මුස්ලිම් අන්ත­වා­ද­යට එරෙ­හිව ඉදි­රි­ය­ටත් මම සටන් කර­නවා | Page 2 | සිළුමිණ

මුස්ලිම් අන්ත­වා­ද­යට එරෙ­හිව ඉදි­රි­ය­ටත් මම සටන් කර­නවා

 

 

ස්ලාම් අන්ත­වා­දීන්ගේ ම්ලේච්ඡ­ත්වය ලොව­ටම පෙන්වූ ම්ලේච්ඡ පාස්කු ප්‍රහා­රය ඉඟි-බිඟි මුලින්ම පිළි­බිඹු වූයේ මාව­නැ­ල්ලෙනි. ඒ මාව­නැල්ලේ බුදු පිළි­ම­ව­ලට හානි සිදු­කි­රී­මත් සමඟ මේ අන්ත­වා­දීන් ගැන ආර­ක්ෂක අංශ­ව­ලට තොර­තුරු අනා­ව­ර­ණය වීම හේතු­වෙනි. පුත්ත­ලම, වනා­ත­වි­ල්ලුව, ලැක්ටෝ­වත්ෙත් මේ අන්ත­වා­දින් විසින් පව­ත්වා­ගෙන ගිය පුපු­රණ ද්‍රව්‍ය ගබඩා සංකී­ර්ණය ගැන හෙළි­ක­ර­ගැ­නී­මට මනා සහ­යෝ­ග­යක් දුන්නෙ මාව­නැල්ල දනා­ගම වෙසෙන 38 හැවි­රිදි රාෂික් මොහො­මඩ් තස්ලිම්ය. අව­සා­නයේ අන්ත­වා­දීන්ට එරෙ­හිව නැඟි සිටි තස්ලිම්ට වූයේ ම්ලේච්ඡ අන්ත­වා­දී­න්ගෙන් මරා­න්තික වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්වී­ම­ටයි. දනා­ගම නිවෙසේ නිදා සිටි­යදී පසු­ගිය මාර්තු 09 වැනිදා පාන්දර යාමයේ එල්ල වූ එම වෙඩි ප්‍රහා­ර­යෙන් තස්ලිම් අද­ටත් සිටින්නේ ආබා­ධිත තත්ත්ව­යෙනි.

සති ගණ­නා­වක් සිහි කල්ප­නා­වක් නොමැ­තිව රෝහල් සය­න­යක වැතිර සිටි තස්ලිම්ට අද­ටත් දෙප­යින් නැඟී සිටීමේ හැකි­යා­වක් නොමැත. ඒ හිසට එල්ලවූ වෙඩි ප්‍රහා­ර­යෙන් තස්ලිම්ගේ ශරී­රයේ වම් පැත්ත අප්‍රා­ණි­කව තිබෙන හෙයිනි. ඔහුට පෙර සේ දෙප­යින් නැඟී සිටි­න්නට හැකි­යාව ලැබෙන්නෙ කව­දාද යන්න නිශ්චි­තව වෛද්‍ය­ව­රුන්ට පවා පැවැ­සිය නොහැකි වී ඇත. ජාති, කුල, ආගම් බේද­ය­කින් තොරව සාමය, සහ­ජී­ව­නය වෙනු­වෙන් කැප වූ මාව­නැල්ල ප්‍රාදේ­ශීය දේශ­පා­ල­න­ඥ­යකු ලෙස කට­යුතු කළ තස්ලිම් රෝද පුටු­ව­කට බර දී මුල්ව­රට පුව­ත්ප­තක් හා සම්මුඛ සාක­ච්ඡා­ව­කට එක්වන්නේ සිළු­මිණ සම­ඟිනි. ඒ පාස්කු ඉරු­දින ප්‍රහා­රය පිළි­බ­ඳ­වත්, ඊට පාදක වූ කාරණා ගැනත් බොහෝ දෙනෙක් නොදත් තොර­තුරු අනා­ව­ර­ණය කර­න්න­ටය.

 

මාරා­න්තික වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්වූ තස්ලිම්, දැන් කොහොම ද?

තුවාල නම් හොඳයි... ඒත් වම් පැත්තම පණ නෑ. ඒක නිසා ඇවි­දින්න බෑ. දොස්තර මහ­ත්වරු නම් කියන්නෙ ඇවි­දින්න හැකි­යාව ලැබෙන්න කලක් යාවි කිය­ලයි.

 

මුලින් හිටිය තත්ත්වය කෙබඳු ද?

සිහිය නැති­වම සති ගණ­නා­වක් ඉඳලා. මං ඒ ගැන මොකුත්ම දන්නෙ නෑ. පස්සෙ කතා කරන්න බැරිව හිටියා.

 

පසු­ගි­යදා වෙඩි තැබු පිරිස ඔබ හඳු­නා­ග­ත්තාද?

ඔව්. පසු­ගිය 12 වැනිදා මාව­නැල්ල උසා­වි­යේදී ඒ අය හඳු­නා­ගත්තා. ඒ දෙන්නා වෙඩි ප්‍රහා­රය එල්ල වීමට සති දෙක­කට කලින් මට දුර­ක­ථන ඇමැ­තු­මක් දිලා මාව­නැල්ල සම්පත් බැංකුව අස­ලට එන්න කිව්වා. මං එතැ­නට ගියාම, ඔවුන් මගෙන් ඇහුවා, එළුවෝ ඉන්නව නේද? කොහො­මද ගණන්. ඒ වගේම ඒ අය­ටත් මගේ එළු ගාල වගේ එළු ගාලක් හදා­ගන්න ඕනෙ කීවා.

ප්‍රහාරයට ලක්වූ තස්ලිම්

ඒ කිය­න­කො­ටම මට හිතුණා... එහෙ­නම් මේ දෙන්න මගේ ගෙද­රට ඇවිත් තියෙ­නවා කියා. එහෙම කියලා ඒ දෙන්නට ඒ සඳහා උදවු කරන්න කීවා. මං කීවා බඩු අරන් දෙන්න... මං හදලා දෙන්නම් කියා. එච්ච­රයි. මං ඒ වගේ මිනි­ස්සුන්ට උදවු කර­නවා. ඒක නිසා ඒ දේ ඒ හැටි ගණන් ගත්තෙ නෑ. මට එදා උසා­වි­යේදී ඉතින් ඔවුන් දැක්කම හිතුණේ, මේ අය මගේ ගෙද­රට ගිහින් තියෙන්නෙ එළුවෝ බලන්න නෙමේ... මාව බල­න්නනේ කියලා. (තස්ලිම් සිනා­සෙයි)

 

ඒ වෙඩි ප්‍රහා­රය එල්ල කළ අය කවුද?

මං දන්නේ නැහැ. ඔවුන් කාත්ත­න්කු­ඩියේ පිරි­සක් කිය­ලයි කියන්නෙ. ඒ අය මාව­නැල්ලෙ බුදු පිළිම කැඩීමේ සිදු­වී­ම්ව­ලට මූලික වූ සාහිද්, සාදික් සහෝ­ද­ර­යන්ගේ කොන්ත්‍රා­ත්තු­ව­කට මට වෙඩි තබා ඇති බව­ටයි හෙළි­වන්නෙ.

 

ඔබට එවැනි වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට හේතු වෙන්නෙ...?

වනා­ත­වි­ල්ලුවේ අන්ත­වා­දීන්ගේ පුපු­රණ ද්‍රව්‍ය සොයා ගැනීමේ මෙහෙ­යුම සඳහා ආර­ක්ෂක අංශ සමඟ මාත් පසු­ගිය පෙබ­ර­වාරි 21 වැනිදා වනා­ත­විල්ලු ගියා. මේ අන්ත­වා­දීන්ට ඒ ගැන ආරං­චිය ගියා. ඒ නිසායි මට මේ වෙඩි ප්‍රහා­රය එල්ල කරන්න ඇත්තෙ කියා මං හිතන්නෙ. පහළ කඩු­ග­න්නා­වේදී පසු­ගිය දෙසැ­ම්බර් 26 වැනිදා බුදු පිළිම කැඩී­මට සම්බන්ධ වූ කෙනෙක් ගම්වා­සීන් විසින් කොටු­කර ගන්නවා. ඔහු­ගෙන් හෙළි වෙනවා ඊට සම්බන්ධ වූ අය.

එම පරී­ක්ෂණ සඳහා කොළඹ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මාර­සිංහ මහ­ත්මයා මාව­නැ­ල්ලට පැමි­ණියා. ඒ අයට සහාය දෙන්න කියා කබිර් හෂිම් ඇමැ­ති­තුමා මට කිව්වා. බුදු පිළිම කැඩීමේ සිද්ධි­යට අත්අ­ඩං­ගු­වට ගත් අයගේ දුර­ක­ථන විශ්ලේ­ෂ­ණ­යේදී බොහෝ තොර­තුරු සහ බොහෝ දෙනෙක් ගැන හෙළි වුණා. එහිදී පුත්ත­ලමේ නවු­ෆර් මුෆේස් නමැ­ත්තෙක් ගැන හෙළි වෙනවා.

ඒ පුද්ග­ලයා බුදු පිළිම කැඩු දින­වල රාත්‍රි කාලයේ ඒ ම්ලේච්ඡ­යන් සමඟ දුර­ක­ථන සබ­ඳතා පව­ත්වලා තිබුණා. පසුව මාර­සිංහ මහතා සමඟ මුෆේස්ව සොයා අපි පුත්ත­ල­මට ගියා. මුෆේස්ගේ දුර­ක­ථ­නය සී.අයි.ඩී එක පරීක්ෂා කිරී­මේදී තමයි වනා­ත­වි­ල්ලුව, ලැක්ටෝ­වත්ත ගැන අනා­ව­ර­ණය වෙන්නෙ.

එහි පුපු­රණ ද්‍රව්‍ය කිලෝ සිය ගාණක් සමඟ බොහෝ විනා­ශ­කාරි ද්‍රව්‍ය සොයා ගැනී­මට හැකි­වුණා. එදා වත්තෙ හතර දෙනෙක් හිටියා. ඔවුන් හත­ර­දෙනා කීවේ, ඒ සිය­ලූම පුපු­රණ ද්‍රව්‍ය සාදික් සහ සාහිද් සහෝ­ද­ර­යන් දෙදෙ­නාගේ බව­ටයි. ලැක්ටෝ­වත්ත බදු අරන් තිබු­ණේත් සාදික්ගේ නම­ටයි. මට කිසිම තර­හ­කා­ර­යෙක් මේ පළාතේ නැහැ. මං ජාතීන් අතර සාමය, සංහි­ඳි­යාව, සහ­ජී­ව­නය වෙනු­වෙන් බොහෝ සේ කැප­වුණා. ඉතින් ඔය සිද්ධිය තමයි සාදි­ක්ලාට මට මෙවැනි දෙයක් කරන්න හේතු­වෙන්න ඇත්තෙ.

වනා­ත­වි­ල්ලුවේ යන­කොට මෙහෙම දේකට මුහුණ දීමට වේයැයි සිතුණේ නැද්ද?

මං හිතුවේ නෑ... මේ ම්ලේච්ඡ­යන් මෙවැනි විප­තක් කරයි කියා.

 

වෙඩි ප්‍රහා­රය එල්ල වූ මොහොත මතක් කළොත්...?

තස්ලිම් රෝගී ඇඳේ
 

මාර්තු නව­වැ­නිදා පාන්දර වුණේ. ඊට පහු­වදා මම මාව­නැල්ලෙ හෝට­ල­යක තිබූ භෝජන සංග්‍ර­හ­ය­කට ගිහින් ආවේ. මං එන­කොට පොඩි පුතයි බිරි­ඳයි ඇඳේ නිදා­ගෙන හිටියේ. මාත් ගිහින් රෑ දහ­ය­හ­මා­රට විතර ඒ ඇඳේම නිදා­ගත්තා. එතැන් සිට මං කිසිම දෙයක් දන්නෙ නැහැ. මට සිහිය ආවේ සති ගණ­නා­ව­කට පස්සෙ... එත­කොට මං හිටියේ රෝහල් ඇඳක. සිදු­වෙලා තිබුණේ මෙහෙම දෙයක්ලු.. අන්ත­වා­දීන් කුස්සියේ දොර කඩා­ගෙන ගෙට ඇතු­ළු­වෙලා. පස්සෙ කාම­රේට ඇවිත් ඇඳ අස­ලම තිබූ ජනේ­ලය ඇරලා එළි­යට ගිහින්... එළි­යෙන් ඇවිත් ජනේ­ල­යෙන් වෙඩි තියලා ගිහින් තියෙන බව­ටයි සැක කරන්නෙ... පාන්දර හත­රයි විස්සට වගේ බිරි­යට ශබ්ද­යක් ඇහිලා.

බිරිය හිතලා තියෙන්නෙ ෆෝන් චාජ­රය පුපු­රලා කියලා. ඒත් පස්සෙ බිරි­ඳට වෙඩි බෙහෙත් ගඳක් ඇවිල්ලා. එත­කොට තමයි බලලා තියෙන්නෙ. බල­න­කොට මගේ ඔළු­වට වෙඩි වැදිලා. කවු­රුත්ම දැකලා නෑ වුණේ මොකක්ද කියලා. උන් වෙඩි තියලා ක්ෂණ­යෙන්ම බයික් එකක නැඟලා පැනලා ගිහින්.

 

අප්‍රේල් 21 වැනිදා එල්ලවූ ප්‍රහා­රය ගැන සිහි­පත් කළොත්...?

මට හිතෙන්නෙ ඒ ප්‍රහා­රය වළ­ක්වා­ගන්න තිබුණා. වනා­ත­වි­ල්ලු­වේදී එදා අල්ල­ගත්තු හතර දෙනා කී මාව­නැල්ලෙ සාහිද් සහ සාදික් යන අන්ත­වාදි සහෝ­ද­ර­යන් දෙදෙනා ගැන ආර­ක්ෂක අංශ දැඩි සෝදි­සි­ය­කින් සිට ඔවුන් අවශ්‍ය මොහොතේ අත්අ­ඩං­ගු­වට ගත්තා­නම් මෙවැනි ප්‍රහා­ර­යක් වළ­ක්වා­ගන්න තිබුණා කියායි මං හිතන්නෙ. එදා ආර­ක්ෂක අංශ නාමල් කුමා­රගේ ප්‍රභූ ඝාතන හෙළි­ද­ර­ව්ව­ටයි වැඩි බරක් දුන්නෙ. ඒ නිසායි මේ බුදු පිළිම කැඩීම හරහා එළි­යට ආ අන්ත­වා­දීන් ගැන අනා­ව­ර­ණය කර­ගැ­නී­මට නොහැකි වූයේ.

 

පාස්කු ප්‍රහා­රයේ ප්‍රධාන වග­කි­ව­යුත්තා වන සහ­රාන් ගැන ඔබට තිබුණු හෝඩු­වා­වන් මොනවා ද?

ඔහු ගැන මට කිසිම දෙයක් අනා­ව­ර­ණය වෙලා තිබුණේ නැහැ.

 

මාව­නැ­ල්ලේම සිටි සාදික්ලා සමඟ ඔබට තිබූ සබ­ඳ­තා­වය කොහොම ද?

ඇත්ත­ටම මට ඔවුන් සමඟ කිසිම සබ­ඳ­තා­වක් තිබුණේ නැහැ. අපි ඔක්කොම මාව­නැල්ලෙ වුණාට ඔවුන් අපේම ගමේ අය නොවේ. ඒත් ඔය පිරිස් මුලින් ජමාතේ ඉස්ලාමි සංවි­ධා­නයේ ඉන්නා කලේ හොඳින් හිටියා. පසු­වයි ඔය අන්ත­වාදි මතය කාන්දු වෙලා තියෙන්නෙ. එම අන්ත­වාදී මත දැරී­මත් සමඟ ඔය සහෝ­ද­ර­යන් දෙදෙනා එම සංවි­ධා­න­යෙන් ඉවත් කර­නවා. ඔවුන්ට අන්ත­වාදී මතය කාන්දු වූයේ මුදල් බල­පෑම මතයි.

 

ඔබ මාව­නැල්ලෙ දැඩි සමා­ජ­ශීලී පුද්ග­ල­යෙකු ලෙසයි ප්‍රක­ටව සිටින්නෙ...

ඔව්... මං බොහෝ සමා­ජ­ශීලී වැඩ කට­යු­තු­ව­ලට මූලි­ක­ත්වය ගෙන කට­යුතු කළා. බුදු පිළිම කඩපු වෙලාවෙ අපි සෑහෙන කම්පා වුණා. අර­ණා­යක නාය ගිය මොහොතේ මම, අපේ මුස්ලිම් අය බොහෝ දෙනෙක් සමඟ ඒ ප්‍ර‍ෙද්ශයට ගොස් සති ගණ­නා­වක් නත­රව සිට ඒ අස­රණ මිනි­සුන්ට උදවු කළා. අර­ණා­යක පන්සලේ ලොකු හාමු­දු­රුවෝ මාව බලන්න රෝහ­ල­ටත් ආවා.

මට ඒ හැටි වත්ක­මක් තියෙන පුද්ග­ල­යෙක් නෙවෙයි... ඒත් මට හැකි පම­ණින් ගමේ පාර­වල්, බෝක්කු, ක්‍රීඩා පිටි වැනි පොදු වැඩ­ව­ලට උප­රීම දාය­ක­ත්වය දුන්නා.

 

දැන් ඔබේ ආර­ක්ෂාව කොහොමද...?

මං වෙනු­වෙන් හොඳ ආර­ක්ෂා­වක් ලබාදී තිබෙ­නවා. එසේම මං මේ මොහොතේ කිව යුතු දෙයක් තිබෙ­නවා, මගේ ආර­ක්ෂා­වට සිටි පොලි­සියේ, බන්දුල රාල­හාමි නිසායි මට මෙත­රම් ඉක්ම­නින් කතා කිරී­මට හැකි­යාව ලැබුණේ. ඔහු, මං වෙනු­වෙන් රාජ­කා­රි­යට අම­ත­රව කැප­වෙලා කථන හැකි­යාව පුහුණු කිරී­මට බොහෝ සේ කැප­වුණා. මගේ ආර­ක්ෂාව හොඳ තත්ත්වයේ තිබු­ණත්,

මගේ බිරිය සහ දරු­වන් තිදෙනා ජීව­ත්වන මට වෙඩි ප්‍රහා­රය එල්ල කළ නිවස නම් ඉතාම අනා­ර­ක්ෂිත ස්ථාන­ය­කයි පිහි­ටලා තියෙන්නෙ. එම නිසා මගේ එකම ඉල්ලීම මගේ බිරි­ය­ටයි, දරු­වන් තිදෙ­න­ටයි, ආර­ක්ෂි­තව ජීව­ත්වී­මට නිවෙ­සක් ලබා­දෙන ලෙසයි. ඒ වගේම මට දෙප­යින් නැගී සිටීම සඳහා පුළු­වන් සෑම දෙනාම උදවු කරන ලෙස­ටද ඉල්ලා සිටි­නවා.

අද මට වෙලා තියෙන දේ... හෙට තව කෙනෙ­කුට වෙන්න ඉඩ තියෙ­නවා. එම නිසා මං කියන්නෙ ජාති, ආගම් කුල බේද­ය­කින් තොරව හැමෝම එකා වගේ ජීව­ත්වෙමු කියායි. මට මේ වගේ දෙයක් වුණේ රට වෙනු­වෙන් කැප­වුණ නිසායි. එහෙම නැතිව මට කව­ම­දා­වත් තර­හ­කා­ර­යෙක් හිටියේ නෑ. මං කියන්නෙ මිනිස්සු රට ගැන හිතලා වැඩ කරන්න. එත­කොට ගැටුම් ඉබේම නැති­වෙලා යයි...

තස්ලිම් ජීවත් වූ නි‍ෙවස

 

අව­සා­න­යට මොකක්ද ඔබට කියන්න තියෙන්නෙ?

මුස්ලිම් අන්ත­වා­ද­යට එරෙ­හිව ඉදි­රි­ය­ටත් මගෙන් විය යුතු කාර්ය­භා­රය නොපැ­කි­ළිව ඉටු කර­නවා.

මම ආර­ක්ෂක අංශ සමඟ ජාති, ආගම්, පක්ෂ, පාට බේද­ය­කින් තොරව සමස්ත රට­වැ­සියා වෙනු­වෙන් සේවය කිරී­මට ගියේ. අන්ත­වා­දී­න්ගෙන් වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්වුණ මං ගැන සොයා බලන්නෙ කබිර් හෂිම් ඇමැ­ති­තුමා පම­ණයි. හැබැයි මං වෙනු­වෙන් වෛද්‍ය­ව­රුන්, හෙදි­යන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩ­ලය කරන කැප­කි­රී­ම­නම් අප­ම­ණයි.

කුඩා දරු­වන් තිදෙ­නෙ­කුගේ පියෙක් වන තස්ලිම් රෝද පුටු­ව­කට වැටීම නිසා ඔහුගේ බිරිය සහ දරු­වන්ට මේ වන විට දුෂ්ක­ර­තා­වන් රැස­ක­ටම මුහු­ණ­දී­මට සිදුව ඇත. එම නිසා සමස්ත රටේ යහ­පත වෙනු­වෙන් කැපවූ තස්ලිම් වැනි අයෙක් ගැන ජාති බේද­ය­කින් තොරව සොයා බැලීම සැමගේ යුතු­ක­මකි. ඒ සඳහා මාව­නැල්ල, හැටන් නැෂ­නල් බැංකුවේ 089020204155 දරන ගිණුම් අංක­යෙන් තස්ලිම්ට සවි­යක් වීමට හැක.

 

ඡායා­රූප - රෝහණ ජය­රත්න

(අර­ණා­යක සමූහ)

Comments