදා ම මැරෙ­නවා. දව­සක් මම ශාන්තිගේ ඇඟට පැන්නා. ශාන්ති මළෙත් ඒකෙ­න්මයි.”

“කවුද ශාන්ති කියන්නේ?”

“ශාන්ති මේ විජේ­ර­ත්නගෙ ගෑනි. ඒ ගෑනි ලස්ස­නයි. ප්‍රිය මනා­පයි. ලස්ස­නට ජීවත් වෙනවා. ළමයි දෙන්නට හොඳට උග­න්ව­නවා. ඒ ළමයි විභාග පාස් වෙනවා. මගේ දූලා පුතා­ලගේ ළම­යින්ට වඩා හොඳට ඉගෙන ගන්නවා. මම බළ­ලෙක්ගේ ඇඟට ගිහින් කාන්තිගේ ඇඟට පැනලා හීරුවා.

කාන්ති ඒකෙන්ම ලෙඩ වෙලා මැරුණා. අන්න දැන් සිරි­සේ­නගේ වත්තෙ ළිඳ ළඟට වෙලා ඉන්නවා. එයාට ගෙදර එන්න තරම් ශක්ති­යක් නෑ. එතැ­නට වෙලා අඩ අඬා ඉන්නවා. එයාට එන්න බැහැ. මම එන්න දෙන්නෙත් නෑ” යි ප්‍රේතයා කීවේය.

“පෙර පින් මහි­ම­ය­ටත් උත්සා­හ­ය­ටත් මිනිස්සු දියුණු වෙනවා. ඒ අයට ඉරි­සියා කර කර­දර කර තමුන් පව් පුරවා ගන්නවා. කරු­ණා­කර ඔය වැඩේ නතර කරලා ඉවත් වෙලා යන්න.”

“බැහැ... බැහැ... මම යන්නෙ නෑ. මුන්ව පාර­ටම බස්සලා මිසක් මම යන්නේ නෑ.”

‍ෙම් ඉතාම දරුණු මෝඩ ප්‍රේත­යෙක් බව වට­හා­ගත් ගවේ­ෂ­ක­ව­රයා ශක්ති කිරණ එල්ල කොට භූතයා පිච්චු­වේය. ඉතා දුර්වල වන තුරුම දවා විජේ­ර­ත්නගේ ශරී­ර­යෙන් එළි­යට ඇද දැම්මේය.

ඊළ­ඟට විජේ­ර­ත්නගේ මිය ගිය බිරිය කාන්තිගේ භූතා­ත්මය ගෙන්නු­වේය. ඇය ඉතා අහිං­සක භූතා­ත්ම­යක් වූවාය.

පවු‍ෙල් අය ලවා පන්ස­නට හීල් දාන­යක් පිරි­නමා කාන්තිට පින් අනු­මෝ­දන් කර නැවත ප්‍රති­කාර පිණිස ගෙන්වීය.

එදින කාන්තිගේ භූතා­ත්ම­යට කරුණු කාරණා කියා පැහැ­දිලි කැර දී පල­තුරු වට්ටි­යක් ගෙන්වා භූතා­ත්මය ඊට සම්බන්ධ කොට නව­ග­මුවේ පත්තිනි දේවාල භූමියේ බෝධීන් වහන්සේ අස­ලට යැවීය.

නිවසේ දින­පතා ඉටු කළ යුතු බෞද්ධ පිළි­වෙත් කීප­යක් සිරි­සේන ප්‍රධාන පස් දෙනාට නියම කළේය.

Comments