ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­රය CNCI රිදී සම්මාන දිනයි | සිළුමිණ

ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­රය CNCI රිදී සම්මාන දිනයි

ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­රයේ කළ­ම­නා­කාර අධ්‍යක්‍ෂ මංජුල ආරි­ය­කු­මාර මහතා ලංකා ජාතික කර්මාන්ත මණ්ඩ­ලය සංවි­ධා­නය කළ CNCI Achievers Award 2019 සම්මාන උලෙ­ළේදී ජාතික මට්ටමේ, මහා පරි­මාණ කාණ්ඩයේ නිෂ්පා­දන අංශයේ රිදී සම්මා­න­යෙන් පිදුම් ලැබීය.

කුඩා පරි­මා­ණ­යෙන් අරඹා වර්ත­මා­න­යේදී ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම සමා­ග­මක් බවට පත් වී තිබෙන ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­රය සම්මාන රැස­කින් පිදුම් ලබා ඇත. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩ­ලය පිරි­නැමූ කර්මාන්ත විශි­ෂ්ටතා රන් සම්මාන සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේ­ල­නය පිරි­නැමූ විශි­ෂ්ට­තම ව්‍යව­සා­ය­කයා රන් හා රිදී සම්මාන හිමි කර ගැනී­මත්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යා­ඥ­යන්ගේ ආය­ත­නය පිරි­නැමූ නිෂ්පා­දන විශි­ෂ්ටතා සම්මා­න­ව­ලින් අඛ­ණ්ඩව පිදුම් ලැබී­මත් ඒ අත­රින් ප්‍රධා­නය.

ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­රයේ නව­තම පරි­සර හිත­කාමී හඳු­න්වා­දීම වන්නේ හිරු එළි­යෙන් විදු­ලිය නිප­ද­වන සූර්ය පැනල පද්ධ­ති­යයි. අඩු විය­ද­මින් වානේ ගොඩ­නැ­ගිලි ඉදි­කි­රී­මද දැන් අරඹා තිබේ.

රෝලර් ඩෝ, රෝලර් ෂටර්ස්, සෙක්ෂ­නල් ඕව­ර්හෙඞ් ඩෝ, වින්ඩෝ ෂටර්ස්, ෆයර් රෙසි­ස්ටන්ට් ඩෝ, ඇලු­මි­නි­යම් ෆැබ්රි­කේ­ෂන්ස්, සෙන්සර් ඩෝ, ස්ටේන්ලස් ස්ටීල්, ස්ටීල් රේලින්ග්ස් සහ ස්ටෙයා­වේස්, පොලි­කා­බ­නේට් කැන­පීස්, ස්ටේන්ලස් ස්ටීල් පැන්ට්‍රි කබඩ්ස්, ස්ටීල් බිල්ඩින්ග්ස්, ඔටෝ­මැ­ටික් බැරි­යර්ස් සහ මෝටර් සවි කළ ස්ලයි­ඩින්ග් ඇන්ඩ් ස්වින්ග් ගේට්ස් ත්‍රී සිංහ සමූහ ව්‍යාපා­රයේ අනෙ­කුත් නිෂ්පා­දන අතර වේ.

Comments