විදුලි කාර්එක කොට උඩ යන්න දෙන්න එපා | සිළුමිණ

විදුලි කාර්එක කොට උඩ යන්න දෙන්න එපා

වාහ­නය Quick charge කිරීම හැකි­තාක් අඩු කරන්න.

ඉලෙ­ක්ට්‍රික් වාහ­න­යක් චාජ් කරන ක්‍රම තුනකි.

Level 1 - ගෘහ­ස්තව 110 වෝල්ටේ­ජ්එක යටතේ සිදු­ක­රන ආරෝ­ප­ණ­යයි.

Level 2 - ගෘහ­ස්තව 240 වෝල්ටේ­ජ්එක යටතේ සිදු­ක­රන ආරෝ­ප­ණ­යයි.

Level 3 - Quick charge හෙවත් ඉලෙ­ක්ට්‍රික් මෝටර් රථ ආරෝ­පණ මධ්‍ය­ස්ථාන මගින් සිදු­ක­රන ආරෝ­ප­ණ­යයි. මෙම­ගින් ආරෝ­ප­ණය කිරී­මේදී ආරෝ­ප­ණය වන්නේ බැට­රි­යෙන් සිය­යට 80ක් පමණි. එය බැට­රියේ ආයු­කා­ල­යට එත­රම් හිත­කර වන්නේ නැත. එබැ­වින් ක්ෂණි­කව සිදු­ක­රන ආරෝ­ප­ණය හැකි­තාක් අවම කර­ගැ­නී­මට කට­යුතු කළ යුතුය.

මෝටර් රථ නිව­සේදී ආරෝ­ප­ණය කිරී­මට වෙනම ප්ලග්එ­කක් යොදා ගන්න. නිව­සට විදු­ලිය ලැබෙන ප්‍රධාන මාර්ග­යෙන් වෙනම චාජිං පොයි­න්ට්එ­ක­කට ලබා ගන්නා විදු­ලිය මගින් මෝටර් රථය ආරෝ­ප­ණය කිරී­මට සකසා ගන්න. එය විදුලි සැප­යු­ම්ක­රු­වාට විශේ­ෂ­යෙන් පවසා සකස් කර ගත යුතුයි. එම චාජිං පොයි­න්ට්එකේ අර්ත්එක සම්බ­න්ධව විශේ­ෂ­යෙන් සැල­කි­ලි­මත් වන්න.

මෝටර් රථය ආරෝ­ප­ණය කිරී­මේදී රාත්‍රී කාලය ඒ සඳහා වැඩි වශ­යෙන් යොදා ගන්න. දින­පතා ඔබේ රථය ආරෝ­ප­ණය කර ගැනීමේ කිසිඳු ගැට­ලු­වක් නැත. එහෙත් රාත්‍රී කාලයේ ආරෝ­ප­ණය කර ගැනී­මෙන් විදුලි බිලෙන් කිසි­යම් සහ­න­යක් ලබා ගැනී­මට ඔබට හැකි වනු ඇති.

මෝටර් රථය හැකි­තාක් අව්වේ තවත්වා තැබී­මෙන් වළ­කින්න. මෝටර් රථය රත් වූ විට බැට­රියේ ආයු කාලය අඩුවේ.

මාස තුන­කට වරක් මෝටර් රථයේ ඇති චාජිං ලිඩ්එක හොඳින් පිරි­සිදු කර ගන්න. ඒ සඳහා සුදුසු සේවා ස්ථාන­ය­කට යන්න.

මෝටර් රථයේ ඇති වෝල්ට් 12 බැට­රිය ගැන සැල­කි­ලි­මත් වන්න.

 

සු­ගිය අය­වැය දෙක­තු­න­ක­දීම දිගින් දිග­ටම වාහන බදු ඉහළ දැමීම වැඩි­දෙ­නාගේ කන­ගා­ටු­වට හේතු වූයේ වාහන සිහි­නය එම­ඟින් සිහි­න­යක්ම වූ බැවිනි. එසේ සාමාන්‍ය වාහන බදු වැඩි වන විට ඉලෙ­ක්ට්‍රික් වාහ­න­වල බදු අඩු වන බව අය­වැ­යෙන් ප්‍රකාශ වූයේ වාහන ලෝලීන්ට යම් සහ­න­යක් ගෙන එමිනි. ඒ අනුව ඉලෙ­ක්ට්‍රික් වාහන මිලදී ගැනී­මට ජන­තාව දිරි­මත් කෙරුණු අතර ඉදිරි වසර කිහි­ප­යක් ඇතු­ළත රජයේ සියලු ආය­ත­න­වල භාවි­තය සඳහා ඉලෙ­ක්ට්‍රික් වාහන පම­ණක් යොද­වන බවද ප්‍රකාශ විය.

ඉන් දිරි­මත් වූ තර­මක් අත­මිට ඇති පිරිස වහා ඉලෙ­ක්ට්‍රික් වාහන මිලදී ගන්නට වූයේ බදු සහ­නය පම­ණක් නොව රටේ අනා­ග­තය ගැනද කල්ප­නා­වට ගනි­මිනි. ක්ෂය වෙමින් යන ඛනිජ ඉන්ධන වෙනු­වට විකල්ප බල­ශක්ති භාවි­තය ලෝක­යේම අනා­ගත ක්‍රියා­මා­ර්ගය බවට පත්ව අව­සන්ය. එප­ම­ණක්ද නොව ඉලෙ­ක්ට්‍රික් වාහන භාවි­තය පරි­සර දූෂ­ණය වෙනු­වෙන්ද ලබා­දිය හැකි හොඳම පිළි­තුර ද වේ.

ඒ අනුව අප රටේ ඉලෙ­ක්ට්‍රික් වාහන භාවි­තය වැඩි වුවද අද වන විට ඔවුන් මුහුණ දී සිටින්නේ කිසි­සේත්ම නොසිතූ ගැටලු රැස­ක­ටය. මේ වන විට ඉලෙ­ක්ට්‍රික් වාහන මිලදී ගත් ඇතැම් දෙනා එම වාහන පාරේ ධාව­න­යට නොව නිවසේ ගෘහ භාණ්ඩ­යක් ලෙස භාවිත කිරී­මට පෙලඹී සිටින්නේ එම වාහ­න­ව­ලින් ගත හැකි වෙනත් ප්‍රයෝ­ජ­න­යක් නැති තැනය. එසේ වීමට මූලික හේතුව වී ඇත්තේ අප රටේ භාවි­ත­යට එක්ව ඇති බෝහෝ ඉලෙ­ක්ට්‍රික් වාහ­න­ව­ලට බැට­රිය ඇතුළු සෙසු අම­තර කොට­ස්වල ඇති වී ඇති හිඟ­යයි.

එසේ වීමට හේතු පැහැ­දිලි කරන ප්‍රවීණ මෝටර් රථ ඉංජි­නේරු නුවන් මද­නා­යක මහතා පවසා සිටියේ ඉලෙ­ක්ට්‍රික් වාහන බැට­රිය අප රට තුළ ඉතා දුර්ලභ වීමට කරුණු කිහි­ප­යක්ම බලපා ඇති බවයි.

“අපේ රටේ විත­රක් නෙමෙයි, වර්ත­මාන ලෝක­යම මුහුණ දෙන ගැටලු රාශි­ය­කට ලබා­දිය හැකි හොඳම පිළි­තු­රක් ඉලෙ­ක්ට්‍රික් වාහන. ඒ නිසා ඉලෙ­ක්ට්‍රික් වාහන භාවි­තය දිරි­මත් කිරීම ඉතා හොඳයි. එහෙත් එසේ කිරී­මට පෙර අපේ රටේ ඉලෙ­ක්ට්‍රික් වාහන භාවි­තය සඳහා සම්පූර්ණ කළ යුතු අවම කරුණු කිහි­ප­යක් තිබෙ­නවා. අම­තර කොටස් කියන්නේ ඒ අත­රින් එකක් පම­ණයි.

ප්‍රධාන වශ­යෙන් ඉලෙ­ක්ට්‍රික් වාහන වර්ග දෙකක් දක්වන්න පුළු­වන්. ඒ තමයි,

1.BEV (Battery Electric Vehicle)

2.EREV (Extended Range Electric Vehicle)

පළ­මු­වැනි වර්ගයේ ඉලෙ­ක්ට්‍රික් වාහ­න­වල අන්තර් ගත වන්නේ ආරෝ­ප­ණය කළ යුතු බැට­රි­යක් පම­ණයි. එහෙත් බැටරි ආරෝ­ප­ණයේ ඇති වන දුෂ්ක­රතා හේතු­වෙන් පසුව වෙළෙ­ඳ­පො­ළට එවනු ලැබූ දෙවැනි වර්ගයේ ඉලෙ­ක්ට්‍රික් වාහ­න­වල කුඩා ධාරි­තා­ව­කින් යුතු එන්ජි­මක්ද සවි කොට තිබෙ­නවා. ඒ වාහ­න­වල බැට­රිය බැස යන විට එන්ජිම ක්‍රියා­ත්මක වී රථයේ අන්ත­ර්ගත ජෙන­රේ­ට­ර­යක් ක්‍රියා­ත්මක කර­නවා. ඒ ජෙන­රේ­ට­රය මඟින් බැට­රි­යද අරෝ­ප­ණය කර­නවා. එලෙස ආරෝ­පණ කාර්ය සිදු වන අත­ර­තුර නොන­වත්වා ධාව­නය කිරීමේ හැකි­යා­වද ලැබෙ­නවා. මෙතැ­නදී ශක්ති ප්‍රභව දෙකක් ක්‍රියා­ත්මක වනවා.

කොහොම වුණත් බැටරි හිඟ­වීමේ ප්‍රශ්නය මේ මෝටර් රථ වර්ග දෙක­ටම එකසේ බලපා තිබෙ­නවා. එත් වැඩි­යෙන්ම බලපා ඇත්තේ අපේ රටේ වැඩි­යෙන්ම භාවිත වන පළමු ඉලෙ­ක්ට්‍රික් රථ කාණ්ඩ­යට හෙවත් BEV රථ­ව­ල­ටයි.

බැටරි හිඟ­වී­මට හේතු කිහි­ප­යක්ම බලපා තිබෙ­නවා. බැටරි ආන­ය­නය කිරීමේ ගැටලු ඒ අතර ප්‍රධාන වනවා.

අපේ රටට ඉලෙ­ක්ට්‍රික් මෝටර් රථ කොප­මණ ආන­ය­නය කළත් ඒ එක­ක්වත් Brand new මෝටර් රථ නොවෙයි. මොකද Brand new ඉලෙ­ක්ට්‍රික් මෝටර් රථ අප රට වැනි සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­ව­ලට එවී­මට නිෂ්පා­දන ආය­තන කැම­ත්තක් දක්වන්නේ නැහැ. එයට හේතුව එවැනි රට­වල ඔවුන්ගේ නිෂ්පා­ද­නය නිසි ආකා­ර­යෙන් භාවිත කිරී­මට සුදුසු පරි­ස­ර­යක් නොවී­මයි.

එවැනි පරි­ස­ර­ය­කට ඔවුන්ගේ නිෂ්පා­දන මුදා­හැ­රී­මෙන් ඒවා භාවි­ත­යේදී යම් යම් ගැටලු ඇති විය හැකියි. එහෙත් ඒවා භාවි­තය සඳහා අදාළ පහ­සු­කම් නොවීම නිසා ඇති වන ගැටලු මිස නිෂ්පා­දන භාණ්ඩයේ ගැටලු නොවෙයි. එසේ­වු­වද එවැනි ගැටලු දිගින් දිග­ටම වාර්තා වීමෙන් ඔවුන්ගේ නිෂ්පා­ද­නයේ කීර්ති නාම­යට විශාල වශ­යෙන් හානි සිදු විය හැකියි. ඒ නිසා ඔවුන් එවැනි රට­ව­ලින් තම වෙළෙ­ඳ­පොළ වර්ධ­නය කර ගැනී­මට අද­හස් කරන්නේ නැහැ.

අපේ රටට ඉලෙ­ක්ට්‍රික් කාර් ආන­ය­නය කරන්නේ මෝටර් රථ අලෙ­වි­ක­රු­වන් විසින්. ජපා­නය වැනි රට­වල සිටින ඔවුන්ගේ තැරු­ව්ක­රු­වන් මඟින් ඔවුන් ඒ රට­වල භාවිත කළ මෝටර් රථ අපේ රටට විශාල වශ­යෙන් ගෙන්වනු ලබ­නවා. ඒ වාහන මෙර­ටට එන්නේ Brand new ලේබ­ලය යටතේ නොවෙයි. ඒ සියල්ල ලියා­ප­දිංචි කරනු ලබන්නේ recondition වශ­යෙන්. එවැනි වාහන සඳහා කිසිදු නිෂ්පා­ද­ක­ය­කුගේ වග­කීම් සහ­ති­ක­යක් ලැබෙන්නේ නැහැ.

ඉලෙ­ක්ට්‍රික් මෝටර් රථ­වල විශේ­ෂ­ත්වය වන්නේ එ්වායේ භාවිත කරන ලද බැටරි ආර­ක්ෂි­තව බැහැර කළ යුතු වීම. එය සිය­ලුම ඉලෙ­ක්ට්‍රික් මෝටර් රථ නිෂ්පා­දන සමා­ගම් අකු­ර­ටම ක්‍රියා­ත්මක කර­නවා. ඒ බැටරි ලිති­යම් වැනි රසා­ය­නික ද්‍රව්‍ය යොදා නිෂ්පා­ද­නය කරන බැවින් නිසි ආකා­රව බැහැර නොකි­රී­මෙන් සිදු වන පරි­සර හානිය අති විශාල විය හැකියි. එබැ­වින් ඉලෙ­ක්ට්‍රික් වාහන නිෂ්පා­ද­ක­යන් තම මෝටර් රථ­යක් වෙනු­වෙන් තවත් Brand new බැට­රි­යක් මුදා හරින්නේ එම රථයේ පෙර භාවිත බැට­රිය ඔවුන් වෙත ලබා­දී­මෙන් පසුව පම­ණයි.

අප රටට ගෙන්වන සියලු ඉලෙ­ක්ට්‍රික් රථ recondition බැවින් එම රථ සඳහා නිෂ්පා­ද­කයා වෙතින් අලුත්ම බැටරි ලබා­ගැ­නී­මට හැකි­යා­වක් නැහැ. එබැ­වින් කළ හැකි වන්නේ තවත් පෙර භාවිත කරන ලද බැට­රි­යක් පිට­ර­ටින් ගෙන්වා ගැනී­මයි. එවැනි බැටරි මිලෙන් ඉතා අධික වුවද කිසිදු වග­කීම් සහ­ති­ක­යක් හිමි වන්නේ නැහැ.

සාමා­න්‍ය­යෙන් මෙවැනි බැට­රි­යක් මෙර­ටට ගෙන්වී­මේදී රුපි­යල් ලක්ෂ පහක් පමණ මිලක් ගෙවී­මට සිදු වනවා. එහෙත් ඒ සඳහා මාස හයක හෝ වග­කී­මක් හිමි වන්නේ නැහැ. එවැනි බැට­රි­ය­කින් ධාව­නය කළ හැකි වසර ගණන හෝ ධාව­නය කළ හැකි කිලෝ­මී­ටර් ගණන කිසි­ව­කු­ටත් පැව­සිය නොහැ­කියි. ඒ නිසාම වැඩි දෙනෙක් අධික මිලක් ගෙවා එවැනි බැට­රි­යක් තම රථ­යට යොදන්න කැමැ­ත්තක් දක්වන්නේ නැහැ. “

එහෙත් මේ වන විට එවැනි භාවිත කරන ලද බැට­රි­යක් හෝ වෙළෙ­ඳ­පො­ළෙන් සොයා ගැනීමේ ගැටලු මතු වී තිබේ. එසේ වීමට හේතුව ලෙස මද­නා­යක මහතා පෙන්වා දෙන්නේ එවැනි බැටරි ප්‍රවා­හ­න­යේදී මතු වන දුෂ්ක­රතා හේතු­වෙන් බැටරි ආන­ය­නය අති­ශ­යින් සීමා වීමයි.

අප රටේ සාමා­න්‍ය­යෙන් භාවිත කරන ඉලෙ­ක්ට්‍රික් කාර් බැට­රි­යක වෝල්ට් 300 - 400 අතර කිලෝ­වොට් 24ක පමණ කැපෑ­සිටි එකක් තියෙ­නවා. මෑත­කදී ගෙන්වූ අලුත්ම මෝටර් රථ­වල කිලෝ­වොට් 40ක කැපැ­සිටි එකක් තියෙ­නවා. මේ අධි­බල බැටරි ප්‍රවා­හ­නය ඉතා විධි­මත් ලෙස කළ යුතුයි. ආර­ක්ෂිත උපාය මාර්ග අනු­ග­ම­නය කළ යුතුයි. ඒ බැටරි ප්‍රවා­හ­න­යේදී එක උඩ එක සිටින සේ ඇසු­රුම් කිරී­මට බැහැ. එසේ කර­නවා නම් ඉතාම ආර­ක්ෂිත ක්‍රම අනු­ග­ම­නය කළ යුතුයි. අපි දන්නවා භාණ්ඩ ගෙන්වී­මේදී බහා­ලූ­ම්වල වැය වන ඉඩ ප්‍රමා­ණය අනුව ගෙවීම් කළ යුතු වනවා. ඒ හේතුවෙන් මේ බැටරි ගෙන්වීම සිදු වන්නේ ඉතාම අවම වශ­යෙන්.

මේ බැටරි Over Heat වුණොත් පුපුරා යා හැකියි. යම් හෙය­කින් ප්‍රවා­හ­න­යේදී නැව ගිනි ගැනී­ම­කට ලක් වුණොත් මේ බැටරි බෝම්බ මෙන් පුපුරා යා හැකියි. ඒ නිසා මේ වර්ග­වල බැටරි ආන­ය­නය සිදු වන්නේ ඉතාම අවම වශ­යෙන්.

ඉලෙ­ක්ට්‍රික් මෝටර් රථ ගෘහ­භාණ්ඩ බවට පත් වීමේ ඛේද­වා­ච­ක­යට හේතු එසේ පැහැ­දිලි කර සිටි නුවන් මද­නා­යක මහතා අම­ත­රව මෙසේද පවසා සිටි­යේය.

“ ඇත්ත­ටම අපේ රටේ ඉලෙ­ක්ට්‍රික් මෝටර් රථ භාවි­තය වර්ධ­නය කළ යුතුයි. ඒ සඳහා ප්‍රථ­ම­යෙන් සූර්ය බල ශක්තිය භාවි­තය වැඩි කළ යුතුයි. මෝටර් රථ ආරෝ­ප­ණය කළ හැකි ස්ථාන රට පුරා ස්ථාන­ගත කළ යුතුයි. මෝටර් රථ නිෂ්පා­දන ආය­තන ඔස්සේම බැටරි ගෙන්වී­මට කට­යුතු සම්පා­ද­නය කළ යුතුයි.

එම­ඟින් ප්‍රමා­ණ­වත්, නියම ප්‍රමි­ති­යෙන් යුතු අම­තර කොටස් ලබා­ගැ­නී­මට කට­යුතු කළ යුතුයි. එසේ කිරී­මෙන් රටේ ඉන්ධන සඳහා වැය වන අති විශාල මුදල් සම්භා­ර­යක් ඉතිරි කර­ගැ­නී­ම­ටත්, පරි­ස­රය ආරක්ෂා කර­ගැ­නී­ම­ටත්, ජන­තා­වට ආර­ක්ෂිත සුඛෝ­ප­භෝගී ප්‍රවා­හන මාර්ග­යක් සම්පා­ද­නය කර ගැනී­ම­ටත් හැකි වනු ඇති.“

Comments