මේ සමා­ජයේ පැර­දිලා ඉන්නේ දේශ­පා­ල­න­ඥයා ෙනාවෙයි උගත් බුද්ධි­මත් පර­ම්ප­රාවයි | සිළුමිණ

මේ සමා­ජයේ පැර­දිලා ඉන්නේ දේශ­පා­ල­න­ඥයා ෙනාවෙයි උගත් බුද්ධි­මත් පර­ම්ප­රාවයි

වත්මන් අර්බු­ද­කාරී දේශ­පා­ලන වාතා­ව­ර­ණය හා ඊට ලබාදිය හැකි විස­ඳුම් සම්බ­න්ධ­යෙන් මෙරට කීර්ති­මත් විද්‍යා­ඥ­යකු වන මොර­ටුව විශ්වවිද්‍යා­ලයේ සිවිල් ඉංජි­නේරු පීඨයේ මහා­චාර්ය රංගික හල්ව­තුර සමඟ කළ කතා­බ­හකි.

 කිසි­යම් දේශ­පා­ලන පක්ෂ­යක් විසින්නම් කරන පිරි­සක් තමයි අපට පාල­කයෝ  විදි­යට හැම­දාම පත් කර ගන්න වෙන්නේ.රටක ප්‍රති­පත්ති සම්පා­ද­නය කරන තැන­කට යවන්න ඕන මොන­වගේ අයද කියන අභි­යෝ­ගය අප හමුවේ තිබෙ­නවා?

ඒක කරන්න නම් මේ ඉන්නඡන්ද දාය­ක­යාව අප ප්‍රශ්න කළ යුතු වෙනවා නේද?

පැහැ­දි­ලි­වම ඔව්, නමුත් අපට එක­පා­ර­ටම උඩු­ගම් බලා යන්න අමා­රුයි.

 

ඒ ඇයි?

බහු­ත­ර­යක් යැපුම් සංස්කෘ­ති­යක් එක්ක ඉන්න කොට ඔබ ඔය කියූ කාරණා වට­හා­ගත් පිරි­සක් එක­පා­ර­ටම ප්‍රාදූ­ර්භූත වේවි කියල මං විශ්වාස කරන්න්නේ නැහැ. ඒක පළ­වෙනි ගැට­ලුව. නමුත් පව­තින දේශ­පා­ලන ක්‍රමය පිළි­බඳ ව කිසි­යම් විදි­ය­කට ප්‍රති­වි­රුද්ධ මත­යක් සමා­ජයේ නිර්මා­ණය වෙමින් තිබෙ­නවා. ඒත් මේ පව­තින දේශ­පා­ලන ක්‍රමය ඇතු­ළෙම විස­ඳුම් හොයන බහු­තර ප්‍රජා­ව­කින් අපට මේකට විස­ඳු­මක් ලැබේවි කියල කිසි­සේත්ම විශ්වාස කරන්න බැහැ.

 

ඒත් ප්‍රශ්න­යක් වුණාම “ඕගො­ල්ලොනේ ඡන්දය දීලා ඒ අයව පාර්ලි­මේ­න්තු­වට එව්වේ” කියලා දේශ­පා­ල­නඥයෝ ජන­තා­වට ඇඟිල්ල දික් කර­නවා.

ඒකෙ විශාල වැරැ­ද්දක් තියෙ­නවා. දේශ­පා­ලන පක්ෂය සහ දේශ­පා­ලන යාන්ත්‍ර­ණය තමයි ඒ තීර­ණය ගන්නේ. බහු­ත­ර­යක් අතරේ සුලු­ත­ර­යක් නම් කරල අපට එව­නවා; මේ අය­ගෙන් පිරි­සක් තෝරල දෙන්න කියලා. නමුත් අපට ගැළ­පෙන කෙනෙක් එතෙන්ට නම් කරන්න අපට පුළු­වන් කමක් නැහැ. මෙන්න මේකට මෙන්න මේ පුද්ග­ලය ගැළ­පෙ­නවා කියලා ඒ පුද්ග­ල­යව නම් කරල කති­රය ගහන්න පුළු­වන් කමක් මේ ක්‍රමය ඇතුළෙ අපට නැහැ. අපට අවශ්‍ය මොකක්ද කියල මේ දේශ­පා­ලන යාන්ත්‍ර­ණය කව­දා­වත් අපෙන් ප්‍රශ්න කරල නැහැ. ඒ අයම හදා­ගන්න ප්‍රශ්න ටිකක් අපට ඉදි­රි­පත් කරල මෙන්න මේකෙන් දෙක­තු­නක් තෝර­ගන්න කියල අපට කිය­නවා; ඒක නෙමෙයි විය යුත්තේ. රටේ ජීව­ත්වන බහු­ත­ර­යක් මිනි­ස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න මොන­වද? ඒවට විස­ඳුම් හොයන්නේ කොහො­මද කියන එක ගැන කති­තා­වක් ඇති වෙන්න ඕන. එහෙම කති­කා­වක් කව­දා­වත් මේ පාර්ලි­මේ­න්තුවෙ ඇති­වෙලා නැහැ. ඒ ගැන අපෙන් විම­සී­මක් කරන්න කව­දා­වත් ඔවුන් උත්සාහ කර­ලත් නැහැ.

ඔවුන් ගේ හිතු­ම­තේට නැවත ඔවුන්ට අව­ස්ථා­වක් සැල­සෙන ආකා­ර­යට අව­ස්ථා­වා­දීව කල්පනා කරලා; මේ මේ ප්‍රශ්න තමයි අපට තියෙන්නෙ ඒව­යෙන් හොඳම ප්‍රශ්න ටික තෝරල දෙන්න කියල අපට කිය­නවා. එහෙම වුණාම රටේ බහු­ත­ර­යට අවශ්‍ය දේ කර­ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. තියෙන වික­ල්පය අත­රින් හොඳම එක තෝර­ග­න්නවා මිසක් හොඳම වික­ල්පය තෝර­ගන්න ජන­තා­වට අව­ස්ථා­වක් නැහැ. ඒකට වග­කි­ය­න්නත් ඕන අව­සා­නයේ මේ රටේ ඉන්න බහු­තර ජන­තාව.

 

ඒකට හේතුව විදි­යට ඔබ දකින්නේ මොකක්ද?

විශේ­ෂ­යෙන් 1948 දී අපට නිද­හස ලැබිච්ච දවසෙ ඉඳල ඔවුන් මවපු ලෝකය ඇතුළෙ තමයි අපි ජීවත් වුණේ. ඒ ඇරෙන්න ඊළඟ පර­ම්ප­රාව වෙනු­වෙන් සමා­ජය වෙනු­වෙන් යමක් කළ යුතුයි; එහෙම නොක­ළොත් අපේ පැවැත්ම පවා අභි­යෝ­ග­ය­කට ලක්වෙන්න පුළු­වන් කියන දේ අප අම­තක වුණා. අපට ඒ ගැන යුතු­ක­මක් හා වග­කී­මක් තියෙන බව අම­තක කළා. වසර 71 තිස්සේ මහ­ජ­නයා වෙනු­වෙන් වග­කි­ව­යුතු උග­තුන් බුද්ධි­ම­තුන් තමන්ගේ කාර්ය පැහැර හැරීම නිසා දේශ­පා­ලන­ඥයා ගන්න පුළු­වන් උප­රිම වාසිය මේ වෙද්දි අර­ගෙන තියෙ­නවා. ඉතින් කුඩු ව්‍යාපා­රි­කයෝ, දාම­රි­කයෝ, ස්ත්‍රී දූෂ­කයෝ, අඩු අධ්‍යා­පන සුදුසු කම් ඇති අය මේ හැම කෙනෙක්ම අද පාර්ලිමේ­න්තුව නියෝ­ජ­නය කර­නවා. රටේ මේ ක්‍රියා­වන් වෙනවා නම් ඒවා සිද්ධ වෙන්නේ මේ අයගේ පූර්ණ අනු­දැ­නුම මතයි. ඔවුන් මේ ඇවිත් ඉන්නේ රට වෙනු­වෙන් මහ­ජ­න­තාව වෙනු­වෙන් වැඩ කරන්න නෙමෙයි. තමන්ගේ කළු ව්‍යාපාර නීතියේ රැහැ­නින් බේර­ගෙන නිද­හසේ කර­ගෙන යන්නයි.

මොකද රටේ නීතිය හරි­යට ක්‍රියා­ත්මක වෙනව නම් මේ දේවල් මේ විදි­යට පව­තින්න විදි­යක් නැහැ. ඒ නිසා දේශ­පා­ලන යාන්ත්‍ර­ණයේ සහ­යෝ­ගය ඇතිව මේ දේවල් ක්‍රියා­ත්මක වන බව නිශ්චි­තයි. ඒ නිසා රටේ සිද්ධ වෙන හැම නීච ක්‍රියා­වක් පිටි­ප­ස්සෙම කවුරු හෝ දේශ­පා­ල­නඥ­යකු සිටින බව අපට පිළි­ගන්න වෙනවා. මේ තත්ත්වය නැති කරන්න නම් මහ­ජ­නයා මීට වඩා සක්‍රී­යව දේශ­පා­ල­න­යට සම්බන්ධ විය යුතුයි. අපි මේ වගේ අය නම් දිග­ටම පාර්ලි මේන්තු­වට යවන්නේ ඒ අය­ගෙන් මීට වඩා දෙයක් අපට බලා­පො­රොත්තු වෙන්න බැහැ. එහෙම බලා පොරොත්තු වෙන එකත් සාධා­රණ නැහැ. ඒ නිසා ජන­තාව මීට වඩා වග­කී­මෙන් කට­යුතු කළ යුතුයි.

 

ඇත්තට ම මේ ඉන්න දේශ­පා­ල­නඥ­ය­න්ගෙන් අපට කිසි­යම් හෝ සුබ­වාදී දෙයක් බලා­පො­රොත්තු වෙන්න බැරිද?

පාර්ලි­මේ­න්තුවේ 90%කට වඩා වැඩි පිරි­සක් ඉන්නේ උසස් පෙළ­වත් නැති අය. උගත් කමත් එක්ක බැලු­වම මේ වෙද්දි ඔවුන්ට කළ හැකි උප­රිම දේ ඔවුන් රට ඇතුළෙ කර­නවා. මේ ඉන්න අය දන්නේ මිරි­ස්කුඩු ගහ­ගෙන, සෙන්කෝ­ලය කඩා­ගෙන, මයික් ගල­ව­ගෙන කතා­නා­යක පුටුවේ වාඩි­වෙන්න විත­රයි. ඉතින් ඒ අයට අපි බනින එකත් වැර­දියි. උගත් කමක් නැති, බුද්ධි­යක් නැති, සමාජ අව­බෝ­ධ­යක් නැති වංචාව දූෂ­ණය මැර­කම ජඩ­කම එක්ක ඉස්ස­ර­හට ගිය; මේ දේශ­පා­ල­නඥ­ය­ගෙන් අපි මීට වැඩිය මොනව බලා­පො­රොත්තු වෙන්නද? මේ අය රට සංව­ර්ධ­නය කරන්න, රටේ අධ්‍යා­ප­නය නඟා සිට­වන්න, කර්මාන්ත ශාලා ඇති කරන්න, රස්සා­වල් ඇති කරන්න ප්‍රති­පත්ති රාමු­වක් නිර්මා­ණය කරයි කියල; අපි හිත­නව නම් අපි තරම් මෝඩයෝ පිරි­සක් ලෝකේ කොහේ­වත් රටක නෑ.

 

එහෙත් පසු­ගිය කාලේ සිවිල් පුර­වැ­සි­යන්, උග­තුන්, මාධ්‍ය ‍ෙව්දීන් මේ වෙනු­වෙන් ලොකු උත්සා­හ­යක් ගත්තා. ඔවුන් මේ තුළ කිසි­වක් ම හෝ දිනා­ගෙන නැද්ද?

ජනමා ධ්‍ය උත්සාහ කළා නිද­හස් නිව­හල් චින්ත­න­යක් හදන්න. අපි වගේ අය උත්සාහ කළා බුද්ධි­මත් සමා­ජ­යක් හදන්න; ඒව­ගේම රටේ ව්‍යාපා­රික ප්‍රජා­වක් ඉන්නවා ඒ අය උත්සාහ කළා දේශීය කර්මාන්ත ශාලා හදල ආර්ථි­කය සංව­ර්ධ­නය කරන්න; පූජ්‍ය පක්ෂ­යක් හිටියා රටේ ජන­තා­වගේ ආධ්‍යා­ත්මික ගුණ­ව­ගාව ඇති කරල මිනි­සුන්ගේ මනස සුව­පත් කරන්න; නීතී­ඥ­වරු පොලී­සියේ පිරි­සක් හිටියා නීතිය හා සාමය ආරක්ෂා කරන්න අන්ති­මට මොකද වුණේ? මේ හැම කෙනෙක් ම පරා­ජ­යට පත් වුණා. වැඩි උග­ත්ක­මක් නැති වංචාව දූෂ­ණය හෙර­කම් මැර­කම් කරන මිනිස්සු දිනුවා. ඔවුන් අද රටේ ඉහළ ම තැන්වල වැජ­ඹෙ­නවා. එහෙම බැලු­වම මේ සමා­ජය තුළ අද දිනල තියෙන්නේ කිසි­වක්ම නැති දේශ­පා­ල­ඥයා මිසක් උගත් බුද්ධි­මත් පර­ම්ප­රාව නෙමෙයි.

 

ඒත්, අපි හැමෝම මේක ඇතුළෙ පරා­ජි­තයො කියල අපට නිදා­ගෙන ඉන්න පුළු­වන්ද?

අපි කොයි­ත­රම් මේ ක්‍රමය ඇතුළෙ ට්‍රැක්වෙ­ලාද කියන එක සර­ලව පැහැ­දිලි කළොත්; ජිවි­තයේ සතුට වෙනු­වෙන් ජනමාධ්‍යවේදියා ව්‍යාපා­රි­කයො, අධ්‍යා­ප­න­ඥයො,... විදි­යට අපි හැමො­ටම මූලික අර­මුණු ටිකක් තිබුණා. ඒ හැම­දේම ඉතාම සූක්ෂම ව අද දේශ­පා­ල­ඥයා තමන්ගෙ යට­තට අරන් තියෙ­නවා. උදා­හ­ර­ණ­යක් විදි­යට ජන­මා­ධ්‍ය­වේ­දි­යෙක් ගමු, ඔහුට ළම­යව ඉස්කෝ­ලෙට දාගන්න, රස්සාව ස්ථීර කර­ගන්න, උස­ස්වී­මක් ලබන්න, ලියපු ආර්ටි­කල් එක පළ කරන්න දේශ­පා­ල­න­ඥ­ය­ගෙන් තොරව බැහැ. එහෙම වුණාම නිරා­යා­ස­යෙන් ජනමාධ්‍යවේදියා දේශ­පා­ල­න­ඥ­යගෙ අත­කො­ලු­වක් බවට පත්වෙ­නවා. වෛද්‍ය­ව­රයා, ඉන්ජි­නේ­රුවා, නීතී­ඥයා, රාජ්‍ය නිළ­ධා­රියා,... මේ හැමෝම අද දේශ­පා­ල­න­ඥයා විසින් මවන කැරට් අලය ඉස්ස­රහ ඔවුන් ගේ රූක­ඩ­යක් බවට පත්ක­ර­ගෙන තිබෙ­නවා.

මේ රටේ නිද­හස් අධ්‍යා­ප­න­යක් තියෙ­නව නම්; මේ රටේ ජන­තාව ඒ වෙනු­වෙන් බදු ගෙව­නව නම්; උන්ට ඕන දේ කරලා උන් දෙන දේ අර­ගෙන උන්ට ඕන විදි­යට පැත්ත­කට වෙලා ඉන්න අපට බැහැ. ඔවුන්ට යන්න බැරි තැන්වල අපි නියෝ­ජ­නය වෙන්න ඕන. යහ­පා­ල­න­යක් පව­තින්න ඕන ඒක­ටයි. නමුත් අද වෙන­කොට ඔය කියන යහ­පා­ල­නය වෙනු­වෙන් කැප­විය යුතු පිරිස තමන්ගේ සමාජ වග­කීම පැහැර හැරල තියෙ­නවා. ඒ සමාජ වග­කීම පැහැර හැරී­මත් එක්ක ආඳා නැති වලේ ලූලා පණ්ඩි­තයා වුණා වගේ තත්ත්ව­යක් තමයි මේ උදා­වෙලා තියෙන්නේ.

 

2020 පත්වන ජනා­ධි­ප­ති­ව­රයා අහ­වල් විදියේ කෙනෙකු විය යුතු බවට විවි­ධා­කා­රයේ අද­හස් පළ වෙනවා. ඔහු කවර ආකා­රයේ අයකු විය යුතුයි කිය­ලද ඔබ හිතන්නේ?

ඔය මාතෘ­කාව පිළි­බ­ඳව කතා කිරී­මෙන්ම අප සමා­ජ­යට විශාල වැරැ­ද්දක් කර­නවා. ඒ තමයි, මේ දේශ­පා­ලන­ඥ­යට අන­වශ්‍ය වටි­නා­ක­මක් හා පිළි­ගැ­නී­මක් අප මේ හරහා ආරෝ­ප­ණය කර­නවා. එය අප නොකළ යුතුයි. දේශ­පා­ල­න­ඥ­යෙක් කියන්නේ නාය­ක­යෙක් ද? පාල­ක­යෙක් ද? ජනතා නියෝ­ජි­ත­යෙක් ද? කියන දේ අප මුලින් තේරුම් කර ගන්න ඕන. මේවා අපි හරි­යට තේරුම් ගෙන නැහැ. දේශ­පා­ල­න­ඥයා පැහැ­දි­ලි­වම ජනතා නියෝ­ජි­ත­යෙක්. තමන් නියෝ­ජ­නය කරන කණ්ඩා­ය­මට නාය­ක­ත්ව­යක් දීම තමයි දේශ­පා­ල­න­ඥ­යාගේ කාර්යය වෙන්නේ. එහෙම නැතුව දේශ­පා­ල­න­ඥයා පරි­පා­ල­න­යට සම්බන්ධ වෙනව නම්; ඒකම ඇති රටක් පිරි­හී­මට පත්වෙන්න. ඒක තමයි අපි­ටත් මේ වෙලා තියෙන්නේ.

හැම­දේට ම රටක ඉන්නවා පුහුණු ශ්‍රමි­කයෝ පිරි­සක්. ලංකාවේ පරි­පා­ලන සේවය ගත්තොත් එය උගත්, බුද්ධි­මත්, කාර්ය ශූර මට්ට­මක පව­ති­නවා. වෛද්‍ය වෘත්තිය ගත්තොත් ඕනම රටක ගිහිල්ලා තර­ග­කා­රීව කට­යුතු කරන්න පුළු­වන් දක්ෂ වෛද්‍ය­වරු පිරි­සක් ඉන්නවා. ත්‍රිවිධ හමු­දාව සහ පොලී­සිය ගත්තොත් ඕනම ත්‍රස්ත­වා­ද­ය­කට මුහුණ දීලා කට­යුතු කළ හැකි මට්ට­මක සිටි­නවා... මේ හැම වෘත්ති­යක් ම එහෙ­මයි.

පාර අතු­ගාන කෙනාට වුණත් තමන්ගේ වෘත්තිය කරන්න ක්‍රම­වේ­ද­යක් සකස් වෙලා තියෙ­නවා. ඒ අනුව මේ හැමෝම තමන්ට පැව­රෙන රාජ­කා­රිය කළ යුතුයි. එහෙම නැතුව ජන­තා­ව­ගෙන් තේරී පත්වෙලා එන ජනතා නියෝ­ජි­තයා වෛද්‍ය­වෘ­ත්තිය කරන්න, නීතිය හා සාමය රකින්න, පරි­පා­ල­නය කරන්න, ජාතික ආර­ක්ෂාව සල­සන්න කියල පත් කරල යව­නව නම් අපි විශාල අසා­ධා­ර­ණ­යක් ඔහුට හෝ ඇයට කර­නවා. මොකද ඔහුට එහෙම ධාරි­තා­වක් නැහැ.

තවත් සර­ලව පැහැ­දිලි කළොත්; රටේ ජනා­ධි­පති උත්සාහ කර­නව නම් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න, පාර­වල් හදන්න, වරා­ය­වල් හදන්න, ආර­ක්ෂක කට­යුතු කරන්න, නීතිය හදන්න ඒක හරි­යන්නේ නැහැ. ඒකට රටේ පිළි­ගත් පුරුදු පුහුණු වෙච්ච වෘත්ති­ක­යන් පිරි­සක් ඉන්නවා. නමුත් අප කරන්නේ දේශ­පා­ල­න­ඥ­යට අන­වශ්‍ය පිළි­ගැ­නී­මක් දීල; මේ යාන්ත්‍රණ ඔක්කෝම අක­ර්මන්‍ය කරල බිඳ­ව­ට්ටන එකයි. මේ නිසා අද මේ රට විශාල ගැට­ලු­ව­කට මුහු­ණ­පාල තියෙ­නවා.

දැන් හැමෝ­ටම ලේසියි කර ඇරල ඉන්න. ගුරු­ව­රයා ගුරු­ව­ර­යගේ කාර්ය කරන්නේ නැහැ; වෛද්‍ය­ව­රයා එයගේ වැඩේ කරන්නේ නැහැ; විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­රයා එයාගේ වැඩේ කරන්නේ නැහැ; පරි­පා­ල­කයා පරි­පා­ල­ක­යගෙ වැඩේ කරන්නේ නැහැ; ජන­මා­ධ්‍ය­වේ­දියා එයාගේ වැඩේ හරි­යට කරන්නේ නැහැ. ඒ තත්ත්ව­යට රට පත් කරල අපි අහ­නවා 2020 පත්වෙන ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දි­යෙක් වෙන්න ඕනද? නැද්ද; මිලි­ටරි කෙනෙක් වෙන්න ඕනද? නැද්ද?; එයාට විධා­යක බලය තියෙ­නව ද? නැද්ද? ; එයා පඹ­යෙක් විදි­යට ඉඳියි ද? සිංහ­යෙක් විදි­යට ඉඳියි ද? යාච­ක­යන්ට දේ­වල් නික­න් බෙදල දෙන කෙනෙක් වේවි ද? නැද්ද? මේ වගේ ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්න අහන එක අපි දැන්වත් නව­ත්වන්න ඕන. මොකද අපි මේ කරන්නේ නියම ප්‍රශ්නය යට ගහන එකයි. ඒක අපි අපි­ටම කර­ගන්න කෙනෙ­හෙලි කමක්.

 

අපේ නියම ප්‍රශ්නය කියල ඔබ මෙත­නදි අද­හස් කරන්නේ මොකක්ද?

මං ඒකෙන් අද­හස් කළේ රටේ පරි­පා­ලන යාන්ත්‍ර­ණය අක­ර්මණ්‍ය වීම නිසා‍ ­ප­රි­පා­ලන ක්ෂේත්‍රයේ බිඳ­වැ­ටී­මයි. මේ රටේ පරි­පා­ලන යාන්ත්‍ර­ණයේ තියෙන වැද­ග­ත්කම උලු­ප්පල එළි­යට අර­ගෙන එය නැවත බල­ගැන්වා ශක්ති­මත් කිරී­මයි අද කළ යුත්තේ. ඊට පස්සේ ඔත­නට පඹ­යෙක් ගෙනත් දැම්මත් ගැට­ලු­වක් ඇති වෙන්නේ නැහැ. යන්ත්‍රය දුව­නවා. එහෙම කළොත් මේ රට මේ විදි­යට බිඳ වැටේවි කියලා මං නම් හිතන්නේ නැහැ.

Comments